ඉතිහාසයේ පළමු වරට 32,25,622ක මුදලක මතුගම ගව මස් කඩය හිමි නමක් අරගෙන කරන්න යන දේ මෙන්න

මතුගම නගරයේ එළ හරක් මස් කඩය 2018 වර්ෂය සඳහා රුපියල් 32,25,622ක මුදලකට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් ටෙන්ඩරය ලබාගෙන ඇතැයි මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ මහතා කීවේය.

මතුගම ප්‍රාදේශීය සභාවේ එළ හරක් මස් කඩය 2017 වර්ෂය සඳහා ටෙන්ඩර් මුදල රුපියල් 22,60,150ක් වූ අතර 2018 වර්ෂයේ අවම ටෙන්ඩර් මුදල රුපියල් 24,86,165ක් විය යුතු බව ප්‍රාදේශීය සභාව නිවේදනය කර තිබිණ. ඒ අනුව දැනට මස් කඩය පවත්වාගෙන යන මුස්ලිම් ව්‍යාපාරිකයා හා භික්ෂුන් වහන්සේ නමක් ටෙන්ඩර් ඉදිරිපත් කර තිබිණි.

පසුගිය 27දා ටෙන්ඩර් විවෘත කිරීමේදී මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයා 27,16,000ක් ලංසු තබා තිබූ අතර මාවිට ඥානරතන නමැති භික්ෂුන් වහන්සේ නමක් රුපියල් 32,25,622ක මුදලකට ලංසු තබා ඇත. ටෙන්ඩර් පත් අනුව 2018 ජනවාරි සිට මතුගම එළහරක් මස් කඩය ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට හිමිව ඇත

මස් කඩ ටෙන්ඩරය ලබාගත් මාවිට ඥානරතන හිමියෝ ප්‍රකාශ කරන්නේ මතුගම ගවමස් කඩය වසා දමන්නැයි 2015 වසරේදිත් ඊට පසුවත් කිහිප අවස්ථාවකදී ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලීම් කළත් නීතිමය ගැටලු නිසා එය ඉටුකළ නොහැකි බව ප්‍රාදේශීය සභාව ප්‍රකාශ කළ බවයි. ඒ අනුව 2018 වර්ෂයේ මස් කඩ ටෙන්ඩරය ලබාගෙන සභාවට බදු මුදල් ගෙවා මස් කඩය වසා දැමීමට පියවර ගන්නා බව මාවිට ඥානරතන හිමියෝ කීහ.

දකුණු ආසියාවේ උසම හිටි පිළිමය පිහිටි මතුගම ඓතිහාසික පූජනීය නගරයක් බවත් සතිපොළ පැවැත්වෙන ඉරිදා හා බදාදා දිනවලදී දිනකට ගවයන් දෙදෙනකුගේ මස් අලෙවි කරන තත්ත්වයක් ඇති නිසා මෙම පියවර ගත් බවත් මේ සඳහා මහා සංඝරත්නයේත් බෞද්ධ ජනතාවගේත් විශාල ඉල්ලීමක් හා සහයෝගයක් ඇති බවත් ඥානරතන හිමියෝ කීහ.

මේ පිළිබඳව මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ මහතා කීවේ වැඩිම ටෙන්ඩර් මුදලට මස් කඩය හිමිවන නමුත් ටෙන්ඩර්කරු ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු බවයි. ඒ අනුව දින හතකට වඩා මස් කඩය වසා තැබිය නොහැකි බවත් ගිවිසුමේ නීති කඩකළහොත් අදාළ ටෙන්ඩරය අවලංගු වන බවත් අසෝක රණසිංහ මහතා කීවේය.

ක්‍රිකට් දිවිය කැප කර සමලිංගික යුවළකගේ දිවි බේරූ අපේ කාලයේ ක්‍රිකට් වීරයාගේ බෙන් ස්ටොක් ගේ සැඟවුණු කතාව එළියට

“අපි gay අය බව ඔහු තේරුම් ගන්නට ඇති“
‘‘අපි දැනන් හිටියෙ නෑ එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් බව“
‘‘ඔහු නියම ජෙන්ට්ල්මන් කෙනෙක්”

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ උප නායක බෙන් ස්ටෝක්ස් ට අළු බඳුන තරගාවලිය මග හැරී ගියා. ඒ සාමාජ ශාලාවක් ඉදිරිපිටදී ඔහු ඇතිකරගත් ගැටුමක් හේතුවෙන්.

මේ පිළිබඳව බොහෝ දෙනෙකු අදහස් පළ කළේ බෙන් වැරදිකරු කරමින්..

මෙම ගැටුම මුලින්ම මාධ්‍ය වෙත අනාවරණ කළේ බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ පුවත්පතයි.

බෙන් ස්ටෝක්ස් විසින් ගැටුමක් ඇති කර ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක්ද ඔවුන් සිය වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කර තිබුණා. මුළු එංගලන්තයම දැනට සති කිහිපයක සිට බෙන් ස්ටෝක්ස් විසින් ‘මහත්වරුන්ගේ ක්‍රීඩාව’ට කළ මහා අපරාදය ගැන රස මුසු කතා කියමින් පසුවුවත් අද වන විට තත්වය වෙනස්ම අතකට හැරී තිබෙනවා.

මෙහිදී සැබෑවටම සිදු වී තිබෙන්නේ 26 හැවිරිදි බෙන් ස්ටෝක්ස් විසින් බිලී සහ කායි නමැති සමරිසියන් දෙදෙනෙකුව මැදියම් රැයක සමාජ ශාලාවක් අසල සිටි හෝමෝෆෝබියා තක්කඩීන් පිරිසකගේ පහරකෑමෙන් බේරාගැනීමයි.

බෙන් ස්ටෝක්ස් යනු එංගලන්තයේ සිටින හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. නමුත් බීමත්කම සම්බන්ධයෙන් ඔහුට ඇත්තේ යම් අපකීර්තිමත් ඉතිහාසයක්.

එංගලන්තය ලංකාව වගේ නොවෙයි. ඒ නිසා සාමාන්‍යයෙන් බේබදු හැසිරීම් හේතුවෙන් එංගලන්තය වැනි රටකදී ක්‍රීඩකයන්ට පහසුවෙන්ම තම ක්‍රීඩා දිවියේ රතු කාඩ්පත හෝ රතු නොතීසිය ලබාගන්නට පුළුවන්. පෙර කී සමරිසියන් දෙදෙනාගෙන් ම ඇත්ත කතාව එළියට නාවේ නම් බෙන් ස්ටෝක්ස්ගේ ඉරණම් කතාව ද එයම වන්නට තිබුණා.

එදා එළිවන ජාමයේ පාන්දර 2 ට පමණ බිලී සහ කායි සිටියේ බ්‍රිස්ටල් හි ක්ලිෆ්ටන් ට්‍රෑන්ගල් හි රාත්‍රී සමාජ ශාලාවක ය. ඒ රාත්‍රියේ බෙන් ස්ටෝක්ස් සිය ක්‍රිකට් සගයෙකු වන ඇලෙක්ස් හේල්ස් සමග එහි පැමිණ සිටියේ මධුවිතක් සමග පෙරදා ලැබූ බටහිර ඉන්දීය කොදෙව් එක් දින තරගයේ ජය සමරන්නටයි.

ඒ අතරවාරයේ බිලී සහ කායි සමග සුහද බස් තෙපළා ඔවුන්ට මත්පැන් වීදුරුවකින් සංග්‍රහ කරන්නටද බෙන් ස්ටෝක් ක්‍රියා කර තිබුණා.

“අපි gay අය බව ඔහු තේරුම් ගන්නට ඇති. නමුත් ඔහු අපිට තවත් මනුෂ්‍යයෙකුට වගේ හොඳින් සැලකුවා..” යැයි බිලී සහ කායි පසුව කියා තිබුණා.

ඉරිදා දිනයක් වූ හෙයින් බ්‍රිස්ටන් හි තවත් තැනකට ගොස් විනෝද වීමට ඔවුන්ට සිතක් පහළ වූවත් එතැන වසා දමා තිබුණු නිසා නැවතත් රාත්‍රී සමාජ ශාලාව අසලින්ම ඔවුන් සිය නවාතැන වෙත යාමට තීරණය කළා. එතැන පසුකරගෙන යන විට ඔවුන්ට ඇසුණේ යම්කිසි අපහාසාත්මක වදනක් කියමින් සමාජ ශාලාවේ සිටි විෂමලිංගික පිරිමින් පිරිසක් ඔවුන්ට කෑ ගසන ආකාරයයි. මද වේලාවකින් අයෙක් මත්පැන් බෝතලයක් අතින් ගෙන ඔවුන් දෙදෙනාට පහර දෙන්නට ඉදිරියට පැන්නා. එයින් එකෙක් හමුදා නිලධාරියෙක්. මොවුන් බිලී සහ කායි දැක හේතුවක් නැතිව තරහා ගත්තා. තමන්ට වඩා වෙනස් අය දුටු විට කුපිත වීම හෝමෝෆෝබියාවේ නියත ලකුණක්.

අහිංසකයන් වූ බිලී සහ කායි පෙරළා පහර දෙන්නට ගියේ නැහැ. සිද්ධ වෙන්නට ගිය මහා විපතක් වළකාලමින් එතැනට පැන්නේ හැඩිදැඩි ශරීරයකින් ද කාය ශක්තියෙන් ද යුත් බෙන් ස්ටෝක්. ඔහු සැබවින්ම මැද්දට පැන අර තුන් දෙනාට තුන් ඉරියව්වෙන්ම පහර දුන් එකයි කළේ. එහිදී එකෙක් ඉගිලී ගොස් හතරගාතෙන් බිම ඇද වැටෙද්දී කායි සහ බිලී එතැනින් පැනලා දුවන්නට වුණා.

බ්‍රිස්ටන් නගරයේ රාත්‍රී සමාජ ශාලාවන්හි මෙබඳු කලහකාරී හැසිරීම් අමුතු දේවල් නොවන හෙයින් ඔවුන් දෙදෙන මේ කතාව අමතක කර දමා සුපුරුදු පරිදි දවස ගෙවන්නට වුණා. මේ සිද්ධියට අදාළ වීඩියෝ පටය ‘ද සන්’ පුවත්පත මගින් ලබාගෙන එය පට්ටා ගසමින් විකුණමින් සිය ගැළවුම්කාරයාගේ දෛවය තීරණය කරමින් සිටින බව මේ සමලිංගිකයින් දෙදෙනා දැන සිටියේ නැහැ. නමුත් ඊළඟ සතියේ පොලිස් භටයෙක් ඔවුන් සොයා එද්දී ඒ මොන හේතුවකටද යන්න මොවුන්ට ප්‍රශ්නයක් මතු වුණා. ඒත් එක්කම කටඋත්තරයක් ගන්න පොලිසියට එන ලෙස ඔවුන්ට පොලිස් නිලධාරීන් පැවසුවා. බෙන් ස්ටෝක්ස්ගේ බේබදු හැසිරීම යට සැඟවුණු මනුෂ්‍යත්වයේ කතාව එළියට ආවේ එතැනිනුයි.

අයර්ලන්තයේ සිට පැමිණ වසර දහයකටත් අධික කාලයක් එංගලන්තයේ ජීවත් වන බිලී සහ කායි ජීවිතයටම ක්‍රිකට් මැච් නරඹා ඇති අය නොවේයි. එනිසා ඔවුන් බෙන් ස්ටෝක්ස් යන නමවත් අසා තිබුණේ නැහැ. ඔවුන් පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන් වුණේ “අපි දැනගෙන හිටියෙ නෑ, අපිව බේරගත්තෙ කවුද කියලා. මාධ්‍යවලින් යනකොටයි අපි දැනගත්තෙ, අපේ ජීවිත බේරගත්තෙ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වයිස් කැප්ටන් කියලා..ඔහු නියම ජෙන්ට්ල්මන් කෙනෙක්”

ඒ වන විට සිය සමරිසි ප්‍රේමයට නිසි අරුත ලබාදෙමින් ඔවුහු නීතියෙන් ද එක වහලක් යටට ගොස් සිටියා.

බෙන් ස්ටෝක්ස් ද නියම මහත්මයෙක්. ඔහු මේ සමරිසියන් දෙදෙනාම ඇත්ත කතාව කියන කල්, ඉස්සරහට පැන “මම මාර වැඩක් කළේ.. මට ඔහොම කළ එක වැරදියි” කියන්නට ඉක්මන් වුණේ නැහැ. බිලී සහ කායි ඉදිරිපත් නොවුණා නම් අදටත් ලෝකය දන්නේ බෙන් ස්ටෝක්ස් නැවතත් ‘බීලා-පිස්සු නටලා‘ යන පටු අරුත පමණයි. සිද්ධියට පසුදා පටන් ජනමාධ්‍ය විසින් ඔහුව හඳුන්වා දෙමින් තිබුණේ “බේබද්දා’ කියලයි.

ඒක පාර්ශවිකව නඩු ඇසූ එංගලන්ත ක්‍රිකට් බලධාරීහු බෙන් ස්ටෝක් හට අළු බඳුන තරගාවලිය අහිමි කළේ එලෙසිනුයි.

කොහොම නමුත් අවසානයේ අළු බඳුන අහිමි වුණත් මසක් ඇතුළත බෙන් ස්ටෝක්ස් වීරයෙක් බවට පත් වුණා. සමරිසි පොඩි එවුන් දෙදෙනෙක් වෙනුවෙන් සිය ක්‍රිකට් දිවියේ වටිනාම කඩඉමක් අහිමි කර ගත් බෙන් ස්ටෝක් සැබවින්ම වීරයෙක්. ඒ වගේම මහත්මාගති ඇත්තෙක් බවත් කතාවෙන් සාක්ෂි දරුවා.

පහළොස් හැවිරිදි තම ඥාති පුතා ලිංගිකව බරපතල ලෙස අපයෝජනය කළ පුංචි අම්මාට වැඩ වරදී ඇයට අන්තිමට සිදුවූ දේ මෙන්න

වයස අවුරුදු 15 ක බාලවයස්කාර තම ඥාති පුතා ලිංගිකව අපයෝජනයකට ලක්කළ බවට අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා තුනක් ලබා සිටි පුංචි අම්මා කෙනෙකු එකී චෝදනාවලට වරදකාරිය බවට තීරණය කළ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් ඇයට වසර 21 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා.

එක් චෝදනාවකට වසර හත බැගින් වෙන් වෙන් වශයෙන් නියම කෙරුණු මෙම විසි එක් වසරක සිර දඬුවම වසර හතකින් ගෙවී යාමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.
මීට අමතරව අධි චෝදනා තුනට වෙන් වෙන්ව රුපියල් 500 බැගින් වූ දඩ නියම කළ මහාධිකරණ විනිසුරුවරයා,එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස තුනකින් වෙන් වෙන් වශයෙන් සිර දඬුවම් නියම කළා.

විත්තිකාරිනියට දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ,පැමිණිලිකාර පාර්ශවය විසින් විත්තිකාරියට එරෙහිව නගා ඇති සියලු චෝදනා සාදාරන සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්වී ඇති බවයි.

මෙසේ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේ කැකිරාව,මරදන්කඩවල,ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි විවාහක කාන්තාවකටයි.

විත්තිකාරියට දඬුවම් නියම කරන අවස්ථාවේ ඇගේ පවුලේ ඥාතීන් අධිකරණ ශාලාවෙන් පිටත රැදී සිටිමින් කෑ ගසා තිබෙනවා.

බාලවයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අපයෝජනයක් කිරීමේ වරදකට කාන්තාවකට විසි එක් වසරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් මෑත ඉතිහාසයේ නියම වූ පළමු අවස්ථාවද මෙය බවයි වාර්තාවන්නේ.වයස අවුරුදු 15 ක බාලවයස්කාර තම ඥාති පුතා ලිංගිකව අපයෝජනයකට ලක්කළ බවට අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා තුනක් ලබා සිටි පුංචි අම්මා කෙනෙකු එකී චෝදනාවලට වරදකාරිය බවට තීරණය කළ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් ඇයට වසර 21 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා.

එක් චෝදනාවකට වසර හත බැගින් වෙන් වෙන් වශයෙන් නියම කෙරුණු මෙම විසි එක් වසරක සිර දඬුවම වසර හතකින් ගෙවී යාමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

මීට අමතරව අධි චෝදනා තුනට වෙන් වෙන්ව රුපියල් 500 බැගින් වූ දඩ නියම කළ මහාධිකරණ විනිසුරුවරයා,එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස තුනකින් වෙන් වෙන් වශයෙන් සිර දඬුවම් නියම කළා.

විත්තිකාරිනියට දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ,පැමිණිලිකාර පාර්ශවය විසින් විත්තිකාරියට එරෙහිව නගා ඇති සියලු චෝදනා සාදාරන සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්වී ඇති බවයි.

මෙසේ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේ කැකිරාව,මරදන්කඩවල,ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි විවාහක කාන්තාවකටයි.

විත්තිකාරියට දඬුවම් නියම කරන අවස්ථාවේ ඇගේ පවුලේ ඥාතීන් අධිකරණ ශාලාවෙන් පිටත රැදී සිටිමින් කෑ ගසා තිබෙනවා.

බාලවයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අපයෝජනයක් කිරීමේ වරදකට කාන්තාවකට විසි එක් වසරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් මෑත ඉතිහාසයේ නියම වූ පළමු අවස්ථාවද මෙය බවයි වාර්තාවන්නේ.

ඔබ අද තට්ටු දෙකේ තුනේ ගෙවල් හදන්නෙත් මොහු නිසා ලෝකයටම දැනුම බෙදූ ලංකාවේ විශ්වකර්මයා කොන්ක්‍රීට් කුලසිංහ ලෝකෙටම කරපු දේ

කොළඹ ග්‍රහලෝකාගාරය හෝ වරායේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍යය හෝ පොල්ගොල්ල වේල්ල හෝ එකවරක් පමණක් නොව කීප වරක් දකින්නකු තුළ වුවත් විස්මයක් හට ගනු නො අනුමානයි. එහි නිර්මාතෘවරයා ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා. අපේ රටේ කොන්ක්‍රීට් විශ්වකර්මයා ලෙස හැඳින්වෙන්නේ ඔහු. චෛත්‍ය, තට්ටු නිවාස, ආයතන, ගොඩනැඟිලි, වරාය, පාලම් යනාදි වශයෙන් ඉදිකිරීම් ගණනාවකට නිර්මාතෘ වන්නේ කුලසිංහ. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවත නිදහස ලැබූ රාජ්‍ය අතරින් ශ්‍රී ලංකාව 1948 න් පසු බුද්ධිමත් දක්ෂ විද්‍යාඥයන් කීපදෙනකු ම බිහි කළ අතර ආචාර්ය කුලසිංහ ද ඔවුන් අතර එක් අයකු බව ආතර් සී. ක්ලාක් වරක් පවසා සිටියා.

1919 දී ජාඇළ උදම්විට උපන් ඒ. (අරුමා දර) එන්. (නන්දසේන) එස්. (සිල්වා) කුලසිංහ අධ්‍යාපනය ලැබුවේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් හා කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලෙන්. ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිර්මාතෘ හා ප්‍රථම සභාපති. ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NERD) ආරම්භ කරන ලද්දේත් කුලසිංහයන් විසින්. විවිධ අවදීන්හි විවිධ ආයතනවල නිලතල දැරූ හෙතෙම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සම්මාන ගරු බුහුමන් බොහෝමයක් ලබා තිබෙනවා. 1979 දි මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඔහුට ආචාර්ය උපාධිය පිරිනැමුවා. පෙරසවි තාක්ෂණය (PRE STRESSED CONCRETE) හඳුන්වා දීමේ පුරෝගාමියා ආචාර්ය කුලසිංහ.

ඒ අනුව ඔහු ඉදිකිරීම් රැසක් කර තිබෙනවා. වරක් අපේ රටේ නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයෙක් නිවාස ඉදිකිරීම් සඳහා අඩු වියදම් තාක්ෂණික උපදෙස් ගැනීමට මැලේසියාවට ගොස් තිබෙනවා. එහිදි මැලේසියානු නිවාස හා ඉදිකිරීම් ඇමතිවරයා අපේ ඇමැතිට කියා ඇත්තේ මෙවැන්නක්. “අපිත් නිවාස ඉදිකිරීම්වලදි තාක්ෂණික උපදෙස් ගත්තේ ඔබේ රටින්. ඒ කියන්නේ කුලසිංහ නමැති දක්ෂ ඉංජිනේරුවරයාගෙන්. එහෙම අය ඔබේ රටේ ඉද්දි ඔබලා මොකටද එන්නේ අපෙන් උපදෙස් ගන්ට.” කුලසිංහයන් මැලේසියාවේ පමණක් නොව ඉන්දුනීසියාව, සිංගප්පූරුව, පිලිපීනය, තායිලන්තය වැනි රටවල ද උපදේශක ඉංජිනේරුවකු ලෙස කටයුතු කර තිබෙනවා.

පෙරසවි තාක්ෂණය ඇතුළු විවිධ තාක්ෂණික විධික්‍රම 25ක් පමණ කුලසිංහයන් සොයාගෙන තිබෙන බව පැවසෙනවා.කොළඹ වරායේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍යයමාලිගාවත්ත මහල් නිවාස පිහිටි තැන 1960 ගණන්වල තිබුණේ විශාල මඩ වගුරක්. “කුලසිංහට පුළුවන්ද ඔය මඩ වගුරේ ගෙවල් හදන්න.” ආර්. ප්‍රේමදාස මහතා දිනක් කුලසිංහගෙන් ඇහැව්වා. “හා හොඳයි” ඒ කුලසිංහගේ පිළිතුර. ඒ මඩවගුරේ තට්ටු හතරේ ගෙවල් හැදුවේ එලෙසින්. ඉන්පසු නාරාහේන්පිට මහල් නිවාසත් ඔහු යටතේ ඉදිකෙරුණා. කුලසිංහයන්ගෙන් සිදු වූ මහානාර්ඝ සේවයක් වන්නේ වසර 30 කින් ඉදිකිරීමට ‍යෝජිතව තිබූ මහවැලි ව්‍යාපෘතිය වසර 6 කින් නිම කිරීමයි. කඩිනම් මහවැලි ව්‍යාපෘථිය යටතේ වූ නළ මාර්ග හා විදුලිබල මධ්‍යස්ථාන ඇතුළුව වික්ටෝරියා, කොත්මලේ, මාදුරු ඔය, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ ඉදිකිරීම කටයුතු අධීක්ෂණය කළේ මොහු. නායයෑම්වලට හේතුව මහවැලිය කඩිනම් කිරීම බව ඇතැමුන් චෝදනා කරද්දි කුලසිංහ තර්කානුකූලව පෙන්වා දුන්නේ ඊට හේතුව වන්නේ කැපීමෙන් සිදුවන පස සෝදා යෑම බවයි. ධීවර වරාය ගණනාවක ම නිර්මාතෘ කුලසිංහ හම්බන්තොට වරාය ගැන ඔහු කලකට ඉහත දී දැක්වූ ආකල්ප මොනතරම් සාධනීයදැයි ඔහුගේ පහත වන ප්‍රකාශයෙන් සාක්ෂාත් වෙනවා. “හම්බන්තොට වරායක් හැදුවොත් ලංකාවට විශාල ආදායමක් එනවා. ඒක මහවැලියටත් වඩා විශාල ව්‍යාපෘතියක් වෙනවා. මුළු වැඩේ ම අපිට කරන්න පුළුවන්; පිටරට උදව් නැතුව.” මිරිස්ස, තංගල්ල, යාපනය, බේරුවල ධීවර වරාය කුලසිංහයන්ගේ නිර්මාණ. තාර ඇතිරූ මහාමාර්ගවලට කොන්ක්‍රීට් දැමීම, දුම්රිය මාර්ගවල දැව සිල්පර වෙනුවට කොන්ක්‍රීට් සිල්පර දැමීම, පූට්ටු පාලම් ඉදිකිරීම් කුලසිංහයන් ගේ අධීක්ෂණය යටතේ සිදුවුණු තවත් වැදගත් ක්‍රියාකාරකම්

දුම්රිය මාර්ගවලට කොන්ක්‍රීට් සිල්පර දැමීමෙන් සියයට විසිපහක මුදලක් ඉතිරි කර ගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නා. දේශීය ඉංජිනේරුවන් ගේ ශිල්පීය හැකියාව කෙරෙහි කුලසිංහයන් සියයට සීයක් විශ්වාසය තැබුවා. විදේශීය උපදෙස් ගැන ඔහු ඒ තරම් තැකීමක් කළේ නැහැ. ඔහු ඇතැම් අවස්ථාවලදි විදේශීය ඉංජිනේරුවන් සමඟ ගැටුණු බවක් ද සඳහන් වෙනවා. ඊට හොඳම නිදර්ශනයක් තමයි මාදුරුඔය ජලාශයේ ඉදිකිරීම්. මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පැවතියදි ඉහළින් ලැබුණු නියෝගකින් කියැවුණේ ඉදිකිරීම් වහාම නවතා දමන ලෙසයි. එයට ‍හේතුව වුණේ කැනඩාවෙන් ඉංජිනේරු කණ්ඩායමක් පැමිණීම. මෙයින් වියදම සිවු ගුණයක් වන බවත් කිසියම් ප්‍රමාදයක් සිදුවන බවත් කුලසිංහයන් පෙන්වා දුන්නත් වගකිව යුත්තන් එය ගණනකට ගත්තේ නැහැ.ග්‍රහලෝකාගාරයඅවසානයේ සිදුවූයේ කුමක් ද? මිලියන 650 කින් නිම කරන්නට සැලසුම් කර තිබූ මෙම ජලාශය විදේශ ආධාර යටතේ ඉදිකිරීම සඳහා මිලියන දෙදහස් අටසීයක් වැයවීම. එපමණක් නොවේ. දේශීය සැලසුම්වලට මෙගාවොට් 6 ක විදුලි බලාගාරයක් ද ඇතුළත් වුණා. ඒත් කැනඩා සැලසුම්වල එවැන්නක් තිබුණේ නැහැ. ඒ නිසා ඉන් ලැබෙන වාසිය ද අපේ රටට අහිමි වුණා. ප්‍රතිඵලය වුණේ මාදුරු ඔය ජලාශයේ ජලය අපතේ ගලා ගෙන යෑමයි. වානේ සංස්ථාව හා පිටි කම්හල ඉදිකිරීම්වලදී ද මෙවැනි පරස්පර විරෝධතා නිසා කුලසිංහයන් රුසියානු ඉංජිනේරුවන් සමඟ ගැටුණු බව ඔහුගේ සමකාලීයන් කියා තිබෙනවා. කළුතර බෝධිය කුලසිංහයන්ගේ තවත් මාහැඟි නිර්මාණයක්. මෙහිදි ඔහුට ගැටෙන්න සිද්ධ වුණේ අපේ ම අය සමඟ. මහාචාර්ය සෙනරත් පරණවිතාන කුලසිංහගේ සැලස්මට එකඟත්වය පළකළේ නැහැ. මෙහි සැලැස්ම වුණේ ගෘහයක් සහිතව චෛත්‍යය පිහිටීම. දුටුගැමුණු යු‍ගයේවත් මෙවැනි ගෘහයක් සහිත චෛත්‍යයක් ඉදිකර නැති බව පරණවිතානයන් තර්ක කළා. ඊට කුලසිංහ දුන්නේ මෙවන් පිළිතුරක්

“දේශීය පැරණි තාක්ෂණය මා අගය කරනවා. පස්වලින් වේලි හදපු රටක් මේක. ඒත් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ අද මේ තියෙන තාක්ෂණය තිබුණේ නැහැ. තිබුණ නම් එතුමත් අනිවාර්යයෙන්ම යොදා ගන්නේ මේ තාක්ෂණය. චෛත්‍යය හදන්නේ ගඟක් (කළු ගඟ) ආසන්නයේ. වර්ග අඩි 100 ක විෂ්කම්භයක් ඇති මේ චෛත්‍යය ගලෙන් බැන්දොත් ඒක ගිලා බහිනවා.”වික්ටෝරියා වේල්ලකළුතර චෛත්‍යයේ නිර්මාණ සැලැස්ම දුටු ලංකාවේ කිසිම ඉදිකිරීමේ සමාගමක් එය ඉදිකිරිම භාර ගත්තේ නැහැ. අවසානයේ කුලසිංහ ම ඉදිරිපත් වී චෛත්‍යයේ වැඩ නිම කළා. (මෙහි වටදාගෙය වාස්තු විද්‍යා උපදේශක ජස්ටින් සමරසේකර නිමැවුමක්) අපේ රටේ ඉදිකිරීම් ප්‍රතිපත්තියක් නැති කම ගැන කුලසිංහයන් නිරන්තරවම කතා කළා

අපේම සම්පත් උපයෝගි කරගෙන, දේශගුණයට සරිලන පරිදි වියදම් අඩු, පරිසරයට හානියක් සිදු නොකරන ඉදිකිරීම් ප්‍රතිපත්තියක් අපි හදාගන්න ඕනෑ.” ඒ ඔහු කියූ දේ. එවිට විදේශීය සමාගම්වලට ඉදිකිරීම් කොන්ත්‍රාත් දීම අවශ්‍ය නොවන බව ඔහු කියා සිටියා. 2002 වසරේ ප්‍රකාශනයට පත් කුලසිංහ අභිනන්දන ග්‍රන්ථයට ලිපියක් ලියන ආතර් සී. ක්ලාක් කියා ඇති දෙයකින් මෙම ලිපිය නිම කිරීම උචිත යැයි මා කල්පනා කරනවා. “බටහිරින් පැමිණි ඉතාමත් හොඳ යැයි සැලකුණු තාක්ෂණික ක්‍රම වෙනුවට දේශීය ප්‍රශ්නවලට දේශීය විසඳුම් සෙවීමට ඔහු (කුලසිංහ) උත්සාහ ගත්තේය. ඒ දේශීය හැකියාව හා දේශීය සම්පත් යොදා ගනිමිනි.

උපුටාගැනීම/ කැම්පස් සෙට් එක පිටුවෙනි

නිරෝෂා විරාජිනී බැදපු කෙනාට ළමයි හදන්න බැරි නිසා වෙනත් පිරිමියෙක්ට කියලා වැඩේ කරගන්න අශාවෙන් ඉන්න කතාවක් කියන මේ සිංදුවේ තේරුම

රන්කද තාම පෑල් රකිනවදො නිදි නෑතිව” මෙතන පෑල් රකින සීන් එකක් කියන්නේ එහෙම එකක් නෙමේ. මෙයාගේ පුරුශයාට යම් බෙලහීන සීන් එකක් තියෙනවා. අන්න ඒක තමා ඔතනින් කියන්නේ. ආදරෙයි තමා, රන්කද උනත් මේ යකා මොක කරනවද, එකෙකො බෑරි දේවල් නොකර නිදා ගනින්කො කියන හෑගීම. “නිල් තරු රෑන ඉගි බිගි පාන අහස යට”.. තවමත් ඉගි බිගි පාන තරු ඉන්නවා, ඒ තරු එක්කලා යන්නත් හිතයි, ඒත් රන්කද?.. “මල් පිපුනාට ගෙඩ් නෑ තාම”.. හොදම සීන් එක තියෙන්නේ මෙන්න මෙතන බලන්නකෝ

සුපිරි වේග පන්දු අතහැර ලසිත් මාලිංග දඟ පන්දු යවා සුපිරි වැඩ පෙන්වූ හැටි මාලිංග දඟ පන්දුවෙන් විකට් තුනක් ගත්ත හැටි මෙන්න

මේ ලසිත් මාලිංග වෙළද සේවා අවසන් තරගයේදී පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කර පාදග පන්දු යවා තිබෙනවා.මෙයිනුත් ලසිත් කඩුලු ලබා ගන්නවා. තිබෙන ආබාද නිසා ඉදිරියේදී දග පන්දු යවන්නෙක් ලෙස ජාත්‍යන්තර පිටියට පැමිනේවිදැයි කියන්න අප දන්නේ නෑ කොහොම උනත් ඔහුගේ මේ හැකියවනම් අගය කරන්නම වටිනවා

ලංකාවේදී ලෝක රූ රැජිනට තේරුණු කවුරුත් දන්නා සුරූපී නිලි දුෂේනි මියුරංගි මැණික් වලින් සෑදු ලංකාවේ ලක්ෂ 190ක් වටිනා සුපිරි කිරුල දිනාගනී

කිරුළක් පැලැඳි කෙනෙක් විදිහට අද මොකද හිතෙන්නේ?

මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා කියන්නේ මගේ ජීවිතේ තිබුණු ලොකුම හීනයක්. මම මේකට ගොඩක් මහන්සි වුණා සහ ගොඩාක් කැපකිරීම් කළා. හුඟාක් සතුටුයි ශ්‍රී ලංකාව නියෝජනය කරන්න අවස්ථාව ලැබුණ එකට. ලෝකයේ තියෙන ලොකුම සහ පැරණිම තරගාවලිය තමයි මිස් වර්ල්ඩ් කියන්නේ. අනිත් පැජන්ට් වලට වඩා වෙනස් තරගයක්. මම ගොඩාක් වාසනාවන්තයි කියලා තමයි මට දැනෙන්නේ.

විශාල වටිනාකමක් තියෙන කිරුළක් පැලඳීමට තරම් ඔබ වාසනාවන්ත වුණා නේද?

ඇත්තටම ඔව්, මම ගොඩාක් වාසනාවන්තයි. ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේ තරම් වටිනා කිරුළක් පැලැන්දුවේ.  මේක ලක්ෂ 190ක් වටිනා කිරුළක්. රාජා ජුවලර්ස් වලින් තමයි මේ කිරුළ දුන්නේ. ධනංජය බණ්ඩාර තමයි මේ කිරුළ නිර්මාණය කළේ. ලංකාවේ තියෙන මැණික් ගල් වලින් තමයි මේක අලංකරණය කරලා තියෙන්නේ. මගේ මහන්සිය, කැපවීම මම උපරිම විදිහට භුක්ති විඳිනවා. ඒ කිරුළ මට මුලින්ම පැලඳ වීම භාග්‍යයක් විදිහට තමයි මම දකින්නේ.

මේ තරම් වාසනාවන්ත වෙයි කියලා හිතුවද?

මම මෙච්චරම වාසනාවන්තයි කියල නම් හිතුවෙ නැහැ. මගේ හිතේ හැමදාම තිබුණා ඉලක්කයකට යනවා කියලා. මොකද මම මගේ ඉලක්කය සම්පූර්ණ කර ගත්තා. දැන් ඉස්සරහට තියෙන්නේ මේකෙ ජාත්‍යන්තර තරගාවලිය. ලබන මාසේ 18 වැනිදා මම චීනය බලා පිටත් වෙනවා. එතැනින් එහා තමයි ඉතුරු ටික කරන්න තියෙන්නේ. මගේ වයසත් එක්ක මම සාර්ථකයි කියලා හිතෙනවා.

ඔබේ වයසත් එක්ක ජාත්‍යන්තරයට යන්න ලැබුණ එකත් යම්කිසි අභියෝගයක් නේද?

ඇත්තටම ඒක අභියෝගයක්. මම කලින් කිව්වා වගේ වාසනාවක් හින්දා තමයි අවුරුදු 22 වෙනකොට ජාත්‍යන්තරයට යන්න අවස්ථාව ලැබෙන්නේ. ලෝකේ තියෙන ලොකුම තරගාවලිය තමයි ලෝක රූ රැජින කියන්නේ. මේ තරගාවලියට යන්න ලැබීමත් වාසනාවක්. පොඩි කාලයක් ඇතුළතදී මම කරපු කැපකිරීම්, මම ගත්ත අත්දැකීම් තමයි අද මම මේ භුක්ති විඳින්නේ.

රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කළ ඔබ කොහොමද නිරූපණයට පැත්තට යොමු වුණේ?

මම රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ  අවුරුදු 20දී. 2015 පැවති අයි.ටී.එන් අවුරුදු කුමරිය තරගයෙන් පස්සෙ තමයි මම ක්ෂේත්‍රයට එන්නේ.

මගේ ඔළුවෙ තිබුණු එකම ආසාව සහ හීනය තමයි ලෝක රූ රැජින තරගයට යන්න. රංගන ශිල්පිනියක් වුණාට මට තාම වයස අවුරුදු 22යි. ඉතිං මට වයස, රූපය බුද්ධිමත් බව තියෙන නිසා තමයි ලෝක රූ රැජින තරගයට අයදුම් කළේ.

මුල්ම නිර්මාණය මොකක්ද?

මුලින්ම මම දායක වුණේ නිල්වලා ආයතනයෙන් කරපු ‘ආදර වැස්ස’ ටෙලි නාට්‍යයට. ලලිත් වසන්ත මහත්මයා තමයි මාව ඒ නාට්‍යයට ගත්තේ. ඒ නාට්‍යයයේ පුංචි චරිතයක් දීලා ඊට පස්සේ ‘ආදරේ ගින්දරක්’ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් දුන්නා.

එම නාට්‍ය තුළින් දැක්කේ ඔබේ අහිංසක බවක්? ඒ චරිතයට විතරද?

නැහැ. මම ඇත්තටම අහිංසකයි කියලා හැමෝම කියනවා. දැනට මම රංගනයෙන් දායක වෙලා තියෙන්නෙත් අහිංසක චරිත 04කට තමයි. ටෙලිනාට්‍ය දෙකක් ඒ අතරින් විකාශය වුණා. චිත්‍රපටයකත් අහිංසක චරිතයක් මම කළා. ඉස්සරහට බලාපොරොත්තුවක් තියෙනවා වෙනස් චරිතයකින් ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්න. මම කැමති නැහැ අහිංසක චරිතය තුළින් සම්පූර්ණයෙන්ම බැහැර වෙන්න. නමුත් උත්සාහ කරනවා ඒ චරිතය ඇතුළේ වෙනසක් කරන්න.

ඔබ චිත්‍රපටයක් ගැනත් සඳහන් කළා?

ඔව්, ඒක මගේ පළවෙනි චිත්‍රපටයයි. සේනක විජේසිංහගේ ‘මේඝ’ කියන චිත්‍රපටය. ඒක මේ අවුරුද්ද අන්තිමේදි හරි ලබන අවුරුද්ද මුලදී හරි තිරගත වෙයි.

අද ක්ෂේත්‍රය තුළ නවකයන්ට ඇති අවස්ථාවන් ගැන මොකද හිතෙන්නේ?

හොඳයි. මමත් තාම ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. අපි හොඳට තෝරා බේරාගෙන දේවල් කරන්න ඕන. ගොඩාක් අලුතින් එය අය හිතන්නේ හැම එකක පෙනී හිටියම ජනප්‍රිය වෙනවා කියලා. නමුත් එහෙම නෙවෙයි. තමන්ට ගැළපෙන දේ තෝරගෙන වැඩකටයුතු කරන්න ඕන. අද ශ්‍රී ලංකාවේ පැජන්ට් නම් 100ක් විතර තියෙනවා. හැබැයි මම පිළිගන්න පැජන්ට් දෙකයි ලංකාවෙ තියෙන්නේ. ඒ විශ්ව රූ රැජින සහ ලෝක රූ රැජින කියන තරග දෙක. මේ පැජන්ට් දෙකෙන් එකක් හරි ජයග්‍රහණය කරන්න කෙනෙක්ට අවස්ථාව ලැබෙනවා නම් ඇය වාසනාවන්තයි. අද ගොඩක් නවක අය විවිධ පැජන්ට් සඳහා යන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි අපි දෙයක් කරන්න ඕන හොඳ තෝරා බේරාගැනීමක් ඇතුවයි කියල තමයි මම නම් හිතන්නේ.

පාසල් කාලේ ඉඳලම බලාපොරොත්තු වුණු දෙයක්ද මේ රංගන ක්ෂේත්‍රය කියන දේ?

නැහැ. පාසල් කාලේ මට රංගනය ගැන කිසි බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් ලෝක රූ රැජිනක් වෙන්න ඕන කියන දේ ඒ කාලෙ ඉඳන්ම මගේ ඔළුවෙ වැඩ කරපු දෙයක්. ඒ වගේම මගේ තාත්තටත් විශාල ඕනකමක් තිබ්බා ලෝක රූ රැජින තරගය වෙනුවෙන් ලංකාවෙන් මාව ඉදිරිපත් කරවන්න. එයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න පුළුවන් වුණ එක ගැන නම් මට ලොකු සතුටක් තියෙනවා.

ඒ කියන්නේ ජාත්‍යන්තර කිරුළක් සඳහා ලොකු හීනයක් තිබුණේ ඔබේ පවුලේ අයටද?

අනිවාර්යෙන්ම ඔව්. මට ගෙදරින් විශාල සහයෝගයක් ලැබුණා. මට ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි විතරයි. ඒ තුන්දෙනා විශාල සහයෝගයක් දුන්නා. ඒ අය නැත්නම් මම අද මෙතන නැහැ. අවුරුදු දෙකක් තිස්සේ ඒ අය තමයි මගේ හැම වැඩක්ම කළේ. දැන් මගේ නම ඉතිහාසයේ ලියවිලා ඉවරයි. ඒ දේවල් වලට ගෙදරින් ලැබුණ සහයෝගය විශාලයි.

ජීවිතේ ලොකුම බලාපොරොත්තුව?

අද වෙනකොට මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ලෝක රූ රැජින කිරුළ දිනාගන්න එක. ඒකට මාසයකටත් අඩු කාලයක් තමයි තියෙන්නේ. මගේ කැපකිරීමත් එක්ක ඒ කිරුළ ලංකාවට රැගෙන ඒම තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. මේ වෙනකල් ලංකාවේ කිසිම කෙනෙක් ලෝක රූ රැජින තරගයෙන් අවසන් විසිදෙනා අතරට ඇවිල්ලා නැහැ. මගේ ලොකුම බලාපොරොත්තුව ඒ පැත්තෙන් මගේ ඉලක්කය සම්පූර්ණ කරගන්න තමයි.

ශක්තියක් සහ උදව් කරපු පිරිසක් ඇති නේද මතක් කරන්න?

මේ තරගාවලියේදී මට ලොකු ශක්තියක් වුණේ මගේ පවුලේ අයයි. ඒ වගේම තමයි අනුජ් රණසිංහ. එයත් මට ගොඩක් උදව් කළා. මොඩ්ල් ෂොප් ආයතනයේ සංගීතා වීරරත්න, ධනංජය බණ්ඩාර, රමණි ප්‍රනාන්දු, ෂෙරීන් කුමාරතුංග, උමාදි සිල්වා,  සේනක ද සිල්වා අය ඇතුළු ගොඩක් දෙනෙක් ඉන්නවා. මගේ ඇක්ට් එක හැදුවේ අයේෂා මධුශානි. අංගම්පොර ඇක්ට් එකක් කළේ සනුන් ප්‍රන්නාදු. ඒ හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා. තව විශේෂයෙන් ස්තූති කරන්න ඕන ප්‍රසන්න පද්මනාදන්ට. ඔහු මගේ පෞරුෂයත්වය වැඩි කරගන්න ගොඩක් උදව් කළා. නම් නොකියවුණු ගොඩක් අය ඇති. මේ හැමෝටම මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

ඔස්ට්‍රේලියා විවාහ නොවී අවුරුදු හතරක් තරුණියක් සමග එකට හිටපු හැටි ගැන තරුණ නලුවා කියන කතාව

ටිං ටිං කියන නමින් අතිශය ජනප්‍රියත්වයට පත්වූ තුසිත ධනුෂ්ක කාලයක් රංගන කටයුතුවලින් ඈත්වෙලා හිටියා. නමුත් ආයෙත් සිය සුපුරුදු රාජකාරිය අරඹමින් තුසිත කලා නිර්මාණවල නිරන්තරයෙන් දකින්නට ලැබෙන චරිතයක් බවට පත් වෙලා. ඉතිං තරුණ වයසේ ඉන්න තුසිතට ආදරය දැනෙන්නේ කෙහොමද කියන එක ගැන සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මෙන්න මේ විදිහට…

ආදරේට නිර්වචනයක් දෙන්න?
හැමෝටම තියෙන්න ඕන, හැමෝම ලබන්න ඕන සුන්දර දෙයක් තියෙනවා නම් ඒ තමයි ‘ආදරය.’

පාසල් ප්‍රේමය සුන්දරද?
ඒ කාලයේ පවතින සහ ඇතිවන ට්‍රෙන්ඩ් එකට අනුව ඇතිවන හැඟීමක් විතරයි මං දකින පාසල් ප්‍රේමය

ආදරේ මුලින්ම හිතට දැනෙනකොට වයස කීයද?
දැනුමක් තේරුමක් තියෙන කාලේ ඉඳන් ආදරේ දැනුණා.

ආදරය ප්‍රකාශ කළ යුත්තේ හැමවිටම පිරිමි ළමයාද?
එහෙම නියමයක් නෑ. මුලින්ම ආදරේ දැනුණ කෙනයි ඉස්සර වෙන්න ඕන.

අප්‍රකාශිත ආදරයක් ඔබට තිබේද? තිබුණද?
ආදරේදි හදවත සීමිතයි. දැනෙන ප්‍රමාණයක් තියෙනවා. එහෙම ආදර කතාත් තියෙනවා. නමුත් හදවතටම දැනුණේ එක ආදරයයි.

ආදරේ කරන දෙදෙනකුගෙන් හැමවිටම පෙම්වතා වැඩිමහල් විය යුතුද?
එහෙම නියමයක් ලෝකේ කොහේවත් නෑ.

ඔබට වඩා වයසින් වැඩිමල් කෙනෙක් ගැන ආදරේ හිතිලා තියෙනවාද?
මං ජීවිතේ වැඩිපුරම ආදරේ කරන ඇය මගේ පෙම්වතිය පූර්ණි චමත්කා කුලරත්න. ඇය මට වඩා අවුරුද්දක් වැඩිමල්.

පෙම්වතියගෙන් ලැබුණු පළමුවැනි තෑග්ග මොකක්ද?
රතුපාට ටීෂර්ට් එකක්.

ඇය ඔබට ආදරේට කියන නම මොකක්ද?
ඇය මට කියන්නේ ‘සුදු බෝලේ’ කියලා.

ගැහැනියකගේ ඔබට ආදරේ හිතෙන්නේ මොන ගතිගුණවලටද?
අම්මා කෙනෙක් දරුවෙක් ආරක්ෂා කරනවා වගේ හැමදාම මං ළඟින්ම ඉන්න, චාම් වගේම සරල විදිහට ජීවත් වෙන, ආදරෙන් ජීවිතේ බෙදාගන්න පුළුවන් හොඳ ගතිගුණයන් තියෙන කෙනෙක්ට අනිවාර්යයෙන්ම ආදරේ හිතෙනවා.

ආදරේ විවාහයෙන් කෙළවර වෙනවාද?
හැම ආදර කතාවකටම විවාහයක් දක්වා යන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ආදරය ඉන් කෙළවර නොකරගෙන.

විවාහය නිසා මිනිස්සු වෙනස් වෙන්නේ කොහොමද?
ඒක ඉතින් එකිනෙකාගේ මානසික මට්ටම අනුව වෙන දෙයක්. දෙන්නට දෙන්නා තේරුම් අරන් නම් විවාහ ජීවිතේ ගෙනියන්නේ, වෙනස් වෙන්න වුවමනාවක් නෑනේ.

විවාහය ලියාපදිංචි කළ යුතුද? ඒ ඇයි?
ලංකාවේ තියෙන නීතියට අනුව නම් ‘ඔව්’ ලියාපදිංචි කළ යුතුයි. නමුත් අපි විවාහ නොවී අවුරුදු හතරක් ඔස්ට්‍රේලියාවේ එකට ජීවත් වුණා. මේ ප්‍රශ්නෙට බලපාන්නේ සංස්කෘතිය සහසම්ප්‍රධායන් කියන සීමාවන් විතරයි.

ආදරය සහ රාගයට එකවිට පැවැත්මක් තියෙන්න පුළුවන්ද?

අනිවාර්යයෙන්ම ආදරේදි රාගය තියෙන්න ඕන. ආදරේ පවතින්න රාගය එක සාධකයක් වෙනවා.

ඇය සමග තරහ වුණාම ඔබ මොකද කරන්නේ?
ඇයගේ ඔෆීස් එකට මල් යවනවා.

ඒ තරහව කොච්චර කාලයක් තියෙනවාද?
එයාට මාව දැකපු ගමන් තරහව අමතක වෙනවා.

විහරව එක පේළියකින් විස්තර කරන්න?
විරහව තුළ කියාගන්න බැරි දුකක් තියෙන්නේ. මෑතකදී දැකපු සිදුවීම්වලින් ඒ දුකේ තරම කොච්චරක්ද කියලා පැහැදිලි වෙනවා. නමුත් මෝඩ තීරණ නම් මං අනුමත කරන්නේ නෑ.

සමලිංගිකයන්ගේ ආදරය සමාජ සම්මතයට පටහැනිද? ඒ ඇයි?
ලෝකයේ රටවල් අතරින් බහුතරයක සමලිංගිකත්වය අනුමත කරලයි තියෙන්නේ. නමුත් ලංකාවේ සම්ප්‍රධායට අනුව ඒක විය යුතු දෙයක් නෙවෙයි. පෞද්ගලිකව මම විරුද්ධ වෙන්නේ නෑ. ඒක ඔවුන්ගේ අයිතිය.

ආදරය එක් සහකාරියකට පමණක් සීමා විය යුතුද?
අනිවාර්යයෙන්ම ආදරේ එක්කෙනෙක්ට සීමා විය යුතුයි.

මේ වෙද්දි ගෑනු ළමයි කීදෙනෙක් දාලා ගිහින් තියෙනවාද?
එහෙම දාලා ගියා කියන්න බෑ. වයසත් එක්ක පරිණත වෙනකොට ආදරෙත් පරිණත වෙනවනේ. එතැනදි හොඳට හිතලා බලලා හරි තීරණ අරන් තියෙනවා

ඉදිරි වසර 100 තුල මිනිසා පෘතුවියෙන් ඉවත්විය යුතුයි ලෝකප්‍රකට මහාචාර්ය හොකින්ගේ විශ්මිත අනතුරු ඇඟවීම මෙන්න

සෞරග්‍රහ මණ්ඩලයේ අපගේ ඇසට පෙනෙන නොපෙනෙන අප සොයාගත් මෙන්ම සොයා නොගත් ග්‍රහ තාරකා කෙතරම් නම් තිබෙනවාද.? එහෙත් ඒවා ජිවත් වීම සඳහා සුදුසු ද යන්න සොයා ගැනීමට අප තවමත් සමත් වී නැහැ.අපට ජීවත්වීමට ඇත්තේ පෘථිවිය මිස වෙන කිනම් ග්‍රලෝකයක්ද..? අද අපි ඔබට වාර්තා කරන්නේ මිනිස් වර්ගයාගේ අවසානය පිළිබඳ අපට ලැබුණු තොරතුරක්. අතීතයේ පටන්ම සිදු වන මිනිස් වර්ගයාගේ නොයෙකුත් ක්‍රියාකාරකම් හේතුවෙන් වර්තමානයේ අපේ මහ පොළොව අපට අහිමි වෙමින් අප දිනෙන් දින විනාශය කරා ඇදෙමින් සිටින බව සුප්‍රසිද්ධ ස්ටෙෆන් හෝකින් පවසා සිටිනවා

ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම් 22ක ඔබ නොදත් ඇත්තම තේරුම මෙන්න කියවලාම බලන්න

ලංකාව ආක්‍රමණය කළ බටහිර ජාතීන් තුන අතරින් අපේ සංස්කෘතියට විශාල බලපෑමක් කළ ජාතියක් ලෙස පෘතුගීසින් හැඳින්විය හැකිය. ඉන්දියානු සාගරය හරහා කොහේටදෝ යාත්‍රා කරමින් සිටින අතර 1505 දී කුණාටුවකට හසු වී ලංකාවේ ගාලු වරාය ආශ්‍රිත ප්‍රාදේශයකට ගසාගෙන ආ ලොරෙන්සෝද අල්මේයිදා ප්‍රමුඛ නාවුකයන් සහ එකිනෙකා හා කුළල් කා ගත් දේශීය පාලකයන් නිසා ලංකා ඉතිහාසය තුළ පෘතුගීසි බලපෑමක් පිළිබඳ කතා පුවතකට ඉඩ හසර විවර විය.

මේ විදේශිකයන් සම්බන්ධයෙන් එකල කෝට්ටේ රජ කළ VII විජයබාහු රජු දැක් වූ ආකල්පය ‘පරංගියා කෝට්ටේ ගියා වගේ’’ යන කියමන හා ඒ හා බැඳි ඉතිහාසයෙන් පැහැදිලි වේ. කොළඹ සිට කෝට්ටේට වැඩි දුරක් නැතත් එය බොහෝ දුර බව ඇඟවීම පිණිස පරංගියා කොළඹ සිට ‘වටවන්දනාවක’ රැගෙන ගොස් අවසන කෝට්ටේ නගරයට ප්‍රවිශ්ඨ කරවීමට සිංහල රජු ක්‍රියා කිරීම එම ආකල්පයේ එක් ප්‍රකාශනයකි.

සට කපට වෙළඳ ජාතියක් ලෙස හැඳින්විය හැකි පෘතුගීසින්ද ඊට නොදෙවෙනිව කෝට්ටේ රජුගෙන් ඉල්ලා සිටියේ ‘ගෙරි හමක් එළා ගැනීමට’ පමණක් සුදුසු බිම් කඩක් තමන්ට ලබා දෙන ලෙසය. එතරම් ‘සුළු’ ඉඩක් ලබා ගැනීමට අවසර නොදීමට විජයබාහු රජුට ද හේතුවක් නොවූ බව පෙනී ගිය බැවින් අද‌ාළ අවසරය දානය කරනු ලැබීය. එහෙත් ඉන්පසු මේ පෘතුගීසින් කළේ ගෙරි (හරක්) හම කීතු කීතුවලට ඉරා ඉතා සිහින් පටි ලෙස ගෙන කොළඹ වරාය ආශ්‍රිතව විශාල ප්‍රදේශයක් වට කරගෙන විශාල බලකොටුවකට පදනම් දැමීය. ක්‍රි.ව 1505 දී ලංකාවට ගොඩබට පෘතුගීසින් කොයි අන්දමින් නමුත් මෙරට දේශපාලනයට ගාවා ගැනීමට අපේ රජදරුවන් ක්‍රියාකළ බැවින් දිවයින වටා වෙරළ තීරයම 1658 දක්වා පෘතුගීසි ආක්‍රමණයට නතුවිය.

1505 දී ලංකාවට ගොඩබට පෘතුගීසීන්ගේ මූලික අරමුණ වෙළඳාම මිස ධර්ම ප්‍රචාරය නොවූ බව පැහැදිළිවන්නේ ඉන් තිස් තුන් වසරක් ගත වන තුරු එනම් 1538 වන තුරු කතෝලික ධර්ම දූතයන් මෙරටට ගෙන්වා ගැනීමට පෘතුගීෂින් උනන්දු නොවූ බැවිනි. කෙසේ වෙතත් පෘතුගීසීන් ලංකාවට ගෙනා දේ අතර අලංකාරම තිළිණය කතෝලික දහම වූ බව පැහැදිලි වුවත් ඔවුන් වෙසෙසින් බෞද්ධ – හින්දු ධර්මයන් පිළිබඳව දැක් වූ ප්‍රතික්‍රියාව නම් අද කාලයේ මානසිකත්වයෙන් බලන විට නම් කොහෙත්ම කළ අනුමත කළ නොහැකිය. මන්ද, එකල පොදු කතෝලික ඉගැන්වීම වූයේ ‘Extra ecclesiam nulla salus’ (එක්ස්ට්‍රා එක්ලේසියාම් නුල්ලා සාලුස්) එනම් (කතෝලික) සභාවෙන් පිටත ගැළවීමක් නොමැත යන්නය. ඒ අනුව අන් ආගම් අදහන අයට ගැළැවීමක් නැතැයි යන අදහසින් පෙළඹී ඔවුන්ට හොඳින් හෝ නරකින් තම ආගම ‘පෙවීමට’ ගත් උත්සාහයන් ඉතිහාසය තුළ අපට දැකගත හැකිය.

සමහර අන්තවාදී ඉස්ලාම්වරුන් අද පවා මෙබඳු මානසිකත්වයකින් අන්‍යාගම් දෙස බලන බව පෙනී යයි. මෙම මානසිකත්වය කතෝලිකයන්ගෙන් නිල වශයෙන්ම පහකර දැමූ 1962 – 65 දක්වා මුළු දුන් තීරණාත්මක II වතිකාන මහා සම්මන්ත්‍රණ සභාව තම ප්‍රකාශන එකක් නොව දෙකක්ම මගින් අන්‍යාගම් තුළ ද සත්‍ය​යේ බීජ අඩංගු වන බව ප්‍රකාශ කරන ලදී. 16 සියවසේ බොහෝ ධර්ම දූතයන් සිදු කළ වරදක් වූයේ ධර්මයද සමගින් තම තමාගේ සංස්කෘතිය ද අන් ජාතීන්ට ලබාදීමට උත්සාහ කිරීමයි. ‘ඔවුන් කතෝලික දහමද සමගින් යුරෝපීය සංස්කෘතිය ද අපට ලබාදුන් බැවින් මේ දෙක එකිනෙකින් වෙන් කර ගැනීමට මෙරට කතෝලිකයන්ට නොහැකිව ඇති’’ යි පසුකාලීනව දේශානුරූපී කතෝලික ජනතාවක් ගොඩනැගීමට උර දුන් පූජක සිරි ඔස්කා අබයරත්න පියතුමා ප්‍රකාශ කර සිටියේ එබැවිනි.

16 වැනි සියවසේදී ලාංකිකයකු කතෝලික දහම වැළඳගැනීම සපුරාම පෘතුගීසි සංස්කෘතිය වැළඳගැනීමක් වූ බව පෙනී යයි. මන්ද භෞතිස්ම කරනු ලැබූ අයගේ නම් පමණක් නොව වාසගම් ද පෘතුගීසිකරණයට ලක් වූ බැවිනි. කුසුමාසන දේවිය දෝන කතරිනා වන්නේත්, කරලියැද්දේ බණ්ඩාර දොන් ෆිලිප් වන්නේත් ඒ අනුවය. කෝට්ටේ යුගයේ සුපතළ හෙළ කිවි​ෙඳකු වන සුභාෂිතයේ කර්තෘ අලිගියවන්න මුකවෙටි තුමාද වරක් බෞතිස්ම කරනු ලැබ දොන් ජෙරනිමෝ ලෙස කතෝලිකයකුව සිටි බවත් ඒ කාලය තුළ ‘කොන්ස්තන්තීනු හටන’ නමින් පෘතුගීසි සේනාධිපතියකු වර්ණනා කරන කාව්‍ය සංග්‍රහයක් රචනා කළ බවත් වැඩි කතාබහකට ලක්වන්නේ නැත. කෙසේ වෙතත් අපගේ මෙම ලිපියෙහි මූලික අරමුණ ලංකාවේ පෘතුගීසි ඉතිහාසය ගැන කතා කිරීම නොව ඔවුන්ගේ බලපෑමෙන් අප රට තුළ අදටත් භාවිත පෘතුගීසි පෙළපත් නාම හා ඒවායේ අලගිය මුලගිය තැන් හා අර්ථයන් සොයා බැලීම හා ඒ ගැන කෙටි විමර්ශනයක යෙදීමය.

ලංකාවේ පහතරට ප්‍රදේශවල, ඉනුත් විශේෂයෙන් පුත්තලමේ සිට මාතර දක්වා වෙරළ තීරයේ ජනයා අතරින් බහුතරයක් එකල කතෝලික දහම වැළඳගෙන පෘතුගීසි වාසගම් ලබාගත් බව පෙනී යන නමුත් මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය හා මඩකලපුව වැනි දෙමළ ජන බහුතරය සිටින ප්‍රදේශවල ජනයා කතෝලික දහම වැළඳගත්ත ද ඔවුන් සිංහලයන් තරම් පෘතුගීසි වාසගම් ලබා නොගත්තේදැයි ඔවුන්ගේ වාසගම් විමසා බලනට කල්පනා කළ හැකිය. එහෙත් ලන්දේසි පීඩනය හා කුල පීඩනය ආදිය නිසා කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ජනයා විශාල වශයෙන් කතෝලික විශ්වාසය හැර දමන්නට ඇතැයි 16-17 සියවස්වල කතෝලික ධර්මදූතයන්ගේ වාර්තා සහ වත්මන් ආගමික ජනගහනය සසඳ‌ා බලන විට කල්පනා කළ හැකිය. කෙසේ වෙතත් එම ජනයා තමන්ට ලැබුණු පෘතුගීසි වාසගම් අද පවා භාවිත කරන බව පෙනී යයි. බෞද්ධයන් අතර පවා පෙරේරා, සිල්වා, ප්‍රනාන්දු, කුරේ, ඩයස් ආදී බොහෝ පෘතුගීසි වාසගම් භාවිත වන්නේ එබැවින්ය යන්න අපගේ අදහසය. පෙර කී ලෙසම ලාංකික අපට උරුම වූ පෘතුගීසි පෙළපත් නාම මොනවාදැයි දැන් අපි විමසා බලමු.

මෙම වාසගම් බොහෝ විට පෘතුගීසි, ස්පාඤ්ඤ, ලතින් හා ජර්මානු ආභාසයෙන් පෘතුගීසින් හරහා අපට ලැබිණැයි කල්පනා කළ හැකිය. එසේම මේ පෙළපත් නාම අද වන විට අප විසින් අපගේ ඌරුවට, හැඩයට යළි සකසා ඇති බව ද නිරීක්ෂණය කළ හැකිය. අප අතර භාවිත මෙම පෘතුගීසි වාසගම් මොනවාදැයි දැන් අපි සොයා බලමු. සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු, ඩයස්, මෙන්ඩිස් (මැන්දිස්) කුරේ ද මෙල්, කෘෘස්, පීරිස්. පාරිස්, ගෝමස්, ගෝමිස්, වාස්, ​ෙෆාන්සේකා, අල්විස්, අල්මේදා, කබ්‍රාල්, නෝනිස්, සොයිසා, සුවාරිස්, රොද්‍රිගු, රුබේරු, කොරයා සහ පැස්කුවල් මෙබඳු ලාංකික – පෘතුගීසි වාසගම් අතර කැපී පෙනෙයි.

මා රෝමයේ ලතෙරාන සසුන් සරසවියේ අධ්‍යාපනය ඇරඹූ මුල් කාලයේ අපගේ ඉතාලි භාෂා පන්තියේ සිසු සිසුවියන් එකිනෙකා හඳුනා ගන්නා අතරතුර මාගේ නමටද ‘ඩයස්’ යන වාසගම ඇතුළත් බව දුටු එක් මොසැම්බික් ජාතික මා මිතුරු පියතුමෙකු ‘අහා උඹත් පෘතුගීසියෙකුදැයි’ හඬ නගා මාගෙන් විමසා සිටියේය. මා තුළ ඒ සැණෙකින් ඇති වූයේ ලජ්ජාවකි. ලොව දිළිඳුම රටවල් අතර ද දිළිඳුම රටක් සේ පිළිගැනෙන අප්‍රිකාවේ මොසැම්බික් දේශය අදටත් පෘතුගීසි යටත් විජිතවාදයේ අමිහිර විඳින රටකි. එහෙත් එරට රාජ්‍ය භාෂාව ද බහුතරයේ භාෂාවද පෘතුගීසි භාෂාවය. එබැවින් මම ‘‘මම ලාංකිකයකු මිස පරංගියෙකු නොවෙමි’ යි ඔහුට පවසා ලංකාව තුළ පෘතුගීසි බලපෑම ගැන ඔහු සමග සංවාදයක් ඇරඹීමි. එතැන් පටන් ලාංකිකයන් අතර භාවිත පෘතුගීසි වචන මෙන්ම වෙසෙසින්ම වාසගම් (පෙළපත්නාම) ගැන ඔහුගෙන් විමසා ඒවා​ෙය් අරුත දැනගතිමි. පෘතුගීසි – ඉංග්‍රීසි ශබ්ද කෝෂයක උපකාරයෙන් එම වචනවල සැබෑ මූලය සොයා ගැනීමට තැත් කළෙමි. ඒවා සටහන්කර තබා ගතිමි. මෙම පෘතුගීසි වාසගම්වල මුල් අදහස සොයා ගැනීමේදී පරෙස්සමින් හා කල්පනාකාරීව එය මෙහෙයවීම් මන්ද බොහෝ සිංහල – පෘතුගීසි වාසගම් එහි මුල් වචනය ලෙසම අද භාවිත නොවන බැවිනි. තවද අන්තර්ජාලය ඔස්සේ විශ්වාසවන්ත මූලාශ්‍ර පමණක් ඇසුරු කරමින් පෘතුගීසි වාසගම් පිළිබඳව අප කළ ​ෙසායා බැලීම ද මෙම අධ්‍යයනය වඩාත් පලබර කිරීමට හේතු විය. ඇත්ත වශයෙන්ම මෙවැනි ගවේෂණයක් මගින් අප බලාපොරොත්තු වන්නේ අප රටේ ජනතාව වඩාත් දැනුම්වත් ජනතාවක් වනු දැකීමය.

අප අධ්‍යයනය කළ මෙම පෘතුගීසි වාසගම් මෙන්ම ලාංකේය හා භාරතීය වාසගම් ද විමසා බලන කල යුරෝපයට වඩා පෙරදිග අපගේ වාසගම් තම ගෞරව බහුමානය ප්‍රකාශ කරන බව පෙනී යයි. Black, Brown, White, Clark, Bush, Rider ආදී බටහිර වාසගම් ඉතා සරල මෙන්ම තවත් කෙනෙකුගෙන් තමන් හුදෙක්ම වෙන් කර හඳුනා ගැනීම පමණක් ඉන් අරමුණ කරන්නේ දැයි අපට කල්පනා වෙයි. එහෙත් සිංහල, දෙමළ වාසගම් එසේ නොවේ. ඒ පිළිබඳව අප වෙනම අධ්‍යයනය කළ යුතු බව පෙනී යයි. ලංකාවේ භාවිත පෘතුගීසි වාසගම්වලින් බොහොමයක්ම පෙර කී යුරෝපීය වාසගම් ගත් මගම ගන්නා බව පෙනීයයි. ‘වාසගම’ යනුවෙන් අප විටෙක හැඳින්වූවත් ‘Surname’ යනුවෙන් ඉංග්‍රීසි බසින් අප හඳුන්වන සංකල්පය ‘පෙළපත් නාමය’/ ‘ගෝත්‍ර නාමය’ ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය වන බව පෙනී යන්නේ ‘වාසගම’ යන්නෙන් ‘වාසය කරන ගම’ නොහොත් ‘මුල් ගම’ ද අදහස් කෙරෙන බැවිනි. එහෙයින් ගත් කල, දැන් අප විමසා බලන්නට යන්නේ ලංකාවේ භාවිත පෘතුගීසි ‘වාසගම්’ නොව ‘පෙළපත් නාම’ යැයි කිව හැකිය. දැන් අපි ඒවා එකින් එක ගෙන ඒවායේ පැටිකිරිය විමසා බලමු.

පෙරේරා – මෙය ලංකාවේ වඩාත්ම භාවිත පෘතුගීසි පෙළපත් නාමවලින් එකකි. පෘතුගීසි යෙදුම:- Pereira (පෙරෙයිරා) අර්ථය:- ​‘පෙයාර්ස් ගස’

සිල්වා – ‘සිල්වා’ යනු පෘතුගීසි නොව ලතින් වචනයකි (ලතින් බස සියලු යුරෝපා භාෂාවල මාතාව බව අපි දනිමු) ලතින් යෙදුම: Silva (සිල්වා)
අර්ථය: ලන්ද, ලඳු කැලෑව, Silva යන්න විටෙක De Silva ලෙසද භාවිත වේ ‘De’ යන්න ඉංග්‍රීසි බසින් ගත්කල ‘Of’ යන අරුත දෙයි. ඒ අනුව ‘De Silva’ යනු ලන්දේ/ ‘ලඳු කැලෑවේ’ යනුවෙයි.

ද මෙල් – පෘතුගීසි යෙදුම – De Mello (දෙ මෙල්ලෝ) අර්ථය – ‘මී පැණි’ අනුව De Mello හෙවත් De Mel යනු ‘මීපැණිහි’/‘මීපැණියේ’ යනුයි.

කෲස් – පෘතුගීසි යෙදුම: Cruz (කෲස්) අර්ථය – ‘කුරුසිය’ 100% ක්ම පාහේ ක්‍රිස්තියානින් වන පෘතුගාලයේ මෙබඳු ආගමික සංකල්පයක් පෙළපත් නාමයක් සේ යොද‌ා ගැනීම පුදුමයට කරුණක් නො​ෙව්.

පීරිස් – පෘතුගීසි යෙදුම – Pires (පීරෙස්) – අර්ථය – පීරිසිය ​ෙම් අනුව ‘පීරිසිය’ යනු වචනය මෙන්ම ‘කෝප්පය’ යන වචනයද පෘතුගීසි ආභාසයෙන් සිංහලයට නැඟිණැයි කල්පනා කළ හැකිය. පෘතුගීසි බසින් කෝප්පය Copo (කෝපෝ) යනුය.

පාරිස් – පෘතුගීසි යෙදුම: Paris (පරීස්) – අප කළ විමර්ශනයට අනුව පෘතුගීසි බසින් පරීස් යනු ප්‍රංශයේ අගනුවර වන පැරීසියයි. පැරීසියේ කලක් තිස්සේ සාම්ප්‍රද‌ායිකව පෘතුගීසි සම්භවයක් සහිත ජන කොටසක් ජීවත් වෙති. මේ ජනතාව පෘතුගීසින් විසින් හඳුන්වනු ලැබුවේ ‘පරීස්’ යනුවෙනි. මේ සිංහල භාවිතයේදී මේ වාසගම ලැබූ අය ‘පාරිස්’ ලෙස හඳුන්වනු ලබති.

ඩයස් – පෘතුගීසි යෙදුම – Dias (දියාස්) – අර්ථය : දිනයන් පෘතුගීසි බසින් Dia (දියා) යනු ‘දිනය’ යි dias (දියාස්) යනු එහි බහුවචනමය ස්වරූපයයි. මාගේ පෙර කී මිතුරා පෙන්වා දුන් ආකාරයට ‘දිනය උදා කරන’ (දිනකර) යන අර්ථයෙන් මෙම Dias යන්න ‘සූර්යයා’ ලෙසද අර්ථකථනය කළ හැකිය.

මෙන්ඩිස් – පෘතුගීසි යෙදුම – Mandaz (මන්දෙස්) Menendez (මෙනෙන්දෙස්) අර්ථය – ‘මෙනෙන්දෝ ගේ පුත්‍රයා’ මෙනෙන්දෝ යනු යුරෝපයට බලපෑ කතෝලික ශුද්ධවන්තයෙකු සේම රාජ කුමාරයෙකි. ඉංග්‍රීසි බසින් St.Hermangild (සා.හර්මන්පිල්ඩ්) ලෙස හඳුන්වන්නේත් මෙතුමාය. ක්‍රි.ව 6 වැනි සියවසේ ජීවත් වූ ස්පාඤ්ඤ රජකුමරෙකු වූ මෙතුමා කතෝලික විශ්වාසය උදෙසා දිවි පිදූ ප්‍රාණ පරිත්‍යාගියෙකි. මේ පෙළපත් නාමයේ අර්ථය එම ‘මෙනෙන්දෝගේ පුත්‍රයා’ යනුය.

ප්‍රනාන්දු – යුරෝපයේ රටවල් රැසක පෙළපත් නාම හෝ පුද්ගල නාමයක් ද ලෙස ප්‍රනාන්දු යන්න ප්‍රකටය.පෘතුගීසි යෙදුම – Fernando (ෆර්නාන්දෝ)
ජර්මානු රජ පෙළපතක් වන ෆර්ඩිනන්ඩ් (Ferdinand) යන්නෙහි පෘතුගීසි නාමය ලෙස ‘Fernando’ හැඳින්විය හැකිය. මෙම නාමයම Ferdinand ලෙස ජර්මන්, චෙක්, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ මෙන්ම පෝලන්ත යන භාෂාවලින්ද Hernando (හෙර්නන්දෝ) ලෙස ස්පාඤ්ඤ භාෂාවෙන්ද නන්දෝර් ලෙස හංගේරියානු භාෂාවෙන්ද භාවිතවේ. ප්‍රනාන්දු යනු එහිම ලාංකේය ප්‍රකාශනයයි.තවද තම ප්‍රනාන්දු යන පෙළපත් නාමය ‘ප්‍රනන්ද’ හෝ ‘පුරනන්ද’ යනුවෙන් වඩාත් දේශීයත්වයට නඟාගත් ස්වල්ප දෙනෙකු සේම තම නාමයේ මුල් පෙළපත් නාමය නමේ අගට ගෙන ප්‍රනාන්දු යන්න භාවිත නොකරන වර්ණකුලසූරිය, කුරුකුලසූරිය, මිහිඳුකුල සූරිය, වර්ණකුල, මිහිඳුකුල, කොඩිප්පිලි හෝ වීරක්කොඩි හෝ වැනි නම් දරන ප්‍රනාන්දුවරු ද සිටිති

නෝනිස් -ස්පාඤ්ඤ නාමය : ‘නූනෝ’/ පෘතුගීසි නාමය ‘නූනෙස්’ අර්ථය : ‘නුනෝගේ පුත්‍රයා’ මීට අමතරව මෙය පෘතුගීසි අරුතින් ‘නවවෙනි’ හෝ ‘සීයා’ යනුද වෙයි නූනෝ යනු 14 වැනි සියවසේ සිදු වූ කස්තීලියානු ආක්‍රමණයට එරෙහිව සටන් වැදී පෘතුගාලය බේරාගත් වීරෝදාර රණවිරුවෙකි ‘නූනෙස්’ ඔහුගේ පුත්‍රයා ලෙස අර්ථකථනය කෙරෙන අතර සිංහලයේදී එය ‘නෝනිස්’ නම් වෙයි.

ගෝමස්/ගෝමිස් – මෙම පෙළපත් නාම දෙකම එකම ස්පාඤ්ඤ මූලාශ්‍රයකින් සම්භව වී යැයි සැලකිය හැකිය. ස්පාඤ්ඤ යෙදුම: විසිගොතික් සංකල්පයක් වූ ‘ගෝමා’ මෙහි මූල්‍ය ජර්මානු ‘ගුමා’ (Guma) යන්න අර්ථය:- ‘මිනිසා’ ඒ අනුව ‘​ෙගා්මෙස්’ යනු ‘මිනිස් පුත්‍රයා’ (මනුෂ්‍ය පුත්‍රයා) ලෙස ගත හැකිය.

​ෆොන්සේකා – ලතින් මූලය : Fon+Sicca අර්ථය : ​Fon (උල්පත) Sicca (වියළි බිම) වියළි බිමෙහි උල්පත තවද මෙය කාන්තාරයක ක්ෂේම භූමියකට ඉඟි කරයි.

කොස්තා – පෘතුගීසි යෙදුම: Costa (කොස්තා) පෘතුගීසි අර්ථය : ගං ඉවුර, බෑවුම, මුහුදු වෙරළ ලතින් අර්ථය: පැත්ත, අයින, කෙළවර, අද්දර

වාස් – හංගේරියානු මූලය : Vass අර්ථය – යකඩ මෙමගින් කම්මල් රැකියාවේ නියුක්ත වූවන්, යපස් පතල්කරුවන් හෝ යකඩ භාණ්ඩ වෙළඳාමේ යෙදෙන්නන් අදහස් කෙරේ. එසේම මෙම පෙළපත් නාමය මගින් අති විශිෂ්ට චරිතයක්. ප්‍රබල විඳ දරා ගැනීමේ හැකියාවක්ද ප්‍රකාශ කෙරේ.

අල්විස් – ජර්මානු මූලය : Alfher (පුද්ගල නාමයකි) පෘතුගීසි නාමය: Alves ( අල්වෙස්) අර්ථය – අල්ෆර්ගේ පුත්‍රයා (Alves) ලංකාවේදී මෙය Alwis (අල්විස්) බවට පත් වී ඇත.

රුද්‍රිගු – ස්පාඤ්ඤ මූලය – රොද්‍රිගෝ දියාස් දෙ වීවාර් (පුද්ගල නාමයකි) එකො​ළොස් වෙනි සියවසේ විශිෂ්ට හා කැපී පෙනුණු ස්පාඤ්ඤ සේනාධිපතියෙකු වූ මොහුගේ නාමයට ගෞරව පිණිස රොද්‍රිගු යන මොහුගේ නාමය පෙළපත් නාමයක් සේ පසුකාලීනව භාවිතයට ගැනුණු බව පෙනී යයි.පුරාණ ජර්මානු බසෙහි Hroderic ලෙස හඳුන්වනු ලැබූ මේ නාමය ස්පාඤ්ඤ, පෘතුගීසි හා ඉතාලි භාෂාවලින් Roderico (රොදෙරිතෝ) ලෙසද කතෝලාන බසෙහි Roderic (රොඩෙරික්) ලෙසද ඉංග්‍රීසියෙහි Rod හා Roddy ලෙසද ප්‍රංශ බසෙහි රොද්‍රිගු (Rodrigue) ලෙසද පෘතුගීසි හා ස්පාඤ්ඤ භාෂාවලින් තවත් විටෙක Ruy,Rui හෝ Ruiz ලෙසද මේ නම භාවිත කෙරේ. සාමාන්‍ය සිංහල භාවිතයේදී රුද්‍රිගු නම් වන මේ පෙළපත් නාමය ඉංග්‍රීසිකරණ ලක්ව Rodrigo (රොඩ්රිගෝ) ලෙස වර්තමාන ‘පොෂ්’ ඉංග්‍රීසියෙහි (Posh English) භාවිත වේ.

සුවාරිස් – ජර්මානු මූලය :- Suero (සුඑ්රෝ) Su+heri ලෙස මේ වචනය කොටස් දෙකකට බෙදා දැක්විය හැකි නමුත් පෘතුගීසි විශේෂඥයන් පවා තවමත් ‘su’ යන්නෙහි අර්ථය කුමක්දැයි නිශ්චිත කරගෙන නැත. එහෙත් ‘heri’ හෙවත් ‘hari’ යනු ‘හමුදාව’ය

සොයිසා – පෘතුගීසි මූල්‍ය : Souza (සූසා) මුල් කාලයේ මේ නාමය යොදා ගැනුණේ පෘතුගාලයේ සූසා ගංගා නිම්නයේ පදිංචි වැසියන් හඳුන්වනු පිණිසය. මේ ගංගාවට Souza යන නම ලැබීමට ලතින් වචන දෙකක බලපෑමක් ඇතැයි සැලකේ. එනම් Salsus (ලවණමය) හෝ Saxa (ගල් සහිත) යන වචන දෙකම හෝ ඉන් එකක් හෝ ඊට බලපාන්නට ඇතැයි පිළිගැනේ. සොයිසා යැයි කී විට ලංකාවේ කාටත් සිහිවන නගරය මොරටුවයි.

අල්මේදා – අරාබි මූලය – ‘අල් මයිද‌ා’ (Al Maida) අර්ථය – කලක් ඉස්ලාමීය ආක්‍රමණයට යට වී සිටි ස්පාඤ්ඤයේ එක් නගරයක් අරාබින් විසින් හඳුන්වනු ලැබූයේ ‘අල් මයිදා’ යනුවෙනි. එහි අර්ථය ‘සානුව’ යනුය. ‘අල්මේයිදා’ ලෙස ස්පාඤ්ඤකරණයට ලක් වූ මේ පෙළපත් නාමයෙන් එම නගරයේ වැසියන් හඳුන්වනු ලැබීය. මෙම පෙළපත් නාමය ලංකාවේදී භාවිත වන්නේ ‘අල්මේදා’ වශයෙනි. ලංකාවට ගොඩබට ප්‍රථම පෘතුගීසි කප්පිත්තා වූයේ ලොරෙන්සෝද අල්මේදාය.

කබ්රාල් – ලතින් මූලය: Capralis (කප්‍රාලිස්)අර්ථය: එළුවන් ලගින තැන – මේ පෙළපත් නාමය එළුවන් බලාගන්නා පුද්ගලයෙකු හැඳින්වීමට යොදා ගත්තා විය හැකිය. ලංකාවේදී මෙය ‘කබ්රාල්’ ලෙස භාවිතවේ.

කොරයා – Cora (කෝරා) අර්ථය – හදවත ලතින් මූලය – Cora (​ෙකාරෙයා) අර්ථය – ලතින් බසින් කොරියානු රාජ්‍යය හැඳින්වීමට යෙදෙන මේ යෙදුම හැරෙන්නට මෙම පෙළපත් නාමය සාධාරණීකරණය සඳහා සොයාගැනීමට අපට සොයාගත හැකි එකම සාධාරණ වචනය වන්නේ ‘හදවත’ යන අරුත දෙන ‘Cora’ (කෝරා) යන්නය. මේ අනුව ‘හෘදයාංගම’ වැනි අරුතකින් Cora (කෝරා) යන්න කොරයා’ ලෙස සකසාගත්තේදැයි කල්පනා කළ හැක.

පැස්කුවල් – පෘතුගීසි මූලය: Pascoa අර්ථය – පාස්කුව (පාස්කු මංගල්‍යය) අර්ථය: මෙම නාමය ‘පාස්කු මංගල්‍යය හා සබැඳි අරුතක් ගෙන එයි. ක්‍රිස්තියානින්ගේ ඉහළම තලයේ මංගල්‍යය නත්තල නොව පාස්කුවයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය සමරන පාස්කු මංගල්‍යය නත්තලට වඩා වැදගත් මංගල්‍යය වෙයි. පැස්කුවල් යන පෙළපත් නාමය Pascoa (පාස්කොආ) යන පෘතුගීසි යෙදුම හා බැඳෙන බව මෙසේ තහවුරු වේ.

පෘතුගීසි ආභාසයෙන් මෙරටට ලැබුණු පෙළපත් නාම පිළිබඳ මා කළ විමර්ශනය ඵලදායක වී යැයි කල්පනා කරමි. එසේම තම පෙළපත් නාමය පිළිබඳ සැබෑ තතු දැන ගැනීම බොහෝ දෙනෙකුගේ සතුටට හේතුවිය හැකියැයි හඟීමි. එහෙත් මේ පෙළපත් නාම පිළිබඳ තවත් වෙනස් අර්ථකථන ද තිබීමට ඉඩ ඇත. තවත් එබඳු අධ්‍යයනයන් වේ නම් ඒවාත් මේ මොහොතේ කරළියට පැමිණේවායි පතමි.

උපුටා ගත්තේ-hodamagossip