රු.2000 ක ආරම්භය වසර 9 යෙන් රු. බිලියන 5කට හැරවූ සුපිරි ව්‍යවසායකයා මෙන්න ඔහු කරපු දේවල් ගොඩයනවානම් ඔබත් කියවලාම බලන්න

දුක දිනා ජීවිතය ජයගත් මිනිස්සු ගැන අපි නිතරම ඔබට කියන්නෙ ඔවුන්ගෙන් ඔබේ ජීවිත වලට ලොකු පාඩමක් ඉගනගන්න පුළුවන් නිසා. උත්සාහය, කැපවීම, අධිෂ්ඨානය තියෙනවනම් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා මුළු ලෝකයටම පෙන්නපු අපේ කාලයේ දක්ෂ ව්‍යාපාරිකයෙකු අපිට මුනගැහුනා. ඔහු ගැන අපි මේ සටහන තබන්නෙත් ඔහුගේ ජීවිතයෙන් බොහෝ දේවල් ඔබටත් ඉගනගන්න තියෙන නිසා.

මේ කියන්න යන දක්ෂ ව්‍යාපාරිකයා නමින් සම්පත් මායාකඩුව. සමහර විට නම කියන කොටම මේ කවුද කියලා ඔබ දන්නවත් ඇති. මොහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය ආරම්භ වෙන්නෙ 2008 අවුරුද්දෙදි.

රුපියල් 2000 ක් විතරක් අරගෙන කොළඹ නගරයට ආපු මේ තරුණයට මෘදුකාංග නිර්මාණය පිළිබඳව ඉතා විශිෂ්ඨ දැනුමක් තිබුනා. ඒ නිසාම එකල ජනප්‍රිය දුරකතන සමාගමක්ව තිබුනු TIGO සමාගම සමඟ එක්වී කටයුතු කරන්න ඔහුට අවස්තාව ලැබුනා.

එකම දක්ෂතාවයකට සීමා නොවී බෝහෝ ක්ෂේස්ත්‍රයන් කෙරෙහි දක්ෂතා දැක්වූ නිසාම ඉතා කෙටි කලක් තුල TIGO ආයතනයේ වැදගත්ම කාර්යභාරයක් සම්පත් මයාකඩුවට ලබා දෙන්නට ඔවුන් තීරණය කලා. ඒ අනුව දුරකතන සිම්පත් ලබාගන්නා පාරිභෝගිකයින්ගේ දත්ත පරිගණක ගත කිරීම ඔහුට හිමි වෙනවා. ඔහු ඒ සඳහා යොදාගත්තේ ඔහුම නිර්මාණය කරපු පරිගණක මෘදුකාංගයක්.

පසුව එම සේවාවන් ඉතා උසස් අයුරින් ලබාදීම සඳහා සම්පත් මයාකඩුව මහතා විසින් 2008 වසරේ සැප්තැම්බර් මාසයේදී IDEA HOLDINGS නමින් ඔහුගේ පළමු සමාගම අරම්භ කරනවා.ඔහු මෙම ආයතනය දිනෙන් දින තම පාරිභෝගිකයන්ට ඉතා විශිෂ්ඨ සේවාවක් ලබා දෙන ආයතනයක් බවට පත්කලේ තමන් විශිෂ්ඨ ව්‍යාපාරිකයෙකු බව ලොවටම පසක් කරමින්.

එසේම තම ආයතනය තුල කිසිඳු ලේඛණයක් භාවිතා නොකර Paperless ආයතනයක් බවට පත් කරමින් තම ව්‍යාපාරික කටයුතු කරගෙන ගියේ තමන් පරිසරයට ආදරය කරන පරිසර හිතකාමියෙකු බවද සනාථ කරමින්.

තම ව්‍යාපාරික දිවියේ සුවිශේෂී කඩඉමක් පසුකරමින් 2012 වර්ෂයේදී ආරම්භ කල “සිවිලිම” ප්‍රදර්ශනාගාර ජාලය ඉතා කෙටි කලක් තුල මුළු රටවටා ව්‍යාප්ත කිරීමටද ඔහු සමත් වුනා, ප්‍රදර්ශනාගාර 400කින් යුත් එහි අලෙවි ජාලය මෙරට විශාලතම ප්‍රදර්ශනාගාර ජාලයද වෙනවා. ඉන් නොනැවතුන ඔහු සිවිලිම,සියන,i-Panel, i-Roof වැනි ඉතා ජනප්‍රිය සන්නාම රැසකට හිමිකම් කියන සමාගමක් බවට පත් කරන්නට සමත් වෙනවා.

මේ වන විට කාර්මික අංශයේ පේටන්ට් බලපත්‍ර 42 කට හිමිකම් කියන සම්පත් මායාකඩුව මහතා දකුණු ආසියාවේ විශාලතම ASA Roofing කර්මාන්ත ශාලාවට හිමිකම් කියන පුද්ගලයාද වෙනවා. එසේම ශ්‍රී ලංකාවේ විශාලතම දොර සහ ජනෙල් උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවටද හිමිකම් කියන මොහුගේ මේ වන විට වත්කම රුපියල් මිලියන 5000 කට අධිකයි.

සම්පත් මායාකඩුව මහතා විසින් 2009 වසරේදී රචනා කරන ලද ‘‘මුදල් ආකර්ෂණය‘‘ කෘතියද ශ්‍රී ලංකාව තුල ඉතා ජනප්‍රියත්වය පත්වීමද ඔහුගේ දක්ෂතාවය මනා ලෙස පිළිබිඹු වීමක්.

නව චින්තනයක්, නව දැක්මක් සහිතව ඉදිරියට යන ඔහු කිසිවිටකත් වෙලදපොලේ ඇති නිෂ්පාදනය අනුකරණය නොකර ඒ වෙනුවට නව ආදේශක හඳුන්වා දෙන්නෙකු වුනා.මේ නිසාම ව්‍යාපාරික ක්ෂේත්‍රය තුල ඔහුට හිමි වන්නේ ඉහල ගෞරවයක්.

බොහෝ දෙනා කතාකරන පරිසර විනාශයට ඉතා හොඳ පිළියමක් ලබා දෙන්නටද මොහුට හැකියාව ලැබුණා. නිවසක සිවිලමක් වෙනුවෙන් අපේ රටේ ගස් කීයක්නම් කැපෙනවද..? නමුත් මායාකඩුව මහතා විසින් ලී සිවිලම වෙනුවට ආදේශක හඳුන්වාදීමත් සමඟ අපේ රටේ පරිසර විනාශය ගොඩක් අවම කරගන්න පුළුවන් වුනා. මේ නිසා අපේ රටේ වනාන්තර වල තියන වටිනා ගස් දස දහස් ගණනක් සුරැකෙන්න ඇති.

මේ නිසාම SLIM Brand Excellence 2017 වසරේ විශිෂ්ටතම නවෝත්පාදන වෙළද සන්නාමයට හිමි රන් සම්මානයෙන් (Best Innovative Brand of the Year- Gold Award) පිදුම් ලැබීමට සම්පත් මායාකඩුව මහතා භාග්‍ය හිමි කරගත්තා.

එසේම ඔහුගේ සමාගම් ජාලයේ සේවය කිරීම සදහා විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කල ඉතා තරුණ කණ්ඩායම් යොදාගෙන තිබීම ඇගයීමටද ලක්විය යුත්තක්. ඔහු සතු කළමණාකරන හැකියාව සහ පර්ගණක මෘදුකාංග පිළිබඳව ඇති දක්ෂතාවය නිසාම 2017 වසරේ බස්නාහිර පළාතේ මහා පරිමාන ව්‍යාපාර අංශයේ හොදම ව්‍යවසායකයාට හිමි ජාතික රන් සම්මානය සහ ශ්‍රී ලංකාවේ මහා පරිමාන ව්‍යාපාර අංශයේ හොදම ව්‍යවසායකයාට හිමි රන් සම්මානද ඔහුට හිමිවුවා.

මේ වන විට ඔහුගේ අයිඩියා සමුහ ව්‍යාපාරය මෙරට හෝටල්, ඉදිකිරීම් හා තොරතුරු තාක්ෂණ යන අංශයන්හි ව්‍යපාරකරණයෙහි යෙදෙන ප්‍රමුඛතම සමාගමක්.

මේ දක්ෂ ව්‍යාපාරිකයා රුපියල් බිලියන 10ක අලෙවි ඉලක්කයක් සහිතව 2018 වසරට පා තබන්නට සූදානමින් සිටින්නේ ඉදිරියේදී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ තවත් නැවුම් වෙනසක බලාපොරොත්තුවක් අපට ඉතිරි කරමින්.

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සිටින ඔබටත්, ව්‍යාපාරික ලෝකයට එකතුවෙන්න මග බලාගෙන ඉන්න සැමටත් සම්පත් මායාකඩුව නම් වූ මේ සොඳුරු ව්‍යාපාරිකයාගෙන් ඉගනගත යුතු බොහෝ පාඩම් තිබෙනවා. අපේ රටේ සිටින මෙවැනි ව්‍යාපාරික ලොවේ දැවැන්තයන්ගේ චරිත අධ්‍යයනය කර ඔවුන්ව අනුගමනය කරනවානම් ඔබටත් මෙවැනිම වූ විශිෂ්ඨයෙකු වෙන්න පුළුවන්.

කිරි එකක් ගන්න සල්ලි නැ බනිස් ගෙඩියෙන් ප්‍ලේන්ටියෙන් ජිවත් වෙන ලංකාවේ සිටින සුපිරි අයෝමය පුරුෂයා අජිත් ගේ දුක්බර ජීවිතය මෙන්න

හීන ජීවිතය ජීවත් කරවන බව කීවත් අජිත්ට නම් ජීවත්වන්නට හීන ඕනෑ වූයේ නැත. උපන්දා සිට දරිද්‍රතාවයේ ජීවන අරගලයෙන් පීඩා විඳි අජිත්ට සුන්දර ළමාවිය සිහිනයක්ම වුණේය. ජීවිත හයක් ජීවත් කරවන්නට එදිනෙදා කුලී වැඩ කළ හැන්ටි‍්‍රද සිල්වා සේම ඊට සවියක් වන්නට සිතා රුපියල් තුන්හාරසීයක් සොයන්නට රඹුකන් ඔයේ වැලි ගොඩ දැමූ සෝමාවතී අම්මාත්, කොතෙක් මහන්සි වූවත් ඔවුන්ට සුවපහසු ජීවිත ලැබුණේ නැත. ඒ නිසාම අනෙකුත් සහෝදරයන් තිදෙනා සේම එච්.ජී. අජිත් අබේසිරි ද කුඩාවියේ සිටම පාසල් ඇරීවිත් කරාඹු, ගම්මිරිස් කැඞීම, වතුපිටි උදුලූගෑම වැනි එදිනෙදා කීයක් හෝ අතට එන රැුකියාවන් කළේය.

”ඒ කාලේ අපට හරියට කන්ඩවත් නෑ. කිරිපිටි එකක් දැකලා වත් නෑ. ඇඟවල් හරි කෙට්ටුයි. මන්දපෝෂණය හැදුණ වගේ. සාමාන්‍ය පෙළ එකවතාවක් ලියලා ඉස්කෝලේ නොගිහින් ගොඩනැගිලි ඉදිකිරීමේ කොම්පැනියකට එකතුවෙලා වැඩ කර කර හිටියා. ඊට පස්සේ මම අමානෝ වැහි පිහිලි ගහන තැනක වැඩකළා. ඒ වැඩෙත් හරියට හරිගියේ නැති හින්දා රස්සාවෙන් අයින් වෙලා රඹුක්කන් ඔයේ වැලි ගොඩදාන්න ගියා. ඒ අතරෙ ඇදලා තියෙන වැලි අදාළ ගෙදරවලට ගෙනිහින් දෙන එකත් කළා. ඒත් මේ කිසි දේකින්වත් පවුලේ දියුණුවක් නැති හින්දා ගමේ කෙනෙක් හරහා ඩුබායි ගියා. ඒත් එතනත් පරහක් වුණානේ. මෙහෙන් මාව ඩුබායි යැව්වට ඒ යවපු ක‍්‍රමයේ වීසා වංචාවක් තිබිලා ආපහු ලංකාවට ඒ එක්කම එන්න වුණා ”

දහසක් බලාපොරොත්තු මැද ජීවිතය ජයගන්නට මැදපෙරදිග ගිය අජිත් අබේසිරිගේ බිඳීගිය බලාපොරොත්තු මැද ආර්ථිකය තවතවත් පහතට වැටුණා මිස ඉහළට යාමක් නොවුණේය. ඔහු තමන් දන්නා අමානෝ වැහි පීලි වැඩ කරන තැනට පුරුදු ලෙස සම්බන්ධ වී වැඩ කරගෙන හිටියේය.

”මේ කාලේ අපේ ගමේ පොඩි ජිම් එකක් තිබුණා. ඒක අපේම කෙනෙක් යකඩ කෑලි එකතුකරලා පටන් ගත්ත එකක්. කට්ටිය ඔතෙන්ට එකතු වෙලා සෙල්ලම් කරනවා. ඒත් ක‍්‍රමානුකුලව දේවල් කියලා දීලා නෙවෙයි. තමන්ට හිතුණ හිතුණ විදිහට ඒ බඩු භාණ්ඩ එක්ක සෙල්ලම් කළා.

මේ කාලේ මගේ ඔළුවටත් එක දෙයක් ගැන උනන්දුවක් ඇති වුණා. ඒ ලස්සනට ඇඟවල් හදාගත්ත සමහර තරුණයො හිරට ඇඳුම් අඳිනවා. ඒ අ`දින හැටි දැක්කම මගෙ හිතටත් ආසාවක් ආවා එහෙම ලස්සන ඇඟක් හදාගන්න තියෙනවා නම් කියලා. ඒත් ඉතින් ඒ කාලේ මට තිබ්බ කෙසඟ ඇෙඟ් හැටියට එහෙම ඇඟක් හදාගන්න එකත් හීනයක් වගේ කියල මටම තේරුණා. ඒත් මං හිතුවා මාත් කොහොම හරි හොඳ ඇඟක් හදාගන්නවා කියලා.

ඔතෙන්ට එකතුවෙන ගමේ අයත් එක්ක ඇතිවෙන කල් පාපන්දු සෙල්ලම් කරනවා. දැනගෙන නොවුණත් ජිම් එකෙත් පොඞ්ඩක් සෙල්ලම් කළා.”

අජිත්ගෙ රැුකියා ස්ථානය කටුගස්තොටට වෙනස් වන්නේ මේ කාලයේය. ඔහු කටුගස්තොට අමානෝ පිහිලි සාදන තැනක වැඩට යද්දී ඒ අසල තිබූ ජිම් එකක් දුටුවේය. ඒ වන විට හොඳ ඇඟක් හදා ගැනීමේ දැඩි වුවමනාවකින් සිටි අජිත්ට ජිම් එක පැත්තේ ගොස් බලද්දී පුංචි වාසනාවක් කැරකුණේය.

”ඒ ජිම් එකේ මම දන්න යාළුවෙක් හිටියා. එයා කිව්වා ජිම් එකේ පොඩි පඩියක් දෙන්නම්. වැඩකරන්න එන්න. ඒ ගමන් ජිම් එකේ සෙල්ලම් කරන්නත් පුළුවන් කියලා. මම ඉතින් අමානෝ පිහිලි හදන තැන රැුකියාව නවත්තලා ජිම් එකේ වැඩට ගියා. රුපියල් 10,000ක් මාසෙට පඩි ලැබුණා.

ඒ එක්ක මගෙ යාළුවගෙන් මම හු`ගක් දේවල් ඉගෙන ගත්තා ජිම් එකේ සෙල්ලම් කරන ගමන්. යාළුවා ක‍්‍රීඩා පිළිබඳ උපාධියක් ඇති ක‍්‍රීඩා පුහුණුකරුවෙක්. ශරීරය වර්ධනය කරන හැටි, වැඩුණු ඇඟවල් අඩුකරන හැටි ඇතුළුව හැමදෙයක් පිළිබඳවම ඉගෙන ගත්තා. මම කවදාවත් අරක්කු සිගරට් බිව්වෙ නෑ.

අවුරුද්දක් දෙකක් යද්දී මාව කෑමෙන් බීමෙන් මහත්වෙන්න ගත්තා. ඊට පස්සෙ මගේ පුහුණුකරු බ‍්‍රයන් කිව්වා, ඔහොම ඉඳලා හරියන්නෙ නෑ, මීට් එකකට ඉමු කියලා. ඒ අනුව තමයි 2014 දී නුවර ආධුනික අයෝමය පුරුෂයා තේරීමේ තරගයට මාව ඉදිරිපත් කළේ. ඒ තරගෙට 70 ක් විතර කට්ටිය හිටියා. මට ප‍්‍රථම ස්ථානය ලැබුණා. එතැනින් පස්සෙ මේ අංශෙන් තව ඉහළට යන්න ඕන කියලා හිතුණා. ඒ අනුව 2014 ඉඳලා 2017 වෙනකොට ඉදිරිපත් වුණ අයෝමය පුරුෂයා තේරීමේ නුවර තරගවලින් ප‍්‍රථම තැන් ලබමින් රන් පදක්කම් හතකුත් දෙවැනි තැන ලබමින් රිදී පදක්කම් දෙකකුත් ලැබුවා. ඒ අතරේ 2017 මධ්‍යම පළාත් අයෝමය පුරුෂයා තේරීමේ තරගයෙන් පළමු තැන ලැබුණා. ඒක ලොකු ජයග‍්‍රහණයක්.”

අජිත් කියන පරිද්දෙන් ඔහු මේ තරම් දුරක් පැමිණ ඇත්තේ ඔහුගේ මහන්සියෙනි.

”මම මේ ඔක්කෝම කරගත්තේ මගෙ දුප්පත්කමින්, මගේ මහන්සියෙන් උත්සාහෙන්. මම එදා වේල හොයා ගත්ත සල්ලිවලින් තමයි මගේ ගමන හදා ගත්තේ. මම ආයෙත් රැුකියාව කරන්නේ අමානෝ වැහි පිහිලි ගහන තැන. ඒත් දවසක් ඇර දවසක්. අනිත් දවස පුහුණුවීම් කරනවා. මගේ වියදමට මට සල්ලි නෑ.

මගේ ඇඟට අවශ්‍ය කිරි එකක් ගන්න තරම්වත් අද මට සල්ලි නෑ. තරගයකට ඉදිරිපත් වෙනකොට මාස එකහමාරක ඉඳලා කෑම බීම නොගන ඇෙඟ් තෙල්, ලූණු, මිරිස් අයින් කරනවා. මට ප්‍රෝටීන් සහිත කිරි එකක් ගන්න සල්ලි නැති හින්දා ඇපල් ගෙඩියක්, ටී බනිස් එකක් වගේ කාලා ඉන්නේ. ළිෙ`දන් වතුර ඇ`දලා හරි ඔයෙන් හරි නාලා, කුරුම්බා ගෙඩියක් බීලා, ගමේ කොස් පොළොස් කාලා හැදුන මං රන් පදක්කම් ගෙනාවෙ මගේ උත්සාහයෙන්.

මගේ පුහුණුකරු සතයක්වත් නොගෙන මට පුහුණුවීම් කරද්දී වෙන කිසි කෙනෙක්ගෙන් රුපියලක තරම්වත් උදව්වක් මට නෑ. මගේ සහතික පෙන්නලා මම දේශපාලනඥයො කී දෙනෙක්ගෙන් රස්සාවක් ඉල්ලූවද ? මට කිසිම රස්සාවක් ලැබුණෙ නෑ. හිතේ හයියට ඇෙඟ් හයියට හරි හමන් වියදමක් කරගන්න රස්සාවක් නැතුව තවත් මට මේ ක‍්‍රීඩාවෙ යෙදෙන්න බෑ

. මම ඉදිරිපත් වෙලා ඉන්න දෙසැම්බර් 23 වැනිදා පවත්වන්නට නියමිත ‘මිස්ටර් ශ‍්‍රී ලංකා’ තරගෙන් කොහොම හරි මුල් පස් දෙනා අතරට මං එනවා. ඊට පස්සෙ මම මේ ක‍්‍රීඩාව අතහරිනවා. මම ඉල්ලන්නෙ මේ ක‍්‍රීඩාව ඉදිරියට ගෙනියන්න පුළුවන්, මගේ දක්ෂතාවලට හරියන රස්සාවක්.”

අජිත්ගේ මේ කලකිරුම මේ රටේ වගකිවයුත්තන්ටයි. ඔහු ඉල්ලන්නේ මහා ලොකු දෙයක් නොවේ. මේ ක‍්‍රීඩාවෙන් ඉදිරියට යන්නට වියදම සොයාගන්නට රැුකියාවකි. අජිත් තුළ ඇති දක්ෂතා ක‍්‍රීඩාවේ වගකිවයුත්තන් හඳුනාගෙන ඔහුගේ ඉදිරිගමනට උදව් දෙන්නේ නම් ඔහු මේ රටට වටිනා සම්පතක් වන බවට දැනටමත් සාධක පෙන්වා ඇත්තේය.

බියංකා නානායක්කාර

අවසන් සටනේ පෙරමුණේ හිටපු සෙබලා පුනරුත්තාපනයට ගෙනත් දාපු කොටි තරුණිය සමග බැදී පෙම සියල්ල හෙළිකරයි මෙන්න දැන් ඔවුන්ට සිදුවී ඇති දේ

අපි පුංචි කාලේ බත් කන්න බෑ කියනකොට මට යන්තම් මතකයි අපේ අම්ම කියනව බත් කෑවෙ නැත්නම් කොටියට දෙනව කියල, කොටිය කියන්නෙ කවුද? මොකෙක්ද කියන-එක ගැන දැනුමක් නොතිබුණත් අපි බයටම බත් ටික කෑව.

ඉස්කෝලෙ යන්න පටන්ගත්තයින් පස්සෙ අපේ හිත්වල ජීවිතේ රැකගන්නව කියන-එක ගැන ලොකු බයක් ඇති වුණා.

ඒ බය 1,2 පන්තිවල ඉඳලම තිබුණා, සිංහල මිනිස්සුන්ට හිරිහැර කරන කොටි සංවිධානය කියල කට්ටියක් ඉන්න බව අපිට තේරුණේ ඉස්කෝලෙ යන්න පටන් ගත්තයින් පස්සෙ.

අපිට මේ කතාව කියන්න පටන් ගත්තෙ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ජීවත් වන එකම සිංහල තරුණයා වන දිනේෂ් කුමාරයි.

දිනේෂ්ගෙ උපන් ගම වවුනියාව, අවසන් සටනේ මර්මස්ථානයක් වුණු පුදුකුඩුඉරිප්පුවල දිනේෂ් මොකද කරන්නෙ, එයා පාසල් ගියේ කොහොමද? අද මොකද කරන්නෙ, දිනේෂ් පුදුකුඩුඉරිප්පුවලට ආවෙ ඇයි කියන ප්‍රශ්න සේරටම උත්තර එයාගෙන්ම අහල දැනගන්න-එක හොඳයි කියලයි අපට හිතෙන්නේ.

‘ඉස්කෝලෙ යන දවස්වල අපි පුදුමාකාර බයකින් ජීවත් වු‍ණේ, දකුණේ දරුවන්ට තිබුණු ගෝණිබිල්ලන්, සන්නාසියන්, කප්පම්කරුවන්ට වඩා ලොකු බයක් අපේ හිත්වල තිබුණේ බිම්බෝම්බ, කොටි පිස්තෝල කල්ලිය වගේ දේවල් ගැනයි. මම ඉපදුණෙත් පාසල් ගියේත් වවුනියාවෙ, සිංහල ගම්මාන කිහිපයක් විතරයි වවුනියාවෙ තිබුණෙ.

අධ්‍යාපනය පවා අපට හරියට කරගන්න බැරි වුණේ ත්‍රස්තවාදී කරදර බාධක නිසයි. අපේ ඇස්වලින්ම දැකල තිබුණා බිම්බෝම්බ පුපුරන හැටි. අපිට අත වනාගෙන බයිසිකලේ නැඟල තාත්ත එක්ක ගිය අපෙ යහළු-යෙහෙළියො මීටර් 300ක් 400ක් දුර ගියාට පස්සෙ අළු-දූවිලි ගානට ගිය හැටි අපේ ඇස්වලින් දකින්න අපි පව් කරල තිබුණ.

මේ වගේ ලෝකයකයි අපි ජීවත් වුණේ. වවුනියාවෙ ජීවත් වුණු ගොඩක් අය ගෙදරින් යන්නෙ ආයෙත් ගෙදර එන්න ලැබෙයිද කියන්න බැරි තරම් චකිතයකින්. අම්ම තාත්තල කවදාවත් තමන්ගෙ දරුවො දෙන්න නැත් නම් තුන්දෙනා එකට පාසල් යවන්නෙ නැහැ. පාසල් ඇරිල ගෙදර එන්න කියල තියෙන්නෙත් පාරවල් දෙක-තුනකින්. මේක තමයි 90 ගණන්වල 2000 අවුරුද්දට කිට්ටුව අපේ ජීවිතවල තත්ත්වය.

පාසල් අධ්‍යාපනය නිමා කරල මම සිවිල් ආරක්ෂක හමුදාවට බැඳුණේ 2006 අවුරුද්දේ. එදා ඉඳල අපිට යුද හමුදාවත් එක්ක මේ ගම් ආරක්ෂා කරන කාර්යය පැවරිලා තිබුණා. සමහර දවස්වලට කෑම්ප් එකෙන් එළියට ගියහම දවස් තුන-හතරකට ආපහු එන්න ලැබෙන්නෙ නැහැ.

ඒත් ඒ කරදර දුක් කම්කටොලු සියල්ල විඳගත්තෙ අපේ මේ ගම්-බිම් රැකගන්න ඕනෑ නිසයි. 2009 අවසන් සටන බොහොම දරුණුවට ගියා. අපේ ජීවිත බේරුණේ අනූනවයෙන්. යුද්ධය අවසන් වුණාට පස්සෙ පුදුමාකාර සැහැල්ලුවක් අපට දැනුණා. ඔළුව ලොකු බරකින් නිදහස් වුණා වගේ තේරුණේ.

මේ අතර මුලතිව් කිට්ටුව විශ්වමඩු සිවිල් ආරක්ෂක බළකා කඳවුරක් ස්ථාපනය කළා. මටත් එහේ යන්න කිව්වා. මමත් එහේ ගියා. ටික කාලෙකට පස්සෙ අපිට විරුද්ධව අවි ආයුධ ගත්ත කොටි ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කරන්න ඒ කඳවුරට ගේනව කියල කිව්වා. මට පුදුම තරහක් ආවා. මම හිතුවා මේ රස්සාවෙන් අස් වෙන්න. අපි විඳපු දුක් වේදනා සියල්ල දවස් ගණන් කැලේ හිටියේ මේ කොටි ත්‍රස්තවාදීන් නිසා නේද කියල දැනෙනකොට පුදුමාකාර වෛරයක් ආවා.

මම ඒ ගැන ගිහින් අපේ අණ දෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු සර්ට කිව්වා. සර් මට වාඩි වෙන්න කියල ගොඩක් වෙලා මාත් එක්ක කතා කළා. මගේ හිතේ තිබුණු වෛරය, ක්‍රෝධය සේරම නැති වෙලා තමයි මම එතැනින් නැඟිටලා ආවෙ.

අපි කොටි කියල ලේබල් ගැහුවත් ඒ සේරම අප අපේම රටේ අය බව මට තේරුණා. දකුණේත් උතුරේත් අන්තවාදීන් කොටසකට විතරක් මේ රට දෙන්න ඕන බව මෙට තේරුණා. යම යම් දේශපාලඥයන්ගේ වැරැදි නිසා ඒ අය අවි අතට ගන්න ඇති කියලත් මට හිතුණා. ඒක නිසා අර වෛරය අනුකම්පාවක් බවට පත් වුණා.

ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැහුණු අය පුනරුත්ථාපනය කරල ඒ අයට විශ්වමඬු කඳවුරේම රැකියාව දුන්නා. ඒ සේරම අය අපේ හොඳම මිතුරන් වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. අපි එකට වැඩ කළා. එකට කෑව බිව්වා. එක බත් එක බෙදාගෙනත් කෑවා. අපේ මිතුදම වැඩි වුණා. ඒක කොයිතරම් දුර දිග ගියා කියලද හිතන්නෙ.

පුනරුත්ථාපනය වෙච්ච රශ්මි මාත් එක්ක ජීවිතේ ඉතුරු කාලය ගෙවන්න තීරණය කළා. අපි දෙන්න 2014 අවුරුද්දෙ විවාහ වුණා. දැන් අපි පදිංචි වෙලා ඉන්නෙ රශ්මිගේ ගමේ ඒ කියන්නෙ අවසන් සටනේ තීරණාත්මක ස්ථානයක් වෙච්ච පුදුකුඩුඉරිප්පවල, අපි බොහොම සතුටින් ඉන්නව. අපට දැන් හොඳට තේරෙනව යුද්දෙ ඕන කරල තිබුණෙ මේ රටේ ඉතාම සුළු පිරිසකට විතරයි කියල.’

උදයකුමාර විවාහ වෙලා ඉන්නෙ රශ්මි එක්ක. සිංහල වචනයක් වත් බැරිව හිටපු ඇයට අද සිංහල කතා කරන එක සාමාන්‍ය දෙයක් වෙලා. රශ්මිගෙ නම ඇහුවහම කියන්නෙ රශ්මි උදයකුමාර කියල.

‘අපි පාසල් යන කාලෙම තමයි මේ යුද්දෙ කියන පවට කරගහන්න වුණේ. සිංහල කියල මිනිස්සු පිරිසක් ඇවිත් අපේ ගෙවල් දොරවල්වලින් අපිව එළවල ඒව අල්ලගනන අපිව මරන්න එනවා කියල අපේ හිත්වලට කාවද්දල තිබුණ. ඒක නිසා අපේ ගෙවල් දොරවල් රැකගන්න අපි යුද්ද කරන්න ඕන කියන මානසිකත්වය තමයි හැම කෙනාගෙම හිත්වලට දීල තිබුණෙ. සිංහල කියන්නෙ කවුද? කොහේද ඉන්නෙ?

මේ කිසිම දෙයක් ගැන දැනගෙන හිටියෙ නෑ. අපිට පෙන්වල දීල තිබුණෙ යුද ඇඳුම් ඇඳගත්ත නිතරම තුවක්කව අතේ තියෙන යුද්ධ ටැංකිවල නැගල එන අය තමයි සිංහල කියල. අපේ අම්මත් එල්ටීටීඊ සංවිධානයේ වැඩට උදවු කළා. ඇත්තටම උදවු කරා නෙමෙයි උදවු කරන්න වෙලා තිබුණා.

ඔය අතරේ දවසල් රතු කුරුස සංවිධානයත් එක්ක සිංහල කට්ටියක් ආව. මම ඒ අය දැකල පුදුම වුණා. ඒ අයත් අපි වගේම සාමාන්‍ය ඇඳුම් ඇඳල අපේ අයට තෑගි බෝග ගෙනැත් දීල ගියා. මට ඇත්තෙන්ම එදා ප්‍රශ්නයක් ආවා අපිට දීල තියෙන චිත්‍රය වැරැදියි කියල. කොහොම හරි අවසන් සටන ආරම්භ වුණාට පස්සෙ අපිට ලොකු වගකීමක් ආව මේ පැත්ත ආරක්ෂා කරගන්න. ඒත් ඒ සටනින් අපි පැරදුණා. අපිට යටත් වෙන්න සිදු වුණා.

යටත් වුණු අපි සේරම පුනරුත්ථාපනය කළා. අපිට තුවක්කුව වෙනුවට කැත්ත උදැල්ල හුරු කළා. අපිට 7-8 පන්තිවලින් එහාට පාසල් යන්න බැරි වුණු නිසා අධ්‍යාපනික රැකියාවක් කරගන්න විදිහක් නැහැ. අපි දැන් සිවිල් ආරක්ෂක බළකායේ විශ්‍රාම වැටුප් තියෙන රස්සාවක් කරන්නෙ. මටත් මහත්තයටත් දෙන්නටම රුපියල් 50,000ක විතර පඩියක් ලැබෙනවා. දෙන්නගෙම එකතුව රුපියල් ලක්ෂයක් විතර. ඒක අපිට ලොකු දෙයක්.

අපිට එරෙහිව සටන් කරපු අයමයි අපිට මේ උදවු කරන්නෙ. අපේ හිත් පුදුම විදිහට වෙනස් වුණා. විශ්වමඬු සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයේ කිසිම අවි ආයුධයක් නැහැ. අපිට තමන්ගේම සහෝරයන්ට වගේ කඳවුරේ සර් සලකන්නෙ. කවදාවත් යුද හමුදා නිල ඇඳුමක් ඇඳගෙන ඒ සර් එන්නෙ නැහැ. අපෙන් යුද්දෙ ගැනවත් අහල නැහැ. අපිට ජීවත් වෙන්න මාර්ගය හදල දුන්න. අපිට දියුණු වෙන්න කියල දෙනව එච්චරයි.

අපි ආයුධ අරගෙන සටන් කරපු හමුදාවෙම කෙනෙක් වෙන උදය කුමාර එක්ක මම ගොඩාක් දේවල් කතා කළා. අන්තිමට අපි දෙන්න විවාහ වුණා. සමහර විට මේ යුද්දෙ තවත් අවුරුදු කිහිපයක් තිබුණා නම් එක්කො එයාගෙ උණ්ඩයකින් මගේ ජීවිතය නැති වෙන්න තිබුණා.

නැත් නම් මගේ උණ්ඩයකින් එයාගෙ ජීවිතේ නැති වෙන්න තිබුණා. ඒත් ලංකාවේ සියලු දෙනාගේම වාසනාවට යුද්ධය 2009 අවුරුද්දෙ ඉවර වුණා. අපිට ඉතිරි වුණු දෙයක් නැහැ යුද්ද කරල. හොඳ හිත පලුදු වුණා. එච්චරයි. ඒත් මේ වගේ ළඟින් ඇසුරු කරන කොට ඒ තත්ත්වය හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙනවා.

එහෙම වුණ නිසා තමයි එකිනෙකාට විරුද්ධව අවි ගත් අපි දෙන්න විවාහ වුණේ. අපිට දැන් අවුරුද්දක පුංචි බබෙක් ඉන්නව. මමත් ඉඳල-හිටල වවුනියාවෙ උදය කුමාරගේ ගෙදර යනවා. අපිට හොඳට ඒ අය සලකනවා. අනේ අපි නොදන්නාකම හින්දයි සිංහල අයට විරුද්ධව යුද්ධ කළේ කියල හිතන කොට දැනෙන්න පුදුමාකාර වේදනාවක්.

ඒත් ඒ කිසි දෙයක් අපිට ඕනෑකමට වුණු දේවල් නෙමෙයි. මම අද ගොඩාක් සතු‍ටු වෙන්නෙ සිංහල කෙනෙක් කසාද බඳින්න පුළුවන් වුණු-එකට. ඒකෙන් මේ සහෝදරත්වය ගොඩනඟාගන්න පුළුවන් වුණා විතරක් නෙමෙයි, ඇපට ඇත්ත ඇති-සැටියෙන් දැනගන්නත් පුළුවන් වුණා.’

– තාරක වික්‍රමසේකර

තමන්ගේ කාර් එකේ ඉදන් රෙදි කැලි විකුනලා අද ලංකාවේ කෝටිපතින් අතරේ සිටින දිරිය ගැහැණිය ඔටාරා අබේගුනවර්දනට සිදුවුණු දේ මෙන්න

බොහෝ විට කොළඹ ආසන්නයේ ජිවත් වන ඔබ නම් ඔටාරා කීව සැණින් ඇයව හඳුනනවාට කිසිදු සැකයක් නැහැ. ඔටාරා ගුණවර්ධන වන ඇය ලංකාව තුළ අද වන විට බොහෝ ප්‍රසිද්ධ චරිතයක් වී හමාරයි. ඔඩෙල් (ODEL) හා එම්බාර්ක් (EMBARK) නාමයන් ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට හඳුන්වා දීමත් ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයට කාන්තාවන්ටත් සහභාගී විය හැකි බව මුලු ලංකාවටම පෙන්වා දීමෙනුත් ඇය ලාංකීය සමාජයට කාන්තාවගෙන් ලබා දිය හැකි දායකත්වය මනාව පිලිඹිබු කළේය.  ව්‍යසායිකාවක් ලෙස ආරම්භ කළ ඇගේ සාර්ථක ගමන හා ඇගේ ජිවිතයේ තොරතුරු කිහිපයක් මේ ලිපිය හරහා ඔබට දැනගන්න පුළුවන්.

ඔටාරා ගුණවර්ධන චරිතයේ අතීතය

1964 වර්ෂයේ අගෝස්තු 30 වනදා ඔටාරා ගුණවර්ධන උපත ලබන අතර ඇගේ සම්පුර්ණ නම ඔටාරා ඩෙල් ගුණවර්ධන යි. ඇගේ පියා නෝර්මන් ගුණවර්ධන වන අතර ඔහු එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ හිටපු සභාපති කෙනෙකු වනවා. ඇයගේ මව ඩේලීෂියා ගුණවර්ධන චිත්‍රා පටුමගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පවත්වා ගෙන යන පාසලක් ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන තිබෙනවා. ඒ වගේම ඇයගේ සහෝදරයින් දෙදෙනා ද අද වන විට ව්‍යාපාර ක්ෂේත්‍රයේ කටයුතු කරනවා.

මෙසේ ව්‍යාපාරික පවුල් පසුබිමක හැදී වැඩුණු නිසාවෙන් ම ඇගේ සාර්ථකත්වයට මනා ආරම්භයක් පවුල තුළින් ද ලැබෙන්නට ඇති. කොළඹ සී. එම්. එස්. කාන්තා විද්‍යාලය ඇගේ පාසල වූ අතර උසස් පෙළ දක්වා ඇය අධ්‍යාපනය ලැබුවේද එම පාසලේ දීම ය. පාසල් යන කාලයේ පවා ඇය සතුන් වෙනුවෙන් දැක් වූ  කරුණාව අදත් එලෙසම පැවතීම අගය කළ යුතුය. තරුණ කාලයේ පවා තමන්ගේ නිවසේ ඉඩක් ලේනුන්, හාවුන් හා සුනඛයින්ට ඇය වෙන් කර දුන්නේ ය. ඊට අමතරව ඇය ස්වෙච්ජාවෙන් දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් රැක බලා ගැනීමටත් සහයෝගය ලබා දී තිබෙනවා.

පාසල් කාලයේ පාසල් මට්ටමින් මෙන්ම ජාතික මට්ටමින් ද කඩුලු මතින් දිවීම, උස පැනීම හා පිහිනුම් ක්‍රීඩා වලින් දක්ෂතා පෙන් වූ ශිෂ්‍යාවක් ලෙස ඇය ප්‍රසිද්ධ යි. ඒ වගේම බැලේ නර්තනයටත් චිත්‍ර කලාවටත්  ඇය සම්බන්ධ වී තිබෙනවා. උසස් පෙළින් පසු විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් ඇය ජෛව විද්‍යා අංශය තෝරා ගත් අතර ඇමරිකාවේ ඔහිනෝ වල බෝවුලින් ග්‍රීන් ස්ටේට් විශ්ව විද්‍යාලයේ දී ඇගේ උපාධිය සම්පුර්ණ කර තිබෙනවා.

උපාධිය සම්පුර්ණ කීරීමෙන් පසුව ඇය නැවත ලංකාවට පැමිණෙන අතර එහිදී නිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙනවා. ඇයගේ උස හා මනා සුන්දරත්වය එයට පිටුවහලක් වූවාට සැකයක් නැහැ. මෙහිදී ඇගේ අනාගතය ඇගලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ කිරීමේ අඩිතාලම යෙදෙනවා

ඇඟලුම් ක්ෂේත්‍රයට අවතීර්ණ වීම

නිරූපන ක්ෂේත්‍රයට අවතීර්ණ වීමත් සමග ඇයට ඇඟලුම් ආනයනය කරන ආයතනයක් හරහා ලබා දෙන ඇඟලුම් විකිණීමේ අවස්ථාවක් උදා වෙනවා. නිරූපණ කටයුතු අතරතුර ඇගේ හිතමිතුරන්ට ඇයගේ මෝටර් රථය යොදා ගෙනද පසුව කොළඹ ආශ්‍රිතව පිහිටි වෙළඳසැල් වලට ද ඇඟලුම් සැපයීම සිදු කර තිබෙනවා.

නමුත් දිනෙන් දින වැඩි වූ ඉල්ලුම නිසාම ඇය ආනයනය කරන ඇඟලුම් විකිණීමට වෙළඳසැලක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. ඇගේ මවගේ හා සහෝදරයාගේ  උදව්ව ද ඇතිව ඇගේ පළමු වෙළඳසැල 1989වර්ෂයේ කොළඹ ඩික්මන් මාවතේ දී වර්ග අඩි 300ක බිම් කඩක් මිලදීගෙන ආරම්භ කරනවා. තම වෙළඳසැලට ඇගේ නමේ මුල් අකුර හා දෙවන වචනය එක්කොට ඔඩෙල් ලෙස නම් තබනවා.

ඔඩෙල් ආයතනයේ දියුණුව

1989 වර්ෂයේදී කුඩා පරිමාණයෙන් ආරම්භ කළ ද ඇගේ ව්‍යාපාරික දක්ෂතාව නිසාම තමන්ගේ ඔඩෙල් නාමය ලංකාවේ කාටත් සුපුරුදු නමක් විදියට ජනතාව අතරට ගෙන යන්නට ඇය සමත් වෙනවා. අද වන විට ලංකාව තුළ ඔඩෙල් ආයතන 20 ක සංඛ්‍යාවක් ආරම්භ කිරීමට සමත් වීම ඇගේ ව්‍යාපාරික දක්ෂතාව මනාව පෙන්නුම් කරනවා.

ඉතා කුඩා ලෙස ආරම්භ කළත් ඇගේ සිහිනය වී තිබුණේ ලංකාවට විදේශ රටවල මෙන් සම්පුර්ණ ආයතනයක් (department store) බිහි කිරීමයි. එය සැබෑ කර ගන්නට සමත් වෙන ඇය තම වෙළඳසැල තුළ පවුලේ සියලු දෙනාට එකට පැමිණ මිල දී ගැනීම් සිදු කිරීමට අවස්ථාව සලසා දෙනවා. කලාවට දැක් වූ ආසාව නිසාම මුලින් ආරම්භ කළ වෙළඳසැලේ ඇය විසින්ම චිත්‍ර ඇඳ තිබෙනවා. ඊට අමතරව විවිධ කාලවලට අනුව සැරසිලි කිරීමට ද ඇය කටයුතු කරනවා. එය පාරිභෝගිකයින් කැඳවා ගැනීමට විදෙස් රටවල භාවිතා කරන ක්‍රමයක්.

විලාසිතා නිර්මාණයට ද ඇය අවතීර්ණය වන අතර ලංකාවේ ප්‍රසිද්ධ නිර්මාණවේදීන් වන නයනතාරා ෆොන්සේකා, මංගල ඉනොසන්ස්, ලෝ චින්ග් වොන්, කිර්ති ශ්‍රී කරුණාරත්න හා යොහාන් අලුවිහාරේ වැනි අය සමග ඇය කටයුතු කරනවා. මේ කාලයේ දී ඇය තමාගේම සංකල්පයන් හරහා ඇගලුම් ක්ෂේත්‍රයට අවතීර්ණ වන අතර 2007 වර්ෂයේ එම්බාර්ක් වෙළඳ නාමය ලංකාවට හඳුන්වා දෙනවා.

එම්බාර්ක් වෙළඳ නාමය හරහා සැබෑ වූ ඔටාරා ගුණවර්ධනගේ සිහිනය

කුඩා කල සිටම සතුන්ට දැක් වූ අනුකම්පාව ඔස්සේ ඇය තමන්ගේ නව වෙළඳ නාමය සතුන් වෙනුවෙන් වෙන් කරනවා. මේ හරහා ඇය වීදිවල සිටින සුනඛයින්ගේ ජීවිතය නිවැරදි මාවතකට ගෙන යාමට සහයෝගයක් ලබා දෙනවා. එහිදී වීදි සුනඛයින් එන්නත් කිරීම, තුවාල සුවපත් කිරීම, සුදුසු නිවසක් ලබා දීම, වන්ධ්‍යකරණය වැනි සමාජ සත්කාරයන්ට සහයෝගය ලබා දෙනවා. ඇගේ දැක්ම වූයේ සතුන් පාලනය කිරීම කාරුණිකව සිදු කළ යුතු බව යි. අද වන විට ඇගේ මේ සත්කාරයට ලංකාවේ බොහෝ පිරිසකගේ දායකත්වයත් ලැබී තිබෙනවා.

කාලයත් සමග ඇය 2014 වර්ෂයේ දී එනම් ඇයගේ ව්‍යාපාරික ගමනේ වසර 25කට පසු ඔඩෙල් ආයතනය විකිණීමේ තීරණයක් ගන්නවා. ඇය සදහන් කරන පරිදි ඇයට ඇගේ එම්බාර්ක් නාමය දියුණු කිරීමත් ඒ වගේම සතුන් හා මිනිසුන් වෙනුවෙන් ඇයට කළ හැකි උපරිම සමාජ සත්කාරය සිදු කිරීමටත් කාලය වෙන් කර ගැනීමට ඇය මේ තීරණය ගත් බවයි. ඒ වගේම ඔබටත් මේ සමාජ සත්කාරයට සම්බන්ධ විය හැකියි.

25 වසරක ඔඩෙල් ආයතනය සමග ඔටාරා ගුණවර්ධන ලබා ගත් ජයග්‍රහණ

ඇයගේ සාර්ථක ව්‍යාපාරික ගමන නිසාම ඇයට විවිධ සම්මානයන් දිනා ගැනීමේ අවස්ථාව උදා වෙනවා. පහතින් දැක්වෙන්නේ ඒ අතරින් කිහිපයක්.

2001 – එෆ්. සී.සී.අයි.එස්.එල්. ආයතනයෙන් ලබාදුන් වසරේ ව්‍යවසායිකාව සම්මානය

2008 – Retail leadership award, Asia retail congress, ඉන්දියාව

2010 – ලංකාවේ ජනප්‍රියම වෙබ් පිටුවට හිමි සම්මානය දිනාගැනීම

2013 – එචලොන් සගරාවේ කරන ලද සමීක්ෂණයකින් ලංකාවේ බලවත් කාන්තාව ලෙස නම් කිරීම

2013 – ලංකාවේ ධනවත්ම අයගේ ලැයිස්තුවට ඇතුළත් වීම

ඔටාරා ගුණවර්ධනගේ සමාජ සත්කාරයන්

එම්බාර්ක් නාමය යටතේ සිදු කරන වීදි සුනඛයන් හා බළලුන් ආරක්ෂා කිරීමේ වැඩසටහන්, මුහුදු වෙරල පිරිසිදු කිරීමේ වැඩසටහන් හා ගස් සිටුවීමේ වැඩසටහන් ඇය ක්‍රියාත්මක කර තිබෙනවා. ඊට අමතරව ඇගේ නමින් අරමුදලක් ඇති කර ඒ හරහා විශාල ප්‍රජාසත්කාරයක් සිදු කරනවා. ඇගේ මේ සංකල්පය හරහා මේ වන විට වීදි සුනඛයන් 80,000ක පිහිට ලැබී තිබෙනවා.

සුනඛයන් වෙනුවෙන් සිදු කරන වැඩසටහනක් අතරතුර ගත්  ඡායාරූපයක්

මෙසේ ඇයගේ ජීවිතය තුළින්ම ඇය ශ්‍ රිලාංකිය කාන්තාවන්ට රට වෙනුවෙන් සිදු කළ හැකි කර්තව්‍යය මනාව පෙන්වා දී තිබෙනවා. ඒ වගේම මිලමුදල් වලට එහා ගිය සතුටක් ආදරය, කරුණාව තුළින් ලබාගත හැකි බවත් ඇගේ ජීවිතයෙන් අපට ආදර්ශයට ගන්න පුළුවන්.

roar සිංහල

තමන්ගේ දරුවන්ට ගෙයක් හදලා දෙන්න බිරිඳව ආදරෙන් බලාගන්න උදේ පාන්දර 2 ඉදන් රාත්‍රී 12 වෙනකල් මාසෙකට දින 60ක් කුලී වැඩකරන විශ්මිත මිනිසා

දවසකට පැය දෙකක් නිදාගනිමින් අලුයම 2 සිට සමහර දිනයන්හිදී රාත‍්‍රි 12 දක්වා කුලී වැඩ කොට මාසය තිස්සේම වැඩපළ කරන ඔහු කිසිදු දිනක නිවාඩු ගන්නේ නැත. ඔහුගේ එකම හීනය සිය දියණියන් දෙදෙනාට නිවාස දෙකක් සාදා දී ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් පියෙකු සතු යුතුකම ඉටු කිරීම හා නිවසේ රෝගී තත්ත්වයෙන් පසුවෙන බිරිඳ රැක බලාගෙන ඇයට උපස්ථාන කරමින් ඇයව සුපවත් කිරීම පමණි. මෙලෙස අපමණ දුක් වෙහෙසක් දරන මෙම දෙදරු පියා අපට හමුවූයේ මාවනැල්ල හෙම්මාතගම පොලිස් බල ප‍්‍රදේශයේ මොලිගමුව ග‍්‍රාමයේදීය.

වයස අවුරුදු 46 වන මොහු නමින් බී.වී. කුමාරසිංහ නම් වෙයි. නමුත් කුමාරසිංහ කවුරුත් හඳුන්වන්නේ ‘‘පාන්දර’’ යන අන්වර්ථ නාමයෙනි. එලෙස ඔහුට පාන්දර යනුවෙන් නමක් පට බැඳී ඇත්තේ ඔහුගේ සියලු කටයුතු අලුයම් කාලයේදී හෝ පාන්දර කාලයේ ආරම්භ වීම හේතුවෙනි. කුලී වැඩ කළත් ඔහු සෑම කටයුත්තක්ම ආරම්භ කරන්නේ කොන්ත‍්‍රාත් ක‍්‍රමයටයි.

වැලි ඇදීම, තට්ටු ගණන් උස ගොඩනැගිලි වලට ගඩොල්, මැටල්, සහ අනිකුත් අමුද්‍රව්‍ය රැගෙන යෑම, සහ විශාල වතු උදලු ගෑම, කානු පද්ධති යෙදීම, කැලෑ කැපීම කුමාරසිංහට ලැබෙන රැකියාවන්ය. තමන්ට ඕනෑම රැකියාවක් කළ හැකි බව පවසන ඔහු අපට කීවේ කොන්ත‍්‍රාත් ක‍්‍රමයට වැඩපළ කිරීම මගින් එම වැඩපළ පවරන අයටද එයින් ලාභයක් මිස පාඩුවක් සිදු නොවෙන බවයි.

එලෙස කොන්ත‍්‍රාත් ක‍්‍රමයට යම් වැඩක් භාර ගතහොත් ඒ සඳහා අලුයම 2 ට අවදි වී දුර බැහැර කටයුත්තක් නම් අලුයම 4ට හෝ 3 ට එහි වැඩ ආරම්භ කොට එය අවසන් ​ෙවනතුරු ඒ කටයුත්තේ නිරත වන බවද කීය. විශාල වතුවල කැලෑ කැපීම එළි පෙහෙළි කොට කානු යෙදීම වැනි කටයුත්තක් භාර ගත හොත් අයිතිකරුගේ කැමැත්ත මත ඒ ස්ථානයට විදුලි එළිය ලබාගෙන එම කටයුතු පාන්දර හෝ අලුයම ආරම්භ කරන බව කුමාරසිංහ අපට පැවසීය. දිනකට අක්කරයක වුවද කටයුතු තනිවම සිදු කළ හැකි බව පවසන ඔහු කියන්නේ මිනිස්සු කම්මැලි නැතිනම් කිසි දිනක මෙ රටට කිසිම දෙයක් පිට රටවල් වලින් රැගෙන එ්මට අවශ්‍ය නැති බවයි.

රාත‍්‍රියේ මුර සංචාරය කරන ලද හෙම්මාතගම පොලිසියේ මහතුන් කිහිප විටක්ම මොහුට පවසා ඇත්තේ අලුයම හා පාන්දර ගමන් බිමන් යෑම නිසා පොලිසියේ කුඩුවට දාන බවයි. විහිළුවට මෙන් එලෙස පවසා ඇත්තේ ඔහුගේ ජීවිතයට කිසිම නිදහසක් නොමැති කම නිසා වීමට පුළුවන. වසර 20 කටත් වඩා වැඩි කාලයක් මෙලෙස සිය කටයුතු පවත්වාගෙන යන ඔහුට කිසිදු රෝගී තත්ත්වයක් හෝ සෙම් රෝගී තත්ත්වයක්වත් සැදී නොතිබීමත් පුදුම සහගත කරුණකි. අව් වැසි නොතකා සිය වැඩපළ සිදු කරන ඔහු වැසි දිනයන්හිදී සිය හිසට පොලිතින් මල්ලක් දමා ගෙන සිය දෛනික කටයුතුවල නිරත වන්නේය.

කිසිම දිනක පාසලක අධ්‍යාපනය ලබා නැති කුමාරසිංහ සාමාන්‍යයෙන් පවසන්නේ ඔහු මාසයකට දින 60 ක් වැඩ කරන බවයි. ඔහු කුලී වැඩ කොන්ත‍්‍රාත් ක‍්‍රමයට කොට වැඩිපුරම දවසකට උපයා ඇති මුදල රුපියල් 15000 කට ආසන්න මුදලකි. සාමන්‍යයෙන් දෛනිකව දිවා රෑ දෙකේ කටයුතු කරන මොහු රුපියල් 3000 වැඩි මුදලක් උපයන කෙනෙකි.

මේ සියල්ල ඔහු විසින් සිදු කරගෙන යන්නේ තම ගැහැනු දරුවන් දෙදෙනාට නිවාස දෙකක් ජීවත් වී සිටින කෙටි කාලයේදී සකස් කොට ඔවුන් වෙනුවෙන් අනාගතයට යමක් ඉතිරි කර දී ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් ඉඩ සැලස්වීමට පමණි.

පසුගිය දා අපට හමු වූ කුමාරසිංහ අප සමග කථාවට වැටෙමින් මෙසේ පැවසීය.

මම දවසකට පැය දෙකක් තමයි නිදා ගන්නේ මොකද මට කරන්න තියෙන වගකීම් සහ බලාපොරොත්තු නිසා මාගේ හිත ඒ දේවල් සිදු කරන්න දිරි ගන්වනවා. මාසයට දින 30 හෝ 31 ක් තිබුණත් මට දින 60 ක්ම වැඩ කරන්න වෙලා. සමහර දවස් තියෙනවා පැය 24 පුරාම වැඩ කරන වෙලාවල් මට එහෙම වැඩ කරා කියලා අපහසුවක් අමාරුවක් දෙයියන්ගේ පිහිටෙන් ලෙඩක් දුකක් හැදෙන්නෙත් නැහැ. කොටින්ම කියනවා නම් හෙම්බිරිස්සාවක්වත් මට හැදිලා නැහැ. මම පෝය දවසෙත් වැඩ කරනවා.

මට හැමදාම වැඩ කරන්න මිනිස්සු දවස පතා කුලී ලබා දෙනවා. මාගේ නිවසේ සියලුම කටයුතු වලට මම කිලෝමීටරයක් විතර ඈත තියෙන ඔයෙන් තනිවම කරෙන් වැලි ඇදලා තමයි නිවස සම්පූර්ණයෙන්ම ඉදි කරන්න වැලි හොයා ගත්තේ. ඒ වාගේම මට පුළුවන් හැම වේලාවකම මම ඔයට ගිහින් වැලි ගේනවා. නිවස තට්ටු දෙකට හදන්න මම දවසකට කම්බි එක බැගින් දවස් 100 ක් කම්බි අරන් ගියා. සමහර දවස් වල සිමෙන්ති කිලෝ ගණනින් මම අරන් ගියා.

මම දැනට ජීවත් ​ෙවන පරණ ගෙදරට පවා මම ටයිල් පවා අල්ලාගෙන තියෙනවා. ඒ ටයිල් අරන් යන්නේ දවසකට එක බැගින්. එක කැටයක් රුපියල් 700 ක් වෙනවා. මාගේ නිවසට අවශ්‍ය ටයිල් කැට 110 ක් වෙන් කරලා එක ටයිල් කැටයක මුදල මම දවස පතා හාඩ්වෙයාර් එකට දීලා අරන් යනවා.

මම ටයිල් කැටයක් වාගේම කම්බි එක බැගින් අරන් යනකොට ගමේ සමහර අය මට හිනා වුනා මූට පිස්සු කියලා. දැන් ඒ අය කියනවා එයාලාට පිස්සු කියලා. කවුරුත් හිතුවේ නැහැ. මම මේ වාගේ මගේ දේවල් අමාරුවෙන් කරගයි කියලා. මාගේ පරණ ගෙදර මම අංග සම්පූර්ණව කටයුතු සිදු කරගත් නමුත් තට්ටු දෙකට දුවලාට හදන නිවස තාම වැඩ අවසන් නැහැ. එ්කේ එක තට්ටුවක වැඩ අවසන් කළා. ඉතිරි ටිකත් මෙ වාගේ අමාරුවෙන් කර ගන්න ඔනෑ. ඒ කරලා එහි බිත්ති ඇතුළු නිවසේ ඇතුළත වැඩ අවසන් කළ යුතුයි.

මාගේ පරණ ගෙදර මිදුලට සිමෙන්ති කැට මම අල්ලාගෙන තියෙනවා. සාමන්‍යයෙන් කඩෙන් ගන්න ගියානම් එක කැටයක් රුපියල් 60 ක් වෙනවා. මම ඒ සියල්ලත් කළේ හැම දවසකම කැටයක් හෝ දෙකක් කපලා. දැන් කැට 400 ක් ඒ විදිහට මම කපලා මිදුලට මම අල්ලාගෙන තියෙනවා.

මට රජයෙන් කියලා දැනට සමෘද්ධිය ලැබෙනවා. එක දුවක් පාසල් යනවා. අනික් දුව විවාහ වෙලා. නමුත් ඒ දුවගේ පුතා මොනවත් රැකියාවක් කරන්නේ නැහැ. ඒ අයගේ අවශ්‍යතා වෙනුවෙන් දැන් මේ ගෙවල් හදනවා. මම ගෙට අල්ලලා කඩ කාමරයක් හැදුවා. ඒක කළේ මට මෙවා කර කියා ගන්න බැරි දවසක කඩයක් කරලා වත් මේ අයට සලකන්න.

මම මාවනැල්ලේ ටවුමේ වැඩ කරද්දි කඩවල ඉවත් කරන නෙල්ලි ගෙනල්ලා ඒවා වේළලා රුපියල් 20,000 කට වැඩි මුදලක් උපයා ගෙන තියෙනවා. බෙහෙත් බඩු කඩයට දීලා. ඒ මුදල් වලින් තමයි මාගේ නිවස ඉදිරිපස ගේට්ටුව දා ගත්තේ

මහත්තයෝ මම ඉගෙන ගත්තා නම් මම හිතනවා මට මේ වාගේ ලොකු දෙවල් කරන්න බැරි වෙයි. මම ඉගෙන ගත්තේ නැති නිසා අද මම අනුන්ගේ වැඩ කරලා මාගේ හැම දෙයක්ම බොහෝම අමාරුවෙන් හිතේ හයියෙන් කර ගන්නවා. මිනිස්සු ආණ්ඩු වලට බැණ බැණ ඉන්නවා නමුත් ආණ්ඩු මාරු වුණාට ඒවාට බැන්නාට වැඩක් නැහැ. මට හිතෙන හැටියට නම් මම කියන්නේ අපේ උත්සාහය තියෙනවා නම් හැම දෙයක්ම ජය ගන්න පුළුවන් කියලා. මේ මාගේ කථාව දිහා බලලා කවුරු හරි හැදෙනවා නම් මට ඇති මහත්තයෝ’’ යැයි ඔහු දිග හුස්මක්ද හෙළමින් සිය කථාව අවසන් කළේ‍ය.

දිවා රාත‍්‍රි සිය කටයුතු සිදු කරන යන්ත‍්‍රයක් වන් මේ මිනිසා අලුයම් කාලයේ බොහෝ විට නිරීක්ෂණය වී ඇති හෙම්මාතගම නගරයේ ව්‍යාපාරිකයකු වන ආර්.එම්. දයාරත්න රාජමන්ත‍්‍රී මහතා මෙසේ පැවසීය.

‘‘පාන්දර’’ කියන්නේ කිසිම වේලාවක කම්මැලි කෙනෙක් නොවෙයි. මම ඔහු වැඩ කරනව කිහිප වතාවක්ම දැකලා තියෙනවා. හරියට කඩියෙක් වාගේ වැඩ. ඒ වාගේම හරි අහිංසක මනුස්සයෙක්. හරි උත්සාහවන්තයි. වැස්ස අව්ව ගැන කිසිම ගානක් නැහැ. තමන්ගේ කාලය නිකරුණේ කා දමන්නේ නැතිව මේ තරම් මහන්සි වෙන්නේ ඔහු මට දවසක් පැවසූ පරිදි සිය දරුවන් වෙනුවෙන් නිවසක් මෙන්ම අනාගතය වෙනුවෙන් කරදරයක් ඇති නොවෙන සැපවත් ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය අඩිතාලම සකස් කරන්නයි. මේ වාගේ මිනිස්සු අද සමාජයේ නැහැ. ඒ නිසා මම හිතනවා ඔහුගේ හදවත හරි පිරිසිඳුයි කියලා. මාගේ එකම ප‍්‍රාර්ථනාව දෙවි පිහිටෙන් තෙරුවන් සරණින් මොහුට ලෙඩක් දුකක් නොවී රැක දෙන්න යන්නයි.

 

 

එදා හැන්දෑවේ මාව තුන් පාරක් සබන් දාලා නෑව්වා මම දන්නවා මට ආයෙමත් වරදින එකක් නෑ

සමහර වෙලාවට අපිට නොකරපු වැරදිවලටත් දඩුවම් විදින්න වෙනවා.
ඒ වගේ වෙලාවට මුළුජීවිතේම එපා වෙනවා වගේම අනාගතේමත් වෙනස් වෙනවා.
මේ එවන් තරුණයෙකුගේ ජීවිත කතාවක්.

හිස් අතින් ඉපදිච්ච අපි කවදා හරි මැරෙන්නෙත් හිස් අතින්මයි.
ජිවත්වෙලා ඉන්නකන් පොදි බැන්දත් යනකොට අරගෙන යන දෙයක් නැහැ.

මට මේ දේවල් තේරුම් ගන්න අවුරුදු ගානක් ගියා. ජීවිතේ තරුණ වයසෙදි මං හුඟාක් මෝඩ වැඩ කළා.
කිසිම කෙනෙකුට ඇහුම්කන් දුන්නේ නැහැ. හැමෝම බැලුවේ මාව අල්ලගෙන ඒ ගොල්ලන්ගේ දේවල් කරගන්න. නමුත් මිනිස්සුන්ගේ කපටිකම්, නපුරුකම් , කුහකකම් තේරුම් ගන්නකොට මං හුඟාක් ප්‍රමාදයි.

අවුරුදු ගානක් හිරගෙදර ඉඳලා එයින් නිදහස්ව ගිය ඔහු මට යළිත් හමු වූ මොහොතේ එසේ පැවසුවේ බොහෝ දැනුම් තේරුම් ඇත්තෙකු ලෙසය.

“මං රස්සාවක් නැතිව පාරක් පාරක් ගානේ හිඟාකෑවා.
මගෙ ළමා කාලේ කියන්නේ කිසිම සැපක් නොවිඳපු කාලයක්, අම්මයි තාත්තයි විවාහ වෙලා තියෙන්නේ යාළුවෙලා. නමුත් අම්මා තාත්තව දාලා යනකොට මට අවුරුදු හතරයිලු.

ඇයි අම්මා ගෙදරින් ගිහින් තියෙන්නේ. ?
“ඒකට මම දන්න එකම හේතුව තමයි තාත්තගේ බේබදුකම, නමුත් අපේ ආච්චි කියන්නේ අම්ම කා එක්කදෝ යාළුවෙලා හිටියා කියලා.

අම්මා ගියේ අක්කවත් අරගෙන. මාව හදාගත්තේ නැන්දා. තාත්තාගේ බේබදුකම දවසින් දවස වැඩිවුණා.
නැන්දා කැමති වුණේ නැහැ තාත්තව ගෙදර තියාගන්න. අන්තිමට රණ්ඩුවෙලා තාත්තා ගෙදරින් එළියට බැස්සා. එතකොට මගෙ වයස අවුරුදු පහයි.

තාත්තා ගෙදරින් එළියට බැස්සේ මාවත් වඩාගෙන. අපි පාරක් පාරක් ගානේ ඇවිද්දා බස් නැවතුම් පොළවල් වල රෑට ගත කළා.

මට ඉස්කෝලේ යන්න වුණේ නැහැ. තාත්තා බීලා බීලම මැරිලා ගියා. මං හැදුණේ පාරේ ඉන්න හිඟන්නොත් එක්ක. දවසක් මහත්තයෙක් මගෙන් විස්තර ඇහුවා. එතකොට මගෙ වයස අවුරුදු දහයයි. ඒ අහපු දේවල්වලට උත්තර දෙන්න විදියක් මට තිබුණේ නැහැ. තාත්තා මැරුණා කියනවා ඇරෙන්න මං අනිත් දේවල් දැනගෙන හිටියේ නැහැ. මහත්තයා මාව එයාගේ ගෙදර එක්කගෙන ගියා. මේ ළමයව ගෙනාවේ කුණු ගොඩකින්ද කියලා මහත්තයාගේ ගෙදර අය මාව දැකලා ඇහුවා. ”

”එදා හැන්දෑවේ මාව තුන් පාරක් සබන් දාලා නෑව්වා. ඊට පස්සේ මට ඕඩිකලොන් දැම්මා. ඉනුත් පස්සේ මට හොඳටම බඩ පිරෙන්න කන්න දුන්නා. ජීවිතේ පළවෙනි වතාවට වෙන්න ඇති මං එදා සැනසිල්ලේ කෑවේ.

ලස්සන කාමරයක පුංචි ඇඳක මං නිදා ගත්තා. පහුවදා තමයි මං ආයෙත් ඇහැරුණේ. මට ජීවිතේ පුදුම සැනසීමක් දැනුණා. අලුත් දවසක උදේක මම අලුත් විදිහට අවදි වුණා.”

මුහුණ හෝදන්න, දත් මදින්න, මේ ඇඳුම් අඳින්න මහත්තයා මට අණ කෙරුවා.
එදා උදේ කෑම ගත්තට පස්සේ තමයි ඒගොල්ලෝ මගෙන් ප්‍රශ්න අහන්න ගත්තේ. ”
”නෝනා මට මෙහෙම කිව්වා. අපිටත් දරුවෝ ඉන්නවා. ඒ ගොල්ලෝ මේ රටේ නැහැ. ඒ අය ඔයාට වඩා ගොඩාක් ලොකුයි.

නමුත් ඔය දරුවත් අපේ දරුවෙක් කියලා තමයි අපි හිතන්නේ. මේ තියෙන දේවල් බලාගෙන මහත්තයටත් උදව් කරගෙන හොඳින් ඉන්න. ”

නෝනා එහෙම කිව්වේ බොහෝම කරුණාවෙන්. ඒ නෝනා ගුරුවරියක්. එයා හැමදාම ඉස්කෝලේ ගියා.
මහත්තයා කඩයක් කළේ. මම කඩේ වැඩවලට උදව් කළා. හැන්දෑවට මම මහත්තයාගේ වාහනේම ගෙදර ආවා. කාලය ගෙවිලා ගියා. නෝනා මට අකුරු ඉගැන්නුවා.”

පුතා හොඳට අකුරු ලියන්න කියවන්න ඉගෙන ගන්න ඕන. මිනිහෙක් ඉගෙන ගත්තට විභාග පාස් කරන්නම ඕන නැහැ.
එහෙම කියලා තමයි නෝනා මට උගන්නනත් පටන් ගත්තා. ඒ දෙන්නා මාව බොහෝම ආදරයෙන් බලාගත්තා. අවුරුදු පහළොවක් වෙනකොට මට හොඳට අකුරු ලියන්න කියවන්න පුළුවන් වුණා. මං නෝනගෙ පොත් ඔක්කෝම වගේ කියෙව්වා. මම පොත් කියවන්න කියවන්න නෝනා මට අලුතෙන් පොත් ගෙනැල්ලා දුන්නා.”

ඒ අයට හිටියේ දුවයි පුතයි. ඒ දෙන්නම පිටරට හිටියේ. මහත්තයාගේ ඥාතියෙක් ගාව.
එක් නිවාඩුවකට නෝනගේ දුවයි පුතයි ලංකාවට ආවා. ඒගොල්ලෝ මාව බොහෝම ආදරෙන් පිළිගත්තා. ”
අපි මේ රටේ පංදිචියට එන්නේ නැහැ. ඒ නිසා පාලිතට තමයි කවදා හරි මේවා. ඔයා අම්මවයි තාත්තවයි හොඳට බලාගන්න. ලංකාවෙන් යන්න කලින් දුවයි පුතයි එහෙම කිව්වා. කිව්වත් වගේම ඒ ගොල්ලෝ ලංකාවට ආවේ නැහැ. මේ බව දැනගෙන හිටියා මහත්තයාගේ මල්ලි කෙනෙක්.”

ඒ කියන්නේ ?
“මහත්තයාගේ මල්ලි දන්නවා මහත්තයාගේ දුවයි පුතයි ලංකාවට එන්නේ නැති බව.
ඒ මිනිහා මහ නපුරෙක්. එයා මේ දේපළ අයිතිකරගන්න බල බලා හිටියේ. එයා නිතර නිතර ගෙදර ආවා ගියා.
ඒ මනුස්සයා කැමති වුණේ නැහැ මම එහෙ ඉන්නවාට.තරුණ වයසට ආවට පස්සේ මට රස්සාවකට යන්න ඕන වුණේ නැහැ. මම බොහෝම සැහැල්ලුවෙන් විනෝදයෙන් ඒ ගෙදරට වෙලා හිටියා.”

ඒත් ඒ හැමදේම නැති වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. අර නෝනා එයාට අසනීපයි කියලා ගෙදරට ගෑනු කෙනෙක් ගෙන්න ගත්තා.

සමහර දවස්වලට ගෙදර වැඩට ඒ ගෑනු කෙනා ආවේ එයාගේ දුවත් එක්ක. ඒ කෙල්ලට අවුරුදු පහළොවක් විතර ඇති. මං හිතුවේ නැහැ මහත්තයාගේ මල්ලි මට ඒ වගේ වැඩක් කරාවි කියලා. මහත්තයාගේ මල්ලි අර ගෑනු කෙනාව යාළු කරගෙන එයාගේ දුවව මම අමාරුවේ දැම්මා කියලා පොලිසියේ පැමිණිල්ලක් දැම්මෙව්වා.

මාව පොලිසියෙන් ගෙනිච්චා. නමුත් නෝනයි මහත්තයයි මාව අවිශ්වාස කළේ නැහැ. ඒත් අර මනුස්සයා පොලිසියට සල්ලි දීලා කොහොම හරි මාව වැරදි කාරයා කරලා හිරේ එව්වා.

මහත්තයි නෝනයි මාව අතහැරියේ නැහැ. ඒ ගොල්ලෝ මාව බලන්න ආවා. මේ අවුරුදු ගානම ඒ ගොල්ලෝ මං ගැන හොයලා බැලුවා.”

එතකොට ඔයාට වරද පවරපු කෙනාට මොකද වෙලා තියෙන්නේ?
“එයාට වෙන්න ඕන දේ වෙලා. එයාට දියවැඩියාව හැදිලා. දැන් කකුල කපලා. එයාගේ නෝනා වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා. ඒ මිනිහා දැන් හිඟා නොකා හිඟ කනවා. ”

එතකොට අර ගෑනු ළමයා?
“ඒ ළමයව අමාරුවේ දාලා තියෙන්නේ මහත්තයාගෙ මල්ලියි. දැන් ඒ ගොල්ලෝ කොහේ ඉන්නවද දන්නේ නෑ. නෝනයි මහත්තයයි කිව්වේ පරණ දේවල් මතක් කරන්න එපා කියලා.”

දැන් ඔයා මොකද කරන්නේ?
“මම නිදහස් වෙලා ගෙදර ගියේ අවුරුදු හයකට පස්සේ. එදා නෝනා මාව බදාගෙන ඇඬුවා. මං විශ්වාස කරනවා ඒ නෝනා මගේ සංසාරයේ කොහේදි හෝ හමුවුණ අම්මා කෙනෙක් කියලා. මහත්තයත් මට තාත්තා කෙනෙක්. ඒගොල්ලෝ මට මනමාලියෙක් හොයලා තිබුණේ එයා එයාලගෙම නෑයෙක්.”

ඔයා දැන් මොකද හිතෙන්නේ?
“මං දන්නවා. මට ආයෙත් ‘වරදින එකක් නැහැ. මං බැන්දට පස්සේ හැමෝටම ආදරෙන් ඉන්නවා. මං මගේ පුංචි කාලේ අපා දුක් වින්දා. හිරේ ඇවිල්ලත් දුක් වින්දා. ආයෙත් මට දුක් විඳින්න වෙන එක්ක නැහැ.

මුණුපුරාට වැඳලා රු.18ක් ඉල්ලගත්තේ” – කොන්දොස්තරගෙන් රුපියල ඉල්ලා හැඬූ අම්මාට රණවිරුවා මුළු පඩියම දන්දෙයි

30 වසරක යුධ බිය තුරන් කරපු රණවිරුවා ගැන දැන් කතාවෙන්නේ ගොඩක් අඩුවෙන් වුණාට ඇත්තටම අපි කතා කළ යුත්තේ ඔහු ගැනයි. ඒ ඔවුන් ගැනවත් නොහිතා රට වෙනුවෙන් අපි වෙනුවෙන් ඔවුන් ඔවුන්ගේ ජීවිතය පවා පූජා කරන්න ඉදිරිපත් වුණ නිසායි.

ඒ වගේම තමයි අපි මේ කියන්න යන කතාවෙන් ඔබට වැටහෙයි අවුරුදු 30 ක් තිස්සේ අපිව යුද්ධයකින් ගලවාගත්ත රණවිරුවා ඔවුන්ගේ සේවය අවසන් කර නොමැති බව. මේ කියන්න යන්නේ මුහුණුපොතේ හුවමාරු වූ කතාවක් ගැන. මේ කතාව කියවන් යද්දි ඔබට තේරෙයි රණවිරුවා කියන්නේ ඇත්තටම ජාතියේ පිනට මිනිස්සුන්ගේ පිනට පහළ වූ දෙවියෙක් කියලා.

මේ එම සටහනයි. මේ තවත් බස් කතාවක්ම නොවෙයි! රුපියලකට නාහෙන් අඬපු අම්මා – දුක හිතෙන අය කියවන්න එපා – පොඩි පොදයකුත් තිබුණා.. පාන්දර නිසා සීතලත් එක්ක. අඳුරු පැහැ ගත් පරිසරය කෑම සොයන් යන කුරුල්ලන්ගෙන් වර්ණවත් වෙලා..

ටවුන් එකේනම් සුපුරුදු කාර්‍යබහුලත්වය එහෙමමයි. හෙමින් හෙමින් ගාල්ල බස් නැවතුමට පයින්ම කොටපු මගේ ඇගේ සීතලටම හිරිගඩුත් පිපිලා.. ත්‍රී වීල් එකේ අයියා කෙනෙක් හොරාටම සිගරට් එකක් අදිනවා.. කවදාවත් බුලත් විටක්වත් කාපු නැති මට, මේ හීතලට ඒ සිගරට් එකේ අමුතු ආතල් එකක් ඇති කියලත් හිතුනා.

මම හිටියේ මාතරට යන්න. ඉක්මනට යන්න ඕන නිසා දුර ටර්න් එකක් ගන්න පාර අයිනට ආවා.. වෙලාවටම මම ආසම ටර්න් එක තියෙනවා. තංගල්ල ත්‍රිකුණාමලය.. ටිකක් සෙනඟ හිටියත් ඉක්මනට යන නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නෑ..

විනාඩි විස්සක් විතර බසය මාතර දෙසට ඇදුනා.එක තැනකින් අම්මා කෙනෙක් බස් එකට නැග්ගා.. ඒ මනුස්සයා ටිකක් වයසයි. මටනම් අපේ ආච්චි වගේ.. එයා හෙමින් බස් එකට ගොඩ වුණේ.. එයාට නැගගන්න අමාරුයි. ඒ එක්කම ඉස්සරහ දොරටුවෙන් කොන්දොස්තර අයියගේ කටහඬ ඇහුනා.

“ඉක්මනට නගිනවා මනුස්සයෝ.. පරක්කු වෙනවා” මම හිටියේ පස්සේ ෆුට් බෝර්ඩ් එක ලඟමයි. මම ඒ අම්මගේ අතින් අල්ලලා උඩට නග්ගගත්තා.. ඒ මනුස්සයා හරි දුර්වලයි. මට අතින් ඇල්ලුවම කටු ටිකයි නහර ටිකයි විතරයි අහු වුණේ.. මොනා වුනත් ඒ මනුස්සයට ශීට් එකක් දෙන්න කෙනෙක් හිටියේ නෑ.. කොන්දොස්තරත් ලඟට ආවා. ඒ අම්මගෙන් ටිකට් ඉල්ලුවා. රු 10 කොලයක් දීලා ටිකට් එකක් ඉල්ලුවා.. කොන්දොස්තරත් ටිකට් එකක් දුන්නා. ඒත් එක්කම අම්මගේ කටහඬ ආයේ අවදි වුණා.

“පුතේ තව රුපියලක් එන්න ඕන මට. රුපියල් නමයයි නේද ගාන?”

“මාරු නෑ. ඕනනම් නමයක් දෙන්න මට” මම ලඟත් නෑ. මට රුපියල ඕන.. ඒ මනුස්සයා කොන්දොස්තරට ටිකක් තදින් කිව්වා.. වයසක ගෑණු ඔහොමමයි. මට හිතින්ම කියවුණා. පුදුම තන්හාවක්.. බස් එකේ එක කාලගෝට්ටියයි. අම්මා රුපියල ඉල්ලනවා. කොන්දොස්තර බනිනවා.. මිනිස්සු හිනා වෙනවා..

ඒ අතරේ මම ලඟම හිටගෙන ඉඳපු කොන්ඩේ නෝට් කපපු අයියා කෙනෙක් රුපියලක් දෙනවා මේ අම්මට.. අනේ.. අම්මගේ මූණට හිනාවක් ආවා.. මේ රුපියල දීපු අයියා ඒ අම්මගෙන් ඇහුවා මොකටද රුපියල කියලා.. ඒ අම්මා කියපු කතාවට තාම මගේ පපුව කීන් ගානවා.

“මම මේ යන්නේ මගේ මහත්තයා බලන්න පුතේ. එයාට හරියට ඇවිදින්නත් බෑ.මම ඉන්නේ මගේ දුව ලඟ. අපට ඉන්නේ ඒකි විතරයි. තාත්තා ලඟ ගඳයි, අපිරිසිදුයි කියලා මගේ දුව මගේ මහත්තයා ගෙදරට ගන්නේ නෑ.. එයාව මට බලන්න යන්නත් එපා කියලා තියෙන්නේ.. මම කොහොමද මහත්තයෝ මගේ මිනිහා අත ඇරලා දාලා හුස්ම පොදක් ගන්නේ? එයා ඉන්නේ මේ කිට්ටුව. මම අද උදේට කෑවේ නෑ මහත්තයෝ. ඒක ඔතාගෙන ආවා මගේ මිනිහට. පව් එයා කඩාවැටුන ගෙදරක තනියම විඳවනවා. එයාට අසනීපයි. දුව එයාට රුපියලක්වත් වියදම් කරන්නේ නෑ. මට සල්ලි දෙන්නෙත් නෑ එයාට වියදම් කරයි කියලා. මම ලඟ තිබුනේ රුපියල් 18යි මහත්තයෝ. ඒකත් මුණුබුරාට වැඳලා වැඳලා ඉල්ලගත්තේ. මට මේ රුපියල ඉල්ලගත්තේ නැත්නම් මට ආයේ එන්න වෙන්නේ නෑ. එහෙම වුනොත් මගේ මහත්තයට මෙහෙමවත් කෑම වේලක් දෙන්න වෙන්නේ නෑ මට.” මම මටම සාප කරගත්තා. මමත් හිතින් මේ අම්මට බැන්නා නේද කියලා..

ඒ එක්කම අර කොන්ඩේ නෝට් කපපු අයියා පර්ස් එක අරගෙන ගණන් කරලම පන්දාහේ කොල නවයක් අර අම්මගේ අතට දුන්නා.. “මේක තියාගෙන තාත්තව සනීප කරගන්න අම්මේ”

“අනේ ගොඩක් පින් මහත්තයෝ” ඒ අම්මා කිව්වා.. ඒ අම්මා දන්නේ නැතිව ඇති ඒ දුන්නේ පන්දාහේ කොල කියලවත්.. ඒත් මම හිතුවා මේ ලොකු සල්ලි කාරයෙක් කියලා.. කිසි ගානක් නැතිව සල්ලි දීපු නිසා.. මම නිකමට ඒ අයියගෙන් ඇහුවා. “පව් නේද අයියේ? අයියා කොහේද වැඩ කරන්නේ?”

මම ශ්‍රී ලංකා යුධ හමුදාවේ මල්ලි. මේ මගේ මාසේ පඩිය. අද මම මේ ගමේ යන ගමන්. මගෙත් අම්මා නෑ මල්ලි. අම්මා නැතිවුනාට පස්සේ මට මේ ජොබ් එක සෙට් වුණේ. ඒකෙන් මට මගේ අම්මට හරියට සලකගන්න බැරිවුණා.. ඒත් අදනම් හිතට මාර ෆිට්.. මට ඉක්මනට කඳුළු එන කෙනෙක්. ඒත් වැටෙන්න නොඳී දරාගෙන හිටියේ අර අම්මා හිටගෙන බස් එකේ ශීට් එක බදාගෙන යනවටත් වඩා අමාරුවෙන්..

තව දෙයක්.. අපි කියන්නේ ආමි එකේ කොල්ලෙක් කියලා.. එයාලා කියන්නේ මම වැඩ කරන්නේ හමුදාවේ කියලා.. ඒත් මේ අයියා මට කිව්වේ, එයා වැඩ කරන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ කියලා.. ඒ වචන ඇතුලෙම තිබුණා – පෞරුෂය තේජාන්විතකම – ගෞරවය හා විනය! ඔබට ස්තූතියි නොහඳුනන සහෝදරයා – උන්මාදකරු –

උපුටා ගැනීම ලංකාදීප පුවත්පත

පුරුෂ ලිංගයක් එක්ක ඉපදිලා ස්ත්‍රී ලිංගයට පෙම්බැඳි තරුණිය තමන්ට සිදුවූ සියල්ල හෙළි කරයි මෙන්න ඇගෙන්ම අහගන්න

මේ ලෝකයේ පැවැත්ම වගේම ලෝකය ලස්සන කරන්නෙත් ගැහැණියක් කිව්වොත් ඒක වැරදි නැහැ.
ඒ වගේම නිසි තැන ගැහැණියට නොලැබීමෙන් ඇයට මුහුණදෙන්නට සිදුවන අසාධාරණකම්ද ඕනේ තරම්.

එවැනි සමජයක ගැහැණියක් වී ඉපදීම ඇතැමුන් ප්‍රතික්ෂේප කරද්දී තවත් සමහරුන් ඒ පිළිබදව සතුටු වෙනවා.

මේ කියන්නේ යන්නේ එවැනි තරුණියකගේ කතාවකුයි. ඇය නමින් සාරා ෂෙඛා. උපන්නේ ඉන්දියාවේ කේරළයේ.

විශේෂය වන්නේ කේරළයේ ප්‍රථම ලිංගික සංකාන්තිකයා ඇය වීමයි. දෙමාපියන් දාව උපදින පුතුට නම දාන්නේ නිශාන්ත කියලා.

අද ඔහු ඇය බවට පත් වෙලා. ඇය දැන් ඉන්දියාවේ තිබෙන ජනප්‍රිය ප්‍රධාන ආයතනයක මානව සම්පත් විධායක නිලධාරිණියක් විදිහට කටයුතු කරනවා.

ඉන්දියාවේ ප්‍රසිද්ධ සාරාගේ කතාව පරිවර්ථනය කර මෙසේ පළකරන්න හිතුවේ ඇයත් සමාජයෙන් බැට කෑ නමුත් ජීවිතය දිනාගත් යුවතියක් නිසයි.

“ටික ටික මගේ ශරීරය වැඩෙද්දී මට ගැහැණියක් වෙන්න ආසාවක් ආවා. තරුණියක් විදිහට අදින්න පළදින්න හැඩවැඩ වෙන්න මට අවශ්‍ය වුණා.

පාසලේදී මම නිතරම සමච්චලයට ලක් වුණා. බොහෝ අය මට විහිළු කරන්න පටන් ගත්තා.මම ගෑනියක් වගේ කියලා.මම පාසලේදී සෙල්ලම් කළේ ගැහැණු ළමයි එක්ක විතරයි.
පාසලේදී පමණක් නෙමෙයි සාරා ගෙදරිනුත් ප්‍රතික්ෂේප වෙන්න පටන් ගත්තා.

ඇගේ හැසිරීම් රටාව වෙනස් වෙන මුල් කාලේ ඇයගේ පියා පවුල් පසුබිම පැහැදිලි කර දුන්නා. පවුලට ලැජ්ජාවක් බව පුන පුනා කිව්වා. ඒත් සාරාට ඕන වුණ එකම හීනය ගැහැණියක් මෙන් ජිවත් වීමයි.
මම පාසලේදී හොදට ඉගෙන ගත්තා. පාසලෙන් ඉවත් වෙනකල්ම හොදම සිසුවා වුණා. මගේ හැසිරීම් සමබරව තියාගන්න කොපමණ උත්සහා කළත් මගේ වෙනස් වීම් අනිත් අය දැක්කා. එනිසා විහිළුවට ලක් වුණා.මම තරුණියන්ව අනුකරණය කළා.

ගෙදරදී පවා මම අම්මාගේ සාරි වලින් ඇදුම් හදා ගත්තා.එහෙම කරේ ගෙදරට හොරෙන්. නමුත් තාත්තා දවසක් ඒවා දැකලා පිච්චුවා. මගේ ගැහැණු ඇදුම් සගවලා තිබුණු පෙට්ටිය කඩලා දැම්මා.අදටත් මට ඒවා මතකයි.

පිරිමියෙක් වෙලා ඉපදිලා ගැහැණියක් විදිහට සමාජයේ පෙනී ඉන්න එක කරුමයක්ද.
අපහසයක්ද. මම ඒ ගැන දන්නේ නැහැ.. අපේ පාසලේ ගුරුවරයෙක් ජානමය හා වර්ණදේහ ගැන පාඩමක් කියලා දෙනකොට මම දෙවන වසරේ හිටියේ. එදා මම ගෙදර ඇවිත් අන්තර්ජාලය හරහා පැය ගාණක් හොයලා බැලුවා. පිරිමියෙකුට ගැහැණියක් විදිහට පරිවර්ථනය වෙන්නේ කොහොමද කියලා. ඒ බව ගෙදරන් දැනගත්තාම මගේ පවුලේ අය මාත් එක්ක කතා කළේ නැහැ…”

ඒ විදිහට ජිවත් වුණු නිශාන්ත සාරා බවට පත් වෙන්නේ මිට වසර දෙකකට පෙරයි. නිශාන්ත සාරා ලෙස සමාජයේ පෙනී ඉන්න තීරණය කළේ බොරුවෙන් ජිවත් විය නොහැකි නිසයි. පවුලේ කිසිවෙක් නිශාන්තට තරුණියක් වෙන්නට උදව් නොකළ නිසා ඔහු ගෙදරින් පිට වෙනවා. ඒ ඇවිත් සාරා විදිහට පරිවර්ථනය වෙනවා. ඇයට සමාජයේ ගැහැණියක් විදිහට ඇදපැළද යන්න බියක් ඇති වෙනවා. මුලින්ම රැකියාවකට අයදුම් කරද්දී එහි පෙනී සිටින්න ඇය බිය වෙනවා. එනිසා ඇයට ලැබුණු බොහෝ රැකියා අවස්ථාවන් ඇය මග හරවා ගන්නවා.

“මම රැකියාවට තේරී පත් වෙනවා. එයට යද්දී මම බය වුණා. මගේ යාලුවෙක් කිව්වා බය නොවී යන්න කියලා. ඉන්දියාවේ පිළිගත් ආයතනයක මට රැකියාව ලැබෙන්නේ ඒ විදිහට. මුලදී මම ආයතනයේ කාන්තා වැසිකිළියට යන්න පවා බය වුණා. නමුත් මම ඒ හැම දෙකටම හුරු වුණා. මම මගේ ජිවිතේ ජයගත්තා. අනාගතය දැන් මට බයක් නැහැ.

මම ආදරය කරන පෙම්වතෙක් මට ඉන්නවා. අපේ බැදීම ගොඩක් දුරදිග ගිය එකක්. ඒ නිසා ඔහුගේ ගෙදරට මාව හදුන්වා දෙනවා. මම හිතුවා ඔවුන් මාව ප්‍රතික්ෂේප කරයි කියලා. නමුත් මාව ආදරෙන් ඔවුන් පිළිගත්තා. දැන් මම ලෝකයෙන් ජයගන්න පුරුදු වෙමින් ඉන්නවා. අනාගත සුබ සිද්ධිය සදහා. සාරා ෂෙඛා කියන්නේ ඊජිප්තුවේ කුමාරිකාව කියන තේරුමයි. මමත් කුමාරිකාවක් විදිහට ජීවිතය ජය ගන්න උත්සහ ගන්නවා..”

කැලේ සිටින අලි ඇතුන් හැම සතෙක්ටම තමන්ගේ ජීවිතේම කැපකරපු විශ්මිත මිනිසා මියගියදිනයේ සිදුවුණු අරුමපුදුම දේ මෙන්න

කැලේ සිටින අලි ඇතුන් හැම සතෙක්ටම තමන්ගේ ජීවිතේම කැපකරපු විශ්මිත මිනිසා මියගියදිනයේ සිදුවුණු අරුමපුදුම දේ මෙන්න

ඔබත් ඇත්තටම පුදුමයට පත්වේවි මේ විශ්මිත ජිවිත කතාව ඇහුවොත් සතුන්ට තමන්ගේ පනටත් වැඩිය ආදරේ කරපු මේ විශ්මිත මිනිසාගේ අරුම පුදුම ජිවිත කතාව මෙන්න

සපත්තු කුට්ටම් 52 කලිසම් 30 තොප්පි දුසිමකුයි බෙල්ට් 50යි, අත්ඔරලෝසු 9යි, සන්ග්ලාස් 50කුයි තියෙනවා ලංකාවම දන්නා කොටුවේ සුපිරි නටාබි මිනිසා එම්.ජී.ආර්

කොළඹ කොටුව කියන්නේ විවිධාකාරයේ මිනිස්සු ජීවත් වෙන වෙනස්ම පරිසරයක්. එදිනෙදා වැඩකටයුතු වලට කොළඹ එහා මෙහා කරක් ගහන අපිට ඒ වගේ විශේෂ චරිත මුණ ගැහෙනවා. එහෙම චරිතයක් තමා කොළඹ කොටුවේ එම්.ජී.ආර් කියන්නෙත්. ඔහු නාට්ටාමි කෙනෙක්. හැබැයි අපි හැමදාම දකින විදිහේ නාට්ටාමි කෙනෙක් නම් නෙමෙයි. අපේ වචනෙන් කියනවානම් ලෝස් නැතුව ඇඳුම් වලට වියදම් කරන, විලාසිතා කරන නාට්ටාමි කෙනෙක්. මේ නිසාම අද අපි ඔහුව සොයාගෙන ගියා.

මම නාට්ටාමි කෙනෙක්. මට අවුරුදු 48ක් වෙනවා. මගේ නම මාණික්කම්. ඒත් මාව කවුරුත් දන්නෙ එම්.ජී.ආර් කිව්වොත් තමයි. මම හය වසර වෙනකන් ඉස්කෝලෙ ගියා. අම්මයි, තාත්තයි නැති වුණාට පස්සෙ ඉස්කෝලෙ යන එක නැවතුණා. මගේ ගෙවල් තියෙන්නේ කොටුවෙ සාරදාස් බිල්ඩින් එක ගාව. එතන තමා මම ඉපදුනේ. අම්මයි, තාත්තයි මිය ගියාට පස්සෙ ඒ දේවල් විකුණුවා. දැන් ඉන්නෙ තොටලඟ. මම මේ රස්සාවට ආවේ අවුරුදු දාහතර පහළොව කාලෙදි. මගේ ජීවිතේ ගත්තම මම හොඳට හම්බ කරනවා. මම හම්බ කරන වැඩි හරියකින් කරන්නේ ඇඳුම් ගන්න එක තමයි. හොඳට අඳින්න ඕන කියන එක තමයි මගේ ප්‍රාර්ථනය. මම දෙයියන්ගෙන් ඉල්ලන්නෙත් ඒක.

මම වැඩ කරන්නේ කොටුවෙ මේන් ස්ට්‍රීට් එකේ. ඔක්කොම වාහන ඇතුළු වෙන්නෙ, පිටවෙන්නෙ මෙතනින්. මම මේ හරියෙ තමා කරත්ත වලින් බඩු ගෙනියන්නේ. ලක්ෂ ගණන් බඩු දවසකට එහාට මෙහාට ගෙනියනවා. ඒවට කාවවත් අරින්නෙ නැහැ. මොකද විශ්වාසෙ නැති නිසා. මට හැමෝම ආදරේ නිසා මට හැමදාම වැඩ තියනවා. ඒ වුණාට මම කියන්නේ අනිත් අයටත් වැඩ දෙන්න කියලා. එතකොට බොස්ලා කියන්නේ විශ්වාස නැහැ කියලා.

මම කියන්නෙ ඒ වුණාට දීලා බලන්න කියලයි. ඒ කරන දේවල් අපි මැරුණම ගෙනියනවා. විශ්වාසෙ තමා ලෝකෙ තිබෙන ලොකුම දේ. දෙවි කෙනෙක් නෑ කියලා හිතුවට අපි කරන හැමදේම දෙවි කෙනෙක් ලියා ගන්නවා. මම කරන වැඩේ පිළිවෙළට කරනවා. මම අඳින පලඳින එක වුණත් එ‍ෙහමයි. වැස්ස වුණත් අව්ව වගේ හිතන් වැඩ කරනවා. ඒ නිසා මිනිස්සු මට හරි ආදරෙයි.

මම කරත්ත රස්සාව පටන් ගනිද්දි අවුරුදු 14ක් 15 ක් විතර ඇති. මට ඒ කාලෙ පඩිය සත 35යි, 50යි, 75 යි වගේ. ඒ කාලෙ මම හිතාගත්තා මේක හොඳ රස්සාවක් කියලා. මට ඒ ගාන හම්බුණා කියන්නේ මම පොඩි එකානෙ. මට හරි සන්තෝසයි. මම කරන්නෙ ඒවගෙන් හොඳට කනවා. හොඳට අඳිනවා. ඒත් එම්.ජී.ආර් වගේ අඳින්න ඕනෙ කියල හිතුණෙ අපෙ අම්මා දෙවියන්ගෙ පින්තූර වලට මාල දානවා. ඊට පහළින් එම්.ජී. ආර්ගෙ පින්තූරෙකුත් තියෙනවා. එයා අඳින්නෙ මන්ත්‍රීලා අදිනවා වගේ සුදු සූට් එකක් ඇඳලා කළු සන්ග්ලාස් දානවා. දකුණු අතට ඔරලෝසූව දානවා කමිසෙ අතට උඩින්. අම්මා ඒ පිංතූරෙට පොට්ටු තියලා වඳිනවා.

එතකොට මම අම්මගෙන් අහනවා කවුද අම්මා ඒ කියලා. අම්මා කියනවා එතකොට වැඳපන් වැඳපන් කියලා. මම එතකොට වඳිනවා. අම්මා කිව්වා මෙයා තමා එම්.ජී.ආර් මාමා කියන්නෙ කියලා. මම අම්මගෙන් ඇහුවා මෙයා අපේ මාමා කෙනෙක්ද කියලා. එතකොට අම්මා කිව්වා මෙයා උඹට විතරක් නෙමේ ලෝකෙටම තාත්තා කෙනෙක් වගේ මනුස්සයෙක් කියලා. එතකොට මම ඇඬුවා මට එයාව බලන්න යන්න ඕනෙ කියලා. අපේ තාත්තා ඊට පස්සෙ පිචර් හෝල් එකට එකන් ගිහින් එම්.ජී.ආර් ගේ පිචර් එකක් පෙන්නුවා.

එදා තමා එයාව ඉස්සෙල්ලා දැක්කෙ. එදා ඉඳන් මම එයාව ෆලෝ කරන්න ගත්තා. මම එම්.ජී.ආර් ගෙ මාර්ගෙ ජීවත්වෙන කෙනෙක්. මම ඒ විදියට අඳිනවා. එයාගෙ සින්දු අහනවා. පිචර් බලනවා. මමත් එයා වගේ දුප්පතාගෙ හිතවතා. මට ගොඩක් අය කියනවා අයියා ටිකක් සුදු වුණා නම් එම්.ජී.ආර් මයි කියලා.

මම ගිය දීපවාලියට එතුමා අඳින විදිහට ඇඳුම් හතරක් මැහුවා. ඒ ටිකට මට රුපියල් 38,000ක් වියදම් වුණා. මම එතුමාගෙ චිත්‍රපටි බලනවා මොන වගේ ඇඳුම්ද එතුමා ඇන්දෙ කියලා. ඊට පස්සෙ ඒ විදියට මම ඇඳුම් මහ ගන්නවා. එම්.ජී.ආර් කියන්නෙ දුප්පතාගෙ හිතවතා. එයා මැරුණු දවසේ මිනිස්සු ගිනි තියාගෙන මැරුණා. ඒ තරමටම මිනිස්සු එයාට ආදරෙයි. මම යන්නෙත් එම්.ජී.ආර් ගිය පාරේ.
මම ලස්සනට අඳින්න අවුරුද්දක් එනකන් බලන් ඉන්නෙ නැහැ. හැමදාම ගත කරන්නේ මෙහෙමයි.

මේ විදියට ඇඳගෙන තමයි මම වැඩ කරන්නේ. මම ඇඳුමට ගැළපෙන විදියට තමා සපත්තු, සන්ග්ලාස් දාන්නෙ. ගැළපෙන සන්ග්ලාස් තිබුණෙ නැත්නම් මම ඒ කිට් එක අඳින්නෙ නැහැ. මම හැමදාම රෑට නිදා ගනිද්දි හිතනවා හෙට අඳින්නෙ මොකද්ද කියලා. මේ කලිසමට මේ ටී ෂර්ට් එක, මේ බෙල්ට් එක, මේ කැප් එක, මේ සන්ග්ලාස් දෙක කියලා මම මැච් කරනවා. මට ඒක මැච් වෙන්නෙ නැත්නම් වෙන එකක් ඇඳගෙන එනවා. ඇඳුම් ඔක්කොම මහලයි මම අඳින්නේ. අපි ගෙනාපු දේකුත් නෑ. ගෙනියන දේකුත් නෑ. ඒ නිසා මම ජීවත් වෙලා ඉන්න මේ ටික කාලෙ ලස්සනට ඇඳලා කරලා ඉන්නවා

මට සපත්තු කුට්ටම් 52ක් තියෙනවා. කලිසම් 30යි, තොප්පි දුසිමකුයි, බෙල්ට් 50යි, අත්ඔරලෝසු 9යි, සන්ග්ලාස් 50කුයි තියෙනවා. මට ලස්සනට අඳින්නයි ඕනෙ. ඇඟපත බිල්ඩර් වගේ ආර්නෝල්ඩ් වගේ එන්න ඕනෙ කියන ආසාව නැහැ. මොකද එතකොට තමා වෙඩි පාර කන්න වෙන්නේ. මොකද එතකොට මට දෙන්නෙක් තුන්දෙනෙක් අරන් නමන්න හිතෙයි, බෙල්ල කඩන්න හිතෙයි. ඇයි ආනෝල්ඩ්නෙ. ඉතිං පාලනය කරන්න බැහැ. ඒ හින්දා මම මේ වගේ ඉන්න එකයි ලස්සන.

මට මාසෙට ඇඳුම් වලට 30,000ක් 40,000ක් වගේ යනවා. මම ආවාට ගියාට ඇඳුම් ගන්නෙ නැහැ. කඩවල් 10කට 20කට ගිහින් බලනවා. මට ආස හිතුණොත් ඒ දේ කරන්න ඕන කියලා, මම ඒක කරනවා. ඒක තමා මගේ තියෙන නරක පුරුද්ද. කෙලින්ම යනවා පිටකොටුවට හරි මල්වත්තට හරි. සපත්තු ගන්නව නම් කල්පනා කරනවා, මේ සූට් එකට මේ සපත්තු තමා ගැළපෙන්නේ කියලා. කඩවල්වල අයත් මට ආදරෙයි. එන්ඩ එම්.ජී.ආර් අයියෙ කියලා මට කතා කරනවා.

මට හරියට සෙට් උනොත් 3000ක් වුණත් 4000ක් වුණත් ගන්නවා. මගේ අතේ සල්ලි අඩු වුණොත් මම ඩිපොසිට් එකක් තියලා එනවා. එයාලා දන්නවා මම ආපහු එනවා කියලා. හම්බ කරන එකෙන් වැඩියෙන් මට වියදම යන්නෙ ඇඳුම් වලට. කන බොන එක ඉපදුණ කාලෙ ඉඳන්ම කරනවනේ. ඒක වෙන දෙයක්. ඒක කවුරුත් කියන්න ඕන නැහැ. ඒත් අඳිනවා කියන දේ එහෙම නැහැ. මම පාරෙ යද්දි හැමෝම මගේ දහා බලනවා. මට එතකොට හරි සන්තෝෂයි.

මේ කොළඹ කොටුවෙ නාට්ටාමිලා එක්ලක්ෂ විසිදාහක් විතර ඉන්නවා. ඒ අය අතරේ මම ස්ටාර් කෙනෙක්. මාව හැමෝම අඳුනනවා. මේ කොළඹ ටවුමෙ මාව දන්නෙ නැති මිනිහෙක් නැහැ. ඒ වගේම මට ආදරෙයි”

එම්.ජී.ආර්. කියන්නේ විලාසිතා විතරක්ම කරන පුද්ගලයෙක් කිව්වොත් වැරදියි. ඇත්තටම ඔහු මනුස්සකම තියෙන හිත හොඳ මනුස්සයෙක්. ඔහුගේ වචනෙන් කියනවා නම් දුප්පතාගේ හිතවතෙක්. ඔහු සමග කතා කරද්දි දැනුණ දේ තමයි ඔහු සාමාන්‍ය නාට්ටාමි කෙනෙක් නොවන වෙනම දර්ශනයක් තියෙන වෙනස් මනුස්සයෙක් කියන එක. ඔහුට ජීවිතේ ගැන ඔහුගේ මට්ටමින් හොඳ කියවීමක් තියෙනවා. ඔහු ජීවිතේ දකින්නෙ මෙන්න මේ විදියටයි.

“අපි ගෙනාව කිසි දේකුත් නෑ. ගෙනියන දේකුත් නෑ. කෝටි ගණන් තිබුණත් වැඩක් නැහැ. අපි යද්දි ඒ දේවල් ගෙනියන්න බැහැ. අපි අවුරුදු තුන්සීයක් විතර ජීවත් වෙන්න ආවෙ නැහැ. අවුරුදු තුන්සීයකට ජීවත් වෙන්න ආව නම් අවුරුදු 100ක් මොනා හරි මංකොල්ලයක් කරලා, මිනිස්සු මරාගෙන ජීවත් වෙන්න පුළුවන්. මොකද තව අවුරුදු දෙසීයක්ම තියනවනේ. ඒත් එහෙම නෙමේනෙ. අපි මේ ඉන්න ටික කාලය හැමෝටම අවංකව ජීවත් වෙන්න ඕන. මොකද ටික දවසයි වැරදි කරලා ජීවත් වෙන්න පුළුවන්. මොන දේ කරලා පැනල ගියත් කවදා හරි නීතියට අහුවෙනවා.

මගේ ජීවිතේ ගත කරන්නේ කාටවත් කරදරයක් නැතුවයි. කාගෙන්වත් ඉල්ලගෙන යන්නෙ නැහැ. මට ඉන්නෙ නංගි කෙනෙක් විතරයි. නංගී බැඳලා. නංගී කතා කරනවා අයියෙ ඇවිත් කාල යන්න කියලා. විශේෂ දවස් වලට මම යනවා. ඒත් හැමදාමත් යන්න හොඳ නැහැ. මොකද මම කාටවත් බරක් වෙන්න කැමති නැහැ.

අනිත් දේ තමයි සමහර මිනිස්සු සද්දෙ දාගෙන, වෙඩි තියාගෙන, අනවශ්‍ය දේවල් කරගෙන ජීවත් වෙනවා. ඒ අය හිතන්නේ ඒ අයගෙ සද්දෙ තමයි ලොකුම සද්දෙ කියලා. ලෝකෙ ලොකුම සද්දෙ විදුලි සද්දෙ. ඒ වගේම මිනිස්සු ගොඩක් හිතන් ඉන්නේ අපි තමා දිනුම් කියලා. ඇත්තටම දිනන්නේ මේ මහපොළව. අපි කවදා හරි මහපොළවට පස්වෙලා යනවා. ඒ කාල සීමාව එනකන් අපි ජීවත් වෙන්න ඕන කාටවත් කරදයක් නැතිවයි.

කවුරු හරි අපෙන් ඉස්සෙල්ලා අහන්නෙ නම මොකද්ද කියලා. ඊට පස්සෙ අහන්නෙ රස්සාව මොකද්ද කියලා. රස්සාවක් නැහැ කිව්වොත් හිතන්නෙ රස්තියාදුකාරයෙක් කියලා. නැත්තන් අයි ආර් සී කාරයෙක් කියලා. මනුස්සයෙක් වුණාම කුලී රස්සාවක් හරි කරනවා කියල කියන්න පුළුවන්කම තියෙන්න ඕන.

අපි මනුස්සයෝ ඔක්කොම එකයි. අපි දෙමළ වුණත්, සිංහල වුණත්, මුස්ලිම් වුණත් ඔක්කොම එකයි. අපි හැමෝගෙම දුවන්නේ රතුපාට ලේ. මගේ එහෙම කිසිම බෙදීමක් නැහැ. හැම දෙවි කෙනෙක්ටම මම බස් එකේ ගියත්, පයින් ගියත් ගෞරව කරලා තමයි යන්නේ.

අදට වැඩිය හෙට හොඳයි කියලා තමයි මම ජීවිතේ ගත කරන්නේ. මගේ නැව මුහුදේ ගිහින් ගිලුණත් මම උඩ ඉඳන් බෑන් චූන් ගහනවා. මං ළඟ සල්ලි තියෙන දවසටත් වැඩිය සල්ලි නැති දවසට මම සතුටින් ඉන්නවා”

ඇත්තටම ඔහු සරල මනුස්සයෙක්. ඔහු ඔහුට වගේම රස්සාවටත් අවංකයි. කොයි කවුරුත් ඔහුට ආදරේ වෙන්න හේතුවත් එයයි. ඔහුත් සමග කතාබහ කරද්දි කී දෙනෙක් නම් ඔහුට එම්.ජී.ආර් අයියෙ කියලා අත වනාගෙන ගියාද. ඒ ඔහු හිත හොඳ මනුස්සයෙක් නිසයි. ඔහුට ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැ. ඒත් ඔහු සතුටෙන් ඉන්නවා.

ඇත්තටම ලොකු සල්ලිකාරයන් ළඟ අහලකවත් නැති සතුටක්, නිදහසක් ඔහුට තිබෙනවා. ඇත්තටම ඔහු දුප්පතාගෙ හිතවතෙක්.