ලිහිනිගේ ඇග අල්ලන්න ලිහිණි ලගට ගිය පෙෂලට වුනු ලැජ්ජාව මෙන්න කැමරාවෙන් රටටම පෙන්වයි ශානිකා පෙෂලව චාටර්ම කරයි

ලිහිණි ලඟට ගිය පේෂලට වුණු වස ලැජ්ජාව මෙන්න ශානිකා පෙෂලව චාටර්ම කරයි අවසානයේ කරගන්න දෙයක් නැතුව පේෂල මගහැරපු හැටි

 

වැස්ලින් වලට මේ ද්‍රව්‍ය දෙක මිශ්‍ර කරලා ආලේප කරන්න ඔබටම පුදුම හිතෙයි ඔබේම වෙනස දැකලා

ගොඩක් කාන්තාවන් කැමති ලස්සන වෙන්න..ඉතින් මේ නිසා නොයෙක් නොයෙක් දේවල් භාවිතා කරලා ලස්සන වෙන්න කාන්තා හැමෝම කැමති ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ වැස්ලින් වලට මේ ද්‍රව්‍ය දෙක මිශ්‍ර කරලා ආලේප කරන්න…..ඔබට හිත ගන්න බැරි වෙනසක් ලැබෙයි

Junior Super Star පෙරළිකාර ඉරණම වටයේදී කිසිවෙකු නොසිතූ අති විශිෂ්ට ගායනයක් හමුවෙයි මේ බලන්නකෝ ඇත්තටම සුපිරි

ඊයේ දිනයේ පැවතී Junior Super Star පෙරළිකාර ඉරණම තීරණාත්මක වටයේදී අවසන් වයට තවත් ය තොර ගැනීමට කටයුතු කලා. එහිදී ගයන තරු වේදිකාවෙන් තීරණය අවාසනාවන්ත ලෙස සිදී උවත් තරග බිමට නැවත පැමිණෙන්න වාසනාව එක සුපිරි ගායිකාවකට හැකියාව ලැබුනා.

බිම්පලශ්‍රී එක එක ආකාරයෙන් මේ ගිතය ගයනා කරන ලද ඉතා අපහසු ගීතයක් ගයන කරමින් තරගකාරිය ඊලග වටයට විනිසුරුවන්ගේ තිදෙනාගේම අවදානය දින ගනිමින් අවසන් වට්ටයට තේරී පතත් වුනා

නත්තල සමරන්න රාජ්‍ය සේවකයන්ට බෝනස් ලැබෙන්නේ මෙහෙමයි.අගමැතිගෙන් රටටම සුපිරි බෝනස් එකක් මෙන්න කියවලාම දැනගන්න

අවුරුද්ද අන්තිම වෙද්දි ජොබ් කරන හැමෝම බලන් ඉන්නේ බෝනස් ලැබෙනකන්. සමහරුන්ට අත කට පිරෙන්න බෝනස් ලැබුනට සමහරුන්ට නම් පඩියෙන් විතරක් සැනසෙන්න වෙනවා. එ් වුනත් රාජ්‍ය සංස්ථා සහ රජයේ සමාගම්වල සේවකයින්ට නම් ඊයේ සුභ අාරංචියක් ලැබුණා.

එ් තමයි මුදල් අැමතිතුමා ඔවුන්ට බෝනස් දෙන්න තීරණය කරලා තියෙනවා. රුපියල් 15,000 ක උපරිමයක ඉඳලා රුපියල් 3,000 ක අවමයක් දක්වා කණ්ඩ 4 ක් යටතේ ඔවුන්ට බෝනස් ලැබෙනවා. ගිය අවුරුද්දේ පාඩු ලබලා මේ අවුරුද්දේ ලාබ ලබපු අායතනවල සේවකයන්ට රුපියල් 13,500 ක බෝනස් එකක් දෙනවලු.

ගිය අවුරුදදේ පාඩු ලැබුවත් මේ අවුරුද්දේ පාඩුව අඩු කර ගත්ත අයට රුපියල් 5,000 ක බෝනස් එක්ක ලැබෙනවා. හැබැයි ගිය අවුරුද්දෙත් පාඩු ලබලා මේ අවුරුද්දෙත් පාඩුව අඩු කරගන්න බැරිවුන අායතනවල සේවකයන්ට නම් බෝනස් ලැබෙන්නේ රුපියල් 3,000 ක් විතරයි.

බොලේ අතහැරියම මොකද්ද කරන්නේ කියලා මාලිගෙන් අහගන්න.අකිල නායකයා වෙලා තිසර උඩ පන්දු අත හැරියොත් මොනවා වෙයිද?

ඔබට මතකද ශ්‍රී ලංකා ක්‍රිකට්වල මේ වගේ කාලයක් තිබ්බා. සනත්ලා, කලූ ලා එකතු වෙලා ඉන්දියාවේ අභිමානය පිත්තෙන් සුනු විසුනු කරා. එ් දවස්වල ඉන්දීය ප්‍රේක්ෂකයෝ පවා සනත්ලට පුදුම අාදරයක් තිබ්බේ

හැබැයි දැන් අත්තනෝමතික සුදු පාලකයෝ නිසා දැන් ලංකාවේ ක්‍රිකට් වලට හෙනහුරා ලබලයි තියෙන්නේ. ඉන්දියාව එක්ක තිබ්බ පළවෙනි T 20 තරඟයේදී ඒ අපලයේ කූටප්‍රාප්තියට ලංකාව ලං වුණා. මෙච්චර දවසක් පරිස්සම් කරගෙන හිටපු නිකැළැල් T 20 නම්බුවත් කෝලි නැති ඉන්දියාව එදා විනාශ කරා. ඒ නික් පොතාස් පුහුණුකරුගේ ලෝකේ වීරයා වුණු තිසර පෙරේරාගේ නායකත්වය ලංකාවට ලැබෙද්දී.

හැබැයි පැරදුණු එකට වඩාදෙයක් ඒ තරඟය ගැන කතා කරන්න අපිට ඉතුරු වුණා. එ් ශ්‍රී ලංකා නායකයාගේ තුට්ටු දෙකේ හැසිරීම. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ රටක් නියෝජනය කරන නායකයෙක් විදිහට නෙවෙයි එදා තිසර හැසිරුනේ. අඩුම ගානේ වෙළේ ක්‍රිකට් ගහන කාලේ වත් බෝලයක් අතහැරියම “බෝක්කුවා” කියලා මිසක් “බූරුවා” කියලා යාළුවන්ට බැනපු දවසක් මට මතක නෑ. හැබැයි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති මේ තරඟය අතරතුර පන්දුව අතහැරියා කියලා තිසර, අකිලට බැන්නේ, “බොලේ අල්ලපන්, බුරුවා” කියලයි.

මතකද මීට මාස ගාණකට කලින් තිබුණු ශූරයන්ගේ කුසලානය. කාලයක් ජයග්‍රහණයේ කුරුමානම් අල්ලමින් හිටපු ලසිත් මාලිංග ප්‍රමුඛ කණ්ඩායම ජයග්‍රහණය ඇහේ ඇනෙන ගාණට ලං වෙලා හිටියේ. ඒ වෙලාවේ තිසර පෙරේරාගේ අත් දෙක හොයාගෙන Practice Catch එකක් වගේ ආපු සරල උඩ පන්දුව තිසර අතහැරියා. පන්දු යවමින් හිටියේ මාලිංග.

ඒ පන්දුවාරය ඉවර වෙලා තිසර ලඟට ආව මාලි හිනාවෙලා තිසරගේ පිටට තට්ටුවක් දැම්මා. “කමක් නෑ මල්ලි, අපි තව පාරක් Try කරමු.” මාලිංග පිටිය මැද තිසරට නොකියා කිවුවේ ඒ කතාවයි. පිටියෙන් එලියට ආව වෙලාවෙ මාධ්‍ය පන්න පන්න ප්‍රශ්න කරද්දීත් මාලි කිවුවේ “නෑ, ඕනෑම වෙලාවක ඕනෑම ක්‍රීඩකයෙක් අතින් Catch Miss වෙන්න පුළුවන්” කියලයි.

රටට කණ්ඩායමට වගකියන නායකයෙක් විදිහට මාලි එදා තිසරව එහෙම බේරගත්තේ ක්‍රීඩා ඇමතිගේ රාජ උදහසට පවා ලක්වෙමින්. පිටරට ක්‍රීඩකයන්ට යෝකර් වලින් තර්ජනය කරාට තමන්ගේ ක්‍රීඩකයන්ව මාලි වචනෙකින්වත් රිද්දුවේ නැහැ.

ඉතිං තිසර, මුල්ම සහ අවසන් වශයෙන් අපිට කියන්න තියෙන්නේ ඔය නායක ඔටුන්නට ඔබ තාම ලාමකයි කියලයි. බන්දුල, අර්ජුන වගේ නායකයෝ ආදර්ශයට ගන්න ඕනේ නැහැ. මීට මාස ගාණකට කලින් ඔබේ නම්බුව බේරපු ලසිත් මාලිංගට හරි ඉක්මනට Call කරලා අහගන්න, කෙනෙක් බෝලයක් අතහැරියොත් මොකද කරන්න ඕනේ කියලා.

හෙන්ඩුව දුන්නට පාලකයෝ ඔබට මන්තරේ කියලා කියලා දීලා නැහැ. ඒ නිසා කොහොමද නායකකම කරන්නේ කියලා මාලිගෙන්වත් අහගන්න. දැන්වත් හැදෙන්න තිසර. හැබැයි ඔබ එහෙම හැදෙයිද කියලත් අපිට ලොකු විශ්වාසයක් නැහැ. මොකද ඔය නායකකම ඔබට ලැබුනේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන නිසා නෙවෙයි හැමෝම බෑ කියද්දී ලාහෝර් යන්න ඔබ අත උස්සපු නිසානේ.

ඒක මේ වෙද්දී ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම දන්නවා. ඒ වගේම සමහරවිට හෙට ඔය නායකකම දික්වැල්ලට ලැබෙයි. මොකද ක්‍රිකට් අායතනයේ විධායක නිලධාරී අෑෂ්ලි ද සිල්වා දැන් කියන්නේ තරඟාවලියෙන් තරඟාවලියට නායකයෝ පත් කරනවා කියලයි.

ඉතිං මේ යන විදිහට දවසක අකිල නායකයා වෙලා තිසර උඩ පන්දු අත හරින්නත් පුළුවන්. එදාට අකිල සිද්ධ වෙයි තිසරට බනින්න වචනයක් හොයා ගන්න. දැන් ඔබට තේරෙනවද ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සිද්ධ වෙලා තියෙන අවනඩුවක මහත. ඒ සම්පුර්ණ වගකීම ක්‍රිකට් පරිපාලකයෝ භාර ගන්න ඕනේ.

එ් දවස්වල සනත් ජයසූරියට පාලකයෝ, මාධ්‍ය වගේම ක්‍රිකට් ගැන ලොකු Talks දෙන ඇත්තෝ බැන්නේ “ලංකාවේ ක්‍රිකට් ගහන ඔක්කොම කොල්ලෝ Team එකට ගන්නවා. තරඟයක් දෙකක් දීලා අයින් කරනවා” කියලයි. Fitness නැතුව ක්‍රීඩකයෝ ලෙඩ ඇඳට වැටෙද්දී සනත්ට වෙන විකල්පයක් තිබ්බේ නෑ කියලා දන්නෝ දන්නවා. එහෙම වෙලාවක “මං අයින් වුනාම ක්‍රිකට් හැදෙනවා නම් මම අයින් වෙන්නම්, ඔයාලා ක්‍රිකට් හදන්න” කියලා සනත් ගෙදර යන්නේ පාලකයන්ටවත් මාධ්‍යටවත් බයේ නෙවෙයි. ක්‍රිකට් වලට තියෙන අාදරේට.

හැබැයි දැන් මේ පාලකයෝ තරඟාවලියෙන් තරඟාවලියට නායකයෝ පත් කරන්නේ මැරිලා ඉපදිලාද කියන්න නම් අපි දන්නේ නෑ. මැතිව්ස්ගෙන් පස්සේ චන්දිමාල්, මාලිංග, තරංග, කපුගෙදර නායකයා කරලා දැන් ලාහෝර් Deal එකට අත උස්සපු තිසරට කළගුණ සලකලා. ඉතිං මේ පාලකයෝ මුලු කණ්ඩායමම නායකයෝ කරන දවසත් වැඩි ඈතක නෙවෙයි කියන එක නම් විශ්වාසයි.

ක්‍රිකට් වලට අාදරේ කරපු මාලිංගලා, සනත්ලා කපලා දැන් පාලකයොන්ට ඕන අය පත් කරගෙන තියෙනවා. ලෝකයම අාදරය කරපු මාස්ටර් බ්ලාස්ටර් වෙනුවට දැන් ඉන්නේ එකම ජාත්‍යන්තර තරඟයකටවත් ක්‍රීඩා නොකරපු තේරීම් කමිටුවක්. කණ්ඩායමේ සාමාජිකයෝ වෙනුවෙන් තමන්ගේ ක්‍රිකට් ජීවිතයම කැප කරපු මාලිංගලා වෙනුවට පිනට නායකත්වය ලැබුන කෙනෙක් කණ්ඩායම මෙහෙයවනවා.

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. ඉතිං ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන කවර නම් කතාද? පාලකයොන්ගේ සහ ක්‍රීඩකයොන්ගේ ඩීල් නිසා අවසානයේ වෙන්නේ ලෝකයට නම ගෙනියපු ශ්‍රී ලංකා ක්‍රිකට් විනාසහ වෙන එක විතරමයි. අැත්තටම එ්ක දැනටමත් පටන් අරන් තියෙන්නේ. අදක්ෂ නායකයන්ගේ සහ අත්තනෝමතික පාළකයන්ගේ ඩීල් ඉක්මනටම ඉවර කර ගන්න වෙනවා. නැත්තම් හතුරුසිංහ නෙවෙයි සක්කරයාගේ පුතා වයිමා ආවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නම් ගොඩගන්න බෑ.

මේ තියෙන්නේ ධනංජයට, තිසර බැනපු හැටි.

චන්දිලා ගියපු අධිවේගි ක්‍රිකිට් තරගයේ මහා මුදල් වංචාවක් රුපියල් කෝටි ගානක් ලොක්කෝ වමට ගසයි දවසේ වියදම පමණක් ක්‍රීඩකයින්ට

පසුගියදා නිමාවට පත්වුණු අධීවේගී ක‍්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තු ලෙස කිසිදු මුදලක් නොලැබී ඇති බව ඉන්දියානු වෙබ් අඩවියක් වාර්තා කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේදී දෙසැම්බර් 13වැනිදා සිට 17වැනිදා දක්වා එම තරගාවලිය පැවැත්වු අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම එම තරගාවලයෙදී කලම්බු ලයන්ස් ලෙස තරගාවලියට ඇතුළත් විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් කන්ඩායම මෙහෙයවූ අතර ජාතික කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ පෙරේරා, රමිත් රඹුක්වැල්ල, ශෙහාන් ජයසූරිය, විශ්ව ප‍්‍රනාන්දු වැනි ක‍්‍රීඩකයින් කණ්ඩායමට ඇතුළත් විය.

ෙකෙසේ වෙතත් එම වෙඩ් අඩවිය වාර්තා කරන ආකාරයට ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයින් එම තරගාවලියේදී කලම්බු ලයන්ස් ලෙස ගිවිසුම්ගතව සිටි ඇති අතර තරගාවලිය සංවිධායකයන්ද තරගාවලිය ආරම්භයට පෙර ප‍්‍රචාරක කටයුතු සිදුකළේ ද ‘කලම්බු ලයන්ස්’ යන නමිනි.කෙසේ වෙතත් අවසන් මොහොතේ එය ‘ටීම් ශී‍්‍ර ලංකා’ ලෙස වෙනස් විය.

සෑම කණ්ඩායමකටම Icon Player කෙනෙකු සිටි අතර එම ක‍්‍රිඩකයාට ඇමරිකානු ඩොලර් 35000ක් ද, ජාත්‍යන්තර ක‍්‍රීඩකයකුට ඇමරිකානු ඩොලර් 25000ක්ද, පළමු පෙළ ක‍්‍රිඩකයකු සදහා ඩොලර් 15000ක්ද බැගින් ගෙවිම් සිදු කර ඇත. එම වාර්තා වල දැක්වෙන්නේ අනෙක් කණ්ඩායම් වල ක‍්‍රීඩකයන්ට ගෙවීම් නිසි පරිදි සිදු කර ඇති බවයි.

කෙසේ වෙතත් ශ‍්‍රීලංකා කණ්ඩායම එක් දවසක් සදහා ඇරිකානු ඩොලර් 250ක දීමනාවක් ලබා දී ඇති අතර වෙනස් කිසිදු ගාස්තුවක් ගෙවීම් කර නොමැත.

ඔවුන්ට තරග ගාස්තු ලෙස කිසිදු මුදලක් නොලැබුණත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඇද සිටි ජර්සිය පිටුපස අසන්න වශයෙන් සංවිධායකවරුන් 10 දෙනෙකුගේ ලාංජන පැවැති බවට එම වාර්තා වැඩිදුරටත් දක්වයි.

ඉතාලියේ වැඩ කාරයෝ පරදවමින් නත්තලට කේක් හදලා කප් ගහපු ලංකාවේ අපේ සොයුරියක් මුළු ඉතාලියේම ප්‍රසිද්දියට පත්වෙයි

නත්තලත් ළඟ ළඟම එනවා.ලංකාවේ අපේ කට්ටිය සාප්පු සවාරි යනවා ,නත්තලට රස කැවිලි හදන්න ලෑස්ති වෙනවා.සමහරු නම් දැන් නත්තලට සියල්ල සුදානම් කරලා අවසානයි.ඉතින් ලංකාව වගේම තමා මුළු ලෝකෙම අය අසිරිමත් ජේසු උපත සමරන්න හනි හනික ලෑස්ති වෙන වෙලාවක් මේ.විශේෂයෙන්ම ඉතාලිය  ප්‍රමුඛස්ථානයක් ගන්නවනේ කතෝලික අය අතර.

ඉතාලියත් වෙනදා වගේම මෙවරත් ජයටම නත්තල් සමරන්න සියල්ල සුදානම් කියලා තමයි ආරංචිය.ඉතින් ඒ  අතරේ ඉතාලියේ සිසිලි දුපතේ පැවැත්වුනා නත්තලට සමගාමිව නත්තල් කේක් තරගයක්.එහිදී ලක් මවට තවත් ආඩම්බරයක් එක් කරමින් අපේ සොයුරියක් පළමු ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කළා.

විශාල තරගකරුවන් පිරිසක් සහබාගි වූ මේ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මංජුලා සොයුරිය සහබාගි වුනා.ඉතින් ඇය තම ෆේස්බුක් පිටුවේ තැබූ සටහන සහ තරඟයේ ජයාරූප පහතින් නරඹන්න.

‘SU LA SICILIA’ දෙසැම්බර් 20 දා ඉතාලි පත්තරේ දාලා තිබුනා ශ්‍රි ලංකාවේ මංජුලා කුසුම් හදපු ‘කාකි මන්දෝලේ cake එක පලමු ස්ථානය අරන් ‘giaree’ පැවති cake තරගයෙන් ජය ගත්තා කියලා ජාතියේ නාමයත් අරන් මේ තරගයෙන් ජය ගන්න ලැබිච්ච එකට හිතේ තියෙන සතුට වචෙනෙන් කියා ගන්න බැ,, හිනෙන් වත් හිතුවෙ නැ මෙච්චර ප්‍රසිද්දියක් ලැබයි කියලා,, තාමත් මට හිනයක් වගේ,

ලිවින් ටු ගෙදර නම් මරු මම ආසයි එහෙම ඉන්න හැමෝම එක්ක ඉදල ඕන කෙනාව තෝරාගන්න පුළුවන් කවුරුත් දන්නා සොනාලි ටීච කියන කතාව මෙන්න

සමහරු නිරූපිකාවක් වෙලා හෝ රංගන ශිල්පිනියක් වෙලා පහු කාලෙක නිවේදිකාවක් වෙනවා, තවත් සමහරු නිවේදිකාවක් වෙලා අනිත් දෙකට පහුකාලීනව අත තියනවා. එත් මෙයා නම් ඔක්කොම එකට ගොඩ දාගත්ත කෙනෙක්. අමුතුවෙන් මොනවා කියන්නද? ගොඩාක් අයට ආපහු පාසල් යන්න හිතුනේ මෙයා නිසා කියලා මුහුණු පොතේ කතාවකුත් යන්නේ. නමින් ඇය හිමායා බන්ඩාර, කවුරුත් දන්න සොනාලී ටීච.

1. හිමායා අපි කතාව අතීතයෙන් පටන් ගමුද, වර්තමානයේන් පටන් ගමුද?
ම්ම්ම්ම්ම්. මෙහෙම කරමු, වෙනසකටත් එක්ක අපි අනාගතයෙන් පටන් ගමු.

2. හරි එහෙනම් හිමායගේ අනාගතය කොහොම වේවිද?
මෙහෙමයි. අර පරණ කතාවක් තියනවනේ වදාරන්න කලින් හදාරන්න කියලා. ඉතිං මම මේ දවස්වල හදාරනවා. බොහොම සියුම්ව හා බරපතල විදියටම.

3. මොනවද ඒ තරමටම හදාරන්නේ?
මගේ හීනයක් තිබුනා කවදාහරි නිර්මාන වේදිනියක් වෙන්න. ඉතිං මම ඒ වෙනුවෙන් අවැසි දැනුම ලබාගන්න ඩිප්ලොමා පාඨමාලාවක් හැදැරුවා. නිතර නිතර විවිධ අධ්‍යක්ෂකවරයන් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතිං ඒ හරහාත් මම ප්‍රයෝගිකව දැනුම ලබා ගන්නවා. අනාගතේ දවසක සමාජයට දැනුම දෙන්න පුලුවන් නිර්මාණශීලි වැඩකින් හම්බවෙමු.

4. හරි ඒ කියන්නේ හිමායා අනාගතයේදී අධ්‍යක්ෂකවරියක්. ඔන්න එහෙනම් ස්ටාර් ෆ්රෙන්ඩ්ස් ඔයාට උණුසුම් සුභ පැතුම් පිරිනමනවා. දැන් කියන්න වර්තමානයේ මොකද වෙන්නේ?
මේ දවස්වල නම් දෙවනි ඉනිමේ රූගත්කිරීම් දිගටම තියනවා. තව පිටරට සංචාර කීපයකට ආරාධනා ලැබිලත් තියනවා. ඒවට සූදානම් වෙන් ගමන් තමයි ඉන්නේ.

5. මුහුණු පොතේ සමහරු කියලා තිබුනා මේ වගේ ගුරුවරු දැක්කාම ආයෙමත් ඉස්කෝලේ යන්න හිතෙනවා කියලා?
අනේ හොදයි. මුහුණු පොත දිහා බැලුවාම පේනවා සමහරු නම් ආයෙමත් ඉස්කෝලේ යවන්න ඕන කියලා.

6. තරහ ගිහිල්ලා වගේ?
තරහා නොයනවාම නෙවෙයි. ඒත් මම හිතන්නේ මිනිස්සු බුද්ධිමත්. ඇත්ත මොකක්ද කියලා තීරණය කරන්න තරම්. මම දැක්කා මගේ ගැනත් දාලා තිබුනා .සමහර ඒවා කියවද්දී නම් හිනා යනවා.

7. කොහොමද මේ වැද කටයුතු එක්ක ආදරයට තියන තැන?
ජීවිතේ වැඩිම තැනක් තියෙන්නේ ආදරයට තමයි.අම්ම තාත්තා,සහෝදර සහෝදරියෝ,රසික රසිකාවියෝ මේ හැමෝගෙන්ම ආදරය ලැබෙනවා.

8. එතකොට හිමායා කියන්නේ අපි ඒ උත්තරෙන් සැහීමකට පත් වෙන්න ඕන කියලද දැනට?
ඔව්.ඔබ බලාපොරොත්තු වෙන විදියේ උත්තරයක් දෙන්න තවම කෙනෙක් නැ.ලැබුන ගමන් ඒක මුලින්ම ස්ටාර් ෆ්රෙන්ඩ් ට කියන්නම්.

9. අතීතයටත් යමු නේද?
හ්ම්…මම මාධ්‍ය ඉගෙනගත්තේ රූපවාහිනීකරණය පිළිබඳ ජාතික පුහුණු ආයතනයෙන්. ස්වර්ණවාහිනියේ නිවේදිකාවක් විදියට කාලයක් වැඩ කරා. දැන් නම් නිවේදක තනතුරට පොඩි විවේකයක් දීලා තියෙන්නේ.

10. දෙවනි ඉනිමේ තියෙන්නේ බොරුව වර්ණවත් කිරීමක් කියලා සමහරු චොදනා කරනවා?
ඉරිසියාවට ඕනම කෙනෙකුට කැමති දෙයක් කියන්න පුලුවන්. මම දන්න දේ තමයි එතෙක් මෙතෙක් ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්ත ටෙලිනාට්‍ය තමයි දෙවනි ඉනිම කියන එක.

11. විවාහය මොන කාලෙක වගේ සිදුවේවිද?
ඒකට දෙන්න තියන උත්තරේ තමයි යතා කාලයේ තතා අයිරින් සිදුවේවි කියන එක.

12. ගොඩක් අය දැන් ලිවින් ටුගෙදර් සංකල්පය ගැන කතා කරනවා.
පෙරදිග සංස්කෘතික ලක්ෂණ තියන අපි ඒ සංකල්පය ගැන දෙවතාවක් හිතන්න ඕන. නමුත් මම පුද්ගලිකව ඊට කැමතියි. එකෙන් කියවෙන්නේ නැ මම ලිවින්ටුගෙදර් ඉන්නවා කියලා. ලිවින් ටු ගෙදර නම් මරු.අපිට එතකොට ඕන කෙනාව ආශ්‍රය කරලා එයා එක්ක එකට ඉන්න පුළුවන්  අම්මා උයන රස කෑම කකා ඉන්නත්  පුලුවන්

ශ්‍රීලංකා ක්‍රිකට් ටීම් එකේ නමත් එක පාරටම වෙනස්වෙයි ටීම් එකට හම්බෙන්න තිබුණු කෝටිගානක මුදලටත් වෙච්ච දෙයක් නැ

පසුගියදා නිමාවට පත්වුණු අධීවේගී ක‍්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තු ලෙස කිසිදු මුදලක් නොලැබී ඇති බව ඉන්දියානු වෙබ් අඩවියක් වාර්තා කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේදී දෙසැම්බර් 13වැනිදා සිට 17වැනිදා දක්වා එම තරගාවලිය පැවැත්වු අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම එම තරගාවලයෙදී කලම්බු ලයන්ස් ලෙස තරගාවලියට ඇතුලත් විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් කන්ඩායම මෙහෙයවූ අතර ජාතික කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ පෙරේරා, රමිත් රඹුක්වැල්ල, ශෙහාන් ජයසූරිය, විශ්ව ප‍්‍රනාන්දු වැනි ක‍්‍රීඩකයින් කණ්ඩායමට ඇතුළත් විය. කෙසේ වෙතත් එම වෙඩ් අඩවිය වාර්තා කරන ආකාරයට ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයින් එම තරගාවලියේදී කලම්බු ලයන්ස් ලෙස ගිවිසුම්ගතව සිටි ඇති අතර තරගාවලිය සංවිධායකයන්ද තරගාවලිය ආරම්භයට පෙර ප‍්‍රචාරක කටයුතු සිදුකළේ ද ‘කලම්බු ලයන්ස්’ යන නමිනි.

කෙසේ වෙතත් අවසන් මොහොතේ එය ‘ටීම් ශී‍්‍ර ලංකා’ ලෙස වෙනස් විය. සෑම කණ්ඩායමකටම Icon Player කෙනෙකු සිටි අතර එම ක‍්‍රිඩකයාට ඇමරිකානු ඩොලර් 35000ක් ද, ජාත්‍යන්තර ක‍්‍රීඩකයකුට ඇමරිකානු ඩොලර් 25000ක්ද, පළමු පෙළ ක‍්‍රිඩකයකු සදහා ඩොලර් 15000ක්ද බැගින් ගෙවිම් සිදු කර ඇති අතර එම වාර්තා වල දැක්වෙන්නේ අනෙක් කණ්ඩායම් වල ක‍්‍රීඩකයන්ට ගෙවීම් නිසි පරිදි සිදු කර ඇති බවයි.

කෙසේ වෙතත් ශ‍්‍රීලංකා කණ්ඩායම එක් දවසක් සදහා ඇරිකානු ඩොලර් 250ක දීමනාවක් ලබා දී ඇති අතර වෙනස් කිසිදු ගාස්තුවක් ගෙවීම් කර නොමැත. ඔවුන්ට තරග ගාස්තු ලෙස කිසිදු මුදලක් නොලැබුණත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඇද සිටි ජර්සිය පිටුපස අසන්න වශයෙන් සංවිධායකවරුන් 10 දෙනෙකුගේ ලාංජන පැවැති බවට එම වාර්තා වැඩිදුරටත් දක්වයි.

චන්දික හතුරුසිංහ වැඩභාරගත් ඊයේ දිනයේදී පැවැති මාධ්‍ය හමුවේදී මේ පිළිබදව ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ගෙන් විමසීම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහු පවසා ඇත්තේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

කෙසේ වුවත් තරගාවලිය ආරම්භයේදී පළාත් කණ්ඩායමක් ලෙස පැවැති ශ‍්‍රී ලංකා කණ්ඩායම ටීම් ශ‍්‍රි ලංකා ලෙස වෙනස් වුයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව බව පිලිගත නොහැකි අතර ප‍්‍රධානතම ගැටලුව වන්නේ එම තරගාවලියේ ක‍්‍රිඩකයින්ට ලැබීමට තිබු මුදල් සොරාගත්තත් කවුද යන්නයි

කුලියපිටියම කම්පා කල අවුරුදු 3 පුංචි ලක්ෂිකාට බීමතින් සිටි සීයාගෙන් සිදු වූ අපරාධය කුලියාපිටියම කම්පා කල හැටි

කුලියාපිටිය පහළ බෝහිංගමුව ප්‍රදේශයේ සිටි වයස අවුරුදු 3යි මාස 8ක පමණ බිළිදියකගේ සිරුර යාබද ඉඩමක පිහිටි වගා ළිදක පාවෙමින් තිබියදී පියා විසින් අද (22)සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ලකීශා ලක්දුලී අලගියවන්න නැමති වයස අවුරුදු 3 මාස 8ක දැරියක්.

එම දැරියගේ සීයා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවටයි කුලියාපිටිය පොලිසිය සැක පලකරන්නේ.

සිද්ධිය වූ දින රාත්‍රියේ මෙම සැකකාර සියා බීමතින් සිට ඇති අතර දැරිය නිදා සිටියදී හැද සිටි බව කියන කමිසය ළිදෙන් ගොඩගන්නාවිට නොතිබීම සම්බන්ධයෙන්ද පුළුල් පරීක්‍ෂණ ආරම්භකළ බවයි කුලියාපිටිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර සිද්ධිය වාර්තාවීමත් සමග කුලියාපිටිය පොලිසිය විසින් අදාළ ස්ථානයට පොලිස් ආරක්‍ෂාව සළසා තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට දැරියගේ සීයා කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.