බොලේ අතහැරියම මොකද්ද කරන්නේ කියලා මාලිගෙන් අහගන්න.අකිල නායකයා වෙලා තිසර උඩ පන්දු අත හැරියොත් මොනවා වෙයිද?

ඔබට මතකද ශ්‍රී ලංකා ක්‍රිකට්වල මේ වගේ කාලයක් තිබ්බා. සනත්ලා, කලූ ලා එකතු වෙලා ඉන්දියාවේ අභිමානය පිත්තෙන් සුනු විසුනු කරා. එ් දවස්වල ඉන්දීය ප්‍රේක්ෂකයෝ පවා සනත්ලට පුදුම අාදරයක් තිබ්බේ

හැබැයි දැන් අත්තනෝමතික සුදු පාලකයෝ නිසා දැන් ලංකාවේ ක්‍රිකට් වලට හෙනහුරා ලබලයි තියෙන්නේ. ඉන්දියාව එක්ක තිබ්බ පළවෙනි T 20 තරඟයේදී ඒ අපලයේ කූටප්‍රාප්තියට ලංකාව ලං වුණා. මෙච්චර දවසක් පරිස්සම් කරගෙන හිටපු නිකැළැල් T 20 නම්බුවත් කෝලි නැති ඉන්දියාව එදා විනාශ කරා. ඒ නික් පොතාස් පුහුණුකරුගේ ලෝකේ වීරයා වුණු තිසර පෙරේරාගේ නායකත්වය ලංකාවට ලැබෙද්දී.

හැබැයි පැරදුණු එකට වඩාදෙයක් ඒ තරඟය ගැන කතා කරන්න අපිට ඉතුරු වුණා. එ් ශ්‍රී ලංකා නායකයාගේ තුට්ටු දෙකේ හැසිරීම. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ රටක් නියෝජනය කරන නායකයෙක් විදිහට නෙවෙයි එදා තිසර හැසිරුනේ. අඩුම ගානේ වෙළේ ක්‍රිකට් ගහන කාලේ වත් බෝලයක් අතහැරියම “බෝක්කුවා” කියලා මිසක් “බූරුවා” කියලා යාළුවන්ට බැනපු දවසක් මට මතක නෑ. හැබැයි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති මේ තරඟය අතරතුර පන්දුව අතහැරියා කියලා තිසර, අකිලට බැන්නේ, “බොලේ අල්ලපන්, බුරුවා” කියලයි.

මතකද මීට මාස ගාණකට කලින් තිබුණු ශූරයන්ගේ කුසලානය. කාලයක් ජයග්‍රහණයේ කුරුමානම් අල්ලමින් හිටපු ලසිත් මාලිංග ප්‍රමුඛ කණ්ඩායම ජයග්‍රහණය ඇහේ ඇනෙන ගාණට ලං වෙලා හිටියේ. ඒ වෙලාවේ තිසර පෙරේරාගේ අත් දෙක හොයාගෙන Practice Catch එකක් වගේ ආපු සරල උඩ පන්දුව තිසර අතහැරියා. පන්දු යවමින් හිටියේ මාලිංග.

ඒ පන්දුවාරය ඉවර වෙලා තිසර ලඟට ආව මාලි හිනාවෙලා තිසරගේ පිටට තට්ටුවක් දැම්මා. “කමක් නෑ මල්ලි, අපි තව පාරක් Try කරමු.” මාලිංග පිටිය මැද තිසරට නොකියා කිවුවේ ඒ කතාවයි. පිටියෙන් එලියට ආව වෙලාවෙ මාධ්‍ය පන්න පන්න ප්‍රශ්න කරද්දීත් මාලි කිවුවේ “නෑ, ඕනෑම වෙලාවක ඕනෑම ක්‍රීඩකයෙක් අතින් Catch Miss වෙන්න පුළුවන්” කියලයි.

රටට කණ්ඩායමට වගකියන නායකයෙක් විදිහට මාලි එදා තිසරව එහෙම බේරගත්තේ ක්‍රීඩා ඇමතිගේ රාජ උදහසට පවා ලක්වෙමින්. පිටරට ක්‍රීඩකයන්ට යෝකර් වලින් තර්ජනය කරාට තමන්ගේ ක්‍රීඩකයන්ව මාලි වචනෙකින්වත් රිද්දුවේ නැහැ.

ඉතිං තිසර, මුල්ම සහ අවසන් වශයෙන් අපිට කියන්න තියෙන්නේ ඔය නායක ඔටුන්නට ඔබ තාම ලාමකයි කියලයි. බන්දුල, අර්ජුන වගේ නායකයෝ ආදර්ශයට ගන්න ඕනේ නැහැ. මීට මාස ගාණකට කලින් ඔබේ නම්බුව බේරපු ලසිත් මාලිංගට හරි ඉක්මනට Call කරලා අහගන්න, කෙනෙක් බෝලයක් අතහැරියොත් මොකද කරන්න ඕනේ කියලා.

හෙන්ඩුව දුන්නට පාලකයෝ ඔබට මන්තරේ කියලා කියලා දීලා නැහැ. ඒ නිසා කොහොමද නායකකම කරන්නේ කියලා මාලිගෙන්වත් අහගන්න. දැන්වත් හැදෙන්න තිසර. හැබැයි ඔබ එහෙම හැදෙයිද කියලත් අපිට ලොකු විශ්වාසයක් නැහැ. මොකද ඔය නායකකම ඔබට ලැබුනේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන නිසා නෙවෙයි හැමෝම බෑ කියද්දී ලාහෝර් යන්න ඔබ අත උස්සපු නිසානේ.

ඒක මේ වෙද්දී ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම දන්නවා. ඒ වගේම සමහරවිට හෙට ඔය නායකකම දික්වැල්ලට ලැබෙයි. මොකද ක්‍රිකට් අායතනයේ විධායක නිලධාරී අෑෂ්ලි ද සිල්වා දැන් කියන්නේ තරඟාවලියෙන් තරඟාවලියට නායකයෝ පත් කරනවා කියලයි.

ඉතිං මේ යන විදිහට දවසක අකිල නායකයා වෙලා තිසර උඩ පන්දු අත හරින්නත් පුළුවන්. එදාට අකිල සිද්ධ වෙයි තිසරට බනින්න වචනයක් හොයා ගන්න. දැන් ඔබට තේරෙනවද ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සිද්ධ වෙලා තියෙන අවනඩුවක මහත. ඒ සම්පුර්ණ වගකීම ක්‍රිකට් පරිපාලකයෝ භාර ගන්න ඕනේ.

එ් දවස්වල සනත් ජයසූරියට පාලකයෝ, මාධ්‍ය වගේම ක්‍රිකට් ගැන ලොකු Talks දෙන ඇත්තෝ බැන්නේ “ලංකාවේ ක්‍රිකට් ගහන ඔක්කොම කොල්ලෝ Team එකට ගන්නවා. තරඟයක් දෙකක් දීලා අයින් කරනවා” කියලයි. Fitness නැතුව ක්‍රීඩකයෝ ලෙඩ ඇඳට වැටෙද්දී සනත්ට වෙන විකල්පයක් තිබ්බේ නෑ කියලා දන්නෝ දන්නවා. එහෙම වෙලාවක “මං අයින් වුනාම ක්‍රිකට් හැදෙනවා නම් මම අයින් වෙන්නම්, ඔයාලා ක්‍රිකට් හදන්න” කියලා සනත් ගෙදර යන්නේ පාලකයන්ටවත් මාධ්‍යටවත් බයේ නෙවෙයි. ක්‍රිකට් වලට තියෙන අාදරේට.

හැබැයි දැන් මේ පාලකයෝ තරඟාවලියෙන් තරඟාවලියට නායකයෝ පත් කරන්නේ මැරිලා ඉපදිලාද කියන්න නම් අපි දන්නේ නෑ. මැතිව්ස්ගෙන් පස්සේ චන්දිමාල්, මාලිංග, තරංග, කපුගෙදර නායකයා කරලා දැන් ලාහෝර් Deal එකට අත උස්සපු තිසරට කළගුණ සලකලා. ඉතිං මේ පාලකයෝ මුලු කණ්ඩායමම නායකයෝ කරන දවසත් වැඩි ඈතක නෙවෙයි කියන එක නම් විශ්වාසයි.

ක්‍රිකට් වලට අාදරේ කරපු මාලිංගලා, සනත්ලා කපලා දැන් පාලකයොන්ට ඕන අය පත් කරගෙන තියෙනවා. ලෝකයම අාදරය කරපු මාස්ටර් බ්ලාස්ටර් වෙනුවට දැන් ඉන්නේ එකම ජාත්‍යන්තර තරඟයකටවත් ක්‍රීඩා නොකරපු තේරීම් කමිටුවක්. කණ්ඩායමේ සාමාජිකයෝ වෙනුවෙන් තමන්ගේ ක්‍රිකට් ජීවිතයම කැප කරපු මාලිංගලා වෙනුවට පිනට නායකත්වය ලැබුන කෙනෙක් කණ්ඩායම මෙහෙයවනවා.

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. ඉතිං ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන කවර නම් කතාද? පාලකයොන්ගේ සහ ක්‍රීඩකයොන්ගේ ඩීල් නිසා අවසානයේ වෙන්නේ ලෝකයට නම ගෙනියපු ශ්‍රී ලංකා ක්‍රිකට් විනාසහ වෙන එක විතරමයි. අැත්තටම එ්ක දැනටමත් පටන් අරන් තියෙන්නේ. අදක්ෂ නායකයන්ගේ සහ අත්තනෝමතික පාළකයන්ගේ ඩීල් ඉක්මනටම ඉවර කර ගන්න වෙනවා. නැත්තම් හතුරුසිංහ නෙවෙයි සක්කරයාගේ පුතා වයිමා ආවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නම් ගොඩගන්න බෑ.

මේ තියෙන්නේ ධනංජයට, තිසර බැනපු හැටි.

චන්දිලා ගියපු අධිවේගි ක්‍රිකිට් තරගයේ මහා මුදල් වංචාවක් රුපියල් කෝටි ගානක් ලොක්කෝ වමට ගසයි දවසේ වියදම පමණක් ක්‍රීඩකයින්ට

පසුගියදා නිමාවට පත්වුණු අධීවේගී ක‍්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තු ලෙස කිසිදු මුදලක් නොලැබී ඇති බව ඉන්දියානු වෙබ් අඩවියක් වාර්තා කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේදී දෙසැම්බර් 13වැනිදා සිට 17වැනිදා දක්වා එම තරගාවලිය පැවැත්වු අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම එම තරගාවලයෙදී කලම්බු ලයන්ස් ලෙස තරගාවලියට ඇතුළත් විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් කන්ඩායම මෙහෙයවූ අතර ජාතික කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ පෙරේරා, රමිත් රඹුක්වැල්ල, ශෙහාන් ජයසූරිය, විශ්ව ප‍්‍රනාන්දු වැනි ක‍්‍රීඩකයින් කණ්ඩායමට ඇතුළත් විය.

ෙකෙසේ වෙතත් එම වෙඩ් අඩවිය වාර්තා කරන ආකාරයට ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයින් එම තරගාවලියේදී කලම්බු ලයන්ස් ලෙස ගිවිසුම්ගතව සිටි ඇති අතර තරගාවලිය සංවිධායකයන්ද තරගාවලිය ආරම්භයට පෙර ප‍්‍රචාරක කටයුතු සිදුකළේ ද ‘කලම්බු ලයන්ස්’ යන නමිනි.කෙසේ වෙතත් අවසන් මොහොතේ එය ‘ටීම් ශී‍්‍ර ලංකා’ ලෙස වෙනස් විය.

සෑම කණ්ඩායමකටම Icon Player කෙනෙකු සිටි අතර එම ක‍්‍රිඩකයාට ඇමරිකානු ඩොලර් 35000ක් ද, ජාත්‍යන්තර ක‍්‍රීඩකයකුට ඇමරිකානු ඩොලර් 25000ක්ද, පළමු පෙළ ක‍්‍රිඩකයකු සදහා ඩොලර් 15000ක්ද බැගින් ගෙවිම් සිදු කර ඇත. එම වාර්තා වල දැක්වෙන්නේ අනෙක් කණ්ඩායම් වල ක‍්‍රීඩකයන්ට ගෙවීම් නිසි පරිදි සිදු කර ඇති බවයි.

කෙසේ වෙතත් ශ‍්‍රීලංකා කණ්ඩායම එක් දවසක් සදහා ඇරිකානු ඩොලර් 250ක දීමනාවක් ලබා දී ඇති අතර වෙනස් කිසිදු ගාස්තුවක් ගෙවීම් කර නොමැත.

ඔවුන්ට තරග ගාස්තු ලෙස කිසිදු මුදලක් නොලැබුණත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඇද සිටි ජර්සිය පිටුපස අසන්න වශයෙන් සංවිධායකවරුන් 10 දෙනෙකුගේ ලාංජන පැවැති බවට එම වාර්තා වැඩිදුරටත් දක්වයි.

ශ්‍රීලංකා ක්‍රිකට් ටීම් එකේ නමත් එක පාරටම වෙනස්වෙයි ටීම් එකට හම්බෙන්න තිබුණු කෝටිගානක මුදලටත් වෙච්ච දෙයක් නැ

පසුගියදා නිමාවට පත්වුණු අධීවේගී ක‍්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තු ලෙස කිසිදු මුදලක් නොලැබී ඇති බව ඉන්දියානු වෙබ් අඩවියක් වාර්තා කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේදී දෙසැම්බර් 13වැනිදා සිට 17වැනිදා දක්වා එම තරගාවලිය පැවැත්වු අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම එම තරගාවලයෙදී කලම්බු ලයන්ස් ලෙස තරගාවලියට ඇතුලත් විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් කන්ඩායම මෙහෙයවූ අතර ජාතික කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ පෙරේරා, රමිත් රඹුක්වැල්ල, ශෙහාන් ජයසූරිය, විශ්ව ප‍්‍රනාන්දු වැනි ක‍්‍රීඩකයින් කණ්ඩායමට ඇතුළත් විය. කෙසේ වෙතත් එම වෙඩ් අඩවිය වාර්තා කරන ආකාරයට ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයින් එම තරගාවලියේදී කලම්බු ලයන්ස් ලෙස ගිවිසුම්ගතව සිටි ඇති අතර තරගාවලිය සංවිධායකයන්ද තරගාවලිය ආරම්භයට පෙර ප‍්‍රචාරක කටයුතු සිදුකළේ ද ‘කලම්බු ලයන්ස්’ යන නමිනි.

කෙසේ වෙතත් අවසන් මොහොතේ එය ‘ටීම් ශී‍්‍ර ලංකා’ ලෙස වෙනස් විය. සෑම කණ්ඩායමකටම Icon Player කෙනෙකු සිටි අතර එම ක‍්‍රිඩකයාට ඇමරිකානු ඩොලර් 35000ක් ද, ජාත්‍යන්තර ක‍්‍රීඩකයකුට ඇමරිකානු ඩොලර් 25000ක්ද, පළමු පෙළ ක‍්‍රිඩකයකු සදහා ඩොලර් 15000ක්ද බැගින් ගෙවිම් සිදු කර ඇති අතර එම වාර්තා වල දැක්වෙන්නේ අනෙක් කණ්ඩායම් වල ක‍්‍රීඩකයන්ට ගෙවීම් නිසි පරිදි සිදු කර ඇති බවයි.

කෙසේ වෙතත් ශ‍්‍රීලංකා කණ්ඩායම එක් දවසක් සදහා ඇරිකානු ඩොලර් 250ක දීමනාවක් ලබා දී ඇති අතර වෙනස් කිසිදු ගාස්තුවක් ගෙවීම් කර නොමැත. ඔවුන්ට තරග ගාස්තු ලෙස කිසිදු මුදලක් නොලැබුණත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඇද සිටි ජර්සිය පිටුපස අසන්න වශයෙන් සංවිධායකවරුන් 10 දෙනෙකුගේ ලාංජන පැවැති බවට එම වාර්තා වැඩිදුරටත් දක්වයි.

චන්දික හතුරුසිංහ වැඩභාරගත් ඊයේ දිනයේදී පැවැති මාධ්‍ය හමුවේදී මේ පිළිබදව ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ගෙන් විමසීම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහු පවසා ඇත්තේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

කෙසේ වුවත් තරගාවලිය ආරම්භයේදී පළාත් කණ්ඩායමක් ලෙස පැවැති ශ‍්‍රී ලංකා කණ්ඩායම ටීම් ශ‍්‍රි ලංකා ලෙස වෙනස් වුයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව බව පිලිගත නොහැකි අතර ප‍්‍රධානතම ගැටලුව වන්නේ එම තරගාවලියේ ක‍්‍රිඩකයින්ට ලැබීමට තිබු මුදල් සොරාගත්තත් කවුද යන්නයි

මදුසමය ගත කර ඉන්දියාවට ආපු ගමන් විරාත් සහ අනුෂ්කා කරපු දේ ඉන්දියාවම පිස්සු වැටෙයි

ඉන්දිය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ බොලිවුඩි නිළි අනුෂ්කා ශර්මාගේ විවාහ උත්සවය පසුගිය 11 වැනිදා ඉතාලියේදී පැවැත්වුනේ පවුලේ සහ සමීප හිතමිතුරන්ගේ සහභාගිත්වයෙනි.

සිය විවාහය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළ කෝලි යුවළ, තමන්ගේ පවුලේ ඥාතීන් සහ සමීප හිත මිතුරන් පමණක් විවාහ මංගලෝත්සවයට සහභාගි වූ බවත් මෙම විවාහ මංගලෝත්සවය පෞද්ගලික අවස්ථාවක් විය යුතු යයි ඔවුන්ගේ අදහස වූ බවත් පවසා තිබිණ.

විවාහයෙන් පසු තමාගේ පණිවිඩය කෝලි ලෝලීන්ට ට්විටර් හරහා ලබාදුන් විරාත් කෝලි,“සදහටම ආදරයෙන් බැඳී සිටින බව අද දින අපි එකිනෙකාට පොරොන්දු වූයෙමු. මේ අලංකාර දිනයේ එම ප්‍රවෘත්තිය ඔබ සියලු දෙනා සමගින් බෙදා හදා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් අපි භාග්‍යවන්තයෝ වන්නෙමු” ලෙස සිය ටිව්ටර් ගිණුමේ සටහන් කර තිබිණ.

විවාහය ඉතාලියේදී පැවැත්වූ නමුත් මෙම විවාහ මංගලෝත්සවය සම්පූර්ණයෙන්ම හින්දු චාරිත්‍රානුකූලව පැවැත්විණ.

කෝලි සහ අනුෂ්කා දෙසැම්බර් 21 වැනිදා දිල්ලියේදී සිය නැදෑ හිතමිතුරන් වෙනුවෙන් සාදයක් පවත්වන බව වාර්තා වන අතර ලබන අතර දෙසැම්බර් 26 වැනිදා මුම්බායිහිදි බොලිවුඞ් තරු සහ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙනු සාදයක් පැවැත්වීමට සූදානමින් සිටිති. අනතුරුව දෙදෙනාම දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතව ඇත්තේ ඉන්දීය පිලේ දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භ වන නිසාය.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි මස 4 වැනිදා කේප් ටවුන් නුවරදී ආරම්භ වන අතර ඒ සතියේදීම අනුෂ්කා ෂර්මා තමන්ගේ ගිවිසුම් අනුව කටයුතු කිරීම සඳහා මුම්බායි බලා පැමිණෙනු ඇතයි වාර්තා වේ.

ඉන්දිය මාධ්‍ය විසින් විරාට් කෝලි සහ අනුෂ්කා ශර්මා යුවළ ‘විරුෂ්කා’ යන අන්වර්ථ නාමයෙන් හැදින්වීමට ආරම්භ කර තිබේ. විවාහයෙන් අනතුරුව දෙදෙනාම මුම්බායිහි පදිංචි වන බවද කෝලි යුවළගේ නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වතත් ඉන්දියාවෙන් පිටත තම විවාහය සමරපු කෝලි සහ අනුෂ්කා ඊයේ ඉන්දියාව වෙත පැමිණ තිබෙනවා. එහිදී ඔවුන් මුලින්ම කර ඇත්තේ ඉන්දියාවේ අගමැති තුමා නරේන්ද්‍ර සිං මොධි මහතාව හමුවිමටයි. ඔවුන් මේසේ එහි ගොස් ඇත්තේ ඔවුන්ගේ ඉන්දියාවේ පවත්වනු ලබන විවාහ උත්සව සාධයට අගමතිතුමාට ආරාධයන කිරීමටයි.

ඒ අනුව ඔවුන්ගේ ඉන්දියාවේ පවත්වන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා නරේන්ද්‍ර සිං මොධි වනු ඇත කෙසේ වෙතත් මෙම හමුව පිළිඹඳව නරේන්ද්‍ර සිං මොධි මහතාද ෆේස්බුක් ඔස්සේ සඳහන් කර තිබුනා. එහිදී ඔහු යුවලට සුභ පැතීමටද අමතක කරතිබුනේ නෑ. එම සටහන පහතින්

ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ වෙනසක් සුපිරි ක්‍රීඩකයෙක් සමග අද ක්‍රීඩා කරන ලංකාවේ සංචිතය මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර T 20 තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර අතර තරඟාවලිය එළඹෙන 20 වනදා ආරම්භ වීමට නියමිතව ඇත.

තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින කණ්ඩායමට දැන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට අමතරව ඇතුලත් වන්නේ විශ්ව ප්‍රනාන්දු සහ දසුන් ශානක පමණක් බව ඉන්දියා ක්‍රිකට් වෙබ් අඩවියක් පැවසීය කෙසේ වෙතත්

එක්දින තරගාවලිය අහිමිවුණ කුසල් ජනිත් T20 තරගාවලියට ඇතුලත් වීම සතුටට කරුණකි.
ක්‍රිකට් ඒජ් ඉන්දියා ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග උපුටා දක්වමින් හෙළි කරන මේ පුවතේ දැක්වෙන අන්දමට T20 පිටියේ සිටින පළපුරුදුම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංගට කණ්ඩායමේ තැන අහිමි වන අතර නවක වමත් වේගපන්දු යවන විශ්ව ඔහුගේ තැනට ආදේශ වනු ඇත.

පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගනයේ පවතී අවසන් T20 තරඟයේ වේගවත් අර්ධ ශතකයක් ලබාගත් දසුන් T 20 කණ්ඩායමේ තම තැන ස්ථාවර කරගෙන ඇති බවට ප්‍රකාශ කරන මෙම වෙබ් අඩවිය පවසන්නේ ක්‍රීඩා ඇමති වරයා අනුමැතිය දුන් පසුව කණ්ඩායම ප්‍රකාශයට පත්වනු ඇති බවත් අලුතෙන් එකතු වන ක්‍රීඩකයන් ඉන් පසුව ඉන්දියාවට පිටත් වනු ඇති බවත්ය.

මාලිංගට කණ්ඩායමේ තැන අහිමි වීමට හේතුවී ඇත්තේ පසුගිය කාලයේදී පන්දු යෑවීමෙන් සහ පන්දු රැකීමෙන් දක්‌වන ලද දක්‍ෂතා සෑහීමකට පත්විය නොහැකි වීමෙන් සහ ඔහුගේ සුපුරුදු තරග ශෛලියට අවතීර්ණ නොවීම යන කරුණු සලකා බලා තවදුරටත් කණ්‌ඩායමේ ස්‌ථානය ලබා නොදීමට ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගෙන ඇති නිසා බව වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්‌සයි විස්‌ස තරග 68 කට ක්‍රීඩා කර ඇති ලසිත් මාලිංග එහිදී බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 90 කි. පන්දු ඕවරයකට දළ ලකුණු 7.36 ක්‌ ලබාදී ඇති අතර කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍ය 19.77 කි. කෙසේ වෙතත් මාලිංග ක්‍රීඩා කළ අවසන් විස්‌සයි විස්‌ස තරග දහයේදී කඩුලු 21 ක්‌ දවා ගැනීමට සමත්ව තිබේ. නමුත් ඔහුගේ පන්දු ඕවරයකට දළ ලකුණු අටකට ආසන්න සංඛ්‍යාවක්‌ ප්‍රතිවාදීන් ලබා ගැනීම, පන්දු රැකීම සහ ශාරීරික යෝග්‍යතාව සැලකිල්ලට ගනිමින් විස්‌සයි විස්‌ස සංචිතයේ ස්‌ථානය අහිමිව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

තරග 15යි – කඩුලු 128යි එංගලන්තයෙන් ඕස්ට්‍රේලියාවෙන් කතා කළත් සල්ලි නිසා රට දාලා ගියේ නෑ” මාලින්ද පුෂ්පකුමාර කියන සංවේදී කතාව

කලක පටන්ම මවුබිම වෙනුවෙන් තරග දිනවීමට ශ්‍රී ලංකා ටෙස්ට් දග පන්දුවෙන් සිදුවූ සේවාව අතිමහත් ය. මුත්තයියා මුරලිදරන් ලොව හොදම පන්දු යවන්නා ලෙස කිරුළු පළදා ශ්‍රී ලංකාවෙන් ටෙස්ට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් පසු රංගන හේරත් ශ්‍රී ලංකා ටෙස්ට් වගකීම භාර ගත්තේය, භාර ගත්තා පමණක් නොව පන්දුවෙන්ම පමණක් තරග දිනවීම පුරුද්දක් කර ගත්තේය, මේ වන්විට ලොව බිහිවූ හොදම වමත් ටෙස්ට් දග පන්දු යවන්නා ලෙසද විචාරකයන් විසින් රංගන හේරත් හදුන්වා දේ.

නමුත් ඉන්පසු ? රංගනගෙන් පසු ශ්‍රී ලංකා දග පන්දු වගකීම කාටද ? රසිකයන්ට ගැටලුවකි, මේ ගැටලුවට සාධාරණ පිළිතුරක් ඔහුට ලැබෙන සෑම අවස්තාවකම ලබා දෙන ඔහු මාලින්ද පුෂ්පකුමාරයි, කලක පටන් ශ්‍රී ලංකා පළමු පෙළ හොදම පන්දු යවන්නා ලෙස වැජබෙන මාලින්ද පුවත්පතක් සමග සංවාදයකට එක් වෙමින් සිය ක්‍රීඩා දිවිය පිළිබද විශේෂ තොරතුරු හෙළිකර තිබුණා,

එම සංවාදය පහතින් ,

ප්‍ර: මේ දවස්‌වල මොකද වෙන්නේ?

ප්‍රිමියර් මැච් ටික පටන් ගත්තා. ඒවගේ සෙල්ලම් කරනවා.

ප්‍ර: අලුත් උසස්‌වීමක්‌ ලැබුණා නේද?

ඔව්. චිලව් මේරියන්ස්‌ පිලේ නායකත්වය හම්බුණා. පළවෙනි පාරට තමයි මේ තනතුර ලැබුණේ.

ප්‍ර: කොහොමද නායකත්වය?

නායකත්වය දරපු පළමු තරගයේදීම එන්.සී.සී. පිල එක්‌ක තිබුණ තරගය දිනන්න පුළුවන් වුණා.

ප්‍ර: ශ්‍රී ලංකා ‘ඒ’ පිලත් එක්‌ක සාර්ථක කොදෙව් සංචාරයක්‌ අවසන් කළා?

ඒ තරගාවලියේ ටෙස්‌ට්‌ මැච් තුනේදී මට විකට්‌ 25 ක්‌ ගන්න පුළුවන් වුණා.

ප්‍ර: ශ්‍රී ලංකා පිලට ආයෙත් එකතුවෙන්න කොයිවගේ චාන්ස්‌ එකක්‌ද තියෙන්නේ?

ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ හොඳට කළා. ඉතිං බලාගෙන ඉන්නවා අවස්‌ථාවක්‌ ලැබෙනකම්.

ප්‍ර: ශ්‍රී ලංකා පිලට එන්න දැන් ලොකු තරගකාරිත්වයක්‌ තියෙනවා නේද?

තරගකාරිත්වයක්‌ තියෙනවා. තරගකාරිත්වයට මුහුණදෙන්න සූදානමින් ඉන්නේ.

ප්‍ර: රංගන හේරත් මොකද කියන්නේ?

රංගන අයියා පුහුණුවීම් වලදි හම්බුණාම හොඳ සපෝර්ට්‌ එකක්‌ දෙනවා. එයාගේ අත්දැකීම් එක්‌ක අපිට ගොඩක්‌ දේවල් කියලා දෙනවා.

ප්‍ර: මේ වෙද්දි පළමුපෙළ කඩුලු කීයක්‌ දවාගෙන තියෙනවාද?

තරග 105 කදී කඩුලු 594 ක්‌ අරගෙන තියෙනවා. ඒකේ කඩුලු 10 බැගින් ගත්ත අවස්‌ථා 19 ක්‌ සහ කඩුලු 5 බැගින් ගත්ත අවස්‌ථා 48 ක්‌ තියෙනවා.

ප්‍ර: එතකොට මේ අවුරුද්දේ කඩුලු කීයද?

ටෙස්‌ට්‌ මැච් දෙකත් එක්‌ක මේ අවුරුද්දේ මැච් 15 ට විකට්‌ 128 ක්‌ අරගෙන තියෙනවා.

ප්‍ර: හොඳම පන්දු යෑවීම?

ටැමිල් යුනියන් කණ්‌ඩායමත් එක්‌ක තිබුණ තරගයකදී ලකුණු 46ට කඩුලු 9 ක්‌ ගත්තා.

ප්‍ර: අමතක නොවන තරගය?

ටෙස්‌ට්‌ වරම් දිනාගත්ත ඉන්දීය තරගය.

ප්‍ර: විවේකයක්‌ ලැබුණාම මොකද කරන්නේ?

ෆිල්ම් බලනවා. ගේම් ගහනවා

ප්‍ර: මාලින්ද පුෂ්පකුමාර කොයිවගේ චරිතයක්‌ද?

ග්‍රවුන්ඩ් එකේදී ටිකක්‌ ආවේගශීලී. ඒත් පිටදී සාමාන්‍ය චරිතයක්‌.

ප්‍ර: ලංකාවේ ගොඩක්‌ ක්‍රීඩකයින් කොන්ත්‍රාත් පදනමින් විදෙස්‌ රටවල ක්‍රීඩා කරනවා. මාලින්දට එහෙම ඇරයුමක්‌ ආවේ නැද්ද?

එංගලන්තයෙන් සහ ඕස්‌ටේ්‍රලියාවෙන් ගොඩක්‌ ආවා. ඒත් ආසාව රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න. ඒ නිසා අවස්‌ථාව ලැබෙනකම් බලාගෙන ඉන්නවා.

ප්‍ර: මේ ඉන්න තත්ත්වේ ගැන තෘප්තිමත්ද?

ජීවිතය ගැන තෘප්තිමත් වෙනවා. ඒත් ක්‍රිකට්‌ ගැන තවම තෘප්තිමත් නෑ.

ප්‍ර: පුහුණුකරු ගැන කිව්වොත්?

මේ දිනවල මගේ පුහුණුකරු පියල් විඡේතුංග මහතා. ඔහු තමයි අපේ ප්‍රධාන දඟ පන්දු යෑවීමේ පුහුණුකරු.

ප්‍ර: මාලින්දගේ ක්‍රිකට්‌ අනාගතය?

විශ්වාසයක්‌ තියෙනවා අනාගතයේදී ජාතික කණ්‌ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක්‌ විදිහට ක්‍රීඩා කරන්න ලැබෙයි කියලා.

කණ්ඩායම් 46ක් පරදා ශ්‍රී ලංකාවට ලෝක ශුරතාවයක් අජන්ත මෙන්ඩිස් රැගෙන එයි මෙන්න මෙන්ඩිස් අද සුපිරි තරගය දිනපු හැටි

ඊයේ දිනයේදී දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හී පැවති 2017 ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ලෝක ශූරතාවලියේ ශුරතාවය දිනාගැනීමට අජන්ත මෙන්ඩිස් නායකත්වය දැරූ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඊයේ දිනයේ අවසන් තරඟය පැවතියේ වෙනොරා ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාවේ රෙබෙල්ස් කණ්ඩායම අතරය.තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තම පන්දුවාර 20 තුල ලකුණු 201/7 දැවී ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ලක්ෂ එදිරිසිංහ පන්දු 32ක් තුල නොදැවී ලකුණු 70ක් ලබාගත් අතර නායක අජන්ත මෙන්ඩිස් පන්දු 25ක් තුල ලකුණු 41ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 202 හඹා ගිය රෙබෙල්ස් කණ්ඩායමට තම පන්දුවාර 20 තුල ලබාගත හැකි වුයේ 116/6 පමණක් වන අතර ඩැනියල් පොල්ටන් නොදැවී ලකුණු 54ක් ලබාගත් අතර පන්දු යැවීමේදී නුවන් රත්නායක සහ ජනක සම්පත් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව මෙම තරඟය ලකුණු 86ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ශ්‍රී ලංකාව බිහිකළ සුපිරි දඟ පන්දු යවන්නෙකු වන අජන්ත මෙන්ඩිස් සමත් වූ අතර තරඟාවලිය පුරා මෙන්ඩිස් පන්දු යවන්නෙකු සහ පිතිකරුවෙකු ලෙසද ඉතා සුපිරි හැකියාවන් පෙන්වීමට සමත් විය.

අදාළ ලෝක කුසලාන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැති ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ශූරතාවයේ ශූරතාව දිනූ කණ්‌ඩායම සහ තවත් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබූ අතර සාමාන්‍ය ක්‍රිකට්‌ නීති රීතිවලට වඩා වෙනස්‌කම් වලින් යුත් මෙම ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ආකෘතියට ලොව ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩකයන් රාශියක්‌ම සහභාගි විය.

කණ්‌ඩායම් 48 ක්‌ මෙම තරගාවලිය නියෝජනය කරන අවසන් පිතිකරුවාටද පන්දුවට පහරදිය හැකි ලෙස මෙම ක්‍රිකට්‌ තරග ආකෘතිය සකස්‌ කර ඇති අතර පන්දුවාර විස්‌සේ තරග ලෙස තරගාවලිය ක්‍රියාත්මක විය.වෙනෝරා ශ්‍රී ලංකා ලාස්‌ට්‌ මෑන් කණ්‌ඩායම ;  අජන්ත මෙන්ඩිස්‌ (නායක), ලක්‌ෂිත මධුෂාන්, හෂාන් රන්දික, ජනිත් චතුරංග, ලක්‌ෂ එදිරිසිංහ, හිමාෂ ලියනගේ, නුවන්ත රත්නායක, ජනක සම්පත්, ප්‍රභාත් ජයවර්ධන

කණ්ඩායම් 46ක් පරදා ශ්‍රී ලංකාවට ලෝක ශුරතාවයක් අජන්ත මෙන්ඩිස් රැගෙන එයි මෙන්න මෙන්ඩිස් අද සුපිරි තරගය දිනපු හැටි

ඊයේ දිනයේදී දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හී පැවති 2017 ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ලෝක ශූරතාවලියේ ශුරතාවය දිනාගැනීමට අජන්ත මෙන්ඩිස් නායකත්වය දැරූ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඊයේ දිනයේ අවසන් තරඟය පැවතියේ වෙනොරා ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාවේ රෙබෙල්ස් කණ්ඩායම අතරය.තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තම පන්දුවාර 20 තුල ලකුණු 201/7 දැවී ලබා ගැනීමට සමත් විය.ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ලක්ෂ එදිරිසිංහ පන්දු 32ක් තුල නොදැවී ලකුණු 70ක් ලබාගත් අතර නායක අජන්ත මෙන්ඩිස් පන්දු 25ක් තුල ලකුණු 41ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 202 හඹා ගිය රෙබෙල්ස් කණ්ඩායමට තම පන්දුවාර 20 තුල ලබාගත හැකි වුයේ 116/6 පමණක් වන අතර ඩැනියල් පොල්ටන් නොදැවී ලකුණු 54ක් ලබාගත් අතර පන්දු යැවීමේදී නුවන් රත්නායක සහ ජනක සම්පත් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.ඒ අනුව මෙම තරඟය ලකුණු 86ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ශ්‍රී ලංකාව බිහිකළ සුපිරි දඟ පන්දු යවන්නෙකු වන අජන්ත මෙන්ඩිස් සමත් වූ අතර තරඟාවලිය පුරා මෙන්ඩිස් පන්දු යවන්නෙකු සහ පිතිකරුවෙකු ලෙසද ඉතා සුපිරි හැකියාවන් පෙන්වීමට සමත් විය.

අදාළ ලෝක කුසලාන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැති ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ශූරතාවයේ ශූරතාව දිනූ කණ්‌ඩායම සහ තවත් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබූ අතර සාමාන්‍ය ක්‍රිකට්‌ නීති රීතිවලට වඩා වෙනස්‌කම් වලින් යුත් මෙම ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ආකෘතියට ලොව ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩකයන් රාශියක්‌ම සහභාගි විය.

කණ්‌ඩායම් 48 ක්‌ මෙම තරගාවලිය නියෝජනය කරන අවසන් පිතිකරුවාටද පන්දුවට පහරදිය හැකි ලෙස මෙම ක්‍රිකට්‌ තරග ආකෘතිය සකස්‌ කර ඇති අතර පන්දුවාර විස්‌සේ තරග ලෙස තරගාවලිය ක්‍රියාත්මක විය.වෙනෝරා ශ්‍රී ලංකා ලාස්‌ට්‌ මෑන් කණ්‌ඩායම ;  අජන්ත මෙන්ඩිස්‌ (නායක), ලක්‌ෂිත මධුෂාන්, හෂාන් රන්දික, ජනිත් චතුරංග, ලක්‌ෂ එදිරිසිංහ, හිමාෂ ලියනගේ, නුවන්ත රත්නායක, ජනක සම්පත්, ප්‍රභාත් ජයවර්ධන

නරඹන්නන් පන්දු රකින්නන් වෙයි පේ‍්‍රක්ෂයකින් මවිත කරමින් චන්දිමාල්ගේ සිංහ පිළ T – 10 තරගාවලියේ වැඩිම ලකුණු වාර්තා කරයි

T- 10 ලීග් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය මේ වන විට සාජා ක‍්‍රීඩාංගණයේදී විරේන්ද‍්‍ර ශෙවාග් නායකත්වය දරන මරාතා අරාබියන්ස් කණ්ඩායම සමග පැවත්වෙයි.

මරාතා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළදී කඩුලු 04ක් දැවී ලකුණු 125ක් ලබා ගැනීමට සමත් විය.එම මෙතෙක් පැවැති තරගවල කණ්ඩායමක් ලබා ගත් ඉහළම ලකුණු ලෙස ද වාර්තා විය.

එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පන්දු 24කදී එක් හයේ පහරක් හා හතරේ පහර 04ක් සමගින් නොදැවී ලකුණු 37ක් රැස් කළ අතර රමිත රඹුක්වැල්ල සමග එක්වෙමින් සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 37ක සම්බන්ධතාවක්ද ශෙහාන් ජයසූරිය සමග එක්වෙමින් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 48ක සම්බන්ධතාවක්ද පැවැත්වීමට සමත් විය.

රමිත් රඹුක්වැල්ල බ‍්‍රාවෝ ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යන විට පන්දු 10කදී හයේ පහර 02ක් හා හතරේ පහර 02ක් සමගින් ලකුණු 22ක් රැස් කරගෙන සිටි අතර ශෙහාන් ජයසූරිය පන්දු 11කදී හයේ පහර 02ක් හා හතරේ පහර 03ක් සමගින් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් විය

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි දිල්ශාන් මුණවීර ලකුණු 04කට සහ බානුක රාජපක්ෂ ලකුණු 19කට දවා ගැනීමට හාඩස් විල්ජොන් සමත් වු අතර දැවී යන විට බානුක සිය ඉනිම එක් හයේ පහරකින් හා හතරේ පහර 03කින් අලංකාර කර තිබුණි.

පන්දු යැවීමේදී බා‍්‍රවෝ පන්දුවාර 02 තුළ ලකුණු 12ක් ලබා දී කඩුලු 02ක් හා හාඩස් විල්ජොන් පන්දුවාර 02ක තුළ ලකුණු 28කට කඩුලු 02ක් බිද හෙළූහ

මෙම තරගාවලියේ මෙතෙක් පැවැති තරගවලින් පවර් ප්ලේ පන්දුවාර 04 තුළ රැස් කළ වැඩිම ලකුණු ප‍්‍රමාණයද(62) ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් අතින් වාර්තා වීමටද විශේෂත්වයකි .

මාධ්‍යයෙන් රටට වසන් කළ මාලිංගගේ ක්‍රිකට් දිවිය නිමා කරන ලංකා ඉතිහාසයේ දරුණුම පළිගැනීමේ සුලමුල මෙන්න

මේ කියන්න යන්නේ ශ්‍රී ලාංකික වගේම ලසිත් මාලිංගට ආදරය කරපු ඇයට දුක හිතෙන ආරංචියක්  ලසිත් මාලිංග කියන්නේ ඔබ ගොඩාක් ආදරය කරන, ලංකාව වෙනුවෙන් අගනා සේවයක් කරපු ක්‍රීඩකයෙක්. හැබැයි අපි මේ කියන්න හදන්නේ ලසිත් මාලිංග ගැන මෙච්චර දවසක් මාධ්‍යයෙන් වසං වෙලා තිබුනු කතාවක්. මේ කතාව අපිට දැන ගන්න ලැබුනේ බොහෝම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින්.

ඉන්දීය සංචාරයට එක්වෙන ශ්‍රී ලංකා පන්දුවාර 20 සංචිතයට ලසිත් මාලිංග ඇතුලත් වෙන්නේ නෑ කියලා සමහරවිට ඔබට වටින් ගොඩින් ආරංචි වෙලා ඇති. හැබැයි ඇත්තම කතාව නං මුලු ලෝකේම හොල්ලපු යෝකර් King ලසිත් මාලිංග ආයිත් ලංකාවට සෙල්ලම් කරනවා ඔබට කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ.

ඒකට ආසන්නතම සිදුවීම ලසිත් මාධ්‍යට ඇවිත් පරිපාලකයන්ට දෙහි කපපු එක කියලයි අපිට ආරංචි වුනේ. හැබැයි මාලි එල්ල කරපු චෝදනා වලට පරිපාලකයෝ උත්තර දීලා තියෙන්නේ මොළෙන්. ඒ ගේමේ තරම කොච්චරක්ද කියනවා නම් ගෙවී යන වසරේ ශ්‍රී ලංකාවේ හොදම පන්දුවාර 20 ක්‍රීඩකයා, සම්මානය ලැබිලා මාස දෙක තුනක් යද්දී Team එකෙන් එලියට විසි වෙලා යනවා. අන්න ඒ නිසා මාලි සම්බන්ධව පළිගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනව කියලා ඔබට දැන් හිතෙයි. ඒක තවත් ස්ථීර වෙයි මේ කතාව ඇහුවම.

“අපි ලසිත් මාලිංගගේ ක්‍රිකට් ඉවර කරා” මේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ ප්‍රභල සාමාජිකයන් දෙදෙනෙක් තමන්ගේ හිත මිතුරන්ට කියලා තිබුණ කතාවක්. ඉතිං තව කතා මොකටද. ආයිත් අපිට මාලි ලංකාව වෙනුවෙන් එක්දින හෝ විස්සයි විස්ස තරගාවලියකට සෙල්ලම් කරනවා දකින්න ලැබෙන්නේ නෑ. හැබැයි සමහර විට තව එකම එක දවසක් මාලිංග රට වෙනුවෙන් සෙල්ලම් කරනවා අපිට දකින්න ලැබෙයි.

ඒ අනිවාර්යයෙන් මාලිංගගේ සමුගැනීමේ තරගය වෙයි. අපි බොහොම විශ්වාසයෙන් ඒ ගැන කියන්නේ අපිට ලැබුනු අතිශයින්ම විශ්වාසවන්ත තොරතුරු වලට අනූවයි.

මොකද ක්‍රිකට් පරිපාලකයෝ තීරණය කරලා තියෙනවා ලසිත් මාලිංග ක්‍රිකට් වලින් සමුගන්න තීරණය කරොත් විතරක් ඒ වෙනුවෙන් එකම එක තරගයක් ලබා දෙන්න. ඒ හැරෙන්න ලංකාව වෙනුවෙන් කිසිම තරගාවලියකට මාලිව ගන්නේ නෑ කියලයි පරිපාලකයෝ තීරණය කරලා තියෙන්නේ.

ඉතිං මේ ගැන ලසිත් මාලිංගගේ පාර්ශවයෙන් අපි විමසීමක් කරා. එතකොට අපිට දැන ගන්න ලැබුනේ මාලිංග මේ සම්බන්ධව කිසිම දෙයක් කියන්න කැමති නැති බවයි.

“මම කර බා ගෙන ඉන්නවා, එච්චරයි කියන්න තියෙන්නේ” මේ තමයි මාලිංග අපිට එවූ ප්‍රතිචාරය.