ඔබ කවුරුත් නොදන්නා දුම්රිය රියදුරෙකුගේ මාසික වැටුප මෙන්න මේ අවුරුදු දෙකට 22000ක් වැඩිවෙලා..2020 වෙද්දි 54000ක් වැඩි එත් මදි කියන්නේ

දුම්රිය රියදුරෙකු අතිකාල දීමනාද සහිතව මසකට රුපියල් දෙලක්ෂ විසි හයදහසක(226 000) වැටුපක් ලබාගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද (11දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

එසේ තිබියදී මෙලෙස වැඩ වර්ජනය කිරිම අසාධාරණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

‘’..දුම්රිය රියදුරන්ගේ පඩිය රුපියල් 10 000 න් වැඩිකළාම මේ අවුරුදු දෙකට රුපියල් 22 000 න් පඩිය වැඩිවෙලා තියෙනවා. 2020 වෙද්දි රුපියල් 54 000 න් පඩිය වැඩිවෙනවා. ඔවුන් අතිකාල දීනමා එක්ක මාසෙකට දෙලක්ෂ විසි හයදාහක්( 2 26 000 ) පඩිගන්නවා. සමහර අය දෙලක්ෂයක් , එක්ලක්ෂ හැත්තැ පන්දහසක් ගන්නවා. දුම්රිය රියදුරෙක් පැය අටත් වැඩකරනවා. පැය නවයක් විවේක කාලයක් තිබෙනවා. ඒ විවේක කාලය පැය නවයට එක පැයකට පැය එකහාමාර ගානේ පැය 600 ක් අතිකාල ගන්නවා…‘‘

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනාධිපතිවරයා විසින් නිතුක්කරන ලද ගැසට් නිවේදනය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පාර්ල්මේන්තුවේදී මේ බව කීවේය.

දුම්රිය වෘත්තීය සමිති පසුගිය (6) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කර ඇති වැඩවර්ජනය නිසා මගීහු දැඩි පීඩාවට පත්ව සිටිති.

මේ අතර සිය වැඩවර්ජනය අඛණ්ඩව සිදු කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා.

දුම්රිය සේවයේ විවිධ ශ්‍රේණිවලට අයත් වෘත්තිය සමිති නියෝජිතයින් ඇතුළු සේවකයින් 1500කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් අද (11) පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹී බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පැවසුවේ.

තමන් සේවයෙන් පහ කළ ද සිය ඉල්ලීම් සහා යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙන තුරු තමන් වර්ජනයේ නිරත වන බවයි ඔවුන් කියා සිටියේ.

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් තවත් පැය 20ක් තුළ අනිවාර්යෙන් සේවයට වාර්තා කළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එසේ නොවුණහොත් ඔවුන් සේවය හැරගියා සේ සැලකීමටයි තීරණය කර ඇත්තේ.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් ඉකුත් 09 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් ප‍්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව සියලු සේවකයින් පැය 24ක් තුළ සේවයට වාර්තා කළ යුතුයි. ඊයේ (10) දිනය නිවාඩු දිනයක් බැවින් අදාළ පැය 24ක කාලය ආරම්භ වන්නේ අද (11) උදෑසන 08.00 සිට බවයි නෙත් නිවුස් කළ විමසීමකදී දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ සඳහන් කළේ.

පැය 24ක් තුළ සේවයට වාර්තා කරන ලෙසට සියලු පාර්ශ්වවලට දැනුවත් කර ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.

වර්ජනය සම්බන්ධයෙන් ගන්නා වූ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වර්ජනයට එක්ව සිටින වෘත්තීය සමිති මේ වනවිට විශේෂ සාකච්ඡාවකද නිරත වී සිටිනවා.

කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ ලිඛිත විසඳුමක් ලැබෙන තෙක් වර්ජනය අත්නොහරින බවයි.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ ඉල්ලීමක් සිදු කරමින් විශ්‍රාමික දුම්රිය රියදුරන්ට, නියාමකවරුන්ට සහ ස්ථානාධිපතිවරුන්ට සේවයට වාර්තා කරන්නැයි දැනුම්දීමක් සිදු කරනවා.

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් රාජ්‍ය දේපළවලට යම් හානියක් කළහොත් ඔවුන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගන්නා බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා.

එමෙන්ම බියවැද්දීම් සිදු කරන පුද්ගලයින්ට එහෙිරව ද අත්‍යවශ්‍ය සේවා කොන්දේසි යටතේ පියවර ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

මෙවැනි වැඩවර්ජනවලට මුහුණදීම සඳහා ඉදිරියේදී යුද හමුදා සාමාජිකයින් සේවයට එක්කර ගැනීමට තීරණය කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ අනුව තෝරාගත් යුද හමුදා සාමාජිකයින් පිරිසක් ඉන්දියාවට යවා පුහුණුවක් ලබාදී දුම්රිය සේවයට එක්කර ගන්නා බවයි ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

www.mmsvision.com

පොඩිවට පටන් අරගෙන මහාපරිමානෙන් කරන්න පුළුවන් කවදාවත් වැටෙන්නේ නැති සුපිරිම බිස්නස් 6ක් මෙන්න ඔබත් කියවලාම බලන්න

මේක ව්‍යාපාරික ලෝකයත් එක්ක බැඳිච්ච කතාවක්. මම ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ මුකුත් හදාරලා නෑ. හැබැයි නිකං ඉන්න වෙලාවක හිතිච්ච දෙයක්. බුදුන්වහන්සේගේ කාලයෙත් නොකළයුතු ව්‍යාපාර කියලා කොටසක් තිබ්බා. හැබැයි දැන් මේ කියන්න යන ව්‍යාපාර එකක්වත් එහෙම නොකළයුතු ඒවා නෙමෙයි. කෝටිගානක ප්‍රාග්ධනයක් යොදවන්න ඕනෙ ඒවත් නෙමෙයි. හැම එකක්ම එකකට එකක් සම්බන්ධයි. ඒක හින්ද සමූහ ව්‍යාපාරයක් විදිහටත් කරන්න පුළුවන්. මේවා නරකම නෑ. ඒත් ඉතින් නොකරත් බෑ. ඒකයි මේකෙ තිෙයන වෙනස.

දැන් අපි ව්‍යාපාර එක එක අරන් බලමු.

ව්‍යාපාරය 1 – කෙටි කෑම කඩයක්

දැන් මිනිසුන් ඉතාම කාර්යබහුලයි. හුස්ම ගන්න පමණක් වේලාව ඇත. අනිත් හැම වෙලාවම හම්බ කිරීම පිණිස යොදාගනී. ඉතින් කෑම පිසීම ගැන වගක් නැත. ඔවුහු කඩ වලින් කෑම කති. නමුත් හැම කඩයෙන්ම කෑම නොකති. රසවත් කෑම ඇති කඩවලින් කෑම කති. ඉතින් කෑම රසවත් වීමට අහිතකර රසකාරක, අහිතකර තෙල් වර්ග දැමිය යුතුය. බොහෝ ක‍ෙටි කෑමකඩවල්වල කෑම රසවත් වීමත් කඩේ ඉදිරිපස පිරිසිදු වීමත් හැර වෙන යමක් නැති නිසා ව්‍යාපාරය සාර්ථක වේ.

ව්‍යාපාරය 2 – රූපලාවන්‍යාගාරයක්

මිනිසුන්ට (ගැහැනුන්ට) ලස්සන වීමට අවශ්‍යය. මඟුල් ගෙදරකට, කාර්යාලයට දමන මේකප් දැමිය නොහැක. ඒකට බියුටීෂන් කෙනෙක් ඕනෑය. යසට තියන ඇහිබැම ත්‍රෙඩින් කළයුතුය. වැක්ස් කළ යුතුය. ෆේෂල් කල යුතුය. රීබොන්ඩ් කළ යුතුය. මෙසේ අසූ කෙලක් දෑ කළ යුතුය. (සමහරුන්ට ඩයි කරන්නද ඕනෑය). මේවා ගෙදර ඉන්න මනුස්සයාට කළ නොහැක. එබැවින් රූපලාවන්‍යාගාරයක පිහිට පැතිය යුතුය. මේ ව්‍යාපාරය ද කිසිදා කඩා නොවැටෙන්නක් වන්නේ මේ නිසාය.

ව්‍යාපාරය 3 – ඖෂධ ශාලාවක් හෝ පෞද්ගලික රෝහලක්

මෙම ඖෂධ ශාලාව ආයුර්වේද එකක් නම් තවත් හොඳය. ඉහත සඳහන් ව්‍යාපාර දෙකේ අැතැම් සේවාලාභියෝ මෙහි අනිවාර්ය සේවය ලබන්නෝ වෙති. කෙටිකෑම කඩයෙන් වස විස කා, රූපලාවන්‍යාගාරයකින් වැරැද්දක් වූ පසු ඔවුන්ට මෙම ව්‍යාපාරය හැර අන් ව්‍යාපාරයක පිහිටක් නොමැත. වර්තමානයේ වෛද්‍යවරයාට සුදුසුකම් ඇතිවුවත් නැති වුවත් ලෙඩ්ඩු ඕනෑතරම් සිටිති. අනික දැන් පෞද්ගලික රෝහලකට බිල මුද්‍රණය කරන මැෂින් එකක් පමණක් සෑහේ. (අනෙකුත් වෛද්‍ය උපකරණ අත්‍යාවශ්‍ය නැත)

ව්‍යාපාරය 4 – ඖෂධ හලක්

තේරෙන සිංහලෙන් කියනවා නම් ෆාමසියක්. ඉහත ඔක්කොම ලෙඩවලට බෙහෙත් ගත යුතුය. ඒ සඳහා විකුණුම් සේවාවක් තිබිය යුතුය. මේ සඳහා සේවාලාභීන් නොමැති වීමට ලෙඩ නැති මිනිස්සු සිටිය යුතුය. ඉහත ව්‍යාපාර වල සේවා දායකයන්ගේ හිඟයක් නොමැති නිසා මෙම ආයතන ද දිගුකල් වැජඹෙන ව්‍යාපාරයකි.

ව්‍යාපාරය 5 – ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ ආයතනයක්

අැතැම් ව්‍යාපාර අංක 1-2න් සේවා ලබාගන්නා සේවාදායකයා ව්‍යාපාර අංක 3 වෙත එන්නේ සුවකළ නොහැකි පිළිකා බඳු ලෙඩ සාදාගෙනය. ඉතින් බෙහෙත් ගත් පසු සුව නොවන තැන්වලදී ඔවුන් සොයන්නේ තමන්ගේ ග්‍රහචාරයයි. ඉතින් මීළඟ හොඳම ව්‍යාපාරය වන්නේ මෙයයි.

ව්‍යාපාර 6 – මල් ශාලාවක්

සේවාලාභීන් අවසානයේ පැමිණිය යුත්තේ මෙම ස්ථානයටයි. හැමදේටම සෝබන ඇති නිසා මෙම ව්‍යාපාරය ද යහතින් කරගෙන යා හැකිය.

ව්‍යාපාර ගැන කිසිම අවබෝධයක් නැති මම, හිතට ආවට ලියන දේ ඔබගේ විචාර බුද්ධියෙන් සිතා දියුණුව ළඟා කරගන්නේ නම් මැනවි.

මෙරට රජයේ සේවකයකු ලබන වැඩිම පඩිය කාටද ඔබ දන්නවාද ?මෙන්න ලක්ෂ 14 වැඩි රාජ්‍ය සේවයින්ගේ වැඩිම පඩිය ගන්න කෙනා

ලක්ෂ 14ට වැඩි මෙරට ඉතිහාසයේ රජයේ සේවකයකු විසින් ලබාගන්නා ඉහළම පඩිය ලබාගන්නේ සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරියකු බව වාර්තා වේ.

විද්‍යා උපාධියක් සහිත මෙම ඉහල නිලධාරියා මාසිකව ලබන වැටුප රුපියල් ලක්ෂ 04කට ආසන්නය.

එහිදී ඔහු විසින් කල් ඉකුත්වූ ගුවන් මෙහෙයුම් නිලධාරී බලපත්‍රයකට ලබාගන්නා විශේෂ දීමනාව රුපියල් ලක්ෂ 03කි. යාවත්කාලීන වූ මෙවැනි බලපත්‍රයක හිමිකරුවකු වසර 05ක් සම්පූර්ණ කළ විට ශ්‍රී ලංකන් ගුවන්සේවයෙන් ලබාදෙන දීමනාව රු. 35,000කි. වසර 05ක් දක්වා ලබාදෙන්නේ රු.5000කි.

ඔහු විසින් හිඟමුදලක් යයි පවසමින් පසුගිය මැයි මාසයේ ලබාගත් මුදල පමණක් රුපියල් ලක්ෂ 21කි.

ගුවන්සේවා අධිකාරියේ සියලු නිලධාරී දායකත්වයෙන් වාර්ෂිකව මිලියන 871ක ශුද්ධ ලාභයක් උපයා දුන්නද ඉන් සුර සැප විඳින්නේ ඉහළ පරිපාලනයේ නිලධාරීන් කිහිපදෙනකු බව අධිකාරී සේවකයින් පවසයි.

ඒ තියා ගුවන්සේවා අධිකාරී ගොඩනැගිල්ලද කුලී පදනම යටතේ ලබා ගත් එකක් වීමද විශේෂත්වයකි.

ඇමරිකාවේ පදිංචියට යන්න මෙන්න නියම චාන්ස් එකක් ඉක්මන් කරන්න ඔබටත් ඇමරිකාවේ පදිංචියට යන්න දැන් කරන්න තියෙන්නේ පොඩි දෙයයි ඉක්මන් කරන්න

ඇමරිකාවේ පදිංචියට යන්න මෙන්න නියම චාන්ස් එකක් ඉක්මන් කරන්න ඔබටත් ඇමරිකාවේ පදිංචියට යන්න දැන් කරන්න තියෙන්නේ පොඩි දෙයයි ඉක්මන් කරන්න

හැමෝටම හීනයක් වෙලා තිබුණු මේ ඇමරිකානු සිහිනය ඔබට සබැ වෙන්න හදන්නේ කරන්න තියෙන්නේ පොඩි දෙයක් ඔබත් මෙය කරන්න ඔබටත් අනිවාරෙන්ම යන්න හැකියාවක් ලැබෙයි

ඇමරිකානු විවිධත්ව සංක්‍රමණික වීසා (ගී්‍රන් කාඩ්) ලොතරැයි වැඩසටහන සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ දිනවල ලියාපදිංචි විය හැකි බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය දන්වා සිටී.

අන්තර්ජාලය online ඔස්‌සේ නොවැම්බර් 07 වැනිදා දක්‌වා ගී්‍රන් කාඩ් ලොතරැයිය සඳහා ලියාපදිංචි විය හැකි අතර ඒ සඳහා කිසිදු මුදලක්‌ අය නොකරන බවද තානාපති කාර්යාලය දැනුම් දෙයි.

අයෑදුම්කරුවන් අතුරින් අහඹු ලෙස තෝරා ගන්නා ශ්‍රී ලාංකිකයන් සංක්‍රමණික වීසා සඳහා සම්මුඛ පරීක්‌ෂණයට කැඳවන අතර ඉන් සුදුසුකම් ලබන්නන්ට ඇමරිකාවේ නීත්‍යනුකූල, ස්‌ථිර නේවාසිකයන් විය හැකි බවද තානාපති කාර්යාලය දැනුම් දේ.

අයෑදුම්පතක්‌ සම්පූර්ණ කර ඉදිරිපත් කිරීමට තුන්වැනි පාර්ශ්වයක ආධාර අවශ්‍ය නොවන බවද සුදුසුකම් හා උපදෙස්‌ සිංහල, දෙමළ හා ඉංගී්‍රසි භාෂාවෙන් ලබා ගැනීම සඳහා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ⇒ U.S Embassy in Sri Lanka ⇐ වෙබ් අඩවියට පිවිසෙන ලෙසද දැනුම් දී සිටී.

ලොතරැයිය ඉල්ලුම් කිරීම සඳහා ⇒ U.S. Department of State Bureau of Consular Affairs ⇐ වෙබ් අඩවියට පිවිසෙන ලෙසද තානාපති කාර්යාලය ප්‍රකාශ කර සිටී.

මෙන්න ඔබටත් රජයේ රැකියා අවස්තාවක් සිංහල දෙමල පුලුවන්නම් සාමාන්‍ය පෙළ උසස් පෙළ පෙනී සිටියානම් අදම අයදුම් කරන්න

ශ්‍රීලංකා සිංහල දෙමල පුලුවන්නම් අදම අයදුම් කරන්න රෙජිස්ටර් දෙපාර්තුමේන්තුව ශ්‍රීලංකා ජාතික කෞතුකාගාරය සදහා පුරප්පාඩු රැසක් මේ ඔබේ වාරයයි