තමන්ව මහා කෝටිපතියෙක් කර අවසන්ගමන් ගිය තමන් ඇතිකරපු ගවයාට අවුරුදු 37ක් තිස්සේ මේ මනුස්සයා කරපු දේ ඔබත් විශ්මයට පත්වේවි

තමාගේ ව්‍යාපාරික කටයුතුවලට අත දෙමින් තමාව සමාජයේ යහපත් පුරවැසියකු කිරීමට අතදුන් ගවයකු වෙනුවෙන් එම සතා මියගිය දින සිට මේ දක්වා වසර 37ක් තිස්සේ මහා සංඝරත්නය නිවෙසට වැඩමවා දානමය පින්කම් සිදුකරන දුර්ලභ ගණයේ අයකු පිළිබඳ පුවතකි මේ.

ඔහු නමින් සුනිල් ඇලෙක්සැන්ඩර්ය. කොට්ටරාමුල්ලේ ඔහු පදිංචිව සිටී. සුනිල් මහතා අද මහා පරිමාණයේ ව්‍යාපාරිකයකු වුවද ඔහු මෙයට වසර 45කට පමණ පෙර දුප්පත් අසරණයෙක්ව සිටි බව ඔහු කියා සිටී. ගොන් බැඳි කරත්තයෙන් ව්‍යාපාරික දිවිය ඇරැඹූ ඔහු අද වාහන රැසක හිමිකරුවකු වුවද තමාට සිය අතීතය අමතක වී නොමැති බව ඔහු කියා සිටී.

තම කරත්තය බඳින තිරිසන් ගවයාට දෙවියකු ලෙස සලකා එම සතාට දරුවකු සේ ආදරය කළ සුනිල් මහතා එම සතා හැඳින්වූයේ හඳයා නමැති සුරතල් නමකිනි. තමාව යහපත් පුරවැසියකු හා දානපතියකු කිරීමට වෙහෙසුණු මෙම ගවයාට තිරිසනකු ලෙස නම් කිරීමටද අකැමැත්තක් දක්වන සුනිල් මහතාගේ ජීවිතයේ වේදනාත්මක දිනය එම සතා මියගිය දිනය බව ඔහු පවසන්නේ තම දෙනෙත් කඳුළින් පුරවාගෙන යැයි කිවහොත් කිසිවකු පිළිනොගන්නවා විය හැකිය.

හඳයා මියගිය දිනයේ තරම් තමා දුක්වූ තවත් දිනක් නැතැයි කියන සුනිල් එම සතාට පින්පතා එම දේහයට අවසන් කටයුතු හා ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු එදින සිට සෑම වසරකම වසරේ අවසාන පුරපසළොස්වක පොහෝ දින මහා සංඝරත්නය නිවෙසට වැඩමවා පිරිත් සඡ්ඡායනය කොට ධර්ම දේශනා පවත්වා ගම්වාසීන්ගේද සහාය ඇතිව එම සතාට පින්දෙමින් දානමය පින්කමක් සිදුකරන අතර ලබන මස 3වැනිදා සිදුකරන්නේ 37 වැනි පින්කමයි.

තම නිවෙස අසල පිහිටි කොට්ටරාමුල්ල ඉසිපතනාරාම විහාරස්ථානයේද එදින එම ගවයා වෙනුවෙන් ධර්ම දේශන හා ආගමික වතාවත් සිදුකරන අතර උපාසක උපාසිකාවන්ට හා ගම්වාසීන්ට දානය බෙදා දී තෑගි බෝගද ලබා දෙන සුනිල් මහතා දහම් පාසල් දරුවන්ටද පොත්පත් බෙදා දෙයි.

තමන් දිනපතා හරි හම්බ කරන දෙයින් සුළු මුදලක් දිනපතා ඉතිරි කරමින් මෙම මහා පින්කමට සූදානම් වන සුනිල් ඇලෙක්සැන්ඩර් මහතා රටට දැයට ආදර්ශවත් අයෙකි.

තමා හැදූ වැඩූ මවුපියන්ට පහරදී ගසා මරා දමන සමාජයක තිරිසන් සතකු වෙනුවෙන් මොහු කරන මේ පුණ්‍ය ක්‍රියාව තම ගමටත් රටටත් මුළු ලොවටත් උතුම් ආදර්ශයක් වී හමාරය.

තමන්ව මහා කෝටිපතියෙක් කර අවසන්ගමන් ගිය තමන් ඇතිකරපු ගවයා වෙනුවෙන් අවුරුදු 37ක් සතා වෙනුවෙන් දානය දෙන විශ්මිත මිනිසා

චීන ජෝඩු 100ක් කොළඹදී යුග දිවියට ඔලිම්පික් පදක්කම් ලාභීන් තිදෙනෙක් කෝට්ටේ රජ සමයේදී චීනයට පැහැරගෙන ගිය සිංහල රජෙකුගේ මුණුපුරෙකුත් ඒ අතර

එළැඹෙන දෙසැම්බර් 17 වැනිදා ශ්‍රී ලංකාවේ පැවත්වීමට නියමිත අපූරු විවාහයක් පිළිබඳව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ අණාවරණය කළේය.

මෙහිදී ඒ මහතා සඳහන් චීන- ශී‍්‍ර ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණ පෙරදැරිව කළේ චීන ජාතික යුවල 100කගේ විවාහ මංගල උත්සවය එළඹෙන දෙසැම්බර් 17 වැනි දින කොළඹ නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවය

ඊයේ (29) බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංය විසින් සංවිධානය කරනු ලබන මෙම රාජකීය විවාහ මංගල උත්සවය සඳහා ජනපති මෛතී‍්‍රපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිහ මහත්වරුන් සහභාගි වීමට නියමිතය.

මෙම අතිඋත්කර්ෂවත් රාජකීය විවාහ මංගල උත්සවයේදී චීන ජාතික තරුණ තරුණියන් 200ක් (යුවල 100ක්) ශී‍්‍ර ලාංකික සම්ප‍්‍රදායට අනුව එකම දිනකදී යුගදිවියට පිවිසෙනු ඇත.

මෙසේ එදිනට විවාහ වීම පිණිස මෙරටට පැමිණෙන චීන ජාතික තරුණ තරුණියන් කණ්ඩායම අතර ඔලිම්පික් පදක්කම් ලාභීන් තිදෙනෙක්ද සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම එම යුවල අතර කෝට්ටේ රජ සමයේදී චීනයට පැහැරගෙන ගිය සිංහල රජෙකුගේ මුණුපුරෙකුද සිටින බව වාර්තාවෙයි.අද වනවිට චීනය තුළ මෙම සිංහල කුමාරයාගෙන් පැවත එන පිරිසක් සිටින බවත් මනාලිය ඔවුන්ගෙන් එක් අයෙක් “බවත් අමාත්‍යවරයා පැවසීය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය සහ චින රජය මෙම රාජකීය විවාහ මංගල උත්සවය සංවිධානය කරනු ලබයි.

neth gossip

රටම කැළඹු අයහපත් කාලගුණය නිසා රටට සිදු වූ අවාසනාවන්ත ඉරණම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙනුත් රතු නිවේදනයක්

ගාල්ල ,හබරාදුව ප්‍රදේශවලට දැඩි සුළං තත්වයක් පවතින අතර ගාලු දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල විදුලිය බිඳ වැටී ඇත.පවතින අධික වර්ෂාවත් සමග දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඊයේ සවස මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිවාසවලට හා වාහනවලට දැඩි අලාබ හානි සිදුව ඇත.ධීවර ජනතාවට සහ නාවික ජනතාවට මුහුදු ගමන් වලදී විමසිලිවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවන අතර මෙම තත්වය ඉදිරි පැය 24 දක්වා බලාපොරොත්තු විය හැකි බවද ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

සුළංවලින් බේරීම සඳහා නිවෙස්තුළට වී සිටීම වඩාත් සුදුසු බවත් හැකි එළි මහනේ ගමන්කිරීම හානිදායක බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු කියා සිටියේ දැඩි සුළං පැවතිය ද එය සුළි සුළං තත්ත්වයක් නොවන බවයි.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගයෙක් මියගොස් තිබෙනවා.එසේම බදුල්ල මඩොල්සිම ප්‍රදේශයේදී යතුරු පැදියක් සහ ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩාවැටීමෙන් තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
ඔහු මඩොල්සිම මැටිගහතැන්නේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.
අම්බලන්ගොඩ කහව මුහුදු තීරයේ ධීවර කටයුතුවල නියැලෙමින් සිටි බෝට්ටුවක් පෙරලී යාමෙන් එහි ගමන්ගත් පුද්ගලයෙක්ද මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් තිබුණේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් බවටයි වාර්තා වන්නේ.

දැවැද්දට රුපියල් කෝටි 2700ක් දුන්නත් අදටත් කොල්ලෙක්ට සෙට් කරගන්න බැරිවුණු ලොව එකම කෙල්ල මෙන්න සෙට් කරගන්න කෙනාට හැමදේම දෙනවා

දැවැද්දට රුපියල් කෝටි 2700ක් දුන්නත් අදටත් කොල්ලෙක්ට සෙට් කරගන්න බැරිවුණු ලොව එකම කෙල්ල මෙන්න සෙට් කරගන්න කෙනාට හැමදේම දෙනවා

ඔබත් මේකට පොඩි උත්සාහයක් කර බලන්න ඔබටත් බැරිවෙන එකක් නැ මේක මුළු ලෝකෙටම විවුර්ථ දෙයක්

මේක කරපු මිනිසුන්ට හෙන ගහලත් මදි නේද මෙහෙම අපරාදයක් කලේ මොනවා ගන්නද රටම කම්පා කරමින් ඝාතනය කල දළ පූට්ටුවා ගේ සිරුර හමුවෙයි

රටම කම්පා කරමින් පසුගියදා ඝාතනය කෙරුණු ගල්ගමුවේ දළ පූට්ටුවා පිළිබඳව මුළු රටේම කතා බහට ලක්වුනා.

දින කිහිපයක් පුරාවටම මෙම හස්ථියාගේ සිරුර පිළිබඳව තොරතුරු සෙවූවද එය අසාර්ථක වුනා.

කෙසේ නමුත් පසුගියදා කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේදී සොයා ගැනුනු ඇත්දළ යුගලය සහ ගජමුතු කිහිපය ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බවට තහවුරු වීමත් සමඟ මේ පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්නට පරිසරවේදීන් විශාල උත්සාහයක් ගත්තා.

එම උත්සාහයන්වල ප්‍රථිපලයත් සමඟ අද පස්වරුවේ මෙම හස්ථියාගේ සිරුර සොයාගැනීමට හැකිවුනා.

එ කහල්ල පල්ලෙකැලේ , මොරගොල්ලාගම සොරොව් වැව ප්‍රදේශයේ දී. මීට පෙරද මෙම හස්ථියාට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා තිබූ අතර ඒ සඳහා ප්‍රතිකාර කල සළකුණු අනුව ඔහු දළ පූට්ටුවා බවට තහවුරු කරගත්තා.

ඉතා අමානුෂික ලෙස ඝාතනය කල මෙම හස්ථියාගේ ඡායාරූප පහතින්.

ශී‍්‍ර ලංකාවේ කාළගුණය අවදානම් තත්වයකට සුලි සුළං කුණාටු ගිගුරුම් සහිත වැසි කාලගුණ දෙපාර්තුමේන්තුවෙන් රටටම අනතුරු ඇඟවීමක් හැමෝම දැනුවත් කරන්න

මුහුදු යාමෙන් වලකින්නැයි ධීවර සහ නාවික ප්‍රජාවට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

දිවයින වටා මුහුදේ සුළං වේගය ඉහළ යාමේ අවධානමක් පවතින බවයි ඔවුන් නිවේදනය කළේ.

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වන විට දිවයිනට නිරිත දෙසින් පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

විශේෂයන් දකුණු සහ නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ විටින් විට හමන ඉතා තද සුලං (පැයට කිලෝ මීටර් 80 පමණ) බලාපොරොත්තු වනවා.

දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතම ස්ථාන වලට (මිලිමීටර් 150 වැඩි) ඉතා තද වැසි ඇති විය හැකියි.

අවනකුත් ප්‍රදේශවල ඇතම ස්ථානවලට (මිලිමීටර් 100 වැඩි) තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වනවා.

සුළඟේ වේගය විටක පැයට කිලෝ මීටර් 90-100 දක්වා වැඩි විය හැකියි.

දිවයින ආශ්‍රිත මුහුද ඉතා රළු විය හැකි බැවින් මුහුදු යාමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවර ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අධික වර්ෂාවත් සමග මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල හා ඇල්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නිකුත් කළ නාය යාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් කොත්මලේ ජලාශ්‍රයේ වාන් දොරටුවක් විවෘත කෙරේ.

ඔහිය හා ඉදල්ගස්හින්න අතර පස් කඳු කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් නානුඔය දක්වා සීමා කෙරේ.

දිවයින ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි බව ය.

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං හැකි විය හැකි අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර 70-80 දක්වා වැඩි විය හැකි ය.

මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට විමසිලිමත්ව සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර අද පස්වරුවේ දිවයින පුරා තද වැසි සහ විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක්ද අද විවෘත කළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.

මේ අතර මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර ඇති නාය යාම් අනතුරු ඇගවීම අද මධ්‍යහ්න 12 ට ඉදිරි පැය 12 ක කාලය සඳහාත් දීර්ඝ කළ බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක මෙන්ම කොළඹ ප්‍රදේශ කිහිපයකට ද බලපා ඇති තද සුළං නිසා ගස් කඩාවැටීම් රැසක් වාර්තා වී තිබේ.

තද සුළඟින් ගස් කඩා වැටීම නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇනහිට ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. මේ නිසා දුම්රිය මගීහු රැසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති. මේ වන විට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය තුනක් අතර මඟ නවතා ඇතැයි දැනගන්නට ඇත.

ප්‍රදේශ රැසකින්ම විදුලිය ඇනහිටීම් වාර්තා වේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය ද අඩාල වී ඇත.

හෙට දිනයේද තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

දෑස නොපෙනෙන පුංචි අදීප චාමරගේ සින්දුවක් කිව්ව නිසා මනුස්සකම දන්නා චාමර අදීප වෙනුවෙන් බුකියේ පලකල සංවේදී සටහන මෙන්න

චාමර වීරසිංහ කියන්නේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති නිහතමානි සුපිරිම ගායකයෙක්.  ඔහු තමන්ගේ මුහුණු පොතේ සංවේදී සටහනක් පල කර තිබුණා.ඒ සිරස ජුනියර් සුපර් ස්ටාර් තරඟයේ තරඟ වැදුණු පුංචි අදීප කිව්ව සිංදුවක් නිසා..මෙන්න ඒ පල කල සංවේදී සටහන පහතින්.

පහතින් ඔහු පල කල එම සටහන.උපුටා ගැනීම චාමර වීරසිංහ ගායකයාගේ මුහුණු පොතෙන්.

” පුතේ මට ගොඩක් සතුටුයි ඔයා මගේ ගීතයක් තෝර ගත්තට.ඒ වගේම මට ගොඩක් අඩම්බරයි පුතේ මේ පුන්චි රටේ ඔයාල වගේ වටින සම්පත් බිහි වෙලා ඉන්න එක ගැන.ඔයගෙ අම්මට තාත්තට ගොඩක් පිං මේ වගේ රටක් වටින දරුවෙක් මේ ලෝකෙට බිහි කලාට.දෑස පෙනින අපි දකින ලෝකයට වඩා උඹ දකින ලෝකය සුන්දර ඇති පුතේ..දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ඔයාට..චාමර මාමා උබලට ගොඩක් ආදරෙයි…”

මුහුණු පොතේ සිටින යහළුවන් අතරේ 5000 වෙනි යාළුවා විවාහ කරගත් ලංකාවේ කවුරුත් නොදත් ජනප්‍රිය නිළිය මෙන්න කරපු දේ

ෆේස්බුක් කුමාරයා තමන්ගේම කර ගත්තා නේද?

ඔව්නේ. මම විවාහ වුණා. එයා මගේම වුණා.

මනමාලියක් වෙන්න දැකපු හීනය හැබෑ කර ගත්ත එක ගැන ගොඩක් සතුටින් නේද ඇත්තේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම අපේ විවාහ උත්සවය වෙනුවෙන් අපි ගොඩක් මහන්සි වුණා. ගොඩක් බාධාවනුත් ආවා. හැබැයි හැමදේම පරාජය කරලා අපි ජය ගත්තා.

මොනවද ඔච්චරටම ආපු බාධා?

විවාහ උත්සවයේ සංවිධාන කටයුතුවලට තමයි යම් යම් බාධා ආවේ. හැබැයි ඉතින් වෙඩින් එකට ආපු ගොඩක් අය කිව්වා ලස්සනට තිබ්බ වෙඩින් එකක් කියලා.

Pre Shoot එක දවසේ මහ රෑ කඩවල්වලට රිංගුවා කියලත් ආරංචියි?

ඇත්තටම Pre Shoot එක තියෙන දවසට කලින් දවසෙත් රෑ හත වෙනකල්ම අපි Pre Shoot එකට අඳින්නේ මොනවද කියලාවත් තීරණය කරලා තිබුණේ නෑ. චමිල් උදයංග රෑ අටට විතර මට ඇඳුම් දෙකක් මහලා දුන්නා. රෑ ‍දොළහට විතර මගේ යාළුවෙක්ගේ කඩයක් ඇරලා, තමයි සුමාල්ගේ ඇඳුම් ගත්තේ. කොහොම වුණත් Pre Shoot එක ලස්සනට තිබ්බා.

ආදරේ කරපු කෙනා ජීවිතයට එකතු කර ගත්ත නිසා දැන් නිලුක්ෂිගේ ජීවිතේ සම්පූර්ණයිද?

සම්පූර්ණයිම කියලා කියන්න බෑ. අපි හිටියේ රටවල් දෙකක. අපිට ගොඩක් ආශ්‍රය කරන්න ලැබුණේ නැහැ. ඉතින් පුංචි පුංචි නොගැළපීම් ජීවිතේ තියෙන්න පුළුවන්. ඒවා හදාගෙන ජීවිතේ සතුටින් ඉද්දී ජීවිතේ තව තවත් සම්පූර්ණ වෙයි කියලා හිතනවා.

විවාහයෙන් පස්සේ ලංකාවෙන් යනවා කියලත් ආරංචියි?

ඔව්. මේ මාසේ අන්තිම විතර වෙද්දී අපි දෙන්නම ලංකාවෙන් යනවා. හැබැයි ඉවර කරන්න බැරි වුණ වැඩ ටික කරලා තමයි යන්නේ.

විවාහ වුණු ගමන් නිලුක්ෂි ආයෙත් කාර්යබහුල වෙනවාට සුමාල් කැමැතිද?

එයා මගේ වැඩ කටයුතුවලට බලපෑම් කරන්නේ නැහැ. එයා ඒ දේවල් තේරුම් අරගෙන ඉන්නේ. මගේ වැඩවලට එයාගෙන් හොඳ සහායක් ලැබෙනවා.

ලංකාවෙන් යන්නේ ඉතාලියේ නවතින්නමද?

නෑ… නෑ. . අවුරුදු දෙකකින් විතර ආයෙත් ලංකාවට එනවා.

එච්චර කාලයක් රංගනයෙන් ඉවත් වෙලා ඉන්න දුකක් නැද්ද?

ලංකාවේ අය ඉතාලියෙත් ඉන්නවා. ලංකාවේ ටෙලි නාට්‍ය, වැඩසටහන් ඉතාලියෙත් කෙරෙනවා. ලංකාවෙන් යන්න කලින්ම ඒ වගේ වැඩ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙන්නේ. ඒ නිසා මට ඒ කාලය ලංකාවෙන් දුරස් වෙලා කියලා දැනෙන එකක් නැහැ. ඒ වගේම එහෙදි මම සැලෝන් එකක් පටන් ගන්නත් හිතාගෙන ඉන්නවා.

ව්‍යාපාරික බිරියක් වෙන්නද ලෑස්ති වෙන්නේ?

ඇත්තටම මම කැමැති නැහැ. ගෙදරට වෙලා නිකන් ඉන්න. සැලෝන් එකක් කරන එක මම ආසාවෙන් හිටපු දෙයක්.

නිලුක්ෂි සල්ලිකාරයෙක් අල්ලගෙන කියලත් සමහරු කියන්න පටන් අරගෙන?

නිළියෝ සල්ලිකරයෝ බඳිනවා කියලා සමහරු කියනවා මට ඇහිලා තියෙනවා. හැබැයි සුමාල් කියන්නේ ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. මමත් සල්ලි පස්සේ යන නිළියක් නෙවෙයි. සල්ලි කියන දේ මම ලොකු කරගෙන නැහැ. මට පොළවේ පය ගහලා ඉන්න හොඳ කෙනෙක් ලැබිලා ඉන්නවා.

ඒ කියන්නේ සුමාල්, නිලුක්ෂිගේ හොඳම තෝරා ගැනීමද?

අනිවාර්යයෙන්ම. එයා තමයි මගේ හොඳම තෝරා ගැනීම.

බිරියක් වුණ නිලුක්ෂි මවක්වෙන හීනයට කල් දානවද?

ඇත්තටම තාම ඒ ගැන හිතලා නැහැ. සුදුසු කාලේ ඒ ගැනත් හිතන්න ඕන.

සුමාල් රතුගමගේ. තනිකඩ ජීවිතේට සමුදීලා පටන් ගත්ත අලුත් ජීවිතේ කොහොමද සුමාල්?

අලුත් ජීවිතේ පටන් ගත්තා විතරයි. තනිකඩ ජීවිතේට සමුදීලා දැන් තවත් කෙනෙක් ජීවිතේට එකතු වෙලා. ඉතින් ආදරෙන් හැමදාමත් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

සුමාල් වැඩි කාලයක් හිටියේ විදේශ ගතව. ඇයි නිලුක්ෂිව ජීවන සහකාරිය විදියට තෝරා ගත්තේ?

නිලුක්ෂි කියන්නේ ගොඩක් සංවේදී කෙනෙක්. මට ගැහැණු ළමයින්ව මුණගැහිලා තියෙනවා. හැබැයි නිලුක්ෂි එක්ක කතා කරද්දි මට එයා ගැන ලොකු වෙනසක් දැනුණා. ඒ වෙනස ආදරයකට පෙරලුණා.

ඔය ආදර කතාවට ආරම්භය තියන්න ඇත්තේ සුමාල්මනේ. ඒ ආදර කතාවේ මුලට යන්න අකැමැති නැතිව ඇතිනේ?

අපි දැන හඳුනා ගත්තේ ෆේස්බුක් එකෙන්. මම නිලුක්ෂිට රික්වෙස්ට් එකක් දාලා තිබුණා. ඒ වෙනකොට එයාගේ අකවුන්ට් එකේ යාළුවෝ හාරදහස් නවසිය අනූනවයක් හිටියා. මම තමයි එයාගේ පන්දහස් වෙනි යාළුවා. අපි ඉතින් යාළුවො විදියට කතාබහ කළා. පස්සේ තමයි අපේ යාළුකම ආදර කතාවක් වෙන්නෙ.

කතාබහ කරලා තිබ්බට සුමාල්ට නිලුක්ෂි මුණ ගැහෙන්නෙ කාලෙකට පස්සෙ. ඒ මුණ ගැහුණේ සුමාල් ඇත්තටම බලාපොරොත්තුවෙන් හිටපු නිලුක්ෂිමද?

ඔව්. මම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ කෙනෙක් මට ලැබුණේ. මොකද අපි ඒ වෙනකොට වීඩියෝ කෝල්ස්වලින්වත් කතා කරලා තිබ්බේ නෑ. ෆොටෝ විතරයි දැකලා තිබ්බේ. ඇත්තටම එයාව දකිද්දි මම ගොඩක් සතුටු වුණා.

සුමාල්ගේ තෝරා ගැනීමේදී නිලුක්ෂි නිළියක් කියන එක ප්‍රශ්නයක් වුණේම නැද්ද?

නැහැ. මම ඉතාලියේ හිටියට ලංකාවේ තත්ත්වය හොඳට දන්නවා. මම යුරෝපයට ගිහින් අවුරුදු විසිතුනක් වෙනවා. නිලුක්ෂි හොඳ කෙනෙක්. ඉතින් නිලුක්ෂිට නීති රීති දාන්නත් මට ඕන වුණේ නැහැ. එයා එක්ක කතාබහ කරද්දී මට එයාව තේරුම් ගන්න පුළුවන් වුණා.

සුමාල්ගේ තීරණයට පවුලේ අයගෙන් බාධාවක් තිබ්බේ නැද්ද?

මගේ අම්මා තාත්තා මාත් එක්ක ඉන්නේ යාළුවෝ වගේ. එයාලා කැමැති වුණේ මගේ සහකාරිය මමම තෝරා ගන්නවට. මටත් ඕන වුණේ මගේ පවුලේ අයටත් ආදරේ කරන එයාලට සලකගෙන ඉන්න පුළුවන් කෙනෙක්. ඉතින් මට ඒ කෙනා ලැබුණා.

පෙම්වතිය වෙලා හිටපු නිලුක්ෂි බිරියකගේ වගකීම් හරියටම ඉෂ්ට කරනවාද?

ඔව්. එයා ඒ දේවල් හැමදේම හොයලා බලලා ඉෂ්ට කරනවා. එයා හොඳ බිරියක් වෙයි.

සුමාල් නිලුක්ෂිව ලංකාවෙන් එක්ක ගිහින් එහේම තියා ගනියිද?

මම සෑහෙන කාලයක් විදේශගතව හිටියා. දැන් එහේ හිටියා ඇති. උපරිම අවුරුදු දෙකක් විතර ඉඳලා ආයෙත් ලංකාවට එන්න තමයි කැමති. නිලුක්ෂි මම කියන ඕන දේකට කැමැතියි. නමුත් මම කැමැතියි ලංකාවට එන්න.

ලංකාවේ අය ඉතාලියෙත් ඉන්නවා. ලංකාවේ ටෙලි නාට්‍ය, වැඩසටහන් ඉතාලියෙත් කෙරෙනවා. ලංකාවෙන් යන්න කලින්ම ඒ වගේ වැඩ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙන්නේ. ඒ නිසා මට ඒ කාලය ලංකාවෙන් දුරස් වෙලා කියලා දැනෙන එකක් නැහැ. ඒ වගේම එහෙදි මම සැලෝන් එකක් පටන් ගන්නත් හිතාගෙන ඉන්නවා.

ව්‍යාපාරික බිරියක් වෙන්නද ලෑස්ති වෙන්නේ?

ඇත්තටම මම කැමැති නැහැ. ගෙදරට වෙලා නිකන් ඉන්න. සැලෝන් එකක් කරන එක මම ආසාවෙන් හිටපු දෙයක්.

නිලුක්ෂි සල්ලිකාරයෙක් අල්ලගෙන කියලත් සමහරු කියන්න පටන් අරගෙන?

නිළියෝ සල්ලිකරයෝ බඳිනවා කියලා සමහරු කියනවා මට ඇහිලා තියෙනවා. හැබැයි සුමාල් කියන්නේ ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. මමත් සල්ලි පස්සේ යන නිළියක් නෙවෙයි. සල්ලි කියන දේ මම ලොකු කරගෙන නැහැ. මට පොළවේ පය ගහලා ඉන්න හොඳ කෙනෙක් ලැබිලා ඉන්නවා.

ඒ කියන්නේ සුමාල්, නිලුක්ෂිගේ හොඳම තෝරා ගැනීමද?

අනිවාර්යයෙන්ම. එයා තමයි මගේ හොඳම තෝරා ගැනීම.

බිරියක් වුණ නිලුක්ෂි මවක්වෙන හීනයට කල් දානවද?

ඇත්තටම තාම ඒ ගැන හිතලා නැහැ. සුදසු කාලේ ඒ ගැනත් හිතන්න ඕන.

සුමාල් රතුගමගේ

තනිකඩ ජීවිතේට සමුදීලා පටන් ගත්ත අලුත් ජීවිතේ කොහොමද සුමාල්?

අලුත් ජීවිතේ පටන් ගත්තා විතරයි. තනිකඩ ජීවිතේට සමුදීලා දැන් තවත් කෙනෙක් ජීවිතේට එකතු වෙලා. ඉතින් ආදරෙන් හැමදාමත් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

සුමාල් වැඩි කාලයක් හිටියේ විදේශ ගතව. ඇයි නිලුක්ෂිව ජීවන සහකාරිය විදියට තෝරා ගත්තේ?

නිලුක්ෂි කියන්නේ ගොඩක් සංවේදී කෙනෙක්. මට ගැහැනු ළමයින්ව මුණගැහිලා තියෙනවා. හැබැයි නිලුක්ෂි එක්ක කතා කරද්දි මට එයා ගැන ලොකු වෙනසක් දැනුණා. ඒ වෙනස ආදරයකට පෙරළුණා.

ඔය ආදර කතාවට ආරම්භය තියන්න ඇත්තේ සුමාල්මනේ. ඒ ආදර කතාවේ මුලට යන්න අකැමැති නැතිව ඇතිනේ?

අපි දැන හඳුනා ගත්තේ ෆේස්බුක් එකෙන්. මම නිලුක්ෂිට රික්වෙස්ට් එකක් දාලා තිබුණා. ඒ වෙනකොට එයාගේ අකවුන්ට් එකේ යාළුවෝ හාරදහස් නවසිය අනූනවයක් හිටියා. මම තමයි එයාගේ පන්දහස් වෙනි යාළුවා. අපි ඉතින් යාළුවො විදියට කතා බහ කළා. පස්සේ තමයි අපේ යාළුකම ආදර කතාවක් වෙන්නෙ.

කතා බහ කරලා තිබ්බට සුමාල්ට නිලුක්ෂි මුණ ගැහෙන්නෙ කාලෙකට පස්සෙ. ඒ මුණ ගැහුණේ සුමාල් ඇත්තටම බලාපොරොත්තුවෙන් හිටපු නිලුක්ෂිමද?

ඔව්. මම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ කෙනෙක් මට ලැබුණේ. මොකද අපි ඒ වෙනකොට වීඩියෝ කෝල්ස්වලින්වත් කතා කරලා තිබ්බේ නෑ. ෆොටෝ විතරයි දැකලා තිබ්බේ. ඇත්තටම එයාව දකිද්දි මම ගොඩක් සතුටු වුණා.

සුමාල්ගේ තෝරා ගැනීමේදී නිලුක්ෂි නිළියක් කියන එක ප්‍රශ්නයක් වුණේම නැද්ද?

නැහැ. මම ඉතාලියේ හිටියට ලංකාවේ තත්ත්වය හොඳට දන්නවා. මම යුරෝපයට ගිහින් අවුරුදු විසිතුනක් වෙනවා. නිලුක්ෂි හොඳ කෙනෙක්. ඉතින් නිලුක්ෂිට නීති රීති දාන්නත් මට ඕන වුණේ නැහැ. එයා එක්ක කතාබහ කරද්දී මට එයාව තේරුම් ගන්න පුළුවන් වුණා.

සුමාල්ගේ තීරණයට පවුලේ අයගෙන් බාධාවක් තිබ්බේ නැද්ද?

මගේ අම්මා තාත්තා මාත් එක්ක ඉන්නේ යාළුවෝ වගේ. එයාලා කැමැති වුණේ මගේ සහකාරිය මමම තෝරා ගන්නවට. මටත් ඕන වුණේ මගේ පවුලේ අයටත් ආදරේ කරන එයාලට සලකගෙන ඉන්න පුළුවන් කෙනෙක්. ඉතින් මට ඒ කෙනා ලැබුණා.

පෙම්වතිය වෙලා හිටපු නිලුක්ෂි බිරියකගේ වගකීම් හරියටම ඉෂ්ට කරනවාද?

ඔව්. එයා ඒ දේවල් හැමදේම හොයලා බලලා ඉෂ්ට කරනවා. එයා හොඳ බිරියක් වෙයි.

සුමාල් නිලුක්ෂිව ලංකාවෙන් එක්ක ගිහින් එහේම තියා ගනියිද?

මම සෑහෙන කාලයක් විදේශගතව හිටියා. දැන් එහේ හිටියා ඇති. උපරිම අවුරුදු දෙකක් විතර ඉඳලා ආයෙත් ලංකාවට එන්න තමයි කැමති. නිලුක්ෂි මම කියන ඕන දේකට කැමැතියි. නමුත් මම කැමැතියි ලංකාවට එන්න.

පොඩිවට පටන් අරගෙන මහාපරිමානෙන් කරන්න පුළුවන් කවදාවත් වැටෙන්නේ නැති සුපිරිම බිස්නස් 6ක් මෙන්න ඔබත් කියවලාම බලන්න

මේක ව්‍යාපාරික ලෝකයත් එක්ක බැඳිච්ච කතාවක්. මම ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ මුකුත් හදාරලා නෑ. හැබැයි නිකං ඉන්න වෙලාවක හිතිච්ච දෙයක්. බුදුන්වහන්සේගේ කාලයෙත් නොකළයුතු ව්‍යාපාර කියලා කොටසක් තිබ්බා. හැබැයි දැන් මේ කියන්න යන ව්‍යාපාර එකක්වත් එහෙම නොකළයුතු ඒවා නෙමෙයි. කෝටිගානක ප්‍රාග්ධනයක් යොදවන්න ඕනෙ ඒවත් නෙමෙයි. හැම එකක්ම එකකට එකක් සම්බන්ධයි. ඒක හින්ද සමූහ ව්‍යාපාරයක් විදිහටත් කරන්න පුළුවන්. මේවා නරකම නෑ. ඒත් ඉතින් නොකරත් බෑ. ඒකයි මේකෙ තිෙයන වෙනස.

දැන් අපි ව්‍යාපාර එක එක අරන් බලමු.

ව්‍යාපාරය 1 – කෙටි කෑම කඩයක්

දැන් මිනිසුන් ඉතාම කාර්යබහුලයි. හුස්ම ගන්න පමණක් වේලාව ඇත. අනිත් හැම වෙලාවම හම්බ කිරීම පිණිස යොදාගනී. ඉතින් කෑම පිසීම ගැන වගක් නැත. ඔවුහු කඩ වලින් කෑම කති. නමුත් හැම කඩයෙන්ම කෑම නොකති. රසවත් කෑම ඇති කඩවලින් කෑම කති. ඉතින් කෑම රසවත් වීමට අහිතකර රසකාරක, අහිතකර තෙල් වර්ග දැමිය යුතුය. බොහෝ ක‍ෙටි කෑමකඩවල්වල කෑම රසවත් වීමත් කඩේ ඉදිරිපස පිරිසිදු වීමත් හැර වෙන යමක් නැති නිසා ව්‍යාපාරය සාර්ථක වේ.

ව්‍යාපාරය 2 – රූපලාවන්‍යාගාරයක්

මිනිසුන්ට (ගැහැනුන්ට) ලස්සන වීමට අවශ්‍යය. මඟුල් ගෙදරකට, කාර්යාලයට දමන මේකප් දැමිය නොහැක. ඒකට බියුටීෂන් කෙනෙක් ඕනෑය. යසට තියන ඇහිබැම ත්‍රෙඩින් කළයුතුය. වැක්ස් කළ යුතුය. ෆේෂල් කල යුතුය. රීබොන්ඩ් කළ යුතුය. මෙසේ අසූ කෙලක් දෑ කළ යුතුය. (සමහරුන්ට ඩයි කරන්නද ඕනෑය). මේවා ගෙදර ඉන්න මනුස්සයාට කළ නොහැක. එබැවින් රූපලාවන්‍යාගාරයක පිහිට පැතිය යුතුය. මේ ව්‍යාපාරය ද කිසිදා කඩා නොවැටෙන්නක් වන්නේ මේ නිසාය.

ව්‍යාපාරය 3 – ඖෂධ ශාලාවක් හෝ පෞද්ගලික රෝහලක්

මෙම ඖෂධ ශාලාව ආයුර්වේද එකක් නම් තවත් හොඳය. ඉහත සඳහන් ව්‍යාපාර දෙකේ අැතැම් සේවාලාභියෝ මෙහි අනිවාර්ය සේවය ලබන්නෝ වෙති. කෙටිකෑම කඩයෙන් වස විස කා, රූපලාවන්‍යාගාරයකින් වැරැද්දක් වූ පසු ඔවුන්ට මෙම ව්‍යාපාරය හැර අන් ව්‍යාපාරයක පිහිටක් නොමැත. වර්තමානයේ වෛද්‍යවරයාට සුදුසුකම් ඇතිවුවත් නැති වුවත් ලෙඩ්ඩු ඕනෑතරම් සිටිති. අනික දැන් පෞද්ගලික රෝහලකට බිල මුද්‍රණය කරන මැෂින් එකක් පමණක් සෑහේ. (අනෙකුත් වෛද්‍ය උපකරණ අත්‍යාවශ්‍ය නැත)

ව්‍යාපාරය 4 – ඖෂධ හලක්

තේරෙන සිංහලෙන් කියනවා නම් ෆාමසියක්. ඉහත ඔක්කොම ලෙඩවලට බෙහෙත් ගත යුතුය. ඒ සඳහා විකුණුම් සේවාවක් තිබිය යුතුය. මේ සඳහා සේවාලාභීන් නොමැති වීමට ලෙඩ නැති මිනිස්සු සිටිය යුතුය. ඉහත ව්‍යාපාර වල සේවා දායකයන්ගේ හිඟයක් නොමැති නිසා මෙම ආයතන ද දිගුකල් වැජඹෙන ව්‍යාපාරයකි.

ව්‍යාපාරය 5 – ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ ආයතනයක්

අැතැම් ව්‍යාපාර අංක 1-2න් සේවා ලබාගන්නා සේවාදායකයා ව්‍යාපාර අංක 3 වෙත එන්නේ සුවකළ නොහැකි පිළිකා බඳු ලෙඩ සාදාගෙනය. ඉතින් බෙහෙත් ගත් පසු සුව නොවන තැන්වලදී ඔවුන් සොයන්නේ තමන්ගේ ග්‍රහචාරයයි. ඉතින් මීළඟ හොඳම ව්‍යාපාරය වන්නේ මෙයයි.

ව්‍යාපාර 6 – මල් ශාලාවක්

සේවාලාභීන් අවසානයේ පැමිණිය යුත්තේ මෙම ස්ථානයටයි. හැමදේටම සෝබන ඇති නිසා මෙම ව්‍යාපාරය ද යහතින් කරගෙන යා හැකිය.

ව්‍යාපාර ගැන කිසිම අවබෝධයක් නැති මම, හිතට ආවට ලියන දේ ඔබගේ විචාර බුද්ධියෙන් සිතා දියුණුව ළඟා කරගන්නේ නම් මැනවි.