මා හැර ගියත් නුඹ සසරෙන් මිදෙන්නට මට බැහැ නුඹව මගෙ හුස්මෙන් මුදන්නටඑක දවසක් හෝ ආදරේ කරපු කෙනෙක් නම් මේකත් අනිවරෙන්ම කියවලාම බලන්න

සමහර වෙලාවට සමහරුන්ගේ හිත්වලට එන අදහස් හරි පුදුමයි.
ඒ අදහස් ඇතුලේ ලොකු කතාවක් වගේම හිතන්න ගොඩක් දේ ගැබ්වෙලා තියෙන්නත් පුළුවන්.
ඒ විදිහට ලියැවුණු අපූරු පන්හිදක් අපිට හමුවුණා.

එම සටහන පහතින්..

තුරුලට වෙලා සුන්දර පෙම් බස් කියපු
අත් අල්ලන් රැලි පාගන්නට දුවපු
වරු ගානක් ඔහේ අත් අල්ලන් ඉදපු
මදි විද ආදරේ මම නුඹ හට දීපු

අල්පයි නුඹ පැතු සැප සම්පත් මාගෙන්
රන් රිදි පැතුවෙ නම් නෑ නුඹ කවදාවත් 
සුන්දර බසයි තෙපලුවේ හැමදාමත්
පෙනුනේ නුඹෙන් සිත් සනසන ලලනාවක්

ඇවිදින්නට යන හැමදාමත් වාගේ
නෙක නෙක පෙන්වමින් ඕනද ඇසුවානේ
එනමුත් සිනාසී ඔබ මා හට කීවේ
“අපි කමු කඩල” මන් ඒවට ආසයිනේ

ඔබ හා ගමන අපමණ සැනසුම සැදුව
සරළයි පිවිතුරුයි ඔබෙ ජීවන ගමන
අසරණ ඈයො දැක නෙත කදුලින් පිරුන
නුඹ සෙනෙහසේ උල්පතකැයි මට හැගුන

ඇදුමින් පැලදුමෙන් මෙන් හැගුමෙන්ද නුඹේ
නිරතුරු ගෙනාවේ පිවිතුරු හැගුම නගේ
නුඹ හා තනන්නට කූඩුව හනික මගේ
මට ඇයි වරම් නැති වූයේ කදුලු නැගේ

බෝ මළුවේ කොනකට වී බුදුන් වැද
“මේ එන සුලග කෙතරම් නම් සැනසුමද:”
අල්ලා මගේ අත හිනහී අසන ලද
මේ හැටි දුරක් යාවී මා සිතුවෙ නැත

දෑසම බලාගෙන ස්ථිර හඩින් යුතු
හැරදා යන්න ගිහිගෙහි හැම නුඹට සතූ
කහවත දරාගන්නට අවසරය පැතූ
හැටි සිහිවෙන හැමවිට තෙත් වෙනවා නෙතූ

වෙන්වී සසුන වෙත පියමැන්නට පස්සේ
වාවාගන්න බැරිවිය දුක හිත අස්සේ
සති ගණනක් ගෙවා මළ මිනිසෙක් විලසේ
පලවෙනි වරට මම මේ එළියට බැස්සේ

දිගු කෙස් කළඹ මම නිතරම ආස කල
කෝ රන් තෝඩු මම නුඹ හට තෑගි කල
සිල් මෑණියනී ,පෙර දින මා ආලෙ කල
මොනවද අඩුපාඩු මේ මම නුඹට කල

මා හැර ගියත් නුඹ සසරෙන් මිදෙන්නට
මට බැහැ නුඹව මගෙ හුස්මෙන් මුදන්නට
යලි යලි බැදෙමි පෙර මා හා සිටි නුඹට
කම් නෑ සසර කොතරම් දිගු වුනත් මට

web gossip…

ලක්ෂ 80ක් වැය වෙන ලංකාවේ සිටින සිගිති පැටවුන්ගේ සැත්කම ඉතාලියේ ඉන්න අපේ අයගේ පිහිටෙන් ඉතාලියේදීම නොමිලේ කරන හැටි

ඔබ පහත ජායාරූපයෙන් දකින නො.223/1 කොන්දගම්මුල්ල දෙමංහන්දිය ,කටාන පදිංචි සරත් නිශාන්ත ප්‍රනාන්දු හා ධම්මිකා කුමාරි යුවල යුග දිවියට එලඹුනේ අහසේ මාලිගා තනන්නට නොවේ.ඔබ,මා මෙන්ම යහපත් පවුල් ජීවිතයක් ගත කරමින් තම දරුවන් උස් මහත් කර හොඳ අධ්‍යාපනයක් ලබා දීමටය.මේ පවුලට දරු තිදෙනෙකි.ලොකු දුව අමෝධ්‍යා ඕෂධී (12) ඊලග පුතා හසිරංග සෙමුතු (9) බාල පුතා තුසිරු ඔනාල් (6) .සරත් එටිසලාට් ආයතනයේ දුරකතන කාඩ්පත් අලෙවි කිරීමේ සුලු රැකියාවක් කලද ඉතා සතුටින්,චාමෙට ජීවත් වූ මේ කැදැල්ලට කණකොකා හඬලන්නේ වැඩිමල් දියනිය හා බාල පුතා තැලසීමියා රෝගයෙන් පෙලෙන බව දැනගත් මොහොතේ සිටයි.

මේ අහිංසක පවුලේ සිනහව සොරා ගැනීමට තැලසීමියා මාරයාට ගතවන්නේ නිමේෂයකි .එතැන් සිට අද දක්වා ඔවුන් විඳි දුක් ගැහැට ලියා නිම කිරීමට නොහැක.ශ්‍රීලංකාවේ රජයේ රෝහලින් කෙරෙන රුධීරය මාරු කිරීම් කොතෙක් කලද රෝගය සුව නොවේ.ඒ සඳහා ඇටමිදුලු බද්ධ කිරීමේ ඉතාමත් සංකීර්ණ මෙන්ම අවදානම් සහිත ශල්‍යකර්මය ක් කිරීමට සිදුවේ.ශ්‍රීලංකාවේ ඇපලෝ රෝහලේ දැනට මෙම සැත්කම සිදු කරන අතර ඒ සඳහා රු.ලක්ෂ 80 ක මුදලක් වැය කල යුතුව ඇත.ඉන්පසුවද පශ්චාත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධික පිරිවැයකි.

එය මෙවැනි පවුලකට සිහිනයක්ම මිස යථාර්ථයක් නොවේ.ඔය අතරවාරයේ සරත්ගේ මිත්‍රයකු වන ඉතාලියේ මෝදෙනා නගරයේ සේවයේ නියුතු දලුපොත පදිංචි නුවන් සමීර නිවාඩුවකට ශ්‍රීලංකාවට ගිය විටෙක තම මිතුරාගේ පවුලේ මෙම අවාසනාවන්ත තත්වය දැක,ඉතාලියේ නම් ඔය ඔපරේෂන් එක කිරීමට මුදල් වියදම් නොවන බව පවසයි.අන්න දෙවියන්ගේ සානුකම්පිත බැල්ම ඔවුන් වෙත යොමුවන වචනය සමීරගේ මුවින් පිටවූ ඒ පුදුමාකාර මොහොත.එනමුදු මීටත් වඩා දරුණු අසනීප තත්වයකට වූවද පිටරටකට යාමට අවස්ථාව ක් හෝ නීතිමය තත්වයක් අප රටේ සාමාන්‍ය ජනයාට නොමැති බව මා ඔබට අමුතුවෙන් කිව යුතු නැත.එසේ නම් මෙය දේව බලයකින්ම සිදු විය යුතුව ඇත.

ඔව් එය එලෙසම සිදුවීම සඳහා දේව දූතිකාවක් සොයා ගොස් මේ ගැන සැල කිරීමට සරත්ට සිතෙන්නේ එබැවින් විය හැකිය.කොච්චිකඩේ ,මීගමුව ප්‍රදේශය ආශ්‍රිත කතෝලික කන්‍යාරාමයක ,කන්‍යා සොයුරියක් වෙත මේ පුවත සරත් විසින් දැනුම් දෙන්නේ ඒ දේව සැලැස්මට අනුව විය හැකිය.එම දේවදූතිකාව විසින් ,ඉතාලියේ මිලානෝ නගරයේ සේවය කරන,විශාල හදවතක් ඇති පුංචි මිනිසෙකු වන මා මිත්‍ර රොමේන් ප්‍රනාන්දු අමතා මීට මැදිහත් වන ලෙස ඉල්ලා සිටී.රොමේන් සහ මම එකම කාලයේ ඉතාලියට පැමින එකම රාත්‍රි පාසැලෙන් ඉතාලි භාෂාව හැදෑරූ සමකාලීනයන් වන්නෙමු.රොමේන් ඉහත අභියෝගය ඉතා සතුටින් භාර ගනී.නමුත් මෙය කෙසේ නම් කල හැකිද? දැනට වසරකට පමන පෙර රොමේන් මා හමුවී මේ විස්තර පවසා අපට සබඳතා ඇති සෑම කෝණයකින්ම ගවේෂණය කල යුතු බව පවසයි.ඒ අනුව රොමේන් ගේ ඉල්ලීම පරිදි,ඉතාලියේ පලමු පන්තියේ ප්‍රභූ පවුලකට නෑ සබඳතා ඇති නිවසක සේවය කරන මාගේ මිතුරෙකුගෙන් ,අදාල ප්‍රභූන්ගෙන් මේ සඳහා උපකාර ලබා ගත හැකිදැයි විමසීමි.නමුත් යහපත් ප්‍රතිචාරයක් නොමැත.නමුත් එතැන්හිද මා රොමේන්ට පවසන්නේ උත්සාහය අත හරින්න එපා,මේ ඔයා මහන්සි වෙන්නේ ඔයාගේ නොවන පවුලකට සිනහවක් ලබා දීමටයි,ජීවිත දෙකක් ගොඩ දාන්නටයි යනුවෙනි.

ඔව්,රොමේන් උත්සාහය එක් දශමයකින් වත් අඩු නොකරයි.හිතවත් ඉතාලි ජාතික කාරුනික මහත්මීන් කීප පලකගේ සහායෙන් කරිතාස් ආයතනයද සම්බන්ධ කරවාගෙන ,අදාල වෛද්‍ය වාර්තා සියල්ලම ඉතාලියට ගෙන්වාගෙන ,රෝහල් බලධාරීන් හට ඉදිරිපත් කර පරීක්ෂා කිරීමේදී ,ඉතාලි රෝහලක නොමිලේ මෙම ශල්‍යකර්මය සිදු කල හැකි බවට දැන ගැනීමට ලැබුනි.ඊලඟ ගැටලුව මෙම පිරිස ඉතාලියට ගෙන්වා ගන්නේ කෙසේද යන්නයි.ඒ සඳහා ද කරිතාස් ආයතනය හා රජයේ අදාල අංශ මෙන්ම පොලීසිය ,තානාපති කාර්‍යාල සියල්ල සම්බන්ධ කරගෙන දීර්ඝ මෙහෙයුමක යෙදීමට රොමේන්ට සිදුවේ.අවසානයේ පසුගිය සිකුරාදා උදෑසන මාගේ දුරකතන ය එක දිගටම අස්වාභාවික ලෙස නාදවෙයි .මා පිලිතුරු දීමේදී එහා කොනින් ඇසෙන්නේ ,කෝටි ගනනක ලොතරැයි දිනුමක් ඇදුනා වැනි සතුටකින් යුත් රොමේන් ගේ කටහඬයි.ලෙස්ලි අම්මටයි දරු තිදෙනාටයි,කොලඹ ඉතාලි එම්බසියෙන් වීසා ලබා දුන්නා.මට ඇසෙන්නේ එපමනකි.දෙවියන්ට ස්තෝත්‍ර වේවා,මගේ මුවින් නික්මෙයි.

ඉතින් මා දයාබර සබඳ ,තව නොබෝ දිනකින් ඒ මව තම කුරුලු පැටවුන් සමඟ ජීවිත දෙකක් අයැදීමට ඉතාලියට පියාසර කිරීමට නියමිතයි.තමන්ගේම නොවන රටක තමන්ගේම නොවන ජාතියක දරුවන්ගේ ඉරනම භාර ගැනීමට මොන්සා නගරයේ සන් ජෙරාර්දෝ රෝහල් බලධාරීන් පෙර මග බලා සිටී. තම අක්කාටත් මල්ලීටත් තමන්ගේ ශරීරයෙන් ඇටමිදුලු පරිත්‍යාග කිරීමට හසිරංග සෙමුතු නම් දෙවෙනි පුතා සූදානම්‍ ය.Muggiano කලාපයෙන් ඔවුන් සඳහා පුංචි නිවසක් යුරෝ 350.00 ක මාසික කුලියකට වෙන්කර අවසානයි.ඔවුන් පැමිනි පසුව පාස්ත පැකට්ටුවේ සිට සියලූම අවශ්‍යතා සපුරා ගත යුතුව ඇත.ප්‍රධානම බාධකය ඉතාලි භාෂාව යි.ඔවුන් සමඟ රෝහලට ගොස් පරිවර්තන කටයුතු කිරීමට ඔබලාගේ සහාය පතන්නෙමු.හවස් වරු වලට මා හෝ මගේ පුතා යාමට බලාපොරොත්තුවෙන් සිටිමු.මෙම මහා මෙහෙයුම සාර්ථක කර මේ ජීවිත දෙක ගලවා ගැනීමට රොමේනුත් මමත් ඔබ සැමගේ දෙපා නැමැද ඔබේ සහාය පතමු.ඔබලාගේ සියලු උපකාරයන් ඒ අයගේ අතටම කෙලින්ම පත් කිරීමට සම්බන්ධීකරනය කර දීමට අපි සූදානමින් සිටිමු.

මිලානෝ මොන්සා සහ ඒ අවට සියලූම,මාධ්‍ය ආයතන,ස්වාධීන මාධ්‍යවේදීන් සැමගේ කාරුනික සහයෝගය අපි අපේක්ෂා කරමු.එන්න අපි ඔක්කොම එකට එක්වී මේ පවුලෙන් ගිලිහුන සිනහව නැවත ලබාදී ඒ සිනහවේ කොටස් කරුවන් වෙමු.ඔබ සැමගේ අදහස් අපිට ඉතා වටී.මගේ දු.ක.අංකය 3287554151 රොමේන් 3381354988 සරත් (පියා) ශ්‍රී ලංකාව 0094722651423 ,ඔවුන් මෙහි පැමිනි විගස මව අතට දුරකතන යක් ලබාදී එහි අංකය ඔබ සැම වෙත දැනුම් දෙන්නෙමු.ස්තූතියි ,මා ඔබේ හිතවත් ලෙස්ලි ලෝව් මිලානෝ සිට. මෙය හැකි පමන share කර ඔබේ සහයෝගය ලබා දෙන්න.
මා ඔබේ හිතවත් ලෙස්ලි ලෝව් මිලානෝ සිට

ලොරි රථයේ දිවි ගෙවූ අහිංසක පවුලට හිසට සෙවනක් දුන් විශ්ව කොඩිකාර මහතාගේ උතුම් මනුසත්කම මෙන්න.

මහවැලි අදිකාරිය විසින් නිවස කඩා දැමීම නිසා මහමගට වැටී ලොරි තට්ටුවක් මත ජීවත් වූ පවුලට හිසට සෙවනක් ලබාදෙයි

මහවැලි අදිකාරිය විසින් නිවස කඩා විනාශ කල නිසා අසරණව මහ මග ලොරි තට්ටුවක ජීවිකාව ගෙන ගිය පවුලකට ප්‍රසිද්ද රංගනශිල්පියකු වන විශ්ව කොඩිකාර මහතා සහ ඔහුගේ පියා ද බෙලි අත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන මදුශංක මහතාද තෙල්දෙනිය ජාතික පාසලේ විදුහල්පතිවරයාද මෙම පිං කමට සහබාගී වී තිබෙනවා

දිනකට පිරිමින් දෙන්නා තුන්දෙනා සමග යහන්ගතවෙන සුපිරි නිල් නිලි මියා කලිෆාගේ ඔබ නොදුටු ආදායම සුපිරි නිවාස වාහන මෙන්න පිස්සු හැදෙනවා

දිනකට පිරිමින් දෙන්නා තුන්දෙනා සමග යහන්ගතවෙන සුපිරි නිල් නිලි මියා කලිෆාගේ ඔබ නොදුටු ආදායම සුපිරි නිවාස වාහන මෙන්න පිස්සු හැදෙනවා

නිල් නිලියක් උනත් මාර සැපක් විඳින්නේ මෙයා නම් ඇත්තටම පිස්සු හැදෙනවා මේවා දකින කොටත්

පෝසතුන් මැති ඇමති වරුන් කොටිගනනින් නිකරුනේ වියදම් කරද්දී පිණ්ඩපාතේ වැඩ හම්බෙන දෙයින් දුප්පතුන්ටම කන්න බොන්න දෙන පොඩි හාමුදුරුවන්

පිරිසක් සුර සැප විදිද්දී තවත් පිරිසක් මිහිපිට අපා දුක් විදිනවා. ඒ තමා මේ ලෝකේ හැටි. අතවශ්‍ය මුලික කාරණා වත් සපුරා ගන්න නොහැකි මිනිස්සු අපි අතරේ ජිවත් වෙනවා. ඒ මිනිස්සු කහට කෝපයකින් වේල ෂේප් කරගෙන හුස්ම වැටෙන කල් නොමැරී ජිවත් වෙන කාටවත් බරක් නැති පිරිසක්.

මෙහෙම මිනිස්සුත් මේ ලංකාවේ ඉන්නවද කියල සමහරුන්ට හිතෙන්න පුළුවන්. ඒ තරමට මේ ජිවිත දුෂ්කරයි. ඒ වගේ පවුල් හොයාගෙන ඔවුන්ගේ මුලික උවමනා එපාකම් වලට සහයක් වෙන්න, පිරිත් නුලක් ගැටගහල ආශිර්වාද කරන්න පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාමය පිරිවනේ ස්වාමීන්වහන්සේලා කිහිපනමක් උත්සාහ කරනවා .

වරදන්ගොල්ල වජිර ස්වාමිනවහන්සේ ඇතුළු තවත් ස්වාමින්වහන්සේලා කිහිපනමක් සහ ශ්‍රමයෙන් සහ මුදලින් දායකත්වය ලබා දෙන පිරිසක් එකතු වෙලා තමයි මේ කටයුතු සංවිධානය කරන්නේ. එය ඒ තරම් ලේසි නැ. ඔවුන්ගේ දුෂ්කර ජිවිත වලට ලගාවිමත් ඉතා දුෂ්කරයි .

අපි Facebook එකේ උඩට පහලට යද්දී දකින ලෝකය හෝ TV එකේ දකින ලෝක වලට වඩා වෙනස් ලෝකත් මේ ලංකාව ඇතුලේ තියෙනවා. ඒ මිනිස්සු බඩගින්නේ හිටියත් සියදිවිහානි කරගන්න උත්සහ කරන්නේ නැ. දවසක් හරි ජිවත් වෙන්න උත්සහ කරන්නේ

අන්තර්ජාල හරහා ලංකාවේ සුපිරිම කොටිපතියෙක්වුණු ලසන්ත මහතා ගෙවන සුපිරි ජීවිතය මෙන්න

අන්තර්ජාල හරහා ලංකාවේ සුපිරිම කොටිපතියෙක්වුණු ලසන්ත මහතා ගෙවන සුපිරි ජීවිතය මෙන්න ලංකාවේ පලවෙනි කොටිපතියාවත් මෙහෙම කරන්නේ නැ

මොන තරම් මිල මුදල් තිබුනත් ලංකාවේ කෙනෙක් මේ වගේ සරල ජිවිතයක් ගතකරනවා දැක්කමයි මේ මහතාගේ ජීවිතෙන් ඔබගේ ජීවිතයටත් ආදර්ශයක් ගන්න පුළුවන් නේද සල්ලි තිබුනට වැඩක් නැ සතුට ජිවිතයට නැත්තනම්

විවාහ වුණ දිනයේ මනාලයා ළඟ බලන් ඉන්නකොට මීනා ප්‍රසාදිනී පේෂල සමගින් යුග ගී ගයයි මෙන්න කවුරුත් නොදුටු දේ

ගොඩක් රසිකයන් අතර ජනප්‍රිය ගායිකාවක් තමයි මීනා ප්‍රසාදිනී කියලා කියන්නේ.

ඉතින් මීනා පසුගිය දා දිනයේ යුග දිවියට පිවිසුණා. ඇගේ අතිනත ගත්තේ ඉරේෂ් පෙරේරායි.

ආගමික චාරිත්‍රවලට අනුකූලව විවාහ මංගල්‍යය උත්සවය පැවැත්වී තිබුණේ දේවස්ථාවයකයයි.

මේ මීනා විවාහා උත්සවය දිනයේ පේෂණ මනෝජ් සමග යුග ගීතයක් ගායනා කල හැටි

වික්ටර් ගොඩක්ම කැමති මාව ඔඩොක්කුවෙ තියන් ගහන්න ඉරාජ්, පුලුවන්නම් මාව ඔඩොක්කුවේ තියාගෙන පැය කාලක් ගහල පෙන්නන්න

වික්ටර්ට දවසම වුනත් නවත්තන්නේ නැතුව ගහන්ඩ පුලුවන්. මුල් දවස්වල මමත් පුදුම වුනා, එයාට කොහෙන්ද මෙච්චර ශක්තියක් කියලා. එයා ගොඩක්ම කැමතී මාව ඔඩක්කුවෛ් තියාගෙන ගහන්ඩ. ගහන්ඩ පටන් ගත්තහම එයා වෙනම ලෝකෙක අතරමන් වෙනවා. මම නම් හිතන්නේ වික්ටර් වගේ කෙනෙකු මට ලැබුනු එක මගේ වාසනාවක් කියලා.

ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගහනවා, ගහනවා කියාගන, මියුසික් වීඩියෝවල ස්ත්‍රී නිමිත්ත පෙන්නගෙන දගලන මල්ලි කෙනෙක් මේ ඊයේ පෙරේදා “ප” පෙන්නගෙන දගලනවා මමත් දැක්කා. හැබැයි මම ඒ මියුසික් වීඩියෝව බැලුවේ හන්සමාලි ගේ නිමිත්ත පෙන්නයි කියලා හිතාගෙන, එත් එයා සොසේජස් මිරික, මිරික කෙසෙල් ගෙඩියක් විතරයි ලෙවකෑවේ. මාව හොඳටම ඩිසපොයින්ට් වුනා. ඊට පස්සෙයි මට තේරුනේ හන්සමාලිට මරිකන්ඩයි, ලෙවකන්ඩයි විතරයි දන්නේ රගපාන්ඩ දන්නේ නෑ කියන එක.

සංස්කෘතියට ගහන මල්ලිට කියන්ඩ තියන්නේ මෙච්චරයි, “ඔය සංස්කෘතියට ගහන එක පොඩ්ඩක් පැත්තකින් තියලා, පුලුවන්නම් මාව ඔඩොක්කුවේ තියාගෙන පැය කාලක් ගහල පෙන්නන්ඩ, ඔයා ඇත්තටම හොඳ ගැහිලි කාරයෙක් කියලා අන්න එතකොට මම පිලිගන්නම්, මම විතරක් නෙවෙයි රටම පිලිගනී”

ඔයාට පුලුවන් මාව අතගාලා බලන්ඩ විතරයි, එත් ගහන්ඩ බෑ”. මොකද දන්නවාද ඔයා පොඩි එකෙක් තවම. ඔය පාර අයිනේ වැටිලා තියන ටින් බෙලෙක්ක වලට ගැහුවට ඔයා ගැහිලි කාරයෙක් වෙන්නේ නෑ මල්ලි. පුලුවන්නම් මං වගේ කෙ‍නෙකුට ගහලා පෙන්නන්ඩ.

මීට
වික්ටර්ගේ සිතාරය.🎼
සංකල්පනය: එරින් ප්‍රනාන්දු

මෙහෙමත් ආදරයක් ගැන හිතන්නවත් පුලුවන්ද හිතා ගන්නවත් බැ මුහුණට නොව ආදරයට ආදරේ කරපු ආදර කතාවක් කියවලාම බලන්න

මෙහෙමත් ආදරයක් ගැන හිතන්නවත් පුලුවන්ද හිතා ගන්නවත් බැ මුහුණට නොව ආදරයට ආදරේ කරපු ආදර කතාවක් කියවලාම බලන්න

ආදරේ කියන්නේ සුන්දර හැඟීමක්.

ඒ හැඟීම වචනවලින් කියන්න බැහැ. ඒත් ඒ ආදරේට අද නියම වටිනාකමක් දෙන අය ගොඩක් අඩුයි.

අපි මේ කියන්න යන්නේ රූපයට, බලයට මුදලට යටපත් නොවූ සොඳුරු ආදරය කතාවක් ගැන.

2004 අවුරුද්ද වෙනකොට මට වයස අවුරුදු 17 යි. මම දවසක් දැක්කා අලුත් දැරියක් අපේ පංති කාමරය ඉස්සරහින් යනවා.
මම ඇය දිහා බලාගෙන හිටියා. ඒ වගේ කෙනෙක් මම කවමදාවත් දැකලා නැහැ.
කාලය ගෙවිලා යද්දි අපි හොඳ යාළුවෝ වුණා.

ඒත් ඇය වෙනත් කෙනෙක් සමඟ ඉන්නවා දකින එක මට හිතට ලොකු කම්පනයක් ගෙනඑන දෙයක් වුණා.
වැඩි කාලයක් යන්න කළින්ම මම ඇයත් එක්ක කතා කරන එක නතර කළා. ඒත් මම එහෙම කතා නොකර ඉන්නේ ඇයි කියන එක ඇය දැනගෙන හිටියේ නැහැ.

විභාගය ඉවර වුණාම මාත් එක්ක කතා කරන්න ඕනේ කියලා ඇය මට පණිවුඩ එවලා තිබුණා.
ඒත් මම ඇය සමඟ කතා කරන්න ගියේ නෑ. පසුව මම විශ්ව විද්‍යාලයට ගියා. නමුත් ඇය වගේ තවත් කෙනෙක් හමු වුණේ නැහැ. ඇයද බංගලාදේශයට ගියා.

2007 අවුරුද්දේ මගේ උපන් දිනය දවසේ මට කෝල් එකක් ආවා. ඒ කතා කරපු කෙනා සුනීතා කියලා හැදින්නුවා.
මගේ හදවත 17 හැවිරිදි වියේදී මා ඇයව දකින කාලයේ මෙන් ගැහෙන්න විය.
මෙම ඇමතුම විනාඩි දෙකක් පමණක් පැවතුණා. නමුත් මට එය සදාකාලික විය. අපේ කාර්යබහුල ජීවිතයත් එක්ක අපි එකිනෙක කතා කලේ කලාතුරකිනි.

2011 නොවැම්බරයේදී මට සුනීතාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න මිතුරෙකුගෙන් හදිසියේම ඇමතුමක් ආවා.
ඇය කිව්වේ සුනීතට අනතුරක් සිදුවුණා කියලා.

ඇය ඒ වෙද්දි හිටියේ කොයිම්බතුර් වල.
එක්වරම මම ඇයව හමුවීමට යන එක හොඳ නැති නිසා මම දවස් දෙක තුනකට පස්සේ ඇයට ඇමතුමක් ගත්තා.
දුරකථනයට ඇය පිළිතුරු දුන්නත් මට ඒ කටහඬ අඳුනගන්න බැරි වුණා.
පස්සේ මම ඇයව බලන්න යන්න තීරණය කළා.

එවිට මම දැක්කේ හිසකෙස් නැති, විකෘති වූ මුහුණක් සහිත, නාසයක් නැතිව, කට සහ දත් බිඳී 90 හැවිරිදි මහලු කාන්තවක් ලෙස ඇවිදින කෙනෙක්ව.
මම පුදුමයට පත්වෙලා බිම ඇදවැටුණා. එතකොට මට දැනෙන්න ගත්තා මම ඇයට ආදරෙයි කියලා.
එදා රෑට මම එයාට කෙටි පණිවුඩයක් යැව්වා. “ඔයාව බලාගන්න පුළුවන් එකම පුද්ගලයා මම. මම ඔයාට ආදරෙයි. අපි විවාහ වෙමු.” කියලා මම කියලා.
මම ඇයට ඒවෙලේම නැවතත් කෝල් එකක් අරගෙන යෝජනාව ඉදිරිපත් කළා.
ඇය ඒ යෝජනාවට හිනා වුණා. ඒත් මගේ යෝජනාවට ඇය බැහැ කිව්වේ නැහැ.

මුලදී මගේ අම්මා කම්පනයට පත්වූ නමුත් මගේ තාත්තා මගේ පිටුපසින් සිටියා. අවසානයේදී මගේ දෙමව්පියන් මාත් එක්ක හැමදේටම හිටියා.
2012 ජනවාරි මාසයේ සිට, මම ඇගේ සියලුම ශල්‍යකාර්ම සිදු කරන විට ඇය ළඟින් හිටියා.,
ඇය ICU හි පසු පසු අවදි වූ විට ඇය දෙසම බලා සිටියෙමි. අපි එකට ජීවත් වීම ගැන ගොඩාක් දේවල් සැලසුම් කළා. අපේ ජිවිතේ උස් පහත් වීම ආවත්
අපි ඒවා එකිනෙක පසු කර පැමිණියා. මම ඇයට අවශ්‍ය විදිහට මාව පරිණාමය කරගෙන බැංගලෝර් වෙත මාරු වුනෙමි. නමුත් මට මං ගැන ලොකු ආත්ම ශක්තියක් ඇති කරගැනීමට මේ දවල් මට උදව් වුණා.

2014 අවුරුද්දේ ජනවාරි 26 වෙනිදා මම පාන්දර 1 ට බැංගලෝරයට ගියා. එතනදි මම දැකපු දෙයින් මම පුදුම වුණා.
ඇය මට විවාහ යෝජනාවක් ඉදිරිපත් කලා.

එදිනම අපි එන්ගේජ් වුණා..එතැන් සිට අපි අපේ විවාහය සූදානම් වුණා.
ඉකමනින් විවාහය වීමට සිතුවත් බොහෝ ප්‍රශ්න අපේ ජීවිතවල තිබුණා.
ඒ අපිට මුදල් අතින් දියුණුවක් නොතිබීම.

අපේ විවාහය සිදුවන දවස උදේ පාන්දර මම කොට කලිසමක් ගහගෙන ඉදිරිපිට ශාලාව අතුගාමින් සිටියේ.
බොහෝ පිරිස් කෙලින්ම ගිහින් ඇයට කිව්වා කසාද බැන්දට කමක් නැහැ දරුවන් හදාගන්න එපා කියලා.
මොකද ඇයගේ මුහුණේ හැඩරුව ළමයින්ටත් පැමිණෙයි කියලා. මිනිස්සු තවමත් අනුකම්පාවෙන් ඇය දෙස බලා, මම ඇයව විවාහ කර ගැනීමෙන් විශාල දෙයක් කැප කළා යැයි සිතනවා. යථාර්ථය නම්, මගේ ජීවිතයේ ආදරයට මම විවාහ වූ අතර මගේ ජීවිතය වඩා හොඳ විදිහට වෙනස් වුණා.

අද අපිට ලස්සන දරුවන් දෙදෙනෙක් ඉන්නවා.
අද අපි ජීවිතේ ගෙවන්නේ එයාල එක්ක.
අද මම මගේ තරුණ කාලේ ආදර කරපු තරුණියව විවාහ කරගෙන ඉන්නවා.. ඇය මගේ ආදරය බවට පත් වුණා. ආදරය කියන්නේ මුහුනේ අලංකාරය හෝ බාහිර සුන්දරත්වය නොවේ.
එය ආත්මීය සම්බන්ධතාවයක්. මට මගේ තීරණය ගැන සතුටුයි. මම දන්නවා ඉදිරියේදී මම ඇයට තවත් ආදරය කරන බව සහ ඒ ආදරයේ අඩුවක් නොවන බව.