ඉතාලියේ වැඩ කාරයෝ පරදවමින් නත්තලට කේක් හදලා කප් ගහපු ලංකාවේ අපේ සොයුරියක් මුළු ඉතාලියේම ප්‍රසිද්දියට පත්වෙයි

නත්තලත් ළඟ ළඟම එනවා.ලංකාවේ අපේ කට්ටිය සාප්පු සවාරි යනවා ,නත්තලට රස කැවිලි හදන්න ලෑස්ති වෙනවා.සමහරු නම් දැන් නත්තලට සියල්ල සුදානම් කරලා අවසානයි.ඉතින් ලංකාව වගේම තමා මුළු ලෝකෙම අය අසිරිමත් ජේසු උපත සමරන්න හනි හනික ලෑස්ති වෙන වෙලාවක් මේ.විශේෂයෙන්ම ඉතාලිය  ප්‍රමුඛස්ථානයක් ගන්නවනේ කතෝලික අය අතර.

ඉතාලියත් වෙනදා වගේම මෙවරත් ජයටම නත්තල් සමරන්න සියල්ල සුදානම් කියලා තමයි ආරංචිය.ඉතින් ඒ  අතරේ ඉතාලියේ සිසිලි දුපතේ පැවැත්වුනා නත්තලට සමගාමිව නත්තල් කේක් තරගයක්.එහිදී ලක් මවට තවත් ආඩම්බරයක් එක් කරමින් අපේ සොයුරියක් පළමු ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කළා.

විශාල තරගකරුවන් පිරිසක් සහබාගි වූ මේ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මංජුලා සොයුරිය සහබාගි වුනා.ඉතින් ඇය තම ෆේස්බුක් පිටුවේ තැබූ සටහන සහ තරඟයේ ජයාරූප පහතින් නරඹන්න.

‘SU LA SICILIA’ දෙසැම්බර් 20 දා ඉතාලි පත්තරේ දාලා තිබුනා ශ්‍රි ලංකාවේ මංජුලා කුසුම් හදපු ‘කාකි මන්දෝලේ cake එක පලමු ස්ථානය අරන් ‘giaree’ පැවති cake තරගයෙන් ජය ගත්තා කියලා ජාතියේ නාමයත් අරන් මේ තරගයෙන් ජය ගන්න ලැබිච්ච එකට හිතේ තියෙන සතුට වචෙනෙන් කියා ගන්න බැ,, හිනෙන් වත් හිතුවෙ නැ මෙච්චර ප්‍රසිද්දියක් ලැබයි කියලා,, තාමත් මට හිනයක් වගේ,

බිමට රතු පාවඩ එලලා සියලුම සැප සමග මිනිස්සුන්ට රජ ගමනක් දෙන බුකිය හොල්ලපු ලංකාවේ සුපිරි බස් එක මෙන්න

බිමට රතු පාවඩ එලලා සියලුම සැප සමග මිනිස්සුන්ට රජ ගමනක් දෙන බුකිය හොල්ලපු ලංකාවේ සුපිරි බස් එක මෙන්න

දවසෙන් දවස කරලියට එන සුපිරි බස් අතරේ මෙන්න අලුතෙන්ම ආපු සුපිරිම බස් එක පහතින් බලන්න වීඩියෝව

කෝටි 25 ක් වියදම් කරලා පුංචි ගමක හදපු විරාට් කෝලිගෙ සිහින මාළිගය මෙන්න බලන්නකෝ පිස්සු හැදෙනවා දැක්කම

සුගිය දිනක ඉතාලියේ අවුරුදු 800ක් පැරණි ගම්මානයක පිහිටා ඇති ලොව මිල අධිකම නිවාඩු නිකේතනයකදී පැවැත්වු විරාට් කෝලි හා අනුෂ්කා ෂර්මාගේ විවාහ උත්සවය මේ වනවිට කවුරුත් දන්නා රහසක්. ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව නව වසර ලබන විට විරාට් කෝලි දකුණු තරඟ සඳහා දකුණු අප්‍රිකාවේ සිටින අතර අනුෂ්කා ෂර්මා ද ඔහු සමඟ නව අවුරුදු සමරන බවට සඳහන් වේ.

කෙසේවුවත් ජනවාරි මස මැද වනවිට අනුෂ්කා ෂර්මා ඇගේ වෘත්තිය කටයුතු සඳහා නැවත ඉන්දියාට පැමිණෙන අතර ඇය පැමිණි පසු පදිංචි වීමට සුදානම් වන්නේ විරාට් කෝලි 2016 වර්ෂයේදී මිලදී ගත් අති සුඛෝපභෝගී නිවාසයෙහි බවයි වාර්තා වන්නේ.

මුම්බායි නගරයේ පිහිටි මෙම නිවස ඉතා සුඛෝපභෝගීවන අතර ආසන්න වශයෙන් කෝටි 25 ක් පමණ මෙම නිවස මිලදී ගැනීම සඳහා වැයකොට ඇති බවයි සඳහන් වන්නේ. 35 වන තට්ටුවේ නිමවා ඇති මෙම නිවස ඉතාමත් අනර්ඝ නිවසක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

විරාට් මිලදී ගත් මෙම නිවස සමාගම් ව්‍යාපෘතියක්වන අතර ඔවුන් තම ගැණුම්කරුගේ කැමැත්ත හා අවශ්‍යතාවය පරිදි එම නිවෙස් සැලසුම් කරන අතර මෙම ගොඩනැගිල්ලේ අන්තර්ගත වන්නේ ඉතාමත් මිල අධික නිවාස බවයි සඳහන් වන්නේ.

යාපනයෙන් දමිල මිනිසුන් බස් පිටින් ඇවිත් මියගිය ලා/කෝප්‍රල් ජගත් සොල්දාදුවාගේ මළගෙදර කරපු දෙයින් මුළු නාවලපිටියම මවිතයට පත්වෙයි

ඉර උදාවීමට අඩ හොරාවක් තිබියදී පා පැදිය අතට ගත්, ලා/කෝප්‍රල් ජගත් කුමාර සුපුරුදු පරිදි මුලින්ම ගියේ කදවුර අසල ඇති බෝධිය ලඟටයි.

එහි තිබූ පරව ගිය මල් සියල්ල ඉවත් කර පූජාසනය පිස දා බෝධිය වැද දෙදන නමා නමස්කාර කල ඔහු සිය සෙබළ සගයා සමග මුලතිව් පුදුකුඩිඉරිප්පු යුද හමුදා කදවුරෙන් පිටව ගියේ උදෑසන නිරීක්ෂණ චාරිකාව සදහා හමුවන සියළු දෙනාගේ ආචාර්යවලටද අත වනාගෙන හිසනවා පිළිගනිමින්.

වරෙක සිංහල බසින්ද තවත් වරෙක දෙමළ බසින්ද දොඩමළු වෙමින් ඔහු මේ යන්නේ අවසන් ගමන බවනම් කිසිවෙකුටත් නොසිතෙන්නට ඇති.

එහෙත් සිදූ වී ඇත්තේ නොසිතූ දෙයක්මයි. එනම් ඔහු ගමන්ගත් පා පැදිය අනතුරකට පත්වී පසුගිය (8) වැනිදා මුලතිව් රෝහලේදී අවසන් සුසුම් හෙළවේ මුළු පුදුකුඩිඉරිප්පු ගම්මානයම හඩවමින්.

ඔහු (37) හැවිරිදි රාජකරුණා මුදියන්සේලාගේ ජගත් කුමාරයි. නාවලපිටිය හපුගස්තලාව ගම්මානයේ අහස්වැව ග්‍රාමසේවා වසමේ පදිංචි දෙදෙරු පියෙකි.

පුදුකුඩුඉරිප්පු ගම්මානයේ හැම නිවසක්ම ඔහුට තම නිවස සේ විය. ඒ නිසාම ජගත්ට තේ කෝපපයකින් සංග්‍රහ කල නිවසක් එම ගම්මානයේ නොවීය.

එමෙන්ම ඔහු පුදුකුඩුඉරිප්පු ගම්මානයේ දරුවන්ට සිංහල උගන්වන ගුරුවරයෙක්ද විය.

තල් කොටයක් උඩ වාඩිවෙන ඔහු මාහාචාර්ය වරයෙක් යැයි දරුවන්ට සිතෙන්නට ඇත. ඒ නිසා ඔහු අනතුරකට පත් වූවා යැයි දැනගත්ත මොහොතේ සිට ඇතැම් දරුවන් ඔහුගේ ගුණ ගයමින් හඩා වැටෙන්නට විය.

එය එසේ වන්නට ඇතැයි සිතෙන්නේ ඔහුගේ මළ සිරුර අසළ හඩා වැටුනු දමිළ පුරවැසියන් දැක්කාමයි. ඔහු දකුණට පැමිණි යුද සෙබලෙකු වන සිය සහෘදරයාගේ දෙදන ලග හඩා වැටුන අයෙකි.

රණ ගී වෙනුවට තමිල්නාඩුවේ පන්ජාබයේ දමිළ ගීත ගැයුවේය. එම නිසා උතුරේ ජනතාව ජගත්ගේ මළගෙදරට බස් රථ දෙකකින් සහ වෑන් රථයකින් පැමිණ මේ සෙබලාගේ නිසල දේශයට අවසන් ගෞරවය දැක්වූහ. පැමිණි සිටි පිරිස අතර පුදුකුඩුඉරිප්පුවේ පාදයක් අහිමි පුද්ගලයෙක් ද විය.

මේ අතර හිටිය එක් දමිළ මවක් මල් වටිටියක් ගෙනල්ලා මෙම සෙබලාගේ මිණිපෙට්ටිය උඩින් තියලා අත්දෙක අහසට දිගු කර ඔහුගේ ගුණ වර්ණා කරමින් යළිත් අප අතරම ඉපදෙන්න කියා ප්‍රාර්ථනා කරමින් හඩා වැලපුණේය.

ඒ දමිළ අම්මා මේ මල් ගෙනල්ලා තියෙන්නේ ජගත් කුමාර කදවුරේ තියන බෝධියට හැමදාම හවසට මල් පූජා කරන්න කඩන මල් ගහෙනුයි.

මතුයළිත් කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා… සොයුර නුඹට නිවන් සුව ලැබේවා!

වයස අවුරුදු 17 දී පිටසක්වල යුවතියක් හා ලිංගිකව එක්වී දරුවන් 100ක් බිහිකළ පුද්ගලයක් පැවසු ලොවම කැලැබූ කතාව මෙන්න

වයස අවුරුදු 17 දී පිටසක්වල යුවතියක් හා ලිංගිකව එක්වී දරුවන් 100ක් බිහිකළ පුද්ගලයක් පැවසු ලොවම කැලැබූ කතාව මෙන්න

තමා ඒලියන් යුවතියක් සමග විවාහ වු බවත් එම විවාහකයෙන් තමන්ට දරුවන් සිය දෙනෙකු බිහි වූ බවත් ඇමෙරිකාවේ නිව් ජෙසි ප්‍රාන්තයේ ජීවත් වන පුද්ගලයෙකු පවසා තිබෙනවා.

ඩේලි මේල් පුවත්පත සඳහන් කරන්නේ නමින් ඩේවිඩ් හුවින් වන ඔහුට දැනට වයස අවුරුදු 79ක් වන බවයි.

ඔහු මේ බව පවසා තිබෙන්නේ ඩේලි මේල් පුවත්පතත් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි.

තමන් ජොර්ජීයාවේ ජීවත් වූ බවත් එම අවස්ථාවේදී තමන්ට වයස අවුරුදු 8ක් වූ බවත් ඔහු කියා සිටියා.

එම අවස්ථාවේදී ඔහුට ඒලියන් යුවතියක් සමග සම්බන්ධයක් ඇති වූ බවත් වයස අවුරුදු 17 දී ඇය සමග තමා ලිංගික සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් ඔහු ඩේලි මේල් පුවත්පතට පවසා තිබෙනවා.

ඒ අනුව තමන්ට දරුවන් සිය දෙනෙකු බිහි වූ බවත් එම දරුවන් අදටත් එම ඒලියන් යුවතියගේ රැකවරණයේ ජීවත් වන බවත් ඩේවිඩ් හුවින් පවසනවා.

ක්‍රිසන්ට් යනුවෙන් තමා එම ඒලියන් කාන්තාව අමතන බවත් ඇය තමාව අභ්‍යවකාශයට අවස්ථා කිහිපයකදී රැගෙන ගිය බවත් ඔහු සඳහන් කළා.

එම කාන්තාව හා තමන් ආ ගිය ස්ථාන මෙම පුද්ගලයා විසින් සිතුවම් කොට ඇති අතර එම සිතුවම් සියල්ල තමාගේ නිවසේ බිත්තිවල සවිකර ඇති බව ඩේවිඩ් හුවින් කියා සිටියා.

තමා පවසන සියල්ල සත්‍ය බවත් තමන් අතර සිදුවුයේ කුමක්ද කියා තමාගේ හෘද සාක්ෂිය දන්නා බවත් එය තවත් කෙනෙකුට ඔප්පු කර පෙන්වීමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත් ඩේවිඩ් හුවින් ඩේලි මේල් පුවත්පතත් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේ දී කියා සිටියා.

මොහු විසින් කියන ලද තොරතුරු එක්රැස් කරමින් ඉදිරියේ දී චිත්‍රපටයක් නිෂ්පාදනය කිරිමට අමෙරිකාවේ සමාගමක් ඉදිරිපත් වී ඇති බවද ඩේලි මේල් පුවත්පතේ වාර්තාවේ සඳහන් වෙනවා.

 

අම්ම නිදාගන්න කෝට්ටේ යටින් හැමදාම රුපියල් දහසේ කොළ හම්බෙනවා ඔබ කවදාවත් විශ්වාස නොකරන භූතයෙක් පැල්මඩුල්ලෙන් හමුවෙයි

නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්, කිසිවකුටත් නොදැනෙන සේ රාත්‍රී කාලවල නිවසට ඇතුළු වී ගෙහිමියන්ට හසුවන තැනක රුපියල් දහසේ මුදල් නෝට්ටු තබා රහසිගතව පිටට යන ත්‍යාගශීලී භූතයකු පිළිබඳව ඔබ මින් පෙර අසා නොමැතිවාට සැක නැත.

එහෙත් කෙසේවත් නොසිතූ පරිදි මටද ඒ විස්මිත පුවත අසන්නට ලැබුණේ පැල්මඩුල්ල ප්‍රදේශයේ කාන්තාවකගෙන් ලැබුණු දුරකථන ඇමතුමකිනි.

අපේ අම්මා ඉන්න කාමරේට තමයි ඔය භූතයා ඔහොම සල්ලි ගෙනත් තියන්නේ. මාසෙකට සැරයක් දෙකක් අම්මා උදේ නැගිටලා බලනකොට අම්මා නිදාගන්න ඇඳේ කොට්ටේ යට හරි, එහෙම නැත්නම් ඒ කාමරේ තියෙන ටී‍පෝ එක උඩ හරි රුපියල් දාහේ කොළයක් තියනවා.

හැබැයි අම්මා කියන්නේ ඒවායින් පින්දහම් කරනවා හැරෙන්න වෙන මුකුත්ම කරන්න බැරිලු. ඒත් තවමත් අපි මේ කතාව කිසිම කෙනෙකුට කියලා නැහැ. අනික මෙහෙම කතාවක් කිව්වට කිසිම කෙනෙක් විශ්වාස කරන එකකුත් නැහැ.

එම කාන්තාව කීවාය. ඉනික්බිතිව ඇය වැඩිදුරටත් කියා සිටියේ භූතයකුගෙන් හෝ එලෙස වරින් වර මුදල් ලබාගැනීමේ වරදක් නොමැති මුත් ඒ භූතයා කවරෙක්ද? යන්න සහ එම මුදල් ගැනීමෙන් තම පවුලට නපුරක් අයහපතක් සිදුවේද යන්න නිරාකරණය කර ගත නොහැකිව තමන්, තම සැමියා සේම දියණියන් දෙදෙනා ඉමහත් මානසික තිගැස්මකට ලක්ව හිඳින බවය.

ඒ අනුව එවැනි සංසිද්ධියක් විමර්ශනය කිරීම පිණිස ඒ සම්බන්ධ ස්ථානීය ගවේෂණයක් කළ යුතු බව ඇයට දන්වා සිටි මම ඒ පවු‍ලේ සැමගේ ‍පොදු අනුමැතිය මත පසුගිය දිනයක පැල්මඩුල්‍ලේ පිහිටි ඔවුන්ගේ නිවෙස බලා පිටත්වීමි.

රත්නපුරය හරහා වැටීගත් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මීටරයක පමණ දුරින් පිහිටි එම නිවස අවට වූයේ වගුරු බිමකි. ඒ අවට අතහැර දමන ලද මැණික් පතල් කිහිපයක්ද දක්නට තිබිණ. අවට ප්‍රදේශයේ පැවැති තෙත් බව කොතෙක්ද යත් එම ගෙමිදු‍ලේ පවා මීවන කුලයේ ශාක සරුවට වැවී තිබෙනු දක්නා ලදී.

එම නිවසේ ගෘහපතියා වයස අවුරුදු පනස් පහක පමණ අයකු වූ අතර ඔහු කලින් කලට විවිධ සුළු ව්‍යාපාරවල යෙදී ඇති බව මට දැනගත හැකි විය. බිරිඳ ඔහුට වඩා පස් වසරකින් ළාබාල වූ අතර වයස අවුරුදු විස්ස, දහසය සහ දහතුන යන වයස් කාණ්ඩවල දියණිවරු තිදෙනෙක් එම නිවසේ වූහ.

කුඩා කාමර තුනකින් යුතු එම නිවසේ එක් කාමරයක් එම යුවළ සඳහා වෙන්ව තිබිණ. ඊළඟ කාමරය දියණියන් තිදෙනා පරිහරණය කළ අතර එම බිරිඳගේ මව එහි අනෙක් කාමරයේ පදිංචිව සිටියාය.

ගෙහිමියන්ගේ අවසරය මත එම නිවසට පිවිසි මා එහි සැකැස්ම විමසා බැලූ අතර මගේ විශේෂ අවධානයට ලක්වූයේ එම වියපත් කාන්තාව ජීවත් වූ කාමරයයි. ඒ කාමරයේ එක් මුල්ලක් හසුවන සේ බිත්තියේ සවි කෙරුණු රාක්කයක් මත කුඩා බුද්ධ ප්‍රතිමාවක් සහ විෂ්ණු, කතරගම, සමන් සහ පත්තිනි යන දෙවිවරුන්ගේ රාමු කරන ලද කුඩා චිත්‍රද දැකිය හැකි විය.

එම රාක්කය රතු සහ නිල් … තිරවලින් වසා තිබිණ. එම කාන්තාව එම කාමරය තුළ උදය සවස බුදුන් වැඳ පුදන බව මා යන විටද කාමරය පුරා පැතිර තිබූ හඳුන්කූරු සුවඳින් මනාව වටහා ගත හැකි විණි.

මම හැමදාම හවසට බුදුන් වැඳලා පිරිත් කියලා තමයි නිඳාගන්නේ. එක දවසක් මම උදේ නැගිටින කොට මගේ කොට්ට උරේ යට තිබිලා මොකක් හරි කඩදාසියක් වගේ දෙයක් හම්බ වුණා. අත දාලා බලනකොට රුපියල් දාහේ කොළයක්. ඒක දැක්ක හැටියේ මට අදහාගන්න බැරි වුණා. ඊට පස්සේ මේ ළමයින්ගෙනුත් ඇහුවා උඹලා කවුරු හරි මගේ කොට්ටේ යටින් සල්ලි හැංගුවද කියලත්.

කොහොම හරි පහුවෙනකොට සති දෙක තුනකට සැරයක් මම උදේ නැගිටිනකොට එක්කෝ මේ ටී‍පෝ එක උඩ, එහෙමත් නැත්නම් අර කාපට් එක උඩ අර විදිහටම රුපියල් දාහේ කොළයක් තියනවා. මට කීයටවත් හිතාගන්න බැරි විදිහට.

හැබැයි ඉතින් මම ඒවා පින් දහම් වැඩවලට මිසක් වෙන කිසිම දේකට ගත්තේ නැහැ. වැඩිදුරටත් එම කාන්තාව කියා සිටියේ වරින්වර මෙලෙස තමන්ට රහසින් මුදල් ලබාදෙනුයේ තම මියගිය ඥාතිවරයකු විය හැකි මුත් ඒ කවුරුන්දැයි තමන්ට නිශ්චයක් නොමැති බවය.

ඉන්පසුව එම වැඩිහිටි කාන්තාව, ඇගේ දියණිය සහ දියණියගේ සැමියා සමග වෙන් වෙන්ව කතා බස් කළ මම මින් ඉදිරියට කවර ක්‍රමයකින් හෝ එම නිවස තුළට ගෙනෙන සෑම රුපියල් දහසේ නෝට්ටුවකටම අංකය වෙනම ‍පොතක සටහන් කර ගන්නා මෙන් ඉල්ලා සිටියෙමි.

එම වැඩිහිටි කාන්තාවගේ අතට පත්වන රුපියල් දහසේ මුදල් නෝට්ටුවල අංකය විශේෂයෙන් සටහන් විය යුතු බව පැවැසූ මම යළි එලෙස අද්භූත අයුරින් ලැබෙන රුපියල් දහසේ නෝට්ටුවල අංකයන්ද වෙනම සටහන් කොට ගන්නා මෙන්ද ඔවුනට උපදෙස් දුනිමි.

එම ස්ථානීය නිරීක්ෂණයෙන් මාස කිහිපයකට පසුව එම පැල්මඩුල්‍ලේ කාන්තාවගෙන් යළි මට දුරකථන ඇමතුමක් ලැබිණ. එහිදී ඇය කියා සිටියේ මගේ පැමිණීමෙන් පසු එකම දිනකවත් එම භූතයා එලෙස මුදල් ලබා නොදුන් බවය. මෙහිදී සැබැවින්ම සිදුව ඇත්තේ කුමක්ද? එම වැඩිහිටි කාන්තාව තම දියණිය සමීපයේ එක්තරා අන්දමක සංතෘප්තිමත් දිවි පවෛතක් ගතකරමින් සිටියාය.

ඒ ඇගේ එදිනෙදා බොහෝ ඕනෑ එපාකම් ඇගේ දියණිය සහ බෑනණුවන් වෙතින් ඉටුවූ බැවිනි. එහෙත් තමන් විසින් ගතකරනු ලබන ආගමික දිවි පවෛත කෙරෙහි තම දියණිය, බෑණා තුළ සේම ඔවුන්ගේ දියණිවරුන් තුළද නිසි හැඟීමක් තැකීමක් නොමැති බව මුල සිටම වටහාගත් මෙම වැඩිහිටි කාන්තාව තමන්ගේ පින් දහම් කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ලැබෙන සහාය කෙසේවත් ප්‍රමාණවත් නොවන බවද කලක් තිස්සේ සිත තුළ ධාරණය කරගෙන සිටියාය.

එම කාන්තාවට රුපියල් දහසේ නෝට්ටු මවා දෙන ‘භූතයා ගේ ක්‍රියාකාරිත්වය එම පවුල හමුවේ ඉදිරිපත් වනුයේ එම කාන්තාවගේ එම ව්‍යාකූල මානසික පසුබිම තුළිනි. මෙහිදී භූතයකු ලෙසින් තමන් සතු රුපියල් දහසේ නෝට්ටු තමන් හමුවේම යළි මවා පෑම ඇය විසින්ම තමන්ටද රහසින් සිදු කර ගනු ලබන යටි සිතේ බලපෑමෙන් සිදුවන ක්‍රියාවකි. මෙම තත්ත්වය විඝටන ආබාධය යනුවෙන් විද්‍යාත්මකව විස්තර කෙරේ.

එහෙත් මෙහිදී නිවසට එන සෑම රුපියල් දහසේ නෝට්ටුවකම අංකය ලියා ගන්නා ලෙස මා ඔවුන්ට දුන් උපදෙස හමුවේ තවදුරටත් එම භූත ක්‍රියාව හෙවත් මුදල් මැවීම කළ නොහැකි බව එම කාන්තාවගේ යටි සිත තේරුම් ගෙන තිබේ. තවදුරටත් මෙම රුපියල් දහසේ මුදල් නෝට්ටුව මැව්වහොත් වැඩ වරදින බව ඇය තම යටි සිතෙන් මතුවන භූතයාට දන්වා ඇත්තේ ඒ අනුවය.

ඒ කෙසේ හෝ මසකට දෙවරක් වශයෙන් සෑහෙන කලක් තිස්සේ එම භූතයා විසින් එම පවුල හමුවේ මවා පා ඇත්තේ එකම මුදල් නෝට්ටුව හෝ නෝට්ටු දෙක තුනක් බව මගේ පෞද්ගලික හැඟීමය.

තිලක් සේනාසිංහ – උපුටා ගැනීම ලක්බිම පුවත්පත

ජීවිතෙන් සමු අරගෙන ගිය මිනිසුන්ගේ මරණ දැන්වීම් එකතු කරන ලංකාවේ අපුරු මිනිසාගේ ඔබ නොදත් කතාව

ඔබේ විනෝදාංශය මොකක්ද?එක සමහරක් විට ඔබ විතරක්ම කරන විනෝදාංශයක් වෙන්නට පුළුවන්.මේ කියන්න යන්නෙත් එවැනි වූ හරි අපුරුම විනෝදාංශයක් ගැන.

මේ කියන්න යන විනෝදාංශයට ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්නට පුළුවන් නමුත් ඒ ජිවිතයේ එකම එක පාරයි..මෙන්න බලන්නකෝ මේ මිනිසා කිසිවෙක්ටවත් නිකමටවත් නොසිතෙන හරි අපුරු විනෝදාංශය ගැන

හදවතින්ම පින්දහම් කරන කාන්තාවකට පින්දහම් කරන්න කියා රාත්‍රියේදී රුපියල් 1000සේ නෝට්ටු ගෙනත් දෙන අද්බුත කාන්තාව මෙන්න

ලාංකීය සමාජය තුල විවිධ ආකාරයේ විශ්වාසයන් පවතිනවා.ඒ හේතුවෙන්ම විවිධ අවස්ථාවලදී අසාමාන්‍ය සිද්ධීන්ද වාර්තාවනු දැකගත හැකියි.

ඒ අයුරින් කලකට පෙර පැල්මඩුල්ලේ නිවසකින් රුපියල් 1000 නෝට්ටු ගෙනත් තබා යන භූතයකු පිළිබද කියවුණු අතර එහි රහස පසුව අනාවරණ වුණා. මේ එම අබිරහස හා එයට හේතුවූ කරුණු පිළිබද සිදුකෙරෙන අනාවරණයයි.

වෛද්‍යවරයෙක් වෙලා එදා වතුර ඉල්ලුවම කිරි වීදුරුවක් දුන්නු කාන්තාවකට අද කරපු අදහගන්න බැරි දේ මෙන්න ඔබත් විශ්මයට පත්වෙයි

ඔබත් කවදාවත් මොන හේතුවකින් කිසිම කෙනෙක්ට තරාතිරම බලලා බාල්දු කරන්න සමච්චල් කරන්න හිතන්නවත් එපා ඔබටත් කවදාහරි මේ වගේ දෙයක් වෙන්න පුළුවන් නිසා මේකත් බලන්න කවදාවත් ඔබට අමතක නොවේවි මේක නම්

ශ්‍රී ලාංකිකයින්ට වීසා නොමැතිව ගමන් කළ හැකි රටවල් 32 මෙන්න නිවාඩුවකට ගිහින් එන්න මෙන්න විසා නැතුව යන්න නියම රටවල්

තමන්ගේ රටේ ඉන්න හැම කෙනාගෙම එක හීනයක් තමයි වෙනත් රටවලත් සංචාරය කරන එක.හැබැයි එහෙම රටකින් රටකට යන්න වීසා ඕනි කියලා අපි හැමෝම දන්නවා.ඒත් එහෙම වීසා නොමැතිව ගමන් කළ හැකි රටවල් ගැන ඔබ අසා ඇත්ද? වීසා නොමැතිව රටකට යාම කෙනෙකුට විහිළුවක් වෙන්නත් පුළුවන්.

නමුත් එහෙම වීසා නැතිව යන්න පුළුවන් රටවල් තිබෙනවා කිව්වොත් ඔබ පුදුම වේවි.  එහෙම රටවල් ගැනයි අද සිලෝන් ලයින්ස් අපි ඔයාට  කියන්න යන්නෙ.

ලොව වටා සංචාරය කිරීමට වීසා ලබා ගැනීම අනිවාර්යය අංගයක් ලෙස තමයි අපි දැනුවත් වෙලා හිටියෙ.මේක හොදම අවස්ථාවක් සංචාරය කරන්න කැමති හැමෝටම වීසා නැතුව සංචාරය කරන්න යන්න

ඔබ වීසා නොමැතිව ගමන් කළ හැකි රටවල් ලැයිස්තුවක් මෙහි දැක්වේ.

1) බහමාස් – වීසා මාස 3 ක් සඳහා අවශ්‍ය නොවේ.

2) බාබඩෝස් – වීසා මාස 6 ක් සඳහා අවශ්‍ය නොවේ.

3) බොලිවියාව – දින 90 සඳහා පැමිණෙන වීසා.

4) කාම්බෝජය – පැමිණෙන විට වීසා (නියම කළ ගුවන් තොටුපල හරහා පැමිණිය යුතුය).

5) කේප් වර්ඩ් – පැමිණීමේදී වීසා.

6) කොමොරෝස් – පැමිණීමේදී වීසා.

7) ජිබුටි – පැමිණීමේදී වීසා.

8) ඩොමිනිකා – වීසා මාස 6 ක් සඳහා අවශ්‍ය නොවේ.

9) ඉක්වදෝරය – දින 90 ක් සඳහා වීසා අවශ්‍ය  නොවේ.

10) ගැම්බියාව – වීසා දින 90 ක් සඳහා අවශ්‍ය  නොවේ.

11) ග්රෙනාඩා – වීසා මාස 03 ක් සඳහා අවශ්‍ය නොවේ.

12) ගිනියාව-බිසව් – දින 90 ක් සඳහා පැමිණෙන වීසා.

13) හයිටි – දින 90 ක් සඳහා වීසා අවශ්‍ය නොවේ.

14) ඉන්දුනීසියාව – දින 30 ක් සඳහා වීසා අවශ්‍ය නොවේ.

15) ලෙස්ටෝ – දින 90 ක් සඳහා වීසා අවශ්‍ය නොවේ.

16) මැඩගස්කරය – දින 90 ක් සඳහා පැමිණෙන වීසා.

17) පැමිණි විට මලාවි – වීසා.

18) මාලදිවයින – දින 30 සඳහා පැමිණෙන වීසා.

19) මරාටියානියාව – පැමිණීමේදී වීසා.

20) මයික්රොනීසියා – දින 30 ක් සඳහා වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවේ

1) මොසැම්බික් – දින 30 ක් සඳහා පැමිණෙන වීසා.

22) නේපාලය – දින 30 සඳහා පැමිණෙන වීසා.

23) පලාවි – දින 30 ක් සඳහා පැමිණෙන වීසා.

24) ශාන්ත කිට්ස් සහ නේවිස් – වීසා අවශ්‍ය නොවේ.

25) ශාන්ත වින්සන්ට් සහ ග්රෙනාඩින්ස් – මාස 1 ක් සඳහා වීසා අවශ්‍ය නොවේ.

26) සමෝසා – දින 60 ක් ඇතුළත පැමිණීමේ බලපත්‍රය.

27) සෙනගල් – පැමිණීමේදී වීසා.

28) සීෂෙල්ස් – දින 30 ක් සඳහා පැමිණෙන අමුත්තන්ගේ බලපත්‍රය.

29) සිංගප්පූරුව – දින 30 ක් සඳහා වීසා අවශ්‍ය නොවේ.

30) ටිමෝර්-ලෙස්ටෙස් – වීසා පැමිණීම දින 30 ක්.

31) ටෝගෝ – වීසා පැමිණීම දින 7 ක්.

32) ටුවාලු – වීසා සඳහා මසකට පැමිණීම.