විවාහ වුණ දිනයේ මනාලයා ළඟ බලන් ඉන්නකොට මීනා ප්‍රසාදිනී පේෂල සමගින් යුග ගී ගයයි මෙන්න කවුරුත් නොදුටු දේ

ගොඩක් රසිකයන් අතර ජනප්‍රිය ගායිකාවක් තමයි මීනා ප්‍රසාදිනී කියලා කියන්නේ.

ඉතින් මීනා පසුගිය දා දිනයේ යුග දිවියට පිවිසුණා. ඇගේ අතිනත ගත්තේ ඉරේෂ් පෙරේරායි.

ආගමික චාරිත්‍රවලට අනුකූලව විවාහ මංගල්‍යය උත්සවය පැවැත්වී තිබුණේ දේවස්ථාවයකයයි.

මේ මීනා විවාහා උත්සවය දිනයේ පේෂණ මනෝජ් සමග යුග ගීතයක් ගායනා කල හැටි

උදවු නොකර හැමෝම බලාගෙන ඉද්දි ජිවිත වතුරට පැන හතරක් බේරාගත් ඒ අභීත විරුවා වසරේ නිර්භීතම විරුවා සම්මානය හිමිකරගත් හැටි

උදවු නොකර හැමෝම බලාගෙන ඉද්දි ජිවිත වතුරට පැන හතරක් බේරාගත් ඒ අභීත විරුවා වසරේ නිර්භීතම විරුවා සම්මානය හිමිකරගත් හැටි

ඔබගේ දෙනෙතටත් කදුළු එනවා නොඅනුමානයි ඔහුගේ ඒ වීර ක්‍රියාවට අපිත් ඔහුට හදවතින්ම සුබ පතමු

අපිත් ඔහුට හදවතින්ම ගරු කරමු නේද අපි ඔබ මේ මුළු රටම වෙනුවෙන් තමාගේ ජිවිතයෙන් ඔවුන් කැපවී සිටින බව ඔහු තවත් වතාවක් ඔප්පු කරලාම පෙන්නුවා  ඒ වෙනුවට මේ ඔහුට ලැබුණු දෙයයි

 

2018 අයවැයෙන් Toyota Prius / KDH 90% කින් බදු වැඩි වේ vezel – civic තවත් වාහන අඩුවේ මෙන්න අලුත්ම වාහන ගණන්

මෙවර අයවැයෙන් Toyota Prius / KDH වාහන වල මිල ගණන් තවත් 90% පමණ වැඩිවන බවට මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.එය දැනටමත් තීරණය කර අවසන් බව තව දුරටත් කියවේ. මෙම වැඩි කිරීමට හේතුව ලෙස පවසන්නේ මෙම කාණ්ඩයේ වාහන එන්ජින් දාරිතාව වැඩි , සුපොගබෝගී කාණ්ඩයට අයත් වාහන ලෙස ලෝක ශ්‍රේණි ගත කර තිබීම බව නිසාය . නමුත් honda සහ honda civic ,wagon r රථ සදහා 45% පමණ බදු අඩු කිරීමක් ගැන ආරංචි මාර්ග සඳහන් කරයි.එසේම ලංකාවේ වාහන තදබදය සහ වායු දුෂණය අඩු කිරීම සදහා නව ප්‍රවාහන සංකල්ප ඉදිරි ජනවාරිය තුල ලංකවට ගෙන ඒමට මුලික සැලසුම් දැනටමත් ක්‍රියාත්මක කර ඇතිබව සැලවේ .

එමෙන්ම දැනට පවතින ලක්ෂ 50 කට පමණ විකිනෙන භාවිතාකරන ලද Toyota Prius රථයක් ඉදිරි අයවැයෙන් පසු ලක්ෂ 95 කට අසන්න මුදලකට අලවීවිය හැකිබව පැවසේ .කෙසේ වුවත් මෙවර අයවැයෙන් බයික් සහ ත්‍රීවීල් බදු වැඩිකිරීමක් හෝ අඩුකිරීමක් නොකරන බවටත් , ත්‍රීවීල් සදහා දැඩි නීති ගෙන එන බවටත් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවර අයවැයෙන් පසු කුඩා ප්‍රමාණයේ මෝටර් රථවලට සහ විදුලි මෝටර් රථවලට පනවා ඇති බදු අඩු කිරීමට රජය අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.හරිත පරිසරයක්‌ ගොඩනැඟීමේ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන මගින් ධාවනය වන වාහන භාවිතය අවම කිරීම රජය මෙම පියවර ගැනීමට හේතුව බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව විදුලි කාර් සඳහා සහ එන්ජින් ධාරිතාව සී. සී. 800 මෝටර් රථ සඳහා බදු ඉවත් කිරීමට අවධානය යොමුකර ඇත.

මෙලෙස කුඩා සහ විදුලි මෝටර් රථ මිල අඩු කර ඒවා භාවිතය බහුල කිරීම රජයේ අරමුණ බව ද වාර්තා වේ.

මම මේ වෙනකොට මළ සිරුරු හාරදාහක් කපලා තියෙනවා 45 පඩියට වැඩට ගිහින් ලංකාවේ මැති ඇමති වරුන්ගේ මළමිනී කපපු විශ්මිත මිනිසා

“අලියා වැටුණු වැව සිටි හේරත්     හාමි
මා වැනියකු වුවද මම වැදගත්     වීමි
මිනී කපන මුත් ඒ හේරත්     හාමි
ඔහු මට වඩා විසි තිස් ගුණයෙන්     දෑමි”

 

වන්නියේ රාජකාරී ජීවිතයෙදී හමුවූ අපුරු ගැමි චරිතයක්  පිළිබඳව විමරත්න කුමාරගමයන් රචනා කල “හේරත් හාමි” කවි පෙළින් ඒ කවිය උදුරා ගත්තෙමි. අලියා වැටුණු වැව පෙදෙසේදී කුමාරගමයන්ට දැන හඳුනා ගැනීමට ලැබුණු ඒ “හේරත් හාමි” හා බොහෝ සේ සම වන චරිතයක් මට ද හමුවිය. ඔහු ද හේරත් කෙනෙකි. “ගැමි රසවිත” ට මම අද ඔහු කැඳවා ගෙන පැමිණියෙමි.

ගල්ගමුව, පොලිස් ස්ථානය ඉදිරිපිට පදිංචි එම්.හේරත් නම් වූ ඔහු සනීපාරක්ෂක කම්කරුවෙකු ලෙස වසර හතළිස් පහක් රජයේ රෝහල්වල කටයුතු කොට විශ්‍රාම ලැබුවෙකි.

“ඔබගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ටිකකුත් සඳහන් කරමින් අපි විස්තර කථා කරමු නේද?”

මම හේරත් මහතාට යෝජනා කෙළෙමි.

“මගේ උපන් ගම ගල්ගමුව මී ඔය ප්‍රදේශයේ. ගල්ගමුව, පා`ළුමුව, පාළුකඩවල විද්‍යාලයට තමයි ඉස්කෝලේ ගියේ. මං ඉගෙන ගත්තේ හතරේ පංතියට විතරයි. විවාහ වුණේ රඹුක්කන ප්‍රදේශයෙන්. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ අය ඔක්කොම දැන් විවාහකයි. ඒ අය අද හොඳ තැනකට ඇවිත් ඉන්නවා.

“ඔබ රැකියාවට ගිය කාලය මතකද? මම ඇසුවෙමි.”

“ඔව් 1971 අවුරුද්දේ අගෝස්තු මාසයේ පළමු වැනිදා තමයි මුලින්ම රස්සාවට ගියේ. රඹුක්කන රජයේ රෝහලටයි මුල්ම පත්වීම ලැබුණේ. “කසළ ශෝධක කම්කරු” තමයි මගේ තනතුර වැසිකිළි බාල්දි ඇදීම, මළමිනී කැපීම, වාට්ටු පිරිසිදු කිරීම, මෘත දේහ මෝචරියට දැමීම, රෝහල් වත්ත පිරිසිදු කිරීම, අයිතිකරුවන් නැති මළ සිරුරු හා ගබ්සා වූ කළල භූමිදානය කිරීම වාගේ කටයුතු තමයි ඒ තනතුරට හිමි රාජකාරී”.

“ඒ නිසා මේ තනතුරට එදා කවුරුත් එන්නේ නෑ. දෙමළ ජාතික අය තමයි ගොඩක් එන්නේ. පස්සේ පස්සේ තමයි අපව බඳවා ගත්තේ. අධ්‍යාපන සුදුසුකම් බැලුවේ නෑ. මාසයකට මම ලැබුව වැටුප රුපියල් 45යි. අතිකාලත් එක්ක රුපියල් 50-55 ක් විතර ගත්තා. රජයේ සේවකයන්ටත් ඒ කාලේ කූපන් පොතට හාල් දුන්නනේ. ජීවන වියදමත් අඩුයිනේ. ඒ නිසා ඒ වැටුප ජීවත් වෙන්න ඇති.

“ඒ කාලේ ඉස්පිරිතාලවල රජයේ කාර්යාලවල, නිල නිවාසවල තිබුණේ වැසිකිළි බාල්දි වැසිකිළියේ කට තියෙනවා. යටින් බාල්දිය තියෙනවා. ඒ බාල්දිය ඇතුළු කරන්නයි, එළියට ගන්නයි ටිකක් ලොකු හිලක් (කවුළුවක්) තියෙනවා. අපි ඒ බාල්දිය එළියට අරන් මල ද්‍රව්‍ය වෙන භාජනයකට දාලා අර බාල්දිය සෝදලා නැවත ඇතුළේ තියෙනවා. අර ඉවත් කරපු මල ද්‍රව්‍ය සහිත භාජනය ඉස්පිරිතාලේ තැනක තියනවා. නගර සභාවෙන් හරි ගම්සභාවෙන් හරි ඇවිත් ඒවා අරන් යනවා. මං ගල්ගමුවට එනකොටත් තිබුණේ බාල්දි වැසිකිළි. 1973 අවුරුද්දේ විතර තමයි පෝච්චි වැසිකිළි ඉදිකරන්න පටන් ගත්තේ”.

“මං කුරුණෑගල ඉස්පිරිතාලේ වැඩ කරද්දි සතියකට මළ සිරුරු හතළිහක්- පනහක් විතර භූමිදානය කරනවා. අයිතිකාරයන් නැති මළ සිරුරු, ඇඹෝෂන්වලින් මියගිය හා මළ දරු උපත් වාගේ ඒවා තමයි එහෙම රෝහල මගින් වළ දාන්නේ. අපි ඒ මිනී කරත්තයකට පටවා ගෙන සුසාන භූමියට අරන් ගිහින් එක වළක් කපලා භූමිදානය කරනවා. දැන් නම් ඒ වාගේ මිනී වළදාන්ට ග්‍රාම සේවක මහත්තයාට රජයෙන් මුදල් දෙනවා. එයා කවුරු හරි යොදවා ඒ කටයුත්ත කරනවා. ඉස්සර මේ රස්සාව හරිම දුෂ්කරයි. දැන් නම් එහෙම නෑ.”

ඔය තනතුර දරන හැමෝටම මළමිනී කපන්න පුළුවන්ද?” මම හේරත් මහතාගේ කථාව වෙනත් පැත්තකට යොමු කෙළෙමි.

“එහෙම බෑ. ඒකට පුහුණුවක් ඕන. මං මාස තුනක් කෑගල්ල මහ රෝහලේ පුහුණුව ලැබුවා. දොස්තර මහත්වරු, පරණ කටර්ලා (මළ සිරුරු කපන්නන්) තමයි ඒ පුහුණුව දෙන්නේ. දොස්තර මහත්වරු කියන විදියට සිරුරු කපන්න ඕන.”

“මළ සිරුරක් කපන්න කළින් බාහිර ලක්ෂණ බලනවා. ඇඳුම, ඒවායේ පාට, සපත්තු, හිසකෙස්, රැවුල වැවිලද, ඇඳුම් ඉරිලද, අතපය, ආභරණ වාගේ දේවල් බලන්න කියනවා. දොස්තර මහත්තයා ඒවා සටහන් කර ගන්නවා. කමිසය හරි වෙන ඇඳුමක් හරි ඉරිලා නම් ඒ දිග මනින්න කියනවා. ඊළගට තමයි ඇඳුම් ඉවත් කළාම දොස්තර මහත්තයා කියනවා ශරීරයේ තුවාල, කැළැල් තියෙනවාද බලන්න කියා හිස කෙස්වල දිග, කටේ උඩු ඇන්දේ හා යටි ඇන්දේ දත් කීය ගාණේ තියෙනවාද, ඇඟිලි කීයද, අසූචි ගිහින්ද ඔය වාගේ දේවල් බලන්න කියලා ඒවා දොස්තර මහත්තයා සටහන් කර ගන්නවා. මළ සිරුර අයිතිකරුවන්ගෙන් මරණය ගැන තොරතුරු ඇහුවම කපන එක පහසු වෙනවා. අවශ්‍ය කොටසට යන්න පුළුවන්”.

“මළ සිරුරක් කපද්දි මුලින්ම බෙල්ලේ සිට තුනටිය දක්වා උඩු පැත්තෙන් පලනවා. ඊට පස්සේ මස් ඔක්කොම දෙපැත්තට ඉවත් කර ගන්නවා. ඊළගට පිහියෙන් කපන්න පුළුවන් ඉල ඇට කපලා ඒවා තුවාල නොකර පන්නා ගන්ඩ ඕන. දිවත් සමග හෘදය වස්තුව, වකුගඩු, බඩවැල්, ආමාශය, ඇලදිව ඔය හැම එකක්ම එළියට ගන්ඩ ඕන. වෛද්‍යවරයා කියන කොටස් අරන් දෙන්න ඕන. මැහිතෙල් (කෘමිනාශක) බීලා මැරුණු එකක් නම් පෙණහලු ආමාශය තමයි අරන් කපන්න කියන්නේ”.

“බෙල්ල මිරිකලා මරලා වාගේ සැකයක් ඇති මිනියක් කපන්නේ පපුවේ සිට උඩට ඉංග්‍රීසි .ඪ. (වී) අකුරේ හැඩයට එහෙම කපලා තල්ලෙන් උඩට දාන්න ඕන. එල්ලලා මරපු මිනියක් නම් දිව පිටට ඒමේ ගතිය අඩුයි. කකුල්වල යටි පතුල කොටස සාමාන්‍ය විදියට තියෙන්නේ. ඒ කියන්නේ අපි ගමන් කරන විට පාද තියෙන්නේ. ඒ විදියට. නමුත් එල්ලිලා මැරුණ අයෙකුගේ පාද පල්ලෙහාට ඇදෙනවා. ඇයි පොළොවේ අඩිය ගහන්නනේ බලන්නේ. ඔය ලකුණෙන් මරණයට හේතු දක්වන්න බලනවා”.

“දියේ ගිලි මිය ගිය අයෙකුගේ නම් සිරුර කපලා මුලින්ම බලන්නේ පෙණහලු. වෛද්‍යවරයා කියනවා. පෙණහලු පුංචි පුංචි කෑලිවලට කපන්න කියා. එහෙම කැපුවාට පසුව ඒ කෑලි පිරිසිදු වතුර භාජනයකට දානවා. ඒවා හොඳට සෝදලා පෙණහලු කෑලි ටික ආපහු අයින් කරනවා. භාජනය ඇල කරලා වතුර ටික ටික හලන්න කියනවා. වතුර ඔක්කොම ඉවත් වුණාම පස්සේ වැලි, කෙඳි කෑලි, පාසි කෑලි වාගේ දේවල් අන්තිමට ඉතිරි වෙනවා. වතුර පෙවිලා මැරුණනම් එහෙම තියෙන්න ඕන. මොකද වතුරකට වැටුණාම යට යනවා. යට ගියාම අතට අහුවෙන දේ අල්ලා ගන්නවා. පොළොව හරි බදා ගන්නවා. මරලා දාලා ද, වතුර පෙවිලා මැරුණද කියලා බලන්නේ එහෙමයි”.

“ඉස්සර අද වාගේ නෙමෙයි. කපන්න ඕන මළ සිරුරක් නම් ඒ සිරුර තිබුණු තැනට යන්න ඕන. කැළේක, ගඟක්, ඇළක්, දොළක්, වැවක් ළඟද කියලා නෑ. මිනිය උස්සන්න බෑ. එතැනට මැස්සක් ගහලා මිනිය කපන්න ඕන. මිනිය හවස දෙකට තුනට සොයා ගත්තා නම් හවස වෛද්‍යවරයාට යන්න බෑනේ. හවස හයෙන් පස්සේ මිනි කපන්නෙත් නෑනේ. ඒ නිසා පහුවදා වෙනතුරු මිනිය රකින්න ඕන. මිනිය කපලා වෛද්‍යවරයාට මරණයට හේතුව තීරණය කරන්න අපහසු වුණොත් සිරුරේ කොටස් කපලා රජයේ රස පරීක්ෂකට යවන්න පොලීසියට බාර දෙනවා.

“1988-89 කළබල කාලයේ සිට තමයි මළ සිරුරු රෝහල් වෙත ගෙනියන්න පටන් ගත්තේ. පොලීසියට ඒවා රකින්න බැරි තත්ත්වයක් එදා තිබුණානේ. ඔය කළබල කාලයේ මං දවසකට මිනී දහයක් විතර කපලා තියෙනවා. වෙඩි තියලා, පුච්චලා මරපු මිනී තමයි වැඩිපුර එදා කපන්න වුණේ. මගේ සේවා ජීවිතය තුළ මළ සිරුරු 4000ක් විතර කපලා ඇති.”

“ඔබ කපාපු මළ සිරුරු අතර විශේෂ පුද්ගලයන්ගේ සිරුරුත් ඇති නේද?” මම ඔහුගෙන් ඇසුවෙමි.

“ශ්‍රීපති සූරියආරච්චි හිටපු මන්ත්‍රීතුමා රිය අනතුරකට පත්වුණේ ගල්ගමුව ලීකොළවැව ප්‍රදේශයේදී. තුවාලකරුවන් තඹුත්තේගම රෝහලට තමයි අරන් ගිහින් තිබුණේ. ඒ අනතුරින් මන්ත්‍රීතුමා, ආරක්ෂක නිලධාරියෙක් මිය ගිහින් තිබුණා. ඉහළ සෞඛ්‍ය නිලධාරීන් මේ මළසිරුරු රෑම කපන්න ඕන කියලා තීරණය කරලා තියෙනවා. ඒත් තඹුත්තේගම රෝහලේ කටර්මන් (මිනීකපන්නා) එදා ඉඳලා නෑ. පස්සේ තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරයා ගල්ගමුව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිතුමාට දන්වා තිබෙනවා කටර්මන් එවන්න කියලා. එතකොට රෑ අටට විතර ඇති.”

“මට ත්‍රී වීල් එකක් හයර් එකට අරන් එන්න කියලා දැනුම් දීලා තිබුණා. මං රෑම ගියා. මිනී කපන්න ගන්න කොට රෑ දහයට විතර ඇති. ශ්‍රීපති සූරියආරච්චි මන්ත්‍රීතුමාගේ කොඳු ඇටය දෙකට කැඩිලා තිබුණා. ඉළ ඇටත් කැඩිලා. පෙණහලු හිල්වෙලා, තුවාල වෙලා. ලේ ඇතුළට බැහැලා තිබුණා. ආරක්‍ෂකයාගේත් මූණට බරපතළ හානි වී කැඩී තිබුණා. එදා රෑ මං මිනී තුනක් තඹුත්තේගම රෝහලේදී කැපුවා.”

“ඔබ කීවා රාත්‍රී කාලයේ මළසිරුරු කපන්නේ නෑ කියලා. මට මතු වූ ප්‍රශ්නයක් හේරත් මහතාට යොමු කළෙමි.” “ඇත්ත. නමුත් විශේෂ පුද්ගලයන්ගේ මළ සිරුරු කපා පරීක්‍ෂණ පැවැත්වීමට ඉහළ නිලධාරින් තීරණය කරනවා.”

“විමලරත්න කුමාරගම කවියාගේ ‘හේරත් හාමි’ කියලා. කවි පංතියක් තියෙනවා. ඒකෙත් ඔබ වාගේ චරිතයක් ගැන තමයි කියැවෙන්නේ. ඔබ ඒ කවි පංතිය අහලා තියෙනවාද? ඒ කවි පංතියේ කවියක තියෙනවා,

නැගණිය මළ විටදි දොස්තර සමඟ    ගොසින්
ඇගෙ කය කපන ලදි හේරත්හාමි    විසින්

කියලා. මේ වාගේ අත්දැකීමකට ඔබ මුහුණ දීලා නැද්ද?’යි මම ඇසුවෙමි.”

“මං විශ්‍රාම ගිය දවසේ ගල්ගමුව ඉස්පිරිතාලේ කාර්ය මණ්ඩලය පුංචි සමුදීමේ උත්සවයක් කළා. එකේදි අපේ මහත්තයෙක් ඔය කවි පංතිය කීවා. ඒ නිසා කවි පංතිය ගැන ටිකක් දන්නවා. නංගිලාගේ, අක්කලාගේ මළ සිරුරු කපා නැති වුණත් ඒ හා සමාන අත්දැකීමක් තියෙනවා. ඒ මගේ නංගිගේ සැමියාගේ මළ සිරුර කපන්න මට සිද්ධ වුණා. එයා වැඩ කළේ ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ. බස් එකකට හැප්පිලා මිය ගියා. සිරුර කපන්න වෙන කෙනෙක් හිටියේ නෑ. මං නොකැපුවොත් සිරුර කුරුණෑගල යවන්න වෙනවා. ඒ නිසා මං ඉදිරිපත් වෙලා සිරුර කැපුවා. දුකක් දැනුණා. ඒත් කරන්න එපැයැ. අනික අපටත් මරණය අත් වෙනවා නේ.”

“ඔබ මළ සිරුරු විශාල සංඛ්‍යාවක් සේවා කාලය තුළ කපලා තියෙනවා. ඒ කටයුතුවලදි අමතක නොවන අත්දැකීම් එහෙමත් ඇති. ඒ එකක් දෙකක් ගැනත් කථා කරමුද?.” පෙර කථාව ගැන කියද්දි සංවේදී වූ හේරත් මහතාගේ අවධානය වෙනත් අතකට මම යොමු කෙළෙමි.

“දවසක් තරුණයෙකුගේ මළ සිරුරක් ගල්ගමුව රෝහලේ මෝචරියට ගෙනාවා. වෛද්‍යවරයාට පසුදින උදේම ගමනක් යාමට තිබුණ නිසා හවස මිනිය කපන්න තීරණය කළා. මිනිය කපලා පරීක්‍ෂණය ඉවර වෙන කොට රෑ හතට විතර ඇති. ඊළඟට කපපු සිරුර මහලා හදන්නත් ඕනනේ. මියගිය තරුණයාගේ තාත්තා විතරයි එතැන හිටියේ. එයා මෝචරියේ ජනේලය ළඟ වාඩි වෙලා හිටියා. මං සිරුර මහමින් සිටින විට ලයිට් ගියා. විනාඩි පහකින් විතර ලයිට් ආවා. එතකොට අර තාත්තා නෑ. මං එළියට ගිහින් බලද්දි එයා මෝචරිය ළඟ සිට සැතැපුම් කාලක් විතර දුරකට දුවලා ගිහින් ගහක් යට හති අරිනවා. මං ගිහින් ඇහුවා ඇයි දිව්වේ කියලා. එයා කියනවා බය හිතුණ නිසා දිව්වා කියලා. මැරිලා ඉන්නේ ඒ තාත්තාගේ පුතා. ඒත් බය හිතුනලු!”

“ආයෙ දවසක් මිනියක් කපන කොට ඒ මළ සිරුර අයිති නෑදෑයන් පිරිසක් මෝචරියට අරක්කු බෝතල් වගයක් ගෙනාවා. මටත් බොන්ඩ කථා කළා. මං ජීවිතේට අරක්කු බීලා නෑ. පස්සේ ඒ අය බොන්ඩ පටන් ගත්තා. මං මිනිය කපලා මහන කොට ශබ්දය වැඩියි. මං ඒ අයට කථා කරලා කීවා ‘මේක රජයේ ආයතනයක්. මෙතැන බීලා කළබල කරන්න එපා’ කියලා… ඒත් ඇහුවේ නෑ. ටික වේලාවකින් කට්ටිය ගහගන්නවා. මට කේන්ති ගියා. මං ග්ලවුස් (අත් ආවරණ) දාගෙන තමයි මිනිය මහමින් හිටියේ. මිනී කපන පිහියත් අරන් මං එළියට ආවා. ඒ ඇවිත් ‘උඹලා ගෝරිය නතර කරලා මෙතැනින් යනවාද, නැද්ද. එහෙම නැත්නම් උඹලා එකෙක් දෙන්නෙක් බාවල මෝචරිය ඇතුළට ගන්ඩද?’ කියලා මං කීවා.”

“එතැන හිටපු අයෙක් අනිත් අයට කියනවා, ‘දැන් නම් මිනී කපන එකාට තරහ ගිහින් තියෙන්නේ. ඕකා නාහෙට අහන්නේ නැති එකෙක්. අපි කපයිද දන්නේ නෑ. යමල්ලා යන්න” කියා ඉක්මණින්ම මාරු වෙලා ගියා.”

විමලරත්න කුමාරගමයන්ට හමුවූ හේරත් හාමි හැමදා වගේ සවසට ගිනි වතුර බීවත් මට හමුවූ හේරත් ජීවිතයේ කිසි දිනක ගිනි වතුර (මත් වතුර) තබා බීඩියක්, සිගරට්ටුවක් හෝ පානය නොකළ තැනැත්තෙකි.

“ගල්ගමුව සති පොළේ වෙළෙඳාම් කරන්න ආපු තේ කුඩු වෙළෙන්දෙක් හදිසියේ මිය ගිහින් ගල්ගමුව රෝහලට ගෙනාවා. එයා කෑගල්ල පැත්තේ. එයාගේ පුතාලා කෑගල්ල මාර්කට් එකේ බිස්නස් කරන අය. මේ පුතාලා මිනිය අරන් යන්න ගල්ගමුවට වාහනයකින් ආවා. ඒ කාලේ හිටපු හදිසි මරණ පරීක්‍ෂකගේ ගෙදරට යන්න මං විස්තර ඒ අයට කීවා. ඒ අනුව හදිසි මරණ පරීක්‍ෂක සොයා ගෙන එක්ක ආවා. පරීක්‍ෂණය කළා. සාක්‍ෂිවලින් ඔප්පු වෙනවා හෘදයාබාධයකින් මිය ගිය බව. ඥාතිනුත් කියනවා මිනිය කපන්න ඕන නෑ කියලා. ඒත් මරණ පරීක්‍ෂක මිනිය කපන්න ඕන කියලා කල් මරනවා. ඥාතින් අදි මදි කරනවා.”

“කොහොම හරි අන්තිමට මිනිය නොකපා බාර දෙන්න තීරණය කළා. මං සිරුර වාහනයට දාලා දුන්නාම කොරනෙල් මහත්තයයි, අපේ කම්කරුවෙකුයි වාහනයට දාගෙන ගියා.”

“මෙන්න පැය භාගයකට විතර පස්සේ දෙන්නා ඇවිත් ‘තෝ තමයි මේ ඔක්කොම දේවල් කෙරුවේ. බලු වැඩ කරන්න එපා යකෝ. තොට මේකේ ඉන්න දෙන්නේ නෑ.’ කියලා මට බලු බැනුම් බණිනවා. මාත් ශබ්දයක් නැතිව අහගෙන හිටියා. පස්සේ තමයි දැන ගත්තේ අර මළ සිරුරේ අයිතිකාරයන්ගෙන් කොරනෙල් මහත්තයා සල්ලි ඉල්ලා තියෙනවා. සල්ලි දෙනවා කීවාට පස්සේ තමයි මිනිය නොකපා දීලා තියෙන්නේ. මුලින් අරක්කුත් ගෙනත් දීලා.

කොහොම හරි වෙළෙන්දා පොළේ හිටපු තැන එයාගේ සල්ලි තියෙනවා කියලා ඒවා අරන් කොරනෙල් මහත්තයාට දෙන බව පවසා පොළට එක්ක යන මුවාවෙන් මගට එක්ක ගිහින් දෙන්නටම දෙකක් හොඳහැටි දීලා (පහර දී) වාහනයෙන් බිමට ඇද දාලා මිනියත් අරන් ඒ අය ගිහින්. ඒ කේන්තියට තමයි මට ඇවිත් බැන්නේ. ඒ කොරනෙල් මහත්තයාගෙන් හරියට මිනිස්සුන්ට හිරිහැර වුණා.”

“සමහර අය හදිසි මරණ පරීක්‍ෂකවරුන්, පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදුකරන වෛද්‍යවරුන් නොමඟ යවන්න යම් යම් උපාය යොදනවා නේද? ඔබේ අත්දැකීම් අතර එවැනි සිද්ධි නැද්ද?” මම හේරත් මහතාගෙන් ඇසුවෙමි.

“ඒ වාගේ එක සිද්ධියක් ගැන මං කියන්නම්. කුරේටර් (කෘමි නාශක කැට වර්ගයක්) කාලා කාන්තාවක් මියගියා කියලා හදිසි මරණ පරීක්‍ෂණයක් තියලා තියෙනවා. ඒ කාන්තාව වමනය කරපුවා කාපු බලු පැටියෙකුත් මැරුණා කියලා මියගිය කාන්තාවගේ සැමියා සාක්‍ෂියේදී කියලා තියෙනවා. මැරුණු බලු පැටවෙකුත් ඉඳලා තියෙනවා. ඒත් මරණ පරීක්‍ෂකට මේ මරණය ගැන සැක හිතිලා දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණයකට යොමු කළා.”

“මළ සිරුර ගල්ගමුව රෝහලේ මෝචරියට ගෙනාවා. මූලික කටයුතු ටික කරලා මං මිනිය කපන්න ලෑස්ති වුණා. එතකොටම මං දැක්කා බෙල්ලේ ලොකු තැල්මක් තියෙනවා. මං දොස්තර මහත්තයාට කීවා. “සර් බලන්න මේක මර්ඩර් එකක් වගේ” කියලා. දොස්තර මහත්තයත් ඒක බලලා කුරුණෑගල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට දැනුම් දුන්නා. මළ සිරුර කුරුණෑගලට එවන්න කීවා.”

“ඒක ගෙල සිරකර කළ මරණයක් බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී තහවුරු වුණා. සැමියයි, බිරිඳයි රණ්ඩු වෙලා මිනිහා ගෑනිට ගහලා බිම දාලා බෙල්ල පාගාගෙන ඉඳලා තියෙනවා. හුස්ම හිරවීමෙන් ඇය මියගිහින් මැරුණට පස්සේ මිනිහා කරලා තියෙන්නේ ගෙදර තිබුණ කුරේටර් ඇට බත් එක්ක අනලා බලු පැටියට දීලා. ඒවා කාපු බලු පැටියා මැරිලා. කොහොම හරි මිනීමැරීමේ චෝදනාව මත අර සැමියාව අත්අඩංගුවට අරන් නඩු පවරලා තියෙනවා.”

“ඔබ දැන් විශ්‍රාමිකයි. රැකියාව ගැන ආපසු හැරී බලද්දි මොනවද හිතෙන්නේ.”

“මිනී කපන එක දුෂ්කර කටයුත්තක්. ඒත් මං අසරණ වෙන මිනිස්සුන්ට සේවයක් කළා කියා හිතනවා. සමහර අවස්ථාවල මං කළ සේවයට කෘතගුණ දැක්වූ සිද්ධිත් තියෙනවා.”

“දවසක් මං ගල්ගමුවේ මහජන බැංකුවට ගියා ණය මුදලක් ලබා ගන්න. ඉඩමේ ඔප්පුවත් අරන් ගියා. ණය අංශයෙන් මාව මැනේජර් මහත්තයා ළඟට යැව්වා. එතුමත් වැඩ කරන ගමන්ම ‘ඇයි මොකද කාරණාව’ කියලා මගෙන් ඇහුවා. මං කීවා මල්ශාලාවක් පටන් ගන්න ණයක් ගන්න කියලා.”

“මැනේජර් මහත්තයා ඔප්පුව අතට අරන් බලලා “හේරෝ උඹට කරන්නේ නැති උදව්ව මං කාට කරන්නද” කියලා කීවා. මං උඩ ගියා. “ඇයි සර් එහෙම කියන්නේ” කියලා මං ඇහුවා. ඒ මහත්තයා මහව පදිංචි කෙනෙක්. දැනුම් තේරුම් ඇති කාලය වන විට එයාගේ තාත්තා හෘදයාබාධයකින් මියගිහින්. මහව රෝහලේදී තමයි මිය ගිහින් තියෙන්නේ. ඒ සිංහල අලුත් අවුරුදු දවසේ. මළ සිරුර කපන්න මහව රෝහලේ කටර්මන් නෑ. එතුමා ඔය කථාව කියල කොට තමයි මටත් මතක් වුණේ. අලුත් අවුරුද්ද ලබන්න තිබුණේ හරියටම පැයයි. ඒත් මං බස් එකක නැඟලා ගිහින් ඒ මළ සිරුර කපලා දුන්නා. ඒ ගැන එදා පොඩි ළමයෙකුව සිටි මැනේජර් මහත්තයාට මතක තිබිලා තියෙනවා. මට ණය මුදල ඉක්මණින් ලබා දුන්නා. ඔය වාගේ හේතු නිසා මගේ සේවය ගැන සතුටක් ලබනවා.”

“ඒ වාගේම මගේ රාජකාරි ජීවිතයේදී මට ගොඩාක් උදව් කළ හදිසි මරණ පරීක්‍ෂක මහත්තයෙක් තමයි ගල්ගමුවේ ආනන්ද කෙම්පිටිය මහත්තයා. ගල්ගමුව ඉස්පිරිතාලේ මුල් කාලයේ හිටපු සෝමසුන්දරම්, රගුපති දොස්තර මහත්වරු මෑත කාලයේ හිටපු උපාලි සිරිමාන්න, ඩී.පී. වික්‍රමසිංහ, ආරියරත්න දොස්තර මහත්වරුත් මං සිහිපත් කරන්න ඕන. මේ අය හරිම හොඳයි. මිනිස්සු රස්තියාදු නොකර හදිසි මරණ පරීක්‍ෂණ හා පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදු කළා.

කවුරුත් නොසිතු වෙලාවක බණ්ඩාර නායක ගුවන්තොටුපලට ජංගම දුරකතනයෙන් දෙවියෝ වඩිති වියට්නාම් කාන්තාවකට සිද්දවුණු දේ මෙන්න

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආගමන පරිශ්‍රයේ වියට්නාම් ජාතික කාන්තාවක් හඬමින් සිටියාය. වියට්නාම භාෂාව හැර වෙනත් භාෂාවක් නොදන්නා ඇයට උදව් කිරීමට හැකි කිසිවෙක් නො විය. ඇය වියට්නාම් ජාතික කාන්තාවක් බව හඳුනාගත හැකි වූයේද ඇයගේ ගමන් බලපත්‍රය අත තිබූ බැවිනි.

ප්‍රධාන ආගමන විගමන නිලධාරි  යාපා මහතාත් තවත් නිලධාරියකුත් දන්නා තරම් භාෂාවලින් කථා කළද පලක් නො විය. ඇයට ඒ කිසිවක් නොවැටහිණ. අවසානයේ එක් විසඳුමක් ලැබුණි. ඒ ඇය සතුව තිබූ ජංගම දුරකථනයයි.

ශ්‍රී ලාංකික නිලධාරියා දුරකථනයේ ගුගල් ට්‍රාන්සලේටර් හරහා වියට් භාෂාවට පරිවර්තනය කර කළ යුතු දේ පෙන්වූයේය. ඇයද වහා ක්‍රියාත්මක වී ඇයට අවශ්‍ය දේ වියට් භාෂාවෙන් ලියා එය ඉංග්‍රිසියට පරිවර්තනය කර පෙන්විමට සමත් වූවාය.

ඒඅනුව දින දෙකක් කෑමක් නැතිව වතුර පමණක් පානය කරමින් සිටින බවත් මිළඟ ගුවන් යානයෙන් වියට්නාමයට යාමට ක්‍රියා පිළිවෙළ නො දන්නා බවත් උදව් කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.

ඇයට කෑමට යමක් සපයා දීමට ප්‍රධාන ආගමන විගමන නිලධාරි මහතා වහාම ක්‍රියා කළ අතර අදාළ ගුවන් සමාගම් වලටද කථාකර සියල්ල විසඳීමට හා ගූගල් පරිවර්තකය මඟින් සියලු ක්‍රමවේදයන් ඇයට දැන්විමටත් ශ්‍රී ලංකා නිලධාරීන්ට හැකිවිය.

එය අහඹු හුදකලා සිදුවිමක්වුවත් අවසානයේ ඇය ශ්‍රී ලාංකිය නිලධාරීන්ට ස්තුති කරමින්
සිය දුරකතනයේ සටහනක් තැබුවාය. වියට්නාම් බසින් තැබු සටහන ඉංග්‍රිසියට පර්වර්තනය වූ ආකාරය මෙසේ විය.

“Thank you. Finally god led me to the humans.”
‘‘ ඔබට ස්තුතියි, දෙවියන් අවසානයේදී මා මිනිසුන් අතරට යැව්වා‘‘ යයි එයින් කියැවිණි.

Come Come baby කියලා චිලි මාව ඉස්සුවා චිලි මාව උස්සනකොට මට මගේ දරුවෝ තුන්දෙනා මතක්වුනා

කිලෝග්‍රෑම් 120ක් බර ශානිකාව චිලි උස්සපු හැටි

ශානිකා… ළඟකදී ශානිකාගේ බර කිරුවා කියලා ආරංචියි…?
ඔව්… ඔව්… ළඟදී බරනම් කිරුවා. හැබැයි ඒ තරාදියක නැගලා නෙමේ. චිලී උස්සලා. එක වැඩසටහනකදී රංගන අයියා චිලීට අභියෝගයක් දුන්නා. ඒ අභියෝගයට චිලී මාව ඉස්සුවා.

චිලී උස්සන්න කළින් ශානිකාගේ බර කීයද…?
සාමාන්‍යයෙන් දැන් මාසයකට කළින් බර කිරලා බලද්දී නම් මගේ බර කිලෝ එකසිය පහළොවකට තමයි තිබ්බේ. දැන්නම් කීයද දන්නේ නෑ. හැබැයි දැනුවත්ව නම් වැඩිවෙලා නැහැ. කොහොමහරි චිලීයා ඒ ගාණ තමයි උස්සන්න ඇත්තේ.

හිතුවද චිලී උස්සයි කියලා…?
ඇත්තටම චිලී මාව උස්සන්න හදද්දී මට මතක් වුණේ මගේ දරුවෝ තුන්දෙනා. සාමාන්‍යයෙන් මම එක තැනකට වෙලා ඉන්න හරි බයයි. ඉතින් මූ මාව වට්ටලා මගේ කොන්ද කැඩුණොත් මම එකතැන් වෙනවානේ. අනික මට එකතැනකට වෙලා ඉන්න පුළුවන් කෙනෙකුත් නෙමෙයිනේ. කොහොම හරි මූ මාව උස්සලා ෂේප් එකේ අයෙත් මාව බිමින් තිබ්බා. චිලීමයි මම බෑ බෑ කියලා කියද්දී Come Come baby කියලා ආවා. Come Come baby තමයි මගේ කොන්ද කැඩුනනම්.

ළඟකදී ශානිකාගේ මහත්තයාවත් ශානිකාව උස්සලා නැතිව ඇති…?
නෑ… නෑ… උස්සනවා. සාමාන්‍යයෙන් හස්බන්ඩ් අපේ ගෙදර අය ඔක්කොම සෙල්ලම් කරන වෙලාවට එකා එකා කරේ තියාගන්නවා. ඒ වගේ වෙලාවට මාවයි, ලොකු දුවයි කරේ තියාගත්තාම එයා පොඩ්ඩක් පැරලයිස් වෙලා වගේ පැත්තකට වෙලා හිටපු ගමන් ඉන්නවා. මුලින් එයා පොඩි ඇටයෝ දෙන්නම කරේ තියාගන්නවා. ඊට පස්සේ ඉතිරි වෙන්නේ මායි ලොකු දුවයි විතරයිනේ. ඉතින් අපි දෙන්නත් කොහොම හරි කියලා කියලා හස්බන්ඩ්ගේ පිටට නඟිනවා. ඉතින් හස්බන්ඩ් මහතයි චිලීට වැඩිය. චිලී හරියට රිටක් වගේ උසයිනේ. ඒකයි මම බය වුණේ.

ශානිකා චිලී ඉස්සුවට පස්සේ ශානිකාට අමාරුවක් වුණේ නැහැ නේද…?
නෑ… නෑ… මට නම් අමාරුවක් වුණේ නැහැ. හරිම ජොලියේ හිටියා. මම චිලීගෙනුත් ඇහුවා මොකද අමාරුද කියලා. කියන්නේ නම් නෑ කියලා තමයි… අමැරු වුණත් දැන් නැහැ කියාවි…

ඇත්තද චිලී කොන්දෙ අමාරුවට බෙහෙත් කරන්න ඉතාලි ගියා කියන්නේ…?
කවුද අප්පෙ ඔය බොරුව කිව්වේ. මම මේ ආවේ ඉතාලි ප්‍රසංගයකට.

එතකොට පසුගිය කාලයේදී බර ඉසිලීමේ තරගයකට සභගාගී වුණා කියන කතාව මොකද්ද…?
ආ… මම දන්නවා ඔය කියන්නේ මොකද්ද කියලා.රූපවාහිනි වැඩසටහනකදී රංගන අයියා මට එක අභියෝගයක් දුන්නා. කොහොමත් මම ආසයි අභියෝගවලට.

ඔය චිලී උස්සපු වැඩිම බරද…?
ම්… පුංචි කාලේ ඉඳන් මම බර වැඩනම් කරනවා. බර උස්සනවා. ඒ නිසා ඒක මට අමාරුවක් වුණේ නෑ. හැබැයි සීරියස්ලි ළඟදී උස්සපු බරක් තමයි මේ. මොකද පොඩ්ඩක් එහාට මෙහාට වුණොත් දෙන්නත් එක්කම බිම. එහෙම වුණොත් වස ෙනා්ණ්ඩියන්නේ. ශානිකානම් කියන්නේ එයාගේ බර එකසිය පහළොවක් විතර ඇතිලු. ඉතින් මම කොහොම හරි එකසිය පහළොව ඉස්සුවා. අනික මේක කෙලින් අතට උස්සනවා නෙමෙයිනේ. හරහටයි ඉස්සුවේ. ඉතින්… ටිකක් බර වැඩියි.

උස්සලා බිමින් තිබ්බට පස්සේ චිලීට කොන්දෙ අමාරුවක් හැදුනා කියලයි ආරංචියි…?
අනේ… නෑ… ඕක බොරුවට කියන කතා අනේ… ශානිකාත් මට මෙහාට මැසේජ් එවලා ඇහුවා චිලී උඹට අමාරුද කියලාත්… අනේ එහෙම අමාරු වුණේ නෑ…

අඩි 200ක් ඉහළ සිට දොඹකරවලට පණ දෙන ලංකාවේ රුවැත්තියෝ අද කාලේ සුපිරි ජොබ් හොයන කෙල්ලෝ කොල්ලොන්ට මෙයලා හොද පාඩමක්

ඈත රටවලින් මහ සයුර ඔස්සේ එන මහ නැව් කොළොම්තොටට සේන්දු වන්නේය. මහ නැව් කොළොම්තොටට සේන්දු වනතුරු දිවා රෑ නොබලා සයුරු ඉම දෙස බලා සිටින්නෝ ද කොළොම් තොටේ වෙති. කොළොම් තොට නැංගුරම් පළ දෙස මඳක් හැරීබලන කාටත් නැංගුරම් පළේ ජැටි අද්දරට වී සිටින අහසටම උස යැයි සිතෙන මේ “අත් ගොන්න” පෙනෙන්නේ ය. “කේ‍ර්න්” ලෙස කවුරුත් දන්නා මේ අත් ගොන්නට පණ දෙන පිරිසක්ද නිරතුරුවම ඒ අසලම රැඳෙන්නෝය.

කොළොම්තොටේ නැංගුරම් ලන නැවක් දුටු විගසම “දොඹකර” පණ ලබන්නට හුරුව සිටියේ සවිමත් පිරිමි අත්වලින්මය. දන්නා කල පටන්ම “පිරිමි අත්” කේ‍ර්න්වලට පණ දුන්නේය. දන්නා කල පටන්ම ඇසූ දුටු මේ කතාවේ අලුත්ම අලුත් පිටුව පෙරළුණේ ගෙවුණු සතියේදීයි. අලුත්ම අලුත් පිටුව “දොඹකර අත්”වලට පණ දෙන සවිමත් පිරිමි අත් හා හරි හරියට වෙහෙසෙන්නට ‘සවිමත් සිත් ඇති සියුමැලි අත්’ ඇත්තියන් දොළොසක් වරම් ලබමිනි.

හර්ෂණී, එරන්දි, දිල්හානි, දිල්කි, මධුෂානි, චතුරංගි, රසිකානි, ඉෂාරා, ප්‍රසාදි, පූජනී, නෙළුම්, මංගලිකා දොළොස් තැනකින් එකම තැනක නතර වන්නට ආ එකම ලෙසට, සවිමත් සිත් ඇත්තියෝ ය. අහස උසටම නැගුණු කේ‍ර්න්වලට හරි හරියට නැගගන්නා මේ සියුමැලි අත් ඇති දිරිය වන්තියෝ කොළොම් තොටේ නැංගුරම් ලන මහ නැව් බහාලුම්වලින් නිදහස් කරන්නට සිය සියුමැලි අත් වෙහෙසවති. නැව් යළි බහාලුම්වලින් පුරවන්නටද වෙහෙසෙති. වෙහෙස මැද ගෙවුණු දවසක මේ දිරිය සිත් ඇත්තියන්ගේ කතා අසන්නට මමද වාසනාවන්තියක වීමි.

දවසක්ම වෙහෙසුණු බව කියැවුණු නමුදු ඒ මුහුණුවල වෙහෙසක සේයාවක් හෝ නොවූයේ ය. ලස්සනට හැඩ වැටුණු ගැහැනුකම පිරුණු මුහුණු පමණක්ම වරාය අධිකාරියේ මහ‍පොළ පුහුණු ආයතනයේ දී මා ඉදිරියේ වූයේ ය.

“කාටවත් ‍පොඩ්ඩක්වත් මහන්සි ගතියක් නැහැනේ” කතා කරන්නට පටන් ගැන්මක් මම දුනිමි.

“මහන්සියටත් වඩා අපි මේ පටන් ගත්ත රාජකාරියේ තියෙන්නේ ලොකු අවදානමක්. මහන්සියක් නැතුව ‍නෙවෙයි. මහන්සිය ලොකුවට දැනෙන්නේ නැහැ, අපි මේක ආසාවෙන් කරන වැඩක් නිසා” කතා කළේ එරන්දිය. ඈ කතා කළේ සිය යෙහෙළියන්ගේ සිත් ද හැඳින බව මම දැන ගතිමි.

“අපි දොළොස් දෙනා විධි දෙකකට වරාය අධිකාරියට සම්බන්ධ වුණු අය. කට්ටියක් පිය පුතු පදනමෙන් ආපු අය. අනෙක් කට්ටිය වරාය අධිකාරියේ එකසිය එක පුහුණු කණ්ඩායමෙන් සේවයට ආපු අය.” ඒ හර්ෂණීය.

කේ‍ර්න් ක්‍රියාකරවන්නියන්’ වන්නට ඔවුනට මග පෑදී ඇත්තේ වරාය අධිකාරියේම රැකියාව කරද්දීය. ‘කේ්‍රන් ක්‍රියාකරවන්නියන්’ වන්නට අදහස් මේ සිත්වල ඉපිදී ඇත්තේද, එකම කල, එකම තැන නොවේ. පියපුතු පදනමෙන් වරාය සේවයට ආ චතුරංගි කීවේ ඒ කතාවයි.

“ගිය අවුරුද්දේ කාන්තා දිනයට වරාය අධිකාරියෙන් වැඩසටහනක් කළා. “දිරිය කාන්තා” කියලා ඒ වැඩසටහනට අහස, සයුර සහ ගොඩබිම දිනපු කාන්තාවෝ තුන්දෙනෙක් ඇවිත් ඒ අයගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තා. එදා තමයි අපි මුලින්ම දැනගත්තේ කේ‍ර්න් ක්‍රියාකරවන්නියන් බඳවා ගන්න වරාය අධිකාරියට අලුත් අදහසක් තියෙනවා කියලා. මුල්ම වතාවට කරන්න යන දෙයක් නිසා කැමැති අය ඉන්නවාද කියලා ඒ වෙලාවේ ඇහුවා. අපි කීප දෙනෙක් අත් උස්සලා කැමැතියි කියලා කිව්වා. ඊට මාස ගණනකට පස්සේ අගෝස්තු මාසේ තමයි අපිව කේ‍ර්න් ඔපරේටර්ස්ලා විදියට පුහුණු කරන්න පටන් ගත්තේ.”

කියූ කතාවටම එක් කරන්නට චතුරංගිට තමන්ගේම කතාවක්ද තිබුණේය. ඈ සිනහවකින් පටන්ගත් ඇගේ කතාවටද මම ඉඩක් දුනිමි.

“කේ‍ර්න් ඔපරේටර් තනතුරට ගැහැනු අය ගන්නවා කිව්වම මටත් ආසා හිතුණා. ඒත් මට පුංචි බයකුත් තිබුණා, ගෙදර අය මොනවා කියාවිද කියලා, විශේෂයෙන්ම මහත්තයා ඒ නිසා ඔය ආරංචිය දැන ගත්ත දවසේම මම ගෙදර ගිහින් කිව්වා ‘කේ‍ර්න් ඔපරේට් කරන්න ගැහැනු අයව ගන්න යනවා. මොන පිස්සු වැඩක් ද ගැහැනු අයට පුළුවන්ද ඔය වගේ වැඩ කරන්න’ කියලා. මම කියපු දේ අහගෙන හිටපු මහත්තයා කිව්වේ මම හිතපුම නැති දෙයක්.

“ඉතිං කොච්චර හොඳද? ඔයාටත් යන්න පුළුවන්නේ” කියලා එයා කිව්වා. පුංචි කා‍ලේ ඉඳලම කොල්ලෝ කරන වැඩ කරන්න තරම් දඟ කෙල්ලෙක් වෙලා හිටපු
මට ඒ කතාවෙන් තටු හම්බ වුණා වගේ වුණා. මට ඉන්නේ අයියලා දෙන්නෙක්. අයියලා දෙන්නත් එක්ක හැදුණු මම කළේම කොලුවැඩ. බැන්දට පස්සේ තමයි කොලුවැඩ අඩුවුණේ. ගෙදර හැමෝම දන්නවා, මම ඉන්න කැමැති කරන්න කැමැති දේවල්. හැබැයි අම්මාට නම් මේ ගැන කිව්වේ පුහුණුවත් පටන් අරගෙන මාස දෙකකට විතර පස්සේ. අම්මා බය වෙයි කියලයි නොකියා හිටියේ.”
චතුරංගිගේ සේම කාගේත් කතාවල කොලුවැඩ කරන්නට ඇති ආසාව ගැන කියැවුණේය. මධුෂානිගේ ගෙදර නම් කොල්ලා මධුෂානිය.

‘මගේ තාත්තා වරායේ වැඩ කළේ. තාත්තා විශ්‍රාම ගත්තට පස්සේ තමයි මට වරායේ වැඩ කරන්න හම්බ වුණේ. මම කේ‍ර්න් ඔපරේටර් කෙනෙක් වෙන්න ආසයි කිව්වම තාත්තා කැමැති වුණා. තාත්තා දන්නවා මම ඒ වගේ අමුතු වැඩවලට කැමැතියි කියලා. අනික දැන් ගෙදර ඉන්න කොල්ලත් මමනේ. මට අයියා කෙනෙක් හිටියා. එයා නැතිවුණා. දැන් ඉන්නේ අක්කයි, නංගියි, මමයි. අම්මත් නැතිවුණා, අවුරුද්දකට විතර කලින්.”

මධුෂානිගේ හීන්දෑරී   පෙනුම ඇගේ සැබෑ පෙනුම නොවන බව දැන ගන්නට ඇගේ වචනම ප්‍රමාණවත් විය. හීන්දෑරි පෙනුමෙන් සැඟවී ගිය ඇගේ දිරියවන්ත සිතට අහසටම උස්වුණු කේ‍ර්න් අතටත් වඩා ඉහළට ඉගිළෙන්නට තරම් සවිය ඇත්තේ නොවේදැයි මම කල්පනා කළෙමි. පෙනුමෙන් සිතේ සවිය මැන ගන්නේ නම් මේ කිසිවකුත් කේ‍ර්න් ක්‍රියාකරවන්නියන් යැයි සිතාගන්නටම බැරිය. කන්තෝරු කාමරයකට වී මේසයකට ළං කළ පුටුවක වාඩි වී වැඩ කරනා පෙනුම මේ කිසිවකුටත් අඩු නැත්තේය. එනමුත් ඔවුන් අද සිටින්නේ කාටත් වඩා ඉහළිනි.
“වරායේ වැඩට එද්දී මම නම් කවදාවත්ම හිතුවේ නැහැ මේ වගේ අවස්ථාවක් හම්බ වේවි කියලා.” රසිකානිටද කියන්නට කතාවක් තිබුණේය.

“වරායේ වැඩට ආවේ ඔෆිස් එකක වාඩිවෙලා වැඩ කරන්න හිතාගෙනනේ. ඒත් නොහිතපු විදියට අපට ලැබුණු මේ අවස්ථාව අපි ආපු ගමන වෙනස් කළා. මම බැඳලා මට අවුරුදු පහක දුවෙකුත් ඉන්නවා. මේක අවදානමක් තියෙන දෙයක් වුණත්, මම කැමැති වුණු නිසා මහත්තයා වුණත් කිව්වේ “කැමැති නම්” පුළුවන් නම් කරන්න” කියලා. අපි වරායේම වැඩ කරපු නිසා කේ‍ර්න්වලින් වැඩකරන හැටි දැකලා තියෙනවා, ඒ වුණත් මම හිතුවේ නැහැ, මට කවදාහරි කේ‍ර්න් එකක් ඔපරේට් කරන්න පුළුවන් වේවි කියලා. දැන් මගේ දුවත් දන්නවා මම වැඩ කරන්නේ උස කේ‍ර්න්වල කියලා, එයාව එක්කරගෙන ඇවිත් පෙන්නුවම එයත් කිව්වා “හරි ෂෝක්නෙ” කියලා.”
අලුතින් ජීවිතයට එකතුවන අත්දැකීම් මේ දිරියවන්තියන්ගේ ජීවිත තව තවත් ලස්සන කර ඇත්තාක් මෙනි. දැක හුරුපුරුදු දේට වඩා අලුතින් අසන දකින දේ ඒ සිත්වලට ද ගෙනවිත් ඇත්තේ සතුටක් බව නම් නිසැකය. දිල්හානිට කියන්නට ඇත්තේ ද එවැනිම කතාවකි.

“අපේ තාත්තාත් වරායේ වැඩ කළේ. තාත්තා යාන්ත්‍රික
අංශවලට සම්බන්ධව වැඩ කළා. ඒ කා‍ලේ තාත්තා එක්ක වරායට ආවාම කේ‍ර්න් දකිනවා. කවදාවත් කේ‍ර්න් ඔපරේට් කරන්න හම්බ වෙයි කියලා නම් හිතුවේ නැහැ. ඒත් ඒ කා‍ලේ කේ‍ර්න් දැක්කම ආසයි. මමත් ඒ කා‍ලේ ඉඳලා ටිකක් කොලුගති තිබුණු කෙල්ලෙක්. කේ‍ර්න් ඔපරේටර් කෙනෙක් වෙන්න අපට තියෙන මේ අවස්ථාව ගැන මම ගෙදරට කිව්වම ගෙදර අයත් කිව්වේ, කොලු ගති තියෙන නිසා මට ඒක ගැළපෙනවා කියලා. මගේ මහත්තයා ගෙදර අය හැමෝම මට උදව් කළා.
ඉෂාරාට නම් කේ‍ර්න් ඔපරේටර්කම උරුමයෙන් ලැබුණාක් මෙනි. ඉෂාරාගේ තාත්තාද කේ‍ර්න් ඔපරේටර්වරයකු ලෙස වරායේ සේවය කර ඇත්තේය.

“මම පුංචි කා‍ලේ වරාය ඇතුළට යන්න එන්න අද වගේ තහනමක් තිබුණේ නැහැ. මට මතකයි පුංචි දවස්වල තාත්තා එක්ක වරායට ඇවිත් සමහර දවසට තාත්තා වැඩ ඉවර වෙනකල්ම කේ‍ර්න් එක උඩට වෙලා ඉන්නවා. මට ඒ කා‍ලේ ඉඳලම මේ රස්සාවට ආසාවක් තිබුණට ඒ කා‍ලේ අවස්ථාව තිබුණේ නැහැනෙ. අවස්ථාව ලැබුණු හැටියෙම මම ඒක හරිම සතුටෙන් භාර ගත්තා” ඈ කියන්නීය.

“මට හැමදාම ඕනෑ වෙලා තිබුණේ වෙනස් දෙයක් කරන්න. ඔෆිස් එකක වාඩිවෙලා වැඩ කරන්න මට කවදාවත් ආසා වුණේ නැහැ. මම ආසම විදියේ රස්සාව තමයි මට හම්බ වුණේ. වාහන ගැන, මිකැනිකල් පැත්ත ගැන ඉගෙන ගන්න මම ආසයි. දැන් මට මේ ලබන අත්දැකීමුත් එක්ක තව දේවල් ඉගෙන ගන්න වුණත් පුළුවන්.” ඉෂානි සිතේ ඇති පුංචි පුංචි බලා‍පොරොත්තු ද ඒ කතාවටම එකතු කළාය.

මේ කතාවලින් නෑසුණු පුංචි කතාවක් තමන්ගේ කතාවට එක් කරමින් මංගලිකා ද කතා කළාය.

“මගේ මහත්තයත් වැඩ කරන්නේ වරායේ. ඒ වුණත් මම මේ රස්සාව කරන්න යනවා කිව්වම එයා අකැමැති වුණා. ටික කාලයක් ගියා එයාව කැමැති කරගන්න.” මංගලිකා කියද්දී ඒ කතාවේම තවත් තැනක් පූජනී හෙළි කළා ය.

“අපි දොළොස් දෙනා හරිම එකතුයි. කොච්චර එකතු ද කියනවා නම් කාගේ හරි ගෙදරකින් අපි කරන්න යන දේට අකැමැති වුණොත් අපි හැමෝම ගිහින් කතා කරලා කොහොම හරි කැමැත්ත ගන්න එක කරනවාමයි. අපිට ඕනෑ වුණේ නැහැ එක් කෙනෙක්වත් අඩු වෙනවට.”

අක්කලා එකොළොස් දෙනකුගේ ආදර රැකවල් මැද සිටින පුංචිම නංගී පූජනීට තමන් ගැන කියන්නට දෙයක් තිබුණේය.

“මම වරායට ආවේ එකසිය එකේ කණ්ඩායමෙන්. මගේ තාත්තා ධීවරයෙක්. මුහුදු ගිහින් මාස දෙකකට විතර වතාවක් තමයි ගෙදර එන්නේ. ඒ වගේ පුංචි තැනක හැදුණු කෙනෙක් වුණත් මගේ හිතේ ශක්තිය අඩුවක් නැතිව තියෙනවා කියලා මම දැන් ඔප්පු කරලා තියෙනවා. මම මගේ රස්සාව වෙනුවෙන් අඩි 180 ක් විතර උස කේ‍ර්න් එකකට නගිනවා තමයි. ඒත් මට ගෙදර අයගේ හිත්වල මම නිසා පිරිලා තියෙන සතුට ඊට වඩා ගොඩක් ඉහළයි.” පූජනී විඳින්නේ සැබෑම සතුටකි. ආඩම්බරයකි. එය දෑස කඳුළින් තෙමනා තරම්ම සතුටකි.

“ගෑනු හිත් සංවේදීයි. හැබැයි ඉවසිලිවන්තයි, ශක්තිවන්තයි. අපි අතරේ තියෙන එකමුතුකමත්, අපිට තියෙන ලොකුම හයියක්. අපි කාටත් මුල් දවසේ කේ‍ර්න් එකේ උඩට යන්න පඩි නගිද්දී බය හිතුණා. හැබැයි හැමෝම එකා වගේ ඉඳගෙන අනෙක් අයව උඩට යවන්න චියර් කළා. දවස් දෙක තුනක් යද්දී අපිට ඒ බය ඇරිලා ගියා.” පූජනී කියද්දී ඉෂානි ඒ කතාවටම මෙසේ එකතු කළාය.

“මුලින්ම බය හිතුණට දැන් අපට පුළුවන් එලිවේටර් එක උඩට යන්නත්, කලින් උඩට යන්න” ඈ කටකාරියක සේ කීවාය.

මේ දිරියවන්තියන් අතර කටකාරියක් සේම අහිංසකාවියෝද සිටිති. ඈ දිල්කිය. ඉංජිනේරු අංශයෙන් ඉදිරියට යන්නට බලා සිටිමුත් ඊට වරම් නොලද දිල්කි අද කේ‍ර්න් ඔපරේටර්වරියක ලෙස සිය ගමන යන්නට ආසාවෙන් පිය ඔසවා ඇත්තියකි.
ප්‍රසාදිට සහ නෙලුම්ට ද මේ අලුත් පියවර තබන්නට තිබි ඇත්තේ දිරියවන්ත සිතත්, ආසාවත් විතරමයි.

“අපි අපිට ලැබුණු මුල්ම අවස්ථාව ලබා ගත්තා. මේ විදියට කලාතුරකින් හම්බවෙන අවස්ථාවක් ලැබුණම කවුරු හරි මුලින්ම ඒ අවස්ථාව ගන්නත් ඕනනේ. අපි මේ පටන් ගත්තු ගමන ඉස්සරහට අරගෙන යන්න තව ගොඩක් අය ඉඳීවි” ඔවුන් කියනා කතාවේ බලා‍පොරොත්තුවක් සැඟවී ඇත්තේය.

“අපි දොළොස් දෙනා හැරුණාම ලෝකෙටම කේ‍ර්න් ඔපරේටර්වරියෝ ඉන්නේ දෙන්නයි.” මේ දිරියවන්තියන්ගේ වටිනාකම වැඩි කරන්නට තවත් දේ වුවමනා නැත්තේමය.

“අපි ගැන විශ්වාසය තියලා අපිට මේ පුහුණුව ලබලා දුන්නු එක ගැන ඇමැතිතුමාටත්, සභාපතිතුමාටත් අපේ පුහුණු කළමනාකරු ඇතුළු හැමෝටමත් අපි හුඟක් ස්තුතිවන්ත වෙනවා.”

“මේවා ගෑනු අයට කරන්න බැරි වැඩ කියලා අපිට සමච්චල් කරපු අයත් නැතුවා ‍නෙවෙයි. අපි හිතනවා අපි ඒ හැමෝටම හොඳම උත්තරය දුන්නා. අපිට පිරිමි අයට වගේම දවසට ඉලක්කයක් තියෙනවා. බහාලුම් 25 ක, බහාලුම් තියද්දී, ගනිද්දී නැවට හානි වෙන්නේ නැතිව ඒ වැඩේ කරන්න ඉවසීම තියෙන්න ඕනෑ. මේක හරියට කරනවා නම් භාවනාවක් වගේ. හැම බාහිර දෙයක්ම අමතක වෙලා යනවා. ගැහැනු අය වැඩ කිහිපයක් වුණත් එකවර හරියට කරන්න දක්ෂයිනේ. ඒ වගේම ඉවසිලිවන්තයි. අපි හිතන්නේ මේක අපට ගොඩක්ම ගැළපෙන රස්සාවක් කියලා.”

අලුත බැඳපු ජෝඩුව නිදන කාමරයේ කරන දේවල් බලන්න ගසට නැග්ග දකුණේ ගමක කොල්ලෙක් පපුවත් ලෙලිගහගෙන බැස්ස හැටි

මේ වගේ අසාහන කාරයෝ ඉන්න රටක ඔබත් ඔබගේ ජීවිතය විඳින්න විවිද දේවල් කරන්න දෙපාරක් හිතන්න අමතක කරන්නත් එපා

අලූත බැඳපු ජෝඩුවක් සිටින නිදන කාමරයකට එබිකම් කළ තරුණයකුට ලැබුණු අපූරු දඬුවමක් පිළිබද පුවතක් දකුණේ ගමකින් වාර්තාවේ.

හේ තරුණයෙකි. කුලෑටිය. පේ‍්‍රම සබඳතාවලට බියක් දක්වයි. බොහෝ වෙලාවට ඔහු නිදි වර්ජිතව මේ කාර්යයේ නිරත වෙයි.

ළඟදී ඔහුගේ නිවස අසල තරුණයෙක් විවාහ වූයේය. ජෝඩුව නිදන කාමරයට දින දෙක තුනක සිටම එබිකම් කිරීමට ඔහු උනන්දු වූයේය. ඒ එම කාමරය අසල තිබු පොල් ගසක බාගයක් පමණ නැගය.

ජෝඩුව නිදන කාමරයේ ඇතුළත සිදුවන දේ කළුවර නිසා ජනේලයේ උඩින් ඇති කුඩා සිදුරුවලින් නොපෙනුණත් ඔවුන් දෙදෙනාගෙන් ඉඳහිට ඇහෙන මිහිරි වදන් ඔහුට මිහිරි විය.

එදා රාත‍්‍රියේත් ඔහු මේ අලූත බැඳපු ජෝඩුව නිදන කාමරය අසල තිබු පොල් ගසට නැග්ගේය. ඒ සුපුරුදු කාර්යයේ නියැළීමටය. ගතවුයේ ටික වේලාවකි. අවශ්‍යතාවක් සඳහා මේ ජෝඩුවෙන් කෙනෙක් කාමරයේ විදුලි පහන දල්වුයේය. මෙයින් ඔහු කොතෙක් කලබල වූයේ දැයි කිවහොත් පොල් ගසෙන් බැස්සා නොව ඉක්මනටම ලිස්සගෙන ආවේ පොල් ගසෙන් බඩ සීරෙන බව පිළිබඳවත් නොසිතාය. මෙසේ පොල් ගසෙන් ලිස්සාගෙන ආ ඔහුගේ බඬේ ලෙලි ගියේය. කොතරම් වේදනා දුන්නත් ඔහු එය ඉවසාගෙන ගෙදර දුවගෙන ආවේ කෑගැසූනොත් අත්වන ඉරණම ගැන සිතාය.

එළිවනතුරුම වේදනාවෙන් සිටි ඔහු ගෙදර අයට මේ වගක් නොපෙනීමට නිතරම කමිසයක් දමාගෙන සිටියේය. වේදනාව තවත් ඉවසාගත නොහැකිව සිටි හේ බොරු බේගල් රැසක්ම ඇද බාමින් සිය මිතුරෙකු සමග බෙහෙත් ගැනීමට උදේ රැයින්ම වෙද මහතකු ළඟට ගියේය.

වෙද මහතාගේ හරස් ප‍්‍රශ්න වලින් බේරීමට බැරිවූ නිසාම ඔහුට ඇත්ත කියන්නට සිදුවුයේ සිය මිතුරා ඉදිරියේමය. මිතුරාට සිදුව ඇති මේ හදිසි අකරතැබ්බය පිළිබඳව දැනුවත්වූ ඔහුගේ මිතුරා මේ බව කිසිවකුටවත් කියන්න එපා යයි ඔහු ඉල්ලීම් කළද මිතුරා අනෙක් මිතුරන්ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළේ නියම කල්‍යාණ මිතුරකුගේ ගුණද මනාව පෙන්වා දෙමින්ය.

කරන්දෙණිය එම්. සුසිල් ප‍්‍රියන්ත

මරුවා සමග වාසේ කියන්නේ මොකක්ද ඇහුවොත් මේක පෙන්නපන් මෙන්න අපේ රටේ වටිනා ජිවිත රැසකට එලොව පොල් පෙන්නපු අපේ රටේ තවත් බස් එකක්

මරුවා සමග වාසේ කියන්නේ මොකක්ද ඇහුවොත් මේක පෙන්නපන් මෙන්න අපේ රටේ වටිනා ජිවිත රැසකට එලොව පොල් පෙන්නපු අපේ රටේ තවත් බස් එකක්

තව ටිකක් එහාට ගියානම් කට්ටියම ගඟට පෙරළෙනවා 99 බේරෙන්නේ ඔබත් බලන්න බස් එකක යන්න ඔබත් දෙපාරක් හිතාවි

අවුරුදු 35 තිස්සේ ලංකාවේ ජනප්‍රියම යුවළ අපි ඔයාගේ ආදරේට ඔයාගේ සහයෝගයට ස්තූතියි චන්න මම යශෝධා විමලධර්ම

සර 35 තිස්සේ ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය යුවළ “සත්පුර වැසියෝ” ටෙලිනාට්‍යයේ අහිංසා සහ පැතුම්ගේ චරිත ද්විත්වයට රගපෑ තමන් සහ චන්න පෙරේරා බව ජනප්‍රිය නිළී යශෝධා විමලධර්ම මෙනෙවිය සිය ෆේස්බුක් පිටුව හරහා පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාෂ කර තිබේ.

එම ටෙලි නාට්‍ය රගපෑමේදී චන්න පෙරේරා ලබාදුන් සහයෝගයද ඇය එහිදී අගය කර තිබේ.

නාලන් මෙන්දිස් විසින් අධ්‍යක්ෂණය කල සත්පුර වැසියෝ එකල ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය රසිකයින් මහත් අමන්දානන්දයට පත් කිරීමට සමත් නිර්මාණයක් බවට පත් විය