ඉතාලියේ වැඩ කාරයෝ පරදවමින් නත්තලට කේක් හදලා කප් ගහපු ලංකාවේ අපේ සොයුරියක් මුළු ඉතාලියේම ප්‍රසිද්දියට පත්වෙයි

නත්තලත් ළඟ ළඟම එනවා.ලංකාවේ අපේ කට්ටිය සාප්පු සවාරි යනවා ,නත්තලට රස කැවිලි හදන්න ලෑස්ති වෙනවා.සමහරු නම් දැන් නත්තලට සියල්ල සුදානම් කරලා අවසානයි.ඉතින් ලංකාව වගේම තමා මුළු ලෝකෙම අය අසිරිමත් ජේසු උපත සමරන්න හනි හනික ලෑස්ති වෙන වෙලාවක් මේ.විශේෂයෙන්ම ඉතාලිය  ප්‍රමුඛස්ථානයක් ගන්නවනේ කතෝලික අය අතර.

ඉතාලියත් වෙනදා වගේම මෙවරත් ජයටම නත්තල් සමරන්න සියල්ල සුදානම් කියලා තමයි ආරංචිය.ඉතින් ඒ  අතරේ ඉතාලියේ සිසිලි දුපතේ පැවැත්වුනා නත්තලට සමගාමිව නත්තල් කේක් තරගයක්.එහිදී ලක් මවට තවත් ආඩම්බරයක් එක් කරමින් අපේ සොයුරියක් පළමු ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කළා.

විශාල තරගකරුවන් පිරිසක් සහබාගි වූ මේ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මංජුලා සොයුරිය සහබාගි වුනා.ඉතින් ඇය තම ෆේස්බුක් පිටුවේ තැබූ සටහන සහ තරඟයේ ජයාරූප පහතින් නරඹන්න.

‘SU LA SICILIA’ දෙසැම්බර් 20 දා ඉතාලි පත්තරේ දාලා තිබුනා ශ්‍රි ලංකාවේ මංජුලා කුසුම් හදපු ‘කාකි මන්දෝලේ cake එක පලමු ස්ථානය අරන් ‘giaree’ පැවති cake තරගයෙන් ජය ගත්තා කියලා ජාතියේ නාමයත් අරන් මේ තරගයෙන් ජය ගන්න ලැබිච්ච එකට හිතේ තියෙන සතුට වචෙනෙන් කියා ගන්න බැ,, හිනෙන් වත් හිතුවෙ නැ මෙච්චර ප්‍රසිද්දියක් ලැබයි කියලා,, තාමත් මට හිනයක් වගේ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *