හරීන් සමඟ ඓතිහාසික සටන අද නැවතත් වෙල්ලස්සෙන් ඇරඹෙයි පොහොට්ටුවෙන් තුනක් සිනුවේ එකක් එජාප වේදිකාවේ වෙල්ලස්සේ සටන ඇරඹෙයි

2018 පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක‍ෂ තරග භූමිකාව අද බදුල්ල නගරයේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිනි. මීට පෙර රාජපක‍ෂ රෙජීමය පරාජයට පත් කරමින් ඌව වෙල්ලස්සේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගත්තේද අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසිනි.

එදා රාජ්‍ය බලය සකලවිධ ආකාරයෙන් අවභාවිතා වෙද්දි එදා එක්සත් ජාතික පාක‍ෂිකයන් හට ඉමහත් ශක්තියක් වෙමින්, උත්තේජයක් සපයමින් දුර්දාන්ත පාලනයක් නිමා කරන මුල් අඬහැරය වූයේ එම මැතිවරණයයි.

පොහොට්ටුවේ 3ක්, සීනුවේ 1ක් එජාප වේදිකාවේ. 

ඒ අනුව යමින් මෙවරද, එක්සත් ජාතික පක‍ෂයේ ඌව වෙල්ලස්ස සටන ඇරඹෙන්නේ ජයග්‍රහණය තහවුරු කරමිනි. මේ අනුව ඌව වෙල්ලස්සේ එක්සත් ජාතික පක‍ෂය විජයග්‍රහණය තහවුරු කරන්නට පොහොට්ටුවේ අපේක‍ෂකයන් 3 එක් හා ජනතා විමුක්ති පෙරමුණේ අපේක‍ෂකයෙක් එක්සත් ජාතික පක‍ෂයට එක් විය.

ඌව වෙල්ලස්ස පමණක් නොව, ලංකාවේ දස අතින් මෙලෙස පොහොට්ටුවේත්, ජනතා විමුක්ති පෙරමුණේත් අපේක‍ෂකයන් එක්සත් ජාතික පක්ෂයට එක් වනු ඇතැයි හරින් ප්‍රනාන්දු මහතා අපේක්ෂා කරයි.

මෙය එක්සත් ජාතික පක‍ෂයට ඉතාම වැදගත් අවස්ථාවකි. වසර ගණනාවකට පසුව පළාත් පාලන ඒකකයන් සඳහා වඩාත් ශක්තිමත් ආකාරයකින් හා රොදබැඳගන්නා සුවිශේෂ ආකර්ෂණීය බවකින් චන්ද දායකයෝ එක්සත් ජාතික පක‍ෂය වටා එක්රොක් වෙමින් සිටිති.

නත්තල සමරන්න රාජ්‍ය සේවකයන්ට බෝනස් ලැබෙන්නේ මෙහෙමයි.අගමැතිගෙන් රටටම සුපිරි බෝනස් එකක් මෙන්න කියවලාම දැනගන්න

අවුරුද්ද අන්තිම වෙද්දි ජොබ් කරන හැමෝම බලන් ඉන්නේ බෝනස් ලැබෙනකන්. සමහරුන්ට අත කට පිරෙන්න බෝනස් ලැබුනට සමහරුන්ට නම් පඩියෙන් විතරක් සැනසෙන්න වෙනවා. එ් වුනත් රාජ්‍ය සංස්ථා සහ රජයේ සමාගම්වල සේවකයින්ට නම් ඊයේ සුභ අාරංචියක් ලැබුණා.

එ් තමයි මුදල් අැමතිතුමා ඔවුන්ට බෝනස් දෙන්න තීරණය කරලා තියෙනවා. රුපියල් 15,000 ක උපරිමයක ඉඳලා රුපියල් 3,000 ක අවමයක් දක්වා කණ්ඩ 4 ක් යටතේ ඔවුන්ට බෝනස් ලැබෙනවා. ගිය අවුරුද්දේ පාඩු ලබලා මේ අවුරුද්දේ ලාබ ලබපු අායතනවල සේවකයන්ට රුපියල් 13,500 ක බෝනස් එකක් දෙනවලු.

ගිය අවුරුදදේ පාඩු ලැබුවත් මේ අවුරුද්දේ පාඩුව අඩු කර ගත්ත අයට රුපියල් 5,000 ක බෝනස් එක්ක ලැබෙනවා. හැබැයි ගිය අවුරුද්දෙත් පාඩු ලබලා මේ අවුරුද්දෙත් පාඩුව අඩු කරගන්න බැරිවුන අායතනවල සේවකයන්ට නම් බෝනස් ලැබෙන්නේ රුපියල් 3,000 ක් විතරයි.

බොලේ අතහැරියම මොකද්ද කරන්නේ කියලා මාලිගෙන් අහගන්න.අකිල නායකයා වෙලා තිසර උඩ පන්දු අත හැරියොත් මොනවා වෙයිද?

ඔබට මතකද ශ්‍රී ලංකා ක්‍රිකට්වල මේ වගේ කාලයක් තිබ්බා. සනත්ලා, කලූ ලා එකතු වෙලා ඉන්දියාවේ අභිමානය පිත්තෙන් සුනු විසුනු කරා. එ් දවස්වල ඉන්දීය ප්‍රේක්ෂකයෝ පවා සනත්ලට පුදුම අාදරයක් තිබ්බේ

හැබැයි දැන් අත්තනෝමතික සුදු පාලකයෝ නිසා දැන් ලංකාවේ ක්‍රිකට් වලට හෙනහුරා ලබලයි තියෙන්නේ. ඉන්දියාව එක්ක තිබ්බ පළවෙනි T 20 තරඟයේදී ඒ අපලයේ කූටප්‍රාප්තියට ලංකාව ලං වුණා. මෙච්චර දවසක් පරිස්සම් කරගෙන හිටපු නිකැළැල් T 20 නම්බුවත් කෝලි නැති ඉන්දියාව එදා විනාශ කරා. ඒ නික් පොතාස් පුහුණුකරුගේ ලෝකේ වීරයා වුණු තිසර පෙරේරාගේ නායකත්වය ලංකාවට ලැබෙද්දී.

හැබැයි පැරදුණු එකට වඩාදෙයක් ඒ තරඟය ගැන කතා කරන්න අපිට ඉතුරු වුණා. එ් ශ්‍රී ලංකා නායකයාගේ තුට්ටු දෙකේ හැසිරීම. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ රටක් නියෝජනය කරන නායකයෙක් විදිහට නෙවෙයි එදා තිසර හැසිරුනේ. අඩුම ගානේ වෙළේ ක්‍රිකට් ගහන කාලේ වත් බෝලයක් අතහැරියම “බෝක්කුවා” කියලා මිසක් “බූරුවා” කියලා යාළුවන්ට බැනපු දවසක් මට මතක නෑ. හැබැයි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති මේ තරඟය අතරතුර පන්දුව අතහැරියා කියලා තිසර, අකිලට බැන්නේ, “බොලේ අල්ලපන්, බුරුවා” කියලයි.

මතකද මීට මාස ගාණකට කලින් තිබුණු ශූරයන්ගේ කුසලානය. කාලයක් ජයග්‍රහණයේ කුරුමානම් අල්ලමින් හිටපු ලසිත් මාලිංග ප්‍රමුඛ කණ්ඩායම ජයග්‍රහණය ඇහේ ඇනෙන ගාණට ලං වෙලා හිටියේ. ඒ වෙලාවේ තිසර පෙරේරාගේ අත් දෙක හොයාගෙන Practice Catch එකක් වගේ ආපු සරල උඩ පන්දුව තිසර අතහැරියා. පන්දු යවමින් හිටියේ මාලිංග.

ඒ පන්දුවාරය ඉවර වෙලා තිසර ලඟට ආව මාලි හිනාවෙලා තිසරගේ පිටට තට්ටුවක් දැම්මා. “කමක් නෑ මල්ලි, අපි තව පාරක් Try කරමු.” මාලිංග පිටිය මැද තිසරට නොකියා කිවුවේ ඒ කතාවයි. පිටියෙන් එලියට ආව වෙලාවෙ මාධ්‍ය පන්න පන්න ප්‍රශ්න කරද්දීත් මාලි කිවුවේ “නෑ, ඕනෑම වෙලාවක ඕනෑම ක්‍රීඩකයෙක් අතින් Catch Miss වෙන්න පුළුවන්” කියලයි.

රටට කණ්ඩායමට වගකියන නායකයෙක් විදිහට මාලි එදා තිසරව එහෙම බේරගත්තේ ක්‍රීඩා ඇමතිගේ රාජ උදහසට පවා ලක්වෙමින්. පිටරට ක්‍රීඩකයන්ට යෝකර් වලින් තර්ජනය කරාට තමන්ගේ ක්‍රීඩකයන්ව මාලි වචනෙකින්වත් රිද්දුවේ නැහැ.

ඉතිං තිසර, මුල්ම සහ අවසන් වශයෙන් අපිට කියන්න තියෙන්නේ ඔය නායක ඔටුන්නට ඔබ තාම ලාමකයි කියලයි. බන්දුල, අර්ජුන වගේ නායකයෝ ආදර්ශයට ගන්න ඕනේ නැහැ. මීට මාස ගාණකට කලින් ඔබේ නම්බුව බේරපු ලසිත් මාලිංගට හරි ඉක්මනට Call කරලා අහගන්න, කෙනෙක් බෝලයක් අතහැරියොත් මොකද කරන්න ඕනේ කියලා.

හෙන්ඩුව දුන්නට පාලකයෝ ඔබට මන්තරේ කියලා කියලා දීලා නැහැ. ඒ නිසා කොහොමද නායකකම කරන්නේ කියලා මාලිගෙන්වත් අහගන්න. දැන්වත් හැදෙන්න තිසර. හැබැයි ඔබ එහෙම හැදෙයිද කියලත් අපිට ලොකු විශ්වාසයක් නැහැ. මොකද ඔය නායකකම ඔබට ලැබුනේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන නිසා නෙවෙයි හැමෝම බෑ කියද්දී ලාහෝර් යන්න ඔබ අත උස්සපු නිසානේ.

ඒක මේ වෙද්දී ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම දන්නවා. ඒ වගේම සමහරවිට හෙට ඔය නායකකම දික්වැල්ලට ලැබෙයි. මොකද ක්‍රිකට් අායතනයේ විධායක නිලධාරී අෑෂ්ලි ද සිල්වා දැන් කියන්නේ තරඟාවලියෙන් තරඟාවලියට නායකයෝ පත් කරනවා කියලයි.

ඉතිං මේ යන විදිහට දවසක අකිල නායකයා වෙලා තිසර උඩ පන්දු අත හරින්නත් පුළුවන්. එදාට අකිල සිද්ධ වෙයි තිසරට බනින්න වචනයක් හොයා ගන්න. දැන් ඔබට තේරෙනවද ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සිද්ධ වෙලා තියෙන අවනඩුවක මහත. ඒ සම්පුර්ණ වගකීම ක්‍රිකට් පරිපාලකයෝ භාර ගන්න ඕනේ.

එ් දවස්වල සනත් ජයසූරියට පාලකයෝ, මාධ්‍ය වගේම ක්‍රිකට් ගැන ලොකු Talks දෙන ඇත්තෝ බැන්නේ “ලංකාවේ ක්‍රිකට් ගහන ඔක්කොම කොල්ලෝ Team එකට ගන්නවා. තරඟයක් දෙකක් දීලා අයින් කරනවා” කියලයි. Fitness නැතුව ක්‍රීඩකයෝ ලෙඩ ඇඳට වැටෙද්දී සනත්ට වෙන විකල්පයක් තිබ්බේ නෑ කියලා දන්නෝ දන්නවා. එහෙම වෙලාවක “මං අයින් වුනාම ක්‍රිකට් හැදෙනවා නම් මම අයින් වෙන්නම්, ඔයාලා ක්‍රිකට් හදන්න” කියලා සනත් ගෙදර යන්නේ පාලකයන්ටවත් මාධ්‍යටවත් බයේ නෙවෙයි. ක්‍රිකට් වලට තියෙන අාදරේට.

හැබැයි දැන් මේ පාලකයෝ තරඟාවලියෙන් තරඟාවලියට නායකයෝ පත් කරන්නේ මැරිලා ඉපදිලාද කියන්න නම් අපි දන්නේ නෑ. මැතිව්ස්ගෙන් පස්සේ චන්දිමාල්, මාලිංග, තරංග, කපුගෙදර නායකයා කරලා දැන් ලාහෝර් Deal එකට අත උස්සපු තිසරට කළගුණ සලකලා. ඉතිං මේ පාලකයෝ මුලු කණ්ඩායමම නායකයෝ කරන දවසත් වැඩි ඈතක නෙවෙයි කියන එක නම් විශ්වාසයි.

ක්‍රිකට් වලට අාදරේ කරපු මාලිංගලා, සනත්ලා කපලා දැන් පාලකයොන්ට ඕන අය පත් කරගෙන තියෙනවා. ලෝකයම අාදරය කරපු මාස්ටර් බ්ලාස්ටර් වෙනුවට දැන් ඉන්නේ එකම ජාත්‍යන්තර තරඟයකටවත් ක්‍රීඩා නොකරපු තේරීම් කමිටුවක්. කණ්ඩායමේ සාමාජිකයෝ වෙනුවෙන් තමන්ගේ ක්‍රිකට් ජීවිතයම කැප කරපු මාලිංගලා වෙනුවට පිනට නායකත්වය ලැබුන කෙනෙක් කණ්ඩායම මෙහෙයවනවා.

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. ඉතිං ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන කවර නම් කතාද? පාලකයොන්ගේ සහ ක්‍රීඩකයොන්ගේ ඩීල් නිසා අවසානයේ වෙන්නේ ලෝකයට නම ගෙනියපු ශ්‍රී ලංකා ක්‍රිකට් විනාසහ වෙන එක විතරමයි. අැත්තටම එ්ක දැනටමත් පටන් අරන් තියෙන්නේ. අදක්ෂ නායකයන්ගේ සහ අත්තනෝමතික පාළකයන්ගේ ඩීල් ඉක්මනටම ඉවර කර ගන්න වෙනවා. නැත්තම් හතුරුසිංහ නෙවෙයි සක්කරයාගේ පුතා වයිමා ආවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නම් ගොඩගන්න බෑ.

මේ තියෙන්නේ ධනංජයට, තිසර බැනපු හැටි.

චන්දිලා ගියපු අධිවේගි ක්‍රිකිට් තරගයේ මහා මුදල් වංචාවක් රුපියල් කෝටි ගානක් ලොක්කෝ වමට ගසයි දවසේ වියදම පමණක් ක්‍රීඩකයින්ට

පසුගියදා නිමාවට පත්වුණු අධීවේගී ක‍්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තු ලෙස කිසිදු මුදලක් නොලැබී ඇති බව ඉන්දියානු වෙබ් අඩවියක් වාර්තා කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේදී දෙසැම්බර් 13වැනිදා සිට 17වැනිදා දක්වා එම තරගාවලිය පැවැත්වු අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම එම තරගාවලයෙදී කලම්බු ලයන්ස් ලෙස තරගාවලියට ඇතුළත් විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් කන්ඩායම මෙහෙයවූ අතර ජාතික කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ පෙරේරා, රමිත් රඹුක්වැල්ල, ශෙහාන් ජයසූරිය, විශ්ව ප‍්‍රනාන්දු වැනි ක‍්‍රීඩකයින් කණ්ඩායමට ඇතුළත් විය.

ෙකෙසේ වෙතත් එම වෙඩ් අඩවිය වාර්තා කරන ආකාරයට ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයින් එම තරගාවලියේදී කලම්බු ලයන්ස් ලෙස ගිවිසුම්ගතව සිටි ඇති අතර තරගාවලිය සංවිධායකයන්ද තරගාවලිය ආරම්භයට පෙර ප‍්‍රචාරක කටයුතු සිදුකළේ ද ‘කලම්බු ලයන්ස්’ යන නමිනි.කෙසේ වෙතත් අවසන් මොහොතේ එය ‘ටීම් ශී‍්‍ර ලංකා’ ලෙස වෙනස් විය.

සෑම කණ්ඩායමකටම Icon Player කෙනෙකු සිටි අතර එම ක‍්‍රිඩකයාට ඇමරිකානු ඩොලර් 35000ක් ද, ජාත්‍යන්තර ක‍්‍රීඩකයකුට ඇමරිකානු ඩොලර් 25000ක්ද, පළමු පෙළ ක‍්‍රිඩකයකු සදහා ඩොලර් 15000ක්ද බැගින් ගෙවිම් සිදු කර ඇත. එම වාර්තා වල දැක්වෙන්නේ අනෙක් කණ්ඩායම් වල ක‍්‍රීඩකයන්ට ගෙවීම් නිසි පරිදි සිදු කර ඇති බවයි.

කෙසේ වෙතත් ශ‍්‍රීලංකා කණ්ඩායම එක් දවසක් සදහා ඇරිකානු ඩොලර් 250ක දීමනාවක් ලබා දී ඇති අතර වෙනස් කිසිදු ගාස්තුවක් ගෙවීම් කර නොමැත.

ඔවුන්ට තරග ගාස්තු ලෙස කිසිදු මුදලක් නොලැබුණත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඇද සිටි ජර්සිය පිටුපස අසන්න වශයෙන් සංවිධායකවරුන් 10 දෙනෙකුගේ ලාංජන පැවැති බවට එම වාර්තා වැඩිදුරටත් දක්වයි.

ශ්‍රීලංකා ක්‍රිකට් ටීම් එකේ නමත් එක පාරටම වෙනස්වෙයි ටීම් එකට හම්බෙන්න තිබුණු කෝටිගානක මුදලටත් වෙච්ච දෙයක් නැ

පසුගියදා නිමාවට පත්වුණු අධීවේගී ක‍්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තු ලෙස කිසිදු මුදලක් නොලැබී ඇති බව ඉන්දියානු වෙබ් අඩවියක් වාර්තා කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේදී දෙසැම්බර් 13වැනිදා සිට 17වැනිදා දක්වා එම තරගාවලිය පැවැත්වු අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම එම තරගාවලයෙදී කලම්බු ලයන්ස් ලෙස තරගාවලියට ඇතුලත් විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් කන්ඩායම මෙහෙයවූ අතර ජාතික කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ පෙරේරා, රමිත් රඹුක්වැල්ල, ශෙහාන් ජයසූරිය, විශ්ව ප‍්‍රනාන්දු වැනි ක‍්‍රීඩකයින් කණ්ඩායමට ඇතුළත් විය. කෙසේ වෙතත් එම වෙඩ් අඩවිය වාර්තා කරන ආකාරයට ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයින් එම තරගාවලියේදී කලම්බු ලයන්ස් ලෙස ගිවිසුම්ගතව සිටි ඇති අතර තරගාවලිය සංවිධායකයන්ද තරගාවලිය ආරම්භයට පෙර ප‍්‍රචාරක කටයුතු සිදුකළේ ද ‘කලම්බු ලයන්ස්’ යන නමිනි.

කෙසේ වෙතත් අවසන් මොහොතේ එය ‘ටීම් ශී‍්‍ර ලංකා’ ලෙස වෙනස් විය. සෑම කණ්ඩායමකටම Icon Player කෙනෙකු සිටි අතර එම ක‍්‍රිඩකයාට ඇමරිකානු ඩොලර් 35000ක් ද, ජාත්‍යන්තර ක‍්‍රීඩකයකුට ඇමරිකානු ඩොලර් 25000ක්ද, පළමු පෙළ ක‍්‍රිඩකයකු සදහා ඩොලර් 15000ක්ද බැගින් ගෙවිම් සිදු කර ඇති අතර එම වාර්තා වල දැක්වෙන්නේ අනෙක් කණ්ඩායම් වල ක‍්‍රීඩකයන්ට ගෙවීම් නිසි පරිදි සිදු කර ඇති බවයි.

කෙසේ වෙතත් ශ‍්‍රීලංකා කණ්ඩායම එක් දවසක් සදහා ඇරිකානු ඩොලර් 250ක දීමනාවක් ලබා දී ඇති අතර වෙනස් කිසිදු ගාස්තුවක් ගෙවීම් කර නොමැත. ඔවුන්ට තරග ගාස්තු ලෙස කිසිදු මුදලක් නොලැබුණත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඇද සිටි ජර්සිය පිටුපස අසන්න වශයෙන් සංවිධායකවරුන් 10 දෙනෙකුගේ ලාංජන පැවැති බවට එම වාර්තා වැඩිදුරටත් දක්වයි.

චන්දික හතුරුසිංහ වැඩභාරගත් ඊයේ දිනයේදී පැවැති මාධ්‍ය හමුවේදී මේ පිළිබදව ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ගෙන් විමසීම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහු පවසා ඇත්තේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

කෙසේ වුවත් තරගාවලිය ආරම්භයේදී පළාත් කණ්ඩායමක් ලෙස පැවැති ශ‍්‍රී ලංකා කණ්ඩායම ටීම් ශ‍්‍රි ලංකා ලෙස වෙනස් වුයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව බව පිලිගත නොහැකි අතර ප‍්‍රධානතම ගැටලුව වන්නේ එම තරගාවලියේ ක‍්‍රිඩකයින්ට ලැබීමට තිබු මුදල් සොරාගත්තත් කවුද යන්නයි

කුලියපිටියම කම්පා කල අවුරුදු 3 පුංචි ලක්ෂිකාට බීමතින් සිටි සීයාගෙන් සිදු වූ අපරාධය කුලියාපිටියම කම්පා කල හැටි

කුලියාපිටිය පහළ බෝහිංගමුව ප්‍රදේශයේ සිටි වයස අවුරුදු 3යි මාස 8ක පමණ බිළිදියකගේ සිරුර යාබද ඉඩමක පිහිටි වගා ළිදක පාවෙමින් තිබියදී පියා විසින් අද (22)සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ලකීශා ලක්දුලී අලගියවන්න නැමති වයස අවුරුදු 3 මාස 8ක දැරියක්.

එම දැරියගේ සීයා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවටයි කුලියාපිටිය පොලිසිය සැක පලකරන්නේ.

සිද්ධිය වූ දින රාත්‍රියේ මෙම සැකකාර සියා බීමතින් සිට ඇති අතර දැරිය නිදා සිටියදී හැද සිටි බව කියන කමිසය ළිදෙන් ගොඩගන්නාවිට නොතිබීම සම්බන්ධයෙන්ද පුළුල් පරීක්‍ෂණ ආරම්භකළ බවයි කුලියාපිටිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර සිද්ධිය වාර්තාවීමත් සමග කුලියාපිටිය පොලිසිය විසින් අදාළ ස්ථානයට පොලිස් ආරක්‍ෂාව සළසා තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට දැරියගේ සීයා කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක පාපන්දු කුසලානය ශ්‍රී ලංකාවට එය ජනවාරි 23 වෙනිදා කුසලානය ලංකාවට

එළැඹෙන 2018 වසරේ රුසියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක පාපන්දු තරගාවලියේ කුසලානය ක‍්‍රීඩා ලෝලීන්ට දැකබලා ගැනීම සදහා රටවල් 54 ක සංචාරය කෙරෙන අතර මෙවර කුසලානය සංචාරය කෙරෙන ප‍්‍රථම රට ලෙස ශ‍්‍රී ලංකාව තෝරාගෙන තිබේ.

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් හා අනුග‍්‍රාහකත්වය දක්වන ආයතන නියෝජිතයින් ඒ පිළිබදව ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා නිල වශයෙන් දැනුවත් කිරීම අද (21) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදුවිය.

2018 ජනවාරි මස 23 දින පස්වරුවේ ශ‍්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත ලෝක පාපන්දු කුසලානය අනතුරුව ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් පිළිගැන්වීමට නියමිතව ඇත.

පාපන්දු ලෝක කුසලානය ලොවට හදුන්වාදීමේ ප‍්‍රථම අවස්ථාව ශ‍්‍රී ලංකාවට හිමිවීම ශ‍්‍රී ලංකාව ලැබූ සුවිශේෂි ජයග‍්‍රහණයක් වන අතර එය ශ‍්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දෙන්නකි.

ජනවාරි 24 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී මහජන ප‍්‍රදර්ශනය සදහා විවෘත කෙරෙන ලෝක පාපන්දු කුසලානය එදිනම පස්වරුවේ මාලදිවයින කරා රැගෙන යාමට නියමිතය.

ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර, ජාතික තේරීම් කමිටු සභාපති ජෙනරාල් දයා රත්නායක, ක‍්‍රීඩා අමාත්‍යාංශ උපදේශිකා සුසන්තිකා ජයසිංහ යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

නාම යෝජනා දෙන්න නම් මට හෙළුවෙන් ඉන්න කිවුවා මධුෂා රාමසිංහ මහින්දගේ පොහොට්ටුවේ රෙදි ගලවද්දී මදුෂා ඇත්තටම නිරුවත් වෙයි

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සදහා ශ‍්‍රි ලංතා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලයිස්තුවට නම දැමීම සදහා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවේ යයි ලක්මවට හඬක් සංවාදානයේ සභාපතිනි රංගන ශිල්පිනී මධූෂා රමසිංහ මහත්මිය පවසයි.

ඊට විරෝදය පල කරමින් ඇය ඊයේ දිනයේ රාජගිරියේ මැතිවරණ කොමිසම ඉදිරියේදී නිහඬ විරෝධතාවයක යෙදුනාය.

තමන් මෙවර මැතිවණය සදහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටි බව සදහන් කරන ඇය නාම යෝජනා ලයිස්තුවට නම ඇතුළත් කිරීම දේශපාලඥයන්ගේ ලේකම්වරුන් දෙදෙනෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවද සදහන් කරයි.

මැතිවණයට නාම යෝජනා දීමට නම් නිරුවතින් කැමරාව ඉදිරියේ පෙනී සිටිය යුතු යයි
තමනට එකී ලේකම්වරුන් අයුතු බලපෑම් කළ බවද ඇය සදහන් කරයි.

කෙසේ නමුත් ඇයගේ උඩුකය නිරුවත් චයාරුප පෙළක් මේ වනවිට අන්තර් ජාලයේ ප්‍රසිද්ද වී තිබෙනවා හෙළුව පෙන්නන්න බැ කියපු ඇය නිරුවත් උනේ කොහොමද.

ඇය විරෝධතාවයේ යෙදෙද්දී එම ස්ථානයට පැමිණි වැලිකඩ පොලීසිය විසින් ඇය එම ස්ථානයෙන් පොලීසිය වෙත ගෙන යනු ලැබුවාය.

මේ සම්බන්ධයෙන් ඇය සිය ෆේස්බුක් පිටුවේද සටහන් දමා ඇත.

මහින්ද රාජපක්ෂගේ සහචරයින් මධූෂාව සමූහ දූෂණයට සැරසිලා!

නාකින්ගෙයි පුද්ගලික ලේකම්ලගෙයි වද බැහැපු පොහොට්ටු පුප්පන්න බෑ කියපු නිසා රිදි තිරයේ පත්තිනි අම්මා වෙච්ච මට නාම යොජනා දෙන්න බෑ කිවුවා – මැතිවරන මහ ලේකම් කාරයාලය ඉදිරියේ මධුෂා පොහොට්ටුවේ මදන විසේ හෙලි කරයි..

Posted by Supiri Gossip on Wednesday, December 20, 2017

 

අත් අල්ලාගෙන කහ ඉරෙන් පාර පනින්න ගිය සාමාන්‍ය පෙළ සිසුවියන් දෙදෙනාට කහ ඉරේදීම සිදුවූ මාරක අනතුර මෙන්න

අත් අල්ලාගෙන කහ ඉරෙන් පාර පනින්න ගිය සාමාන්‍ය පෙළ සිසුවියන් දෙදෙනාට කහ ඉරේදීම සිදුවූ මාරක අනතුර මෙන්න

රත්නපුරේදී සුදුවූ මෙම අනතුර cctv කැමරාවේ සටහන් වෙලා තිබුනේ මේ ආකාරයෙන්

අම්ම නිදාගන්න කෝට්ටේ යටින් හැමදාම රුපියල් දහසේ කොළ හම්බෙනවා ඔබ කවදාවත් විශ්වාස නොකරන භූතයෙක් පැල්මඩුල්ලෙන් හමුවෙයි

නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්, කිසිවකුටත් නොදැනෙන සේ රාත්‍රී කාලවල නිවසට ඇතුළු වී ගෙහිමියන්ට හසුවන තැනක රුපියල් දහසේ මුදල් නෝට්ටු තබා රහසිගතව පිටට යන ත්‍යාගශීලී භූතයකු පිළිබඳව ඔබ මින් පෙර අසා නොමැතිවාට සැක නැත.

එහෙත් කෙසේවත් නොසිතූ පරිදි මටද ඒ විස්මිත පුවත අසන්නට ලැබුණේ පැල්මඩුල්ල ප්‍රදේශයේ කාන්තාවකගෙන් ලැබුණු දුරකථන ඇමතුමකිනි.

අපේ අම්මා ඉන්න කාමරේට තමයි ඔය භූතයා ඔහොම සල්ලි ගෙනත් තියන්නේ. මාසෙකට සැරයක් දෙකක් අම්මා උදේ නැගිටලා බලනකොට අම්මා නිදාගන්න ඇඳේ කොට්ටේ යට හරි, එහෙම නැත්නම් ඒ කාමරේ තියෙන ටී‍පෝ එක උඩ හරි රුපියල් දාහේ කොළයක් තියනවා.

හැබැයි අම්මා කියන්නේ ඒවායින් පින්දහම් කරනවා හැරෙන්න වෙන මුකුත්ම කරන්න බැරිලු. ඒත් තවමත් අපි මේ කතාව කිසිම කෙනෙකුට කියලා නැහැ. අනික මෙහෙම කතාවක් කිව්වට කිසිම කෙනෙක් විශ්වාස කරන එකකුත් නැහැ.

එම කාන්තාව කීවාය. ඉනික්බිතිව ඇය වැඩිදුරටත් කියා සිටියේ භූතයකුගෙන් හෝ එලෙස වරින් වර මුදල් ලබාගැනීමේ වරදක් නොමැති මුත් ඒ භූතයා කවරෙක්ද? යන්න සහ එම මුදල් ගැනීමෙන් තම පවුලට නපුරක් අයහපතක් සිදුවේද යන්න නිරාකරණය කර ගත නොහැකිව තමන්, තම සැමියා සේම දියණියන් දෙදෙනා ඉමහත් මානසික තිගැස්මකට ලක්ව හිඳින බවය.

ඒ අනුව එවැනි සංසිද්ධියක් විමර්ශනය කිරීම පිණිස ඒ සම්බන්ධ ස්ථානීය ගවේෂණයක් කළ යුතු බව ඇයට දන්වා සිටි මම ඒ පවු‍ලේ සැමගේ ‍පොදු අනුමැතිය මත පසුගිය දිනයක පැල්මඩුල්‍ලේ පිහිටි ඔවුන්ගේ නිවෙස බලා පිටත්වීමි.

රත්නපුරය හරහා වැටීගත් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මීටරයක පමණ දුරින් පිහිටි එම නිවස අවට වූයේ වගුරු බිමකි. ඒ අවට අතහැර දමන ලද මැණික් පතල් කිහිපයක්ද දක්නට තිබිණ. අවට ප්‍රදේශයේ පැවැති තෙත් බව කොතෙක්ද යත් එම ගෙමිදු‍ලේ පවා මීවන කුලයේ ශාක සරුවට වැවී තිබෙනු දක්නා ලදී.

එම නිවසේ ගෘහපතියා වයස අවුරුදු පනස් පහක පමණ අයකු වූ අතර ඔහු කලින් කලට විවිධ සුළු ව්‍යාපාරවල යෙදී ඇති බව මට දැනගත හැකි විය. බිරිඳ ඔහුට වඩා පස් වසරකින් ළාබාල වූ අතර වයස අවුරුදු විස්ස, දහසය සහ දහතුන යන වයස් කාණ්ඩවල දියණිවරු තිදෙනෙක් එම නිවසේ වූහ.

කුඩා කාමර තුනකින් යුතු එම නිවසේ එක් කාමරයක් එම යුවළ සඳහා වෙන්ව තිබිණ. ඊළඟ කාමරය දියණියන් තිදෙනා පරිහරණය කළ අතර එම බිරිඳගේ මව එහි අනෙක් කාමරයේ පදිංචිව සිටියාය.

ගෙහිමියන්ගේ අවසරය මත එම නිවසට පිවිසි මා එහි සැකැස්ම විමසා බැලූ අතර මගේ විශේෂ අවධානයට ලක්වූයේ එම වියපත් කාන්තාව ජීවත් වූ කාමරයයි. ඒ කාමරයේ එක් මුල්ලක් හසුවන සේ බිත්තියේ සවි කෙරුණු රාක්කයක් මත කුඩා බුද්ධ ප්‍රතිමාවක් සහ විෂ්ණු, කතරගම, සමන් සහ පත්තිනි යන දෙවිවරුන්ගේ රාමු කරන ලද කුඩා චිත්‍රද දැකිය හැකි විය.

එම රාක්කය රතු සහ නිල් … තිරවලින් වසා තිබිණ. එම කාන්තාව එම කාමරය තුළ උදය සවස බුදුන් වැඳ පුදන බව මා යන විටද කාමරය පුරා පැතිර තිබූ හඳුන්කූරු සුවඳින් මනාව වටහා ගත හැකි විණි.

මම හැමදාම හවසට බුදුන් වැඳලා පිරිත් කියලා තමයි නිඳාගන්නේ. එක දවසක් මම උදේ නැගිටින කොට මගේ කොට්ට උරේ යට තිබිලා මොකක් හරි කඩදාසියක් වගේ දෙයක් හම්බ වුණා. අත දාලා බලනකොට රුපියල් දාහේ කොළයක්. ඒක දැක්ක හැටියේ මට අදහාගන්න බැරි වුණා. ඊට පස්සේ මේ ළමයින්ගෙනුත් ඇහුවා උඹලා කවුරු හරි මගේ කොට්ටේ යටින් සල්ලි හැංගුවද කියලත්.

කොහොම හරි පහුවෙනකොට සති දෙක තුනකට සැරයක් මම උදේ නැගිටිනකොට එක්කෝ මේ ටී‍පෝ එක උඩ, එහෙමත් නැත්නම් අර කාපට් එක උඩ අර විදිහටම රුපියල් දාහේ කොළයක් තියනවා. මට කීයටවත් හිතාගන්න බැරි විදිහට.

හැබැයි ඉතින් මම ඒවා පින් දහම් වැඩවලට මිසක් වෙන කිසිම දේකට ගත්තේ නැහැ. වැඩිදුරටත් එම කාන්තාව කියා සිටියේ වරින්වර මෙලෙස තමන්ට රහසින් මුදල් ලබාදෙනුයේ තම මියගිය ඥාතිවරයකු විය හැකි මුත් ඒ කවුරුන්දැයි තමන්ට නිශ්චයක් නොමැති බවය.

ඉන්පසුව එම වැඩිහිටි කාන්තාව, ඇගේ දියණිය සහ දියණියගේ සැමියා සමග වෙන් වෙන්ව කතා බස් කළ මම මින් ඉදිරියට කවර ක්‍රමයකින් හෝ එම නිවස තුළට ගෙනෙන සෑම රුපියල් දහසේ නෝට්ටුවකටම අංකය වෙනම ‍පොතක සටහන් කර ගන්නා මෙන් ඉල්ලා සිටියෙමි.

එම වැඩිහිටි කාන්තාවගේ අතට පත්වන රුපියල් දහසේ මුදල් නෝට්ටුවල අංකය විශේෂයෙන් සටහන් විය යුතු බව පැවැසූ මම යළි එලෙස අද්භූත අයුරින් ලැබෙන රුපියල් දහසේ නෝට්ටුවල අංකයන්ද වෙනම සටහන් කොට ගන්නා මෙන්ද ඔවුනට උපදෙස් දුනිමි.

එම ස්ථානීය නිරීක්ෂණයෙන් මාස කිහිපයකට පසුව එම පැල්මඩුල්‍ලේ කාන්තාවගෙන් යළි මට දුරකථන ඇමතුමක් ලැබිණ. එහිදී ඇය කියා සිටියේ මගේ පැමිණීමෙන් පසු එකම දිනකවත් එම භූතයා එලෙස මුදල් ලබා නොදුන් බවය. මෙහිදී සැබැවින්ම සිදුව ඇත්තේ කුමක්ද? එම වැඩිහිටි කාන්තාව තම දියණිය සමීපයේ එක්තරා අන්දමක සංතෘප්තිමත් දිවි පවෛතක් ගතකරමින් සිටියාය.

ඒ ඇගේ එදිනෙදා බොහෝ ඕනෑ එපාකම් ඇගේ දියණිය සහ බෑනණුවන් වෙතින් ඉටුවූ බැවිනි. එහෙත් තමන් විසින් ගතකරනු ලබන ආගමික දිවි පවෛත කෙරෙහි තම දියණිය, බෑණා තුළ සේම ඔවුන්ගේ දියණිවරුන් තුළද නිසි හැඟීමක් තැකීමක් නොමැති බව මුල සිටම වටහාගත් මෙම වැඩිහිටි කාන්තාව තමන්ගේ පින් දහම් කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ලැබෙන සහාය කෙසේවත් ප්‍රමාණවත් නොවන බවද කලක් තිස්සේ සිත තුළ ධාරණය කරගෙන සිටියාය.

එම කාන්තාවට රුපියල් දහසේ නෝට්ටු මවා දෙන ‘භූතයා ගේ ක්‍රියාකාරිත්වය එම පවුල හමුවේ ඉදිරිපත් වනුයේ එම කාන්තාවගේ එම ව්‍යාකූල මානසික පසුබිම තුළිනි. මෙහිදී භූතයකු ලෙසින් තමන් සතු රුපියල් දහසේ නෝට්ටු තමන් හමුවේම යළි මවා පෑම ඇය විසින්ම තමන්ටද රහසින් සිදු කර ගනු ලබන යටි සිතේ බලපෑමෙන් සිදුවන ක්‍රියාවකි. මෙම තත්ත්වය විඝටන ආබාධය යනුවෙන් විද්‍යාත්මකව විස්තර කෙරේ.

එහෙත් මෙහිදී නිවසට එන සෑම රුපියල් දහසේ නෝට්ටුවකම අංකය ලියා ගන්නා ලෙස මා ඔවුන්ට දුන් උපදෙස හමුවේ තවදුරටත් එම භූත ක්‍රියාව හෙවත් මුදල් මැවීම කළ නොහැකි බව එම කාන්තාවගේ යටි සිත තේරුම් ගෙන තිබේ. තවදුරටත් මෙම රුපියල් දහසේ මුදල් නෝට්ටුව මැව්වහොත් වැඩ වරදින බව ඇය තම යටි සිතෙන් මතුවන භූතයාට දන්වා ඇත්තේ ඒ අනුවය.

ඒ කෙසේ හෝ මසකට දෙවරක් වශයෙන් සෑහෙන කලක් තිස්සේ එම භූතයා විසින් එම පවුල හමුවේ මවා පා ඇත්තේ එකම මුදල් නෝට්ටුව හෝ නෝට්ටු දෙක තුනක් බව මගේ පෞද්ගලික හැඟීමය.

තිලක් සේනාසිංහ – උපුටා ගැනීම ලක්බිම පුවත්පත