ජය ශ්‍රී මහා බෝධියට දෙවැනි වර ගහන්න කොටින් හැදු සැලසුම ව්‍යර්ථ කල හැටි ඔබ මෙතෙක් නොඇසූ එදා සිදුවුණු දේ මෙන්න

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණ සිටි සැදැහැවතුන් ඇතුළු 120 දෙනෙකු ඝාතනය කරමින් තවත් 85 දෙනෙකුට බරපතළ තුවාල සිදු කරමින් කොටි ත්‍රස්තවාදීන් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළේ 1985 වසරේ මැයි මාසයේ 14 වැනිදාය. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිටි සැදැහැවතුන් ජීවිතය බේරා ගැනීමට මරළතෝනි දෙමින් හිස් ලූ ලූ අත දිව යද්දී ලේ පිපාසයෙන් පෙළුණ කොටි ත්‍රස්තයෝ ඔවුන් පිටුපස පන්නා ගොස් වෙඩි තැබූහ.

කොටි ත්‍රස්තවාදීන්ගේ මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් වසර 11කට පමණ පසු යළිත් එවැනිම ජන සංහාරයක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී සිදුකිරීමට ද එයින් නොනැවතී ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් බඳුවූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ විනාශ කර දැමීමටද කොටි සංවිධානය සියල්ල සැලසුම්කර තිබියදී එම සැලැස්ම අවසන් මොහොතේ ව්‍යාර්ථ කිරීමට හැකි වූයේ ජාතියේ වාසනාවකටය.

කල් ඇතිව ඒ පිළිබඳව යුද හමුදා බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන පොලිසියේද සහය අැතිව එහිදී මහා විනාශයක් කිරීමට සම්බන්ධ කොටි ත්‍රස්තවාදීන් අල්ලා ගැනීම නිසාය. සිරුරේ අධි බලැති බෝම්බ බැඳගත් මරාගෙන මැරෙණ කළු කොටි ත්‍රස්තවාදීන් 10 දෙනෙක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට කඩා වැදී බෝධීන් වහන්සේ බදාගෙන සිරුරේ බැඳගෙන ආ බෝම්බ පුපුරුවා හැර එය විනාශ කිරීම කොටි සංවිධානය සැලසුම්කර තිබී ඇත.

අනුරාධපුරය ශ්‍රී මහා බෝධීන් වහන්සේ එවැනිම ආකාරයට විනාශකර දැමීමෙන් සහ එහිදී සැදැහැවතුන් විශාල පිරිසක් ඝාතනය කිරීමෙන් සිංහල බෞද්ධ ජනතාව කුපිත කරවා රටේ මහා ලේ වැගිරීමක් සිදු කිරීම කොටි සංවිධානයේ අරමුණ වී තිබී ඇත.

මෙවැනි විනාශයක් සිදු කිරීමෙන් පසු සිංහල බෞද්ධ ජනතාව කුපිත කරවා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි සාමාන්‍ය දෙමළ ජනතාව ඝාතනය කිරීමට සලස්වා ඒ හරහා ජාත්‍යන්තර වශයෙන් රජය අපකීර්තියට පත්කර ජාත්‍යන්තරයේ අනුකම්පාව දිනා ගැනීම ද කොටි සංවිධානයේ තවත් අරමුණක් වී තිබිණි.

හලාවත කොට්ඨාසය බාරව එවකට සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එච්. ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පවත්වා ශ්‍රී මහා බෝධීන් වහන්සේට ප්‍රහාරයක් එල්ලකිරීමට සිටි කොටි ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගනු ලැබුවේ පුත්තලම විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි උපපොලිස් පරීක්ෂක උපුල් චන්දන අබේසිංහ මහතා ඇතුළු ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

ප්‍රහාරය සැලසුම් කළ කොටි ත්‍රස්තයන් අවි ආයුධ ද සමඟ අල්ලා ගැනීමට මඟ පෑදුනේ යුද හමුදා බුද්ධි අංශයේ රාජකාරී කළ සාජන් මේජර් නුගවෙල මහතාට ලැබුණු තොරතුරක් ඔස්සේ කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙනි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්. ගුණතිලක මහතා 38 වසරක පොලිස් සේවයකින් පසු විශ්‍රාම ලබා ඇති අතර පරීක්ෂණ කණ්ඩායමේ නායකයාව සිටි උපපොලිස් පරීක්ෂක උපුල් චන්දන අබේසිංහ මහතා පොලිස් අධිකාරී නිලයට උසස්වීම ලබා සීතාවකපුර කොට්ඨාසය බාරව රාජකාරි කරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අබේසිංහ මහතා විද්‍යාවේදී උපාධිය ලබා පොලිස් සේවයට එක්වී ඇත.

ජය ශ්‍රී මහා බෝධිය විනාශ කර දමා සමූහ ඝාතනයක් සිදු කර අනුරාධපුර පුණ්‍ය භූමිය ලේ විලක් කිරීමට මීට වසර 21කට පමණ ඉහතදී උත්සාහයක් වළක්වා ගත් ආකාරය මෙන්ම ඒ හා සම්බන්ධ තොරතුරු හෙළි කිරීමට ඉදිරිපත් වූයේ මේ හා සම්බන්ධව පරීක්ෂණ කටයුතු මෙහෙයවූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්. ගුණතිලක මහතාය.

යුදහමුදාවේ බුද්ධි තොරතුරු අංශ​ෙයන් තොරතුරු වාර්තාවක් මට එවා තිබුණා. ඒ බුද්ධි තොරතුරු වා​ර්තාවේ සඳහන්ව තිබුණේ ඉලංගෝ නමැති කොටි න​ායකයෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වන්දනා මාන කිරීමට පැමිණ සිටින සැදැහැවතුන් ඝාතනය කර බෝධීන් වහන්සේ පුපුරුවා හැරීමට සුදානම් වෙමින් සිටින බවයි. මේ වාර්තාව දුටු ගමන් මෙහි ඇති බැරෑරුම්කම මම තේරුම් ගත්තා. ඉලංගෝ කියන කොටි නායකයා අල්ලා නොගත්තොත් මහා විනාශයක් සිදුවන බව තේරුම් ගත්තා. ඒ නිසා පුත්තලම මූලස්ථාන පොලිසියට සියලුම පොලිස් නිලධාරීන් කැඳවා මේ ගැන විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා.

ඉලංගෝ කියන කොටි නායකයා අලි කෙඳි සහිත රන් මුදුවක් පැළඳ සිටින බව ද එම බුද්ධි තොරතුරු වාර්තාවේ සඳහන්ව තිබුණා. එය සැකකරු හඳුනාගැනීමට කදිම හෝඩුවාවක් වී තිබුණා. මා මේ ගැනත් සඳහන් කරමින් කෙසේ හෝ කඩිනමින් ඉලංගෝ අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාව පොලිස් නිලධාරීන්ට පවසා ඔවුන් දැනුම්වත් කළා.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගුණතිලක මහතා වසර 21ක පමණ එහා අතීත සිදුවීමක් ගැන මතකය අවදි කරමින් කතාවට ආරම්භයක් ලබා දුන්නේ එසේ පවසමිනි.

සර් අලි කෙඳි තියන මුද්දක් දාගත්තු මිනිහෙක් ලොරියකින් එද්දී අපි අල්ලා ගත්තා. ඒ ලොරියේ රියදුරාවත් එ්ත් එක්කම අල්ලා ගත්තා. ​මේ දෙන්නවම අපි අල්ලා ගත්තේ මීට සති දෙකකට විතර කලින් යැයි කලා ඔය පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයාව සිටි කේ. ​ඩෙන්සිල් මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හමුවේ කියා සිටියේ පසුව ඔහුව පොලිස් ඇප මත මුදාහැරිය බවද පවසමින්ය. පොලිසිය ඔහු මුදාහැර තිබුණේ ඇපකරුවකු ඉදිරිපත් වීමෙන් පසුවය. ඔහු පුත්තලම නාගවිල්ලුවේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකි.

කලාඔය පොලිස් මුරපොළේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කේ. ඩෙන්සිල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් කලාඔය පාලම අසල මාර්ග බාධකයේ 1996 වසරේ අගෝස්තු මාසයේ 25 වැනිදා රාත්‍රී රාජකාරී නිරතව සිටියදී අනුරාධපුර දෙස සිට පුත්තලම දෙසට ගමන් කරමින් තිබූ 28ශ්‍රී 1827 දරණ ලොරි රථය නවතා පරීක්ෂා කර බලා ඇත.

ලොරි රථයේ පොහොර උරයක බහා තිබියදී බිස්කට් පැකට් තොගයක්, ජෑම් බෝතල්, චොකලට් පැකට් 10ක් පමණ, පානීය ජල බෝතල්, සිසිල් බීම ​බෝතල් හා ග්ලූකෝස් පැකට් තොගයක් තිබී හමුවීම ගැන ඇතිවූ සැකයක් මත ලොරියේ රියදුරා වන පරන්තන් කුමාරපුරම් පදිංචි කන්දසාමි චන්ද්‍රබොස් සහ රිය සහායක කිලිනොච්චියේ පදිංචි රාමසාමි කුමාර් යන දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මේවා පුත්තලම පාලවිය ප්‍රදේශයේ මිතුරෙකුට තෑගි වශයෙන් පරිත්‍යාග කිරීමට රැගෙන යන බව ලොරියේ රියදුරා පොලිස් ප්‍රශ්න කිරී​මේදී පවසා සිටියත් රියදුරා සහ රිය සහයකයා ලොරියත් එක්කම අත්අඩංගුවට ගෙන පුත්තලම මූලස්ථාන පොලිසියට බාරදී ඇත. සැකකරුවන් සන්තකයේ තිබූ රත්රන් මුද්දක් ද අත්ඔරලෝසුවක් හා රුපියල් 4,710ක පමණ මුදලක්ද පොලිස් බාරයට ගෙන ඇත. මුද්ද පැළඳ සිටියේ රාමසාමි කුමාර් නමැත්තාය.

පුත්තලම මූලස්ථාන පොලිසිය මගින් කළ විමර්ශනවලින් හා රාජ්‍ය බුද්ධි අංශයෙන් ලබාගත් තොරතුරුවලින් පසුව මොවුන් දෙදෙනා ඔවුන් සනන්තකයේ තිබියදී පොලිස් භාරයට ගත් බඩු බාහිරාදිය සමඟ මුදාහැර තිබෙනවා. මුස්ලිම් ජාතිකයකු ඇපකරුවෙකු ලෙස ඉදිරිපත්වීමෙන් පස්සේ තමා මොවුන් දෙදෙනා මුදාහැර තිබෙන්නේ. ලොරියද පොලිසිය මුදාහැර තිබෙනවා.

උපපොලිස් පරීක්ෂක ඩෙන්සිල් ඔහු අල්ලාගත් දෙදෙනාගෙන් එක් අයෙක් අලි කෙඳි සහිත රන් මුද්දක් පැළඳ සිටි බව කිව්ව නිසා පොලිසිය අල්ලා පසුව මුදාහැර ඇත්තේ ඉලංගෝ කියන කොටි නායකයා බව මට තේරුණා. මා වහාම ඔහු අත්අඩංගුවට ගැනීමට පුත්තලම විශේෂ ආරක්ෂක විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක උපුල් චන්දන අබේසිංහහගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් පත් කළා යැයි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීය.

මෙම පොලිස් කණ්ඩායමට උපපොලිස් පරීක්ෂක ඩෙන්සිල්, පොලිස් කොස්තාපල්වරුන් වන ජයසුන්දර (21376), සරත් (19718) සහ විතාන (24688) යන මහත්වරුද ඇතුළත් වූහ. ඇප මත මුදාහැර සිටිය ලොරියේ රියදුරා සහ සහයකයා ඉතාම සූක්ෂ්ම ආකාරයට උපක්‍රමශීලීව නැවත අත්අඩංගුවට ගැනීමට සැලසුම් කළේ උපපොලිස් පරීක්ෂක උපුල් චන්දන අබේසිංහ මහතාය.

ලොරි රථයේ රියැදුරාට සහ සහායකයාට ඇප ලබාදීමට ඉදිරිපත් වූ මුස්ලිම් ජාතිකයාට කතා කර ඇති උපපොලිස් පරීක්ෂක අබේසිංහ මහතා අමතක වීමකින් රියදුරාගේ හා සහයකයාගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට නොහැකි වූ බවත් මෙය පොලිසියේ ලොකු මහත්වරු දැන ගත්තොත් අපේ රස්සාව නැති වෙන බවත් කියා ඇත.

පොලිසිය යෙදූ ඇමට මුස්ලිම් ජාතිකයා අසුවිය. රියදුරා හා සහායකයා වවුනියාව හාල් මෝලක සිටින බවක් ඔහු පවසා සිටි නිසා පොලිස් කණ්ඩායම වවුනියාව බලා පිටත්ව ගියේ ඇපකරුද කැටිවය. මුස්ලිම් ජාතිකයා (අැපකරු) පැමිණි කාරණය කී විට රියදුරා සහ රිය සහයකයා ඇඟිලි සලකුණු ලබාදීමට පොලිසිය එක්ක පුත්තලම පොලිසියට යාමට කැමැත්ත ප්‍රකාශ කර ඇත.

පොලිස් නිලධාරීන්ද රියදුරා රිය සහයකයාව මෙන්ම මුස්ලිම් ජාතිකයාට ද කිසිම සැකයක් ඇති නොවීමට වග බලා ගනිමින් වවුනියාවේ සිට පුත්තලම දක්වා එන අතරවායේ කන්න බොන්න ලබාදී බොහොම සුහදව කතා බස් කරමින් පැමිණ තිබේ. ලොරි රියදුරා සහ සහයකයා ද පොලිසිය යෙදූ ඇමට හසුවිය.

උපක්‍රමශීලී ලෙසින් පුත්තලම මූලස්ථානයට කැඳවාගෙන ආ රියදුරා සහ සහයකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ට එරෙහිව චෝදනා කියාදීමෙන් පසුවය. ලොරියේ සහායකයා වන රාමසාමි කුමාර් දෙවනිවරට ද ​පොලිස් අත්අඩංගුවට ගන්නා මොහොතේද අලි කෙන්දක් යොදා සාදා තිබූ රත්රන් මුද්ද පැළඳ සිටියේය. විශ්‍රාමික​ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්. ගුණතිලක මහතා ඊට පස්සේ වෙච්ච කෙරිච්ච දේවල් ගැන සිය මතකය අවදිකරමින් මෙසේ කීය.

කලාඔය පාලම ළඟදී නවතාගත් ලොරියේ සිටියදී අත්අඩංගුවට ගත් රාමසාමි කුමාර් කියන්නේ ඉලංගෝ බව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිකරගත්තා. ඒ විතරක් නෙමේ ජය ශ්‍රී මහා බෝධිය පුපුරුවා හැරීමට හා එහි වන්දනා මාන කරන බැතිමතුන් ඝාතනය කිරීමට යොදා තිබූ සියලු තොරතුරු ඉලංගෝගෙන් ප්‍රශ්න කිරීමේදී වැමෑරවා.

ප්‍රහාරය සඳහා ගෙනා අවි ආයුධවලින් කොටසක් සඟවා අති ස්ථානය ගැන පවා තොරතුරු ඔහු හෙළිකළා. අධි බලැති බෝම්බ බැඳගත්ත මරාගෙන මැරෙන කළු කොටි 10 දෙනෙක් ජය ශ්‍රී මහා බෝධිය ළඟට ගොස් බෝධිය බදාගෙන සිරුරේ බැඳගෙන සිටින බෝම්බ පුපුරුවා ගැනීමටත් තවත් කොටි කණ්ඩායමක් බෝ මළුවේ වන්දනා මාන කරන සැදැහැවතුන්ට වෙඩි තබා ඝාතනය කිරීමටත් සැලසුම්කර ඇති බව ඉලංගෝ පැවසුවා.

ඉලංගෝ​ නමැති කොටි නායකයාගෙන් මමත් ප්‍රශ්න කළා. මෙවැනි මහ විනාශයක් සිදු කිරීමට හේතු ඔහු හෙළිකළා. මෙවැන්නක් කිරීමට ඉලංගෝට පවසා තිබුනේ කොටි බුද්ධි අංශයේ නායක පොට්ටු අම්මාන් බව ඔහු කිව්වා. හමුදා මෙහෙයුමකදී කොටින්ගේ සොහොන් කොත් කඩා විනාශ කිරීම බව ඔහු කිව්වා. මේ ප්‍රහාරයේ තවත් අරමුණක් කොටි සංවිධානය තුළ තිබී ඇති බව මම ඉලංගෝගෙන් දැන ගත්තා. මේ ප්‍රහාරයෙන් පස්සේ සිංහල ජනතාව කුපිත වී දෙමළ ජන සංහාරයක් කළහොත් දකුණේ දෙමළ ජනතාව ආරක්ෂාව පතා උතුරට පැමිණි පසු එය ජාත්‍යන්තරයට ගෙනගොස් ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීමට පහසුවෙන බව කොටින්ගේ ලොකු විශ්වාසයක් පැවත තිබෙනවා.

ඉලංගෝ කියන කොටි නායකයාගෙන් යුද හමුදා බුද්ධි අංශයේ හා පොලිසියේ නිලධාරීන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පස්සේ අවි ආයුධ බෝම්බ සයිනයිඩ් කරල් සඟවා ඇති ස්ථානයන් ගැන හෙළිකර සිටියා.

ඉලංගෝගේ ප්‍රකාශය මත ඔහුගේ මඟ පෙන්වීම යටතේ ගොස් පුත්තලම – අනුරාධපුරය මාර්ගයේ 23/2 බෝක්කුව පිහිටි පහරිය හංදියට තරමක් ඈතින් කැලෑවේ සඟවා තිබූ ටී-56 සවයංක්‍රීය ගිනිඅවි දෙකක්, ටී-56 පත​ෙරාම් ගැබ් 84ක්, පූචස් එකක්, 7.62 වර්ගයේ උණ්ඩ 120, ජේ.ආර්. වර්ගයේ අත්බෝම්බ 02ක්, සයිනයිඩ් කරලක්, කෝඩ් ක්‍රමයට කතාකරන ආකාරයේ සංඥා ලියුම් දෙකක්, බිස්කට් පැකට් 157ක්, ජෑම් බෝතල් හා වතුර කෑන් සොයා ගත්තා.

මේවා සෙයාගත්තාට පස්සේ ඉලංගෝ හෙළිකළ තොරතුරක් මත විශේෂ පෑනක් සොයා ගැනීමට ඔහුව වවුනියාවට රැගෙන ගියා. එම පෑනත් අපි සොයා ගත්තා. මේ පෑනේ තිබෙන විශේෂත්වය තමා දෙහි ඇඹුල් වැනි කිසියම් ඇඹුල් වර්ගයක් දමා කොළයක යමක් ලියා පසුව එම කොළය විදුලි ස්ත්‍රික්කයට හෝ අධි සැර විදුලි බුබුලකට අල්ලා රත් කළාම ලියපු දේ හරිම අපූරුවට මතු වෙනවා. කොටින් ඔවුන්ගේ රහස් පණිවිඩ ලිවීමට මේ ඇඹුල් දමා ලියන පෑන උපයෝගී කරගෙන තිබෙනවා යැයි සොයාගත් පෑන ගැන තොරතුරු පැහැදිලි කරමින් විශ්‍රාමික ​ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීය.

උපපොලිස් පරීක්ෂකවරුන් වන උපුල් චන්දන අබේසිංහ, ඩෙන්සිල්, ආරියරත්න, නාරම්පනාව, පොලිස් සැරයන් පෙරේරා (14888), පොලිස් කොස්තාපල්වරුන් වන නාලක (19690), දිසානායක (33343), මහින්දරත්න (33507), සිවිල් ආරක්ෂක බලකායේ හේරත් බණ්ඩා (43141), අමරසිංහ (18235) සහ අනුර (17265) යන මහත්වරුද පුත්තලම හමුදා කඳවුරේ බුද්ධි අංශයේ කපිතාන් රවි ප්‍රනාන්දු, මේජර් කරුණාරත්න හා සාජන් මේජර් නුගවෙල යන මහත්රුද අවි ආයුධ හා පෑන සොයා ගැනීමේ මෙහෙයුමට හවුල්වූ පොලිස් හා හමුදා කණ්ඩායමට ඇතුළත් වූහ.

වයඹ පළාත බාර නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්. ගුණතිලක මහතාගේ විශේෂ උපදෙස් මත සිදුකෙරුන මෙම පරීක්ෂණවලට පුත්තලම සහකාර පොලිස් අධිකාරී ආර්.එම්.ඒ. රත්නායක සහ පුත්තලම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. ජයසූරිය යන මහත්වරු මෙම පරීක්ෂණවලට විශේෂ දායකත්වයක් මුල සිටම ලබාදී ඇත.

අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට හා බෝමළුවේ සිටින සැදැහැවතුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට කලින් ඒ සඳහා අවශ්‍ය ඔත්තු බලා රහස්‍ය තොරතුරු වාර්තාවක් පොට්ටු අම්මාන්ට යවා ඇත්තේද ඉලංගෝය. ජය ශ්‍රී මහා බෝධිය අවට යොදා ඇති ආරක්ෂාව හා මුරකපොලු සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට ඉලංගෝ ගොස් ඇත්තේ සුදුවතින් සැරසී නෙළුම්මල් වට්ටියක් ද රැගෙන බෝධිය වන්දනා මාන කිරීමට යන බැතිමතෙක් ලෙසය.

ඉලංගෝ මෙවැනි ආකාරයට කිහිපවරක්ම බෝ සමිඳු අබියසට ගොස් තිබෙන බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගුණතිලක මහතා කීය. ඒ හා සම්බන්ධව ඉලංගෝ පොලිසියට කළ පාපොච්චාරණය ඇතුළු විස්තර ඊළඟට කියවමු.

ගලදාරි හෝටලයට බෝම්බ ගෙනා කොටි කණ්ඩායම කොටු කළ විශ්මිත මෙහෙයුම මෙන්න

දිනය – 1997 වසරේ ඔක්තෝබර් මාසයේ 16දා
ස්ථානය – කොළඹ කොටුව ගලදාරි හෝටලය
වේලාව – උදෑසන 7.15 ට පමණ ඇත.

රහස් පොලිසියේ සේවය කරන සහකාර පොලිස් අධිකාරි නිශ්ශංක ධර්මරත්න මහතා ගෝල්ෆේස් පිට්ටනියට ගොස් තිබුණේ ශාරීරික ව්‍යායාම් කිරීම සඳහාය.

සෑම දිනකම පාහේ උදේට ව්‍යායාම කිරීම සඳහා යාම සහකාර පොලිස් අධිකාරිවරයා පුරුද්දක් වශයෙන් කරගෙන ගියේය.

ව්‍යායාම අවසන් කර සහකාර පොලිස් අධිකාරි ධර්මරත්න මහතා ආපසු පැමිණීමට කාර් එකට ගොඩවීමට ගිය අතරවාරයේ ගලදාරි හෝටලය දෙසින් ඇසුණු වෙඩි හඬක් නිසා කලබලයට පත්ව එ​් ගලධාරි හෝටලය දෙසට දිව ගොස් ඇත්තේ ඒ අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු අතේ තිබූ ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියද ඉල්ලාගෙනය.

ලොරියක් හෝටලයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළට යාමට උත්සාහ කරන අන්දමත් ලොරියෙන් බිමට බැස ගත් අයෙකු ගිනි අවියකින් සන්නද්ධව සිටින අයුරුත් දුටු සහකාර පොලිස් අධිකාරි නිශ්ශංක ධර්මරත්න මහතා දෙවරක් නොසිතා ලොරියේ ටයරයට වෙඩි තබා ඇත්තේ ලොරිය ඉදිරියට ධාවනය වීම වැළැක්වීමේ අරමුණ ඇතිවය.
ඒ සමගම ලොරිය පුපුරා ගියේ මුළු කොළඹම දෙදරුම් කවමිනි.

ගලදාරි හෝටලය අසල ලොරියේ සුන්බුන් අතර සිරවී තිබූ ධර්මරත්න මහතාගේ සිරුර සොයාගත්තේ එදින රාත්‍රියේදීය.

සහකාර පොලිස් අධිකාරි ධර්මරත්න මහතාට අමතරව පොලිස් කොස්තාපල් එස්. ප්‍රේමතිලක මහතා ද මෙම බෝම්බ පිපිරීමෙන් මියගියේය.

කොළඹ කොටුව ප්‍රදේශයට කඩා වැදුණු මරාගෙන මැරෙන කළු කොටි ත්‍රස්තවාදීහු කණ්ඩායමක් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ඇටවූ බෝම්බ ලොරියක් ගලදාරි හෝටලයේ රිය ගාලට ඇතුළු කරවා පුපුරුවා හැරීමෙන් එම පොලිස් නිලධාරින් දෙදෙනාට අමතරව සාමාන්‍ය වැසියන් 10 දෙනෙක් ද මියගොස් 107 දෙනෙකු තුවාල ලැබූහ.

තුවාල ලැබුවන් අතර විදේශිකයන් 34 දෙනෙකු ද සිටියහ.

කොළඹ-කොටුවේ පිහිටි ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයටද කොටි ත්‍රස්තවාදීහු බෝම්බ ගසා වෙඩි තැබීම නිසා විහාරාධිපති හිමියන්ව වැඩ විසූ විතාරන්දෙණියේ චන්ද්‍රජෝති නාහිමියන් ද අපවත් වූහ.

ප්‍රහාරයට ආ තවත් කළු කොටි කණ්ඩායමක් රිංගා ගත්​ෙත් ඒ අසල තිබූ ලේක්හවුස් ආයතනයටය.

හෝටල් රථ ගාලේ නතර කර තිබූ වාහන 30කට පමණ ද ලෝක වෙළෙඳ පොළ මධ්‍යස්ථානයේ රථගාලට සහ ගොඩනැගිල්ලට ද බෝම්බ පිපිරීමෙන් හානි සිදුවී තිබිණි.

ගලදාරි හෝටලයට අමතරව හිල්ටන් හා ඉන්ටර්කොන්ටිනන්ටල් යන හෝටල් කාමර වලද ලංකා බැංකු ගොඩනැගිල්ලේ මහල් අටකට පමණ ද ජනාධිපති ලේකම් කාර්යාලයේ දොර ජනෙල්වලටද මේ බෝම්බ පිපිරීමෙන් අලාභ හානි සිදුවී තිබිණි.

පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී තිබුණේ ගලදාරි හෝටලයට හාල් ගෙනයන කොන්ත්‍රාත්කරුවන්ගේ මුවාවෙන් හෝටලයේ රථ ගාලට ඇතුළු වීමට කළු කොටි උත්සාහ දරා ඇති බවය.

ඒ අවස්ථාවේ හෝටල් ආරක්ෂක නිලධාරින් ඊට ඉඩදිය නොහැකි බව පවසමින් බාධා කළ අවස්ථවේ ලොරියේ සිටි කළු කොටි ත්‍රස්තවාදීන් අතරින් එක් ත්‍රස්තයෙක් ඔහුගේ ගමන වැළැක්වීමට උත්සාහ කළ ආරක්ෂක අංශ නිලධාරීන්ට වෙඩි තබා මරා දමනු ලැබූහ.

සහකාර පොලිස් අධිකාරි ධර්මරත්න මහතා ගිනි අවියක්ද රැගෙන දිව ආවේ ඒ වෙඩි ශබ්දය ඇසීමෙනි.

ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තබා ඝාතනය කළ ලොරිය කෙළින්ම හෝටල් රථ ගාලේ පසුපස දෙසට ධාවනය කර තිබේ.

පහළම තට්ටුවේ පිහිටි රථ ගාලේ බිත්තියට කිට්ටුකර රථය නවත්වා පලායන අතර වාරයේ රිමෝට් කොන්ට්‍රෝල් එකක ආධාරයෙන් බෝම්බ ලොරිය පුපුරුවා හැර ඇති බවද පසුව කරන ලද පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය විය.

බෝම්බය අටවා තිබූ ලොරිය සුනුවිසිනු වී ගොස් තිබිණි.

කොටි ඇවිත් කියා හෝටලයේ ඇතුළේ සිටි පිරිස මහත් කලබලයකින් කෑගැසුවා. කාර් පාක් එක දෙස බලන කොට ලොරියක් නවතා තිබුණා. ලොරිය ළඟ හිසේ ජටා බැඳගත් හැඩිදැඩි මිනිස්සු කිහිප දෙනෙක් සිටියා මා දුටුවා.

හෝටලයේ සිටි අය ගෝල්ෆේස් පිට්ටනිය පැත්තට දිව්වා. ඒත් එක්කම කාර් පාක් එක පැත්තෙන් විශාල පිපිරුම් හඬක් ඇහුණා. ඒත් එක්කම මහා කළු දුමාරයකින් මුළු ප්‍රදේශයම වැසී ගියා යැයි මේ සිද්ධිය ගැන මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට එහි ගිය වැඩබලන මහේස්ත්‍රාත් පාලිත ලියනගේ මහතා හමුවේ කියා සිටියේ තුවාන් මොහොමඩ් රසීක් අහමඩ් නැමැති හෝටල් ආරක්ෂක නියාමකවරයාය.

බෝම්බය පුපුරා යාමෙන් එම ස්ථානයේ අඩි 25 ක් පමණ දිගැති අඩි 10 ක් පමණ ගැඹුරැති විශාල වළක් හෑරී තිබූ අතර එය බෝම්බයේ බලගතු කම කියාපාන හොඳම සාධකය විය.

මෙම බෝම්බ පිපිරවීම සිදුවූයේ වප් පුර පොහොය දවසකය.

ඒ නිසා කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති විතාරන්දෙණියේ චන්දජෝති නාහිමියෝ සිල් සමාදන් වීමට පැමිණ සිටි උවැසි උවැසියන් පංචශීලයෙහි පිහිටවූහ.

කොළඹම දෙවනත් කරමින් මහ පිපිරීමක් ඇසුණේ ඒ මොහොතේය.

විහාර භූමියෙන් නාහිමියෝ වැඩම කළේ ඒ ගැන විපරම් කර බැලීමටය.

ඒ අවස්ථාවේ පලායමින් සිටි මරාගෙන මැරෙන කළු කොටි ත්‍රස්තවාදියකු එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් නාහිමියෝ බරපතළ තුවාල ලැබූහ.

අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර පලා යමින් සිටි කළු කොටියා හමුදා වෙඩි ප්‍රහාරයකින් මැරුම් කෑවේ ඒ අසල ඇති රේල්පාර මත ඇද වැටීමෙනි.

බරපතළ තුවාල ලබා සිටි චන්ද්‍රජෝති නාහිමියෝ අපවත් වූයේ රෝහලට ගෙන යන අතරවාරයේය.

ලේක්හවුස් ආයතනයට රිංගා ගත් කළු කොටි කණ්ඩායම සොයා වෙනම මෙහෙයුමක් ආරම්භ කළේ යුද හමුදාවේ ක්ෂණික විහිදුම් බළකායේ හා කමාන්ඩෝ බළකායේ භට කණ්ඩායමකි.

ලේක්හවුස් එක පැත්තේ වෙන්නේ මොකක්ද කියා සොයා බැලීමට එදා එහි ගියේ මෙම සටහන තබන ලේඛකයා සහ ඡායාරූප ශිල්පී ඇලෙක්සැන්ඩර් බාලසූරියත්ය.

ලේක්හවුස් ආයතනය තුළට ඇතුළු වූ කළු කොටි ත්‍රස්තවාදියෝ එහි සේවකයන් කණ්ඩායමක් ප්‍රාණ ඇපයට තබාගෙන සැඟව සිටියහ.

හමුදා කණ්ඩායම් සහ සැඟව සිටි කළු කොටි අතර වරින්වර ඇතිවූ වෙඩි හුවමාරු වලින් බේරීම සඳහා මමත් බාලසූරිය මෙන්ම අපිත් එක්ක හිටිය සහෝදර මාධ්‍යවේදීන් හා මාධ්‍යවේදිනියන්ට අවස්ථා කිහිපයකම බිම දිගාවීමට සිදුවිය.
අප රැදී සිටියේ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ලේක්හවුස් ආයතනයට නුදුරින්ය.

අපට ආරක්ෂිත ස්ථාන කරා දිව යාමට ද සිදුවූයේ අන් කිසිවක් නිසා නොව එල්ටීටීඊ ත්‍රස්තයන් එල්ල කළ ප්‍රහාරයන් ගෙන් බේරී සිටීමටය.

පැය හයක පමණ සටනකින් පසු ලේක්හවුස් ආයතනය තුළට රිංගා සිටි කොටි ත්‍රස්තයන් මරා දැමීමට හමුදා කණ්ඩායම් සමත් වූහ.

කොටි ත්‍රස්තයන් දෙදෙනකු ලේක්හවුස් ආයතනය තුළදීම දිවි නසා ගත්​ෙත් ඔවුන් අත තිබූ බෝම්බ පුපුරාගෙනය.
ප්‍රහාරයට ආ කිසිම කළු කොටි ත්‍රස්තවාදියෙකුට යහතින් යන්නට හමුදාව ඉඩ තැබුවේ නම් නැත.

කළු කොටි ත්‍රස්තයන් සියලුම දෙනා හමුදාවේ ප්‍රහාරවලින් මැරුම් කෑහ.

පැය කිහිපයක් මුළු කොළඹම හොල්ලමින් මහා විනාශයක් සිදුකළ මරාගෙන මැරෙන කළු කොටින්ට ආධාර උපකාර කළ හා ප්‍රහාරය සැලසුමකට කොටි ත්‍රස්තයන් සොයා ඔවුන් කොටුකර ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම පරීක්ෂණ ආරම්භ ක​ෙළ් එවකට පොලිස්පති තනතුර දැරූ ඩබ්ලිව්.බී, රාජගුරු මහතාගේ උපදෙස් මතය.

කටුගස්තොට පොලිසියේ සැරයන් ටිකිරි බණ්ඩා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි වාහන සේල් එකක් ළඟ ගැවසෙමින් සිටි දමිළ ජාතිකයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත්​ෙත් ඔවුන් ගැන ඇතිවූ බලවත් සැකයක් මතය.

ඒ 1997 වසරේ ඔක්තෝබර් මාසයේ දවසකය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවෝ මාසිලාවන් කිරිදරන්, ශිවසුන්දරම් නන්දකුමාර් සහ සිංගරවේල් රාජපිල්ලේ නැමැත්තෝය.

මේ තුන් දෙනාම මඩකළපුව ප්‍රදේශයේ පදිංචි අය බවත් බස් රථයක් මිලදී ගැනීමට පැමිණි බවත් පොලිස් සැරයන් ටිකිරි බණ්ඩා මහතා ඔවුන් අල්ලා ගත් මොහොතේ කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත.

සැරයන් ටිකිරි බණ්ඩා අල්ලා ගත් සැකකරුවන් තුන් දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා බාරදුන්නේ මධ්‍යම පළාතේ විශේෂ විමර්ශන ඒකකයේ එවකට ස්ථානාධිපති තනතුර හෙබවූ කේ.එම්.එස්. බෝවල මහතාටය.

ඒ පොලිස්පති ඩබ්ලිව්.බී. රාජගුරු මහතාගේ නියෝගයක් මතය.

ඊට පස්සේ වෙච්ච කෙරිච්ච දේවල් ගැන කියන්නේ බෝවල මහතාය.

බෝවල මහතා සහකර පොලිස් අධිකාරි නිලයට උසස්වීම් ලබා විශ්‍රාම ලබා ඇත.

මධ්‍යම පළාතේ කොටි ක්‍රියාකාරකම් මැඩලීමේදී බෝවල මහතා සුවිශේෂි කාර්යභාරයක් ඉටුකර ඇති දක්ෂ නිලධාරියෙකි.

දැන් අපි විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි බෝවල මහතා කියන කතාව අසමු.

පොලිස්පතිවරයාගේ නියමයෙන් අපි මේ සැකකරුවන් තුන් දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යද්දී මේ තුන් දෙනා කොළඹ ගලදාරි හෝටලයේ බෝම්බ පිපිරීමට හවුල් වී ඇති බවට හෙළිකර ගන්න හැකියාව අපට ලැබුණා.

මඩකළපුව කරව කියන එල්ටීටීඊ බේස් එකේදී ගලදාරි හෝටලය ළඟ පුපුරා ගිය ලොරියට බෝම්බය අටවා තියෙන්​ෙන් කියන එක රාජා පිල්ලේගෙන් ප්‍රශ්න කරද්දී හෙළිවුණා. මොකද ඔවුන් ඒ අවස්ථාවේ එතන ඉඳලා මේ වැඩේට හවුල්වෙලා තියෙනවා. රමනන්, චන්ද්‍රන් හා යෝගනාදන් කියන කොටි බෝම්බ විශේෂඥයන් ලොරියේ චැසිය යට කිසිම කෙනෙකුට නොපෙනෙන ආකාරයට බොහොම සූක්ෂමව බෝම්බය අටවා තිබෙන්නේ.

ඊට පස්​සේ රාජාපිල්ලේ මේ අධිබලැති බෝම්බය ඇටවූ ලොරිය කල්මුණේ රාජාගේ වී මෝලට අරගෙන ගොස් තිබෙනවා. රාජාගේ හාල් මො​්ලෙන් ලොරියට හාල් මිටි තොගයක් පටවා ගත් බවත් රාජාපිල්ලේ කිව්වා. 97 ඔක්තෝබර් මාසයේ 11 වැනිදා තමා ලොරියට හාල් මිටි පටවලා තියෙන්නේ.

හාල් මිටි තොගයක් පටවා ගත්ත බෝම්බ ලොරිය දඹුල්ල නගරය දක්වා පදවාගෙන ඇවිත් තියෙන්​නේ පොලිසිය අත්අඩංගුවට ගත්ත රාජපිල්ලේ කියන කොටි නියෝජිතයා දඹුල්ල නගරයේදී ඔහු ලොරිය තවත් කොටි නියෝජිතයකුට බාර දීලා ආපසු මඩකළපුවට ඇවිත් තිබෙනවා. රාජපිල්ලේගෙන් ප්‍රශ්න කළාම ඔහු මේ සියලු තොරතුරු අපිත් එක්ක කිව්වා. මනම්පිටිය පොලිස් මාර්ග බාධකයේ පොත්වල ලොරිය පරීක්ෂාවට ලක්කර තිබෙන බවට සටහන් පවා යොදා තිබුණා.

රාජපිල්ලේ ඇතුළු පොලිසිය අල්ලාගත්ත කොටි හතර දෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කරද්දී හෙළිවූ තොරතුරු වලට අනුව අපි කණ්ඩායමක් මඩකළපුවට ගියා. ගලදාරි බෝම්බ පිපිරීමට උදව් කරපු තව හතර දෙනෙක් මඩකළපුවට ගිහින් අත්අඩංගුවට ගත්තා.

මුත්තුලිංගම්, කුමාර් සංගර් ලිංගම්, පොන්නයියා ශ්‍රී ස්කන්දරාම් හා තවලිංගම් යන හතර දෙනා බෝවල මහතා සහ උප පොලිස් පරරීක්ෂක නිහාල් රාජපක්ෂ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායම අත්අඩංගුවට ගත් කොටි හතර දෙනා වෙති.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට අධිබලැති බෝම්බ අටවා පුපුරුවා හැරීමට සූදානම් කර තිබුණ ලොරි රථ තුනක්ද අපි මේ සැකකරුවන් හතර දෙනාගෙන් හෙළිකරගත්ත තොරතුරු මත සොයාගත්තා යැයි බෝවල මහතා පවසයි.
විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි බෝවල මහතා පවසන ආකාරයට මෙම සැකකරුවන් ගෙන් එක් අයෙක් හැරෙන්නට අනිත් සියලු දෙනාටම සිරදඬුවම් නියම කර ඒවා වසර ගණනකට අත්හිටුවා ඇත.

මධ්‍යම පළාත් බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත්, නියෝජ්‍ය පොලිස්පති සෑම් සමරසිංහ, මහනුවර කොට්ඨාසය බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිමල් මැදිවක සහ පොලිස් අධිකාරි ආර්.එම්. කරුණාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත සිදුකෙරුණු මෙම පරීක්ෂණ හා අත්අඩංගුවට ගැනීම් වලට පොලිස් පරීක්ෂක සුදත් ෆොන්සේකා, උප පොලිස් පරීක්ෂකවරුන් වන එල්.ඒ.එම්. කරුණාසේකර, රණසිංහ, රෆයිමු, පොලිස් පරීක්ෂක සුනිල් යටවර (විශ්‍රාමික), සැරයන්වරුන් වන බාල බණ්ඩා (14155), තෙන්නකෝන් (16078), රණවීර (16652), අබේකෝන් (11416), පොලිස් කොස්තාපල්වරුන් වන ඩයස් (32519), නිහාල් (20735), තිලකරත්න (9059) යන මහත්වරුන් සහ කාන්තා පොලිස් සැරයන් නන්දා (643) මහත්මිය ද මෙම පරරීක්ෂණවලට හවුල් වී ඇත.

ගලදාරි බෝම්බ ලොරියට වෙඩි තබා ලොරියේ ගමන නැවැත්වීමට සිය ජීවිතය පරදුවට තමා උත්සාහයක් ගත් නිශ්ශංක ධර්මරත්න නැමැති ඒ අභිත පොලිස් නිලධාරියා ගැනද යමක් මෙහි අවසාන වශයෙන් සිහිපත් කරන්නේ ඔහුට කරන ගෞරවයක් වශයෙනි.

ගම්පොළ, ඇත්ගාල ගමේ උපන් නිශ්ශංක මහතා, ගම්පොළ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 1967 වසරේදී පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට එක්වී ඇත.

1987 වසරේ දී සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස උසස්වීම් ලැබූ ඒ මහතා මෙවැනි අවාසනාවන්ත ඉරණමට ලක්වී මිය යන විට 51 හැවිරිදි වියේ පසුවිය.

කොළඹ අපරාධ විමර්ශන මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස ඔහු එහි සේවය කළේ ත්‍රස්තවාදි විමර්ශන අංශයේ ප්‍රධානියා වශයෙනි.

කොළොන්නාව තෙල් ටැංකි ප්‍රහාරය, දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය, වැල්ලවත්ත කොටි අවි ගබඩාවට අදාළව පරීක්ෂණ සිදුකර කොටි ත්‍රස්තවාදීන් අල්ලා ගැනීමට නායකත්වය දුන්නේද සහකාර පොලිස් අධිකාරි නිශ්ශංක ධර්මරත්න මහතාය.

සහකාර පොලිස් අධිකාරිවරයා රට දැය වෙනුවෙන් දිවි පිදුවේ පොලිස් දෙපාර්තමේන්තුවටද අභිමානයක් ලබාදෙමිනි.

ධර්මරත්න මහතාගේ බිරිය යමුනා අධිකාරි මහත්මිය වන්නීය.

ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම් 22ක ඔබ නොදත් ඇත්තම තේරුම මෙන්න කියවලාම බලන්න

ලංකාව ආක්‍රමණය කළ බටහිර ජාතීන් තුන අතරින් අපේ සංස්කෘතියට විශාල බලපෑමක් කළ ජාතියක් ලෙස පෘතුගීසින් හැඳින්විය හැකිය. ඉන්දියානු සාගරය හරහා කොහේටදෝ යාත්‍රා කරමින් සිටින අතර 1505 දී කුණාටුවකට හසු වී ලංකාවේ ගාලු වරාය ආශ්‍රිත ප්‍රාදේශයකට ගසාගෙන ආ ලොරෙන්සෝද අල්මේයිදා ප්‍රමුඛ නාවුකයන් සහ එකිනෙකා හා කුළල් කා ගත් දේශීය පාලකයන් නිසා ලංකා ඉතිහාසය තුළ පෘතුගීසි බලපෑමක් පිළිබඳ කතා පුවතකට ඉඩ හසර විවර විය.

මේ විදේශිකයන් සම්බන්ධයෙන් එකල කෝට්ටේ රජ කළ VII විජයබාහු රජු දැක් වූ ආකල්පය ‘පරංගියා කෝට්ටේ ගියා වගේ’’ යන කියමන හා ඒ හා බැඳි ඉතිහාසයෙන් පැහැදිලි වේ. කොළඹ සිට කෝට්ටේට වැඩි දුරක් නැතත් එය බොහෝ දුර බව ඇඟවීම පිණිස පරංගියා කොළඹ සිට ‘වටවන්දනාවක’ රැගෙන ගොස් අවසන කෝට්ටේ නගරයට ප්‍රවිශ්ඨ කරවීමට සිංහල රජු ක්‍රියා කිරීම එම ආකල්පයේ එක් ප්‍රකාශනයකි.

සට කපට වෙළඳ ජාතියක් ලෙස හැඳින්විය හැකි පෘතුගීසින්ද ඊට නොදෙවෙනිව කෝට්ටේ රජුගෙන් ඉල්ලා සිටියේ ‘ගෙරි හමක් එළා ගැනීමට’ පමණක් සුදුසු බිම් කඩක් තමන්ට ලබා දෙන ලෙසය. එතරම් ‘සුළු’ ඉඩක් ලබා ගැනීමට අවසර නොදීමට විජයබාහු රජුට ද හේතුවක් නොවූ බව පෙනී ගිය බැවින් අද‌ාළ අවසරය දානය කරනු ලැබීය. එහෙත් ඉන්පසු මේ පෘතුගීසින් කළේ ගෙරි (හරක්) හම කීතු කීතුවලට ඉරා ඉතා සිහින් පටි ලෙස ගෙන කොළඹ වරාය ආශ්‍රිතව විශාල ප්‍රදේශයක් වට කරගෙන විශාල බලකොටුවකට පදනම් දැමීය. ක්‍රි.ව 1505 දී ලංකාවට ගොඩබට පෘතුගීසින් කොයි අන්දමින් නමුත් මෙරට දේශපාලනයට ගාවා ගැනීමට අපේ රජදරුවන් ක්‍රියාකළ බැවින් දිවයින වටා වෙරළ තීරයම 1658 දක්වා පෘතුගීසි ආක්‍රමණයට නතුවිය.

1505 දී ලංකාවට ගොඩබට පෘතුගීසීන්ගේ මූලික අරමුණ වෙළඳාම මිස ධර්ම ප්‍රචාරය නොවූ බව පැහැදිළිවන්නේ ඉන් තිස් තුන් වසරක් ගත වන තුරු එනම් 1538 වන තුරු කතෝලික ධර්ම දූතයන් මෙරටට ගෙන්වා ගැනීමට පෘතුගීෂින් උනන්දු නොවූ බැවිනි. කෙසේ වෙතත් පෘතුගීසීන් ලංකාවට ගෙනා දේ අතර අලංකාරම තිළිණය කතෝලික දහම වූ බව පැහැදිලි වුවත් ඔවුන් වෙසෙසින් බෞද්ධ – හින්දු ධර්මයන් පිළිබඳව දැක් වූ ප්‍රතික්‍රියාව නම් අද කාලයේ මානසිකත්වයෙන් බලන විට නම් කොහෙත්ම කළ අනුමත කළ නොහැකිය. මන්ද, එකල පොදු කතෝලික ඉගැන්වීම වූයේ ‘Extra ecclesiam nulla salus’ (එක්ස්ට්‍රා එක්ලේසියාම් නුල්ලා සාලුස්) එනම් (කතෝලික) සභාවෙන් පිටත ගැළවීමක් නොමැත යන්නය. ඒ අනුව අන් ආගම් අදහන අයට ගැළැවීමක් නැතැයි යන අදහසින් පෙළඹී ඔවුන්ට හොඳින් හෝ නරකින් තම ආගම ‘පෙවීමට’ ගත් උත්සාහයන් ඉතිහාසය තුළ අපට දැකගත හැකිය.

සමහර අන්තවාදී ඉස්ලාම්වරුන් අද පවා මෙබඳු මානසිකත්වයකින් අන්‍යාගම් දෙස බලන බව පෙනී යයි. මෙම මානසිකත්වය කතෝලිකයන්ගෙන් නිල වශයෙන්ම පහකර දැමූ 1962 – 65 දක්වා මුළු දුන් තීරණාත්මක II වතිකාන මහා සම්මන්ත්‍රණ සභාව තම ප්‍රකාශන එකක් නොව දෙකක්ම මගින් අන්‍යාගම් තුළ ද සත්‍ය​යේ බීජ අඩංගු වන බව ප්‍රකාශ කරන ලදී. 16 සියවසේ බොහෝ ධර්ම දූතයන් සිදු කළ වරදක් වූයේ ධර්මයද සමගින් තම තමාගේ සංස්කෘතිය ද අන් ජාතීන්ට ලබාදීමට උත්සාහ කිරීමයි. ‘ඔවුන් කතෝලික දහමද සමගින් යුරෝපීය සංස්කෘතිය ද අපට ලබාදුන් බැවින් මේ දෙක එකිනෙකින් වෙන් කර ගැනීමට මෙරට කතෝලිකයන්ට නොහැකිව ඇති’’ යි පසුකාලීනව දේශානුරූපී කතෝලික ජනතාවක් ගොඩනැගීමට උර දුන් පූජක සිරි ඔස්කා අබයරත්න පියතුමා ප්‍රකාශ කර සිටියේ එබැවිනි.

16 වැනි සියවසේදී ලාංකිකයකු කතෝලික දහම වැළඳගැනීම සපුරාම පෘතුගීසි සංස්කෘතිය වැළඳගැනීමක් වූ බව පෙනී යයි. මන්ද භෞතිස්ම කරනු ලැබූ අයගේ නම් පමණක් නොව වාසගම් ද පෘතුගීසිකරණයට ලක් වූ බැවිනි. කුසුමාසන දේවිය දෝන කතරිනා වන්නේත්, කරලියැද්දේ බණ්ඩාර දොන් ෆිලිප් වන්නේත් ඒ අනුවය. කෝට්ටේ යුගයේ සුපතළ හෙළ කිවි​ෙඳකු වන සුභාෂිතයේ කර්තෘ අලිගියවන්න මුකවෙටි තුමාද වරක් බෞතිස්ම කරනු ලැබ දොන් ජෙරනිමෝ ලෙස කතෝලිකයකුව සිටි බවත් ඒ කාලය තුළ ‘කොන්ස්තන්තීනු හටන’ නමින් පෘතුගීසි සේනාධිපතියකු වර්ණනා කරන කාව්‍ය සංග්‍රහයක් රචනා කළ බවත් වැඩි කතාබහකට ලක්වන්නේ නැත. කෙසේ වෙතත් අපගේ මෙම ලිපියෙහි මූලික අරමුණ ලංකාවේ පෘතුගීසි ඉතිහාසය ගැන කතා කිරීම නොව ඔවුන්ගේ බලපෑමෙන් අප රට තුළ අදටත් භාවිත පෘතුගීසි පෙළපත් නාම හා ඒවායේ අලගිය මුලගිය තැන් හා අර්ථයන් සොයා බැලීම හා ඒ ගැන කෙටි විමර්ශනයක යෙදීමය.

ලංකාවේ පහතරට ප්‍රදේශවල, ඉනුත් විශේෂයෙන් පුත්තලමේ සිට මාතර දක්වා වෙරළ තීරයේ ජනයා අතරින් බහුතරයක් එකල කතෝලික දහම වැළඳගෙන පෘතුගීසි වාසගම් ලබාගත් බව පෙනී යන නමුත් මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය හා මඩකලපුව වැනි දෙමළ ජන බහුතරය සිටින ප්‍රදේශවල ජනයා කතෝලික දහම වැළඳගත්ත ද ඔවුන් සිංහලයන් තරම් පෘතුගීසි වාසගම් ලබා නොගත්තේදැයි ඔවුන්ගේ වාසගම් විමසා බලනට කල්පනා කළ හැකිය. එහෙත් ලන්දේසි පීඩනය හා කුල පීඩනය ආදිය නිසා කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ජනයා විශාල වශයෙන් කතෝලික විශ්වාසය හැර දමන්නට ඇතැයි 16-17 සියවස්වල කතෝලික ධර්මදූතයන්ගේ වාර්තා සහ වත්මන් ආගමික ජනගහනය සසඳ‌ා බලන විට කල්පනා කළ හැකිය. කෙසේ වෙතත් එම ජනයා තමන්ට ලැබුණු පෘතුගීසි වාසගම් අද පවා භාවිත කරන බව පෙනී යයි. බෞද්ධයන් අතර පවා පෙරේරා, සිල්වා, ප්‍රනාන්දු, කුරේ, ඩයස් ආදී බොහෝ පෘතුගීසි වාසගම් භාවිත වන්නේ එබැවින්ය යන්න අපගේ අදහසය. පෙර කී ලෙසම ලාංකික අපට උරුම වූ පෘතුගීසි පෙළපත් නාම මොනවාදැයි දැන් අපි විමසා බලමු.

මෙම වාසගම් බොහෝ විට පෘතුගීසි, ස්පාඤ්ඤ, ලතින් හා ජර්මානු ආභාසයෙන් පෘතුගීසින් හරහා අපට ලැබිණැයි කල්පනා කළ හැකිය. එසේම මේ පෙළපත් නාම අද වන විට අප විසින් අපගේ ඌරුවට, හැඩයට යළි සකසා ඇති බව ද නිරීක්ෂණය කළ හැකිය. අප අතර භාවිත මෙම පෘතුගීසි වාසගම් මොනවාදැයි දැන් අපි සොයා බලමු. සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු, ඩයස්, මෙන්ඩිස් (මැන්දිස්) කුරේ ද මෙල්, කෘෘස්, පීරිස්. පාරිස්, ගෝමස්, ගෝමිස්, වාස්, ​ෙෆාන්සේකා, අල්විස්, අල්මේදා, කබ්‍රාල්, නෝනිස්, සොයිසා, සුවාරිස්, රොද්‍රිගු, රුබේරු, කොරයා සහ පැස්කුවල් මෙබඳු ලාංකික – පෘතුගීසි වාසගම් අතර කැපී පෙනෙයි.

මා රෝමයේ ලතෙරාන සසුන් සරසවියේ අධ්‍යාපනය ඇරඹූ මුල් කාලයේ අපගේ ඉතාලි භාෂා පන්තියේ සිසු සිසුවියන් එකිනෙකා හඳුනා ගන්නා අතරතුර මාගේ නමටද ‘ඩයස්’ යන වාසගම ඇතුළත් බව දුටු එක් මොසැම්බික් ජාතික මා මිතුරු පියතුමෙකු ‘අහා උඹත් පෘතුගීසියෙකුදැයි’ හඬ නගා මාගෙන් විමසා සිටියේය. මා තුළ ඒ සැණෙකින් ඇති වූයේ ලජ්ජාවකි. ලොව දිළිඳුම රටවල් අතර ද දිළිඳුම රටක් සේ පිළිගැනෙන අප්‍රිකාවේ මොසැම්බික් දේශය අදටත් පෘතුගීසි යටත් විජිතවාදයේ අමිහිර විඳින රටකි. එහෙත් එරට රාජ්‍ය භාෂාව ද බහුතරයේ භාෂාවද පෘතුගීසි භාෂාවය. එබැවින් මම ‘‘මම ලාංකිකයකු මිස පරංගියෙකු නොවෙමි’ යි ඔහුට පවසා ලංකාව තුළ පෘතුගීසි බලපෑම ගැන ඔහු සමග සංවාදයක් ඇරඹීමි. එතැන් පටන් ලාංකිකයන් අතර භාවිත පෘතුගීසි වචන මෙන්ම වෙසෙසින්ම වාසගම් (පෙළපත්නාම) ගැන ඔහුගෙන් විමසා ඒවා​ෙය් අරුත දැනගතිමි. පෘතුගීසි – ඉංග්‍රීසි ශබ්ද කෝෂයක උපකාරයෙන් එම වචනවල සැබෑ මූලය සොයා ගැනීමට තැත් කළෙමි. ඒවා සටහන්කර තබා ගතිමි. මෙම පෘතුගීසි වාසගම්වල මුල් අදහස සොයා ගැනීමේදී පරෙස්සමින් හා කල්පනාකාරීව එය මෙහෙයවීම් මන්ද බොහෝ සිංහල – පෘතුගීසි වාසගම් එහි මුල් වචනය ලෙසම අද භාවිත නොවන බැවිනි. තවද අන්තර්ජාලය ඔස්සේ විශ්වාසවන්ත මූලාශ්‍ර පමණක් ඇසුරු කරමින් පෘතුගීසි වාසගම් පිළිබඳව අප කළ ​ෙසායා බැලීම ද මෙම අධ්‍යයනය වඩාත් පලබර කිරීමට හේතු විය. ඇත්ත වශයෙන්ම මෙවැනි ගවේෂණයක් මගින් අප බලාපොරොත්තු වන්නේ අප රටේ ජනතාව වඩාත් දැනුම්වත් ජනතාවක් වනු දැකීමය.

අප අධ්‍යයනය කළ මෙම පෘතුගීසි වාසගම් මෙන්ම ලාංකේය හා භාරතීය වාසගම් ද විමසා බලන කල යුරෝපයට වඩා පෙරදිග අපගේ වාසගම් තම ගෞරව බහුමානය ප්‍රකාශ කරන බව පෙනී යයි. Black, Brown, White, Clark, Bush, Rider ආදී බටහිර වාසගම් ඉතා සරල මෙන්ම තවත් කෙනෙකුගෙන් තමන් හුදෙක්ම වෙන් කර හඳුනා ගැනීම පමණක් ඉන් අරමුණ කරන්නේ දැයි අපට කල්පනා වෙයි. එහෙත් සිංහල, දෙමළ වාසගම් එසේ නොවේ. ඒ පිළිබඳව අප වෙනම අධ්‍යයනය කළ යුතු බව පෙනී යයි. ලංකාවේ භාවිත පෘතුගීසි වාසගම්වලින් බොහොමයක්ම පෙර කී යුරෝපීය වාසගම් ගත් මගම ගන්නා බව පෙනීයයි. ‘වාසගම’ යනුවෙන් අප විටෙක හැඳින්වූවත් ‘Surname’ යනුවෙන් ඉංග්‍රීසි බසින් අප හඳුන්වන සංකල්පය ‘පෙළපත් නාමය’/ ‘ගෝත්‍ර නාමය’ ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය වන බව පෙනී යන්නේ ‘වාසගම’ යන්නෙන් ‘වාසය කරන ගම’ නොහොත් ‘මුල් ගම’ ද අදහස් කෙරෙන බැවිනි. එහෙයින් ගත් කල, දැන් අප විමසා බලන්නට යන්නේ ලංකාවේ භාවිත පෘතුගීසි ‘වාසගම්’ නොව ‘පෙළපත් නාම’ යැයි කිව හැකිය. දැන් අපි ඒවා එකින් එක ගෙන ඒවායේ පැටිකිරිය විමසා බලමු.

පෙරේරා – මෙය ලංකාවේ වඩාත්ම භාවිත පෘතුගීසි පෙළපත් නාමවලින් එකකි. පෘතුගීසි යෙදුම:- Pereira (පෙරෙයිරා) අර්ථය:- ​‘පෙයාර්ස් ගස’

සිල්වා – ‘සිල්වා’ යනු පෘතුගීසි නොව ලතින් වචනයකි (ලතින් බස සියලු යුරෝපා භාෂාවල මාතාව බව අපි දනිමු) ලතින් යෙදුම: Silva (සිල්වා)
අර්ථය: ලන්ද, ලඳු කැලෑව, Silva යන්න විටෙක De Silva ලෙසද භාවිත වේ ‘De’ යන්න ඉංග්‍රීසි බසින් ගත්කල ‘Of’ යන අරුත දෙයි. ඒ අනුව ‘De Silva’ යනු ලන්දේ/ ‘ලඳු කැලෑවේ’ යනුවෙයි.

ද මෙල් – පෘතුගීසි යෙදුම – De Mello (දෙ මෙල්ලෝ) අර්ථය – ‘මී පැණි’ අනුව De Mello හෙවත් De Mel යනු ‘මීපැණිහි’/‘මීපැණියේ’ යනුයි.

කෲස් – පෘතුගීසි යෙදුම: Cruz (කෲස්) අර්ථය – ‘කුරුසිය’ 100% ක්ම පාහේ ක්‍රිස්තියානින් වන පෘතුගාලයේ මෙබඳු ආගමික සංකල්පයක් පෙළපත් නාමයක් සේ යොද‌ා ගැනීම පුදුමයට කරුණක් නො​ෙව්.

පීරිස් – පෘතුගීසි යෙදුම – Pires (පීරෙස්) – අර්ථය – පීරිසිය ​ෙම් අනුව ‘පීරිසිය’ යනු වචනය මෙන්ම ‘කෝප්පය’ යන වචනයද පෘතුගීසි ආභාසයෙන් සිංහලයට නැඟිණැයි කල්පනා කළ හැකිය. පෘතුගීසි බසින් කෝප්පය Copo (කෝපෝ) යනුය.

පාරිස් – පෘතුගීසි යෙදුම: Paris (පරීස්) – අප කළ විමර්ශනයට අනුව පෘතුගීසි බසින් පරීස් යනු ප්‍රංශයේ අගනුවර වන පැරීසියයි. පැරීසියේ කලක් තිස්සේ සාම්ප්‍රද‌ායිකව පෘතුගීසි සම්භවයක් සහිත ජන කොටසක් ජීවත් වෙති. මේ ජනතාව පෘතුගීසින් විසින් හඳුන්වනු ලැබුවේ ‘පරීස්’ යනුවෙනි. මේ සිංහල භාවිතයේදී මේ වාසගම ලැබූ අය ‘පාරිස්’ ලෙස හඳුන්වනු ලබති.

ඩයස් – පෘතුගීසි යෙදුම – Dias (දියාස්) – අර්ථය : දිනයන් පෘතුගීසි බසින් Dia (දියා) යනු ‘දිනය’ යි dias (දියාස්) යනු එහි බහුවචනමය ස්වරූපයයි. මාගේ පෙර කී මිතුරා පෙන්වා දුන් ආකාරයට ‘දිනය උදා කරන’ (දිනකර) යන අර්ථයෙන් මෙම Dias යන්න ‘සූර්යයා’ ලෙසද අර්ථකථනය කළ හැකිය.

මෙන්ඩිස් – පෘතුගීසි යෙදුම – Mandaz (මන්දෙස්) Menendez (මෙනෙන්දෙස්) අර්ථය – ‘මෙනෙන්දෝ ගේ පුත්‍රයා’ මෙනෙන්දෝ යනු යුරෝපයට බලපෑ කතෝලික ශුද්ධවන්තයෙකු සේම රාජ කුමාරයෙකි. ඉංග්‍රීසි බසින් St.Hermangild (සා.හර්මන්පිල්ඩ්) ලෙස හඳුන්වන්නේත් මෙතුමාය. ක්‍රි.ව 6 වැනි සියවසේ ජීවත් වූ ස්පාඤ්ඤ රජකුමරෙකු වූ මෙතුමා කතෝලික විශ්වාසය උදෙසා දිවි පිදූ ප්‍රාණ පරිත්‍යාගියෙකි. මේ පෙළපත් නාමයේ අර්ථය එම ‘මෙනෙන්දෝගේ පුත්‍රයා’ යනුය.

ප්‍රනාන්දු – යුරෝපයේ රටවල් රැසක පෙළපත් නාම හෝ පුද්ගල නාමයක් ද ලෙස ප්‍රනාන්දු යන්න ප්‍රකටය.පෘතුගීසි යෙදුම – Fernando (ෆර්නාන්දෝ)
ජර්මානු රජ පෙළපතක් වන ෆර්ඩිනන්ඩ් (Ferdinand) යන්නෙහි පෘතුගීසි නාමය ලෙස ‘Fernando’ හැඳින්විය හැකිය. මෙම නාමයම Ferdinand ලෙස ජර්මන්, චෙක්, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ මෙන්ම පෝලන්ත යන භාෂාවලින්ද Hernando (හෙර්නන්දෝ) ලෙස ස්පාඤ්ඤ භාෂාවෙන්ද නන්දෝර් ලෙස හංගේරියානු භාෂාවෙන්ද භාවිතවේ. ප්‍රනාන්දු යනු එහිම ලාංකේය ප්‍රකාශනයයි.තවද තම ප්‍රනාන්දු යන පෙළපත් නාමය ‘ප්‍රනන්ද’ හෝ ‘පුරනන්ද’ යනුවෙන් වඩාත් දේශීයත්වයට නඟාගත් ස්වල්ප දෙනෙකු සේම තම නාමයේ මුල් පෙළපත් නාමය නමේ අගට ගෙන ප්‍රනාන්දු යන්න භාවිත නොකරන වර්ණකුලසූරිය, කුරුකුලසූරිය, මිහිඳුකුල සූරිය, වර්ණකුල, මිහිඳුකුල, කොඩිප්පිලි හෝ වීරක්කොඩි හෝ වැනි නම් දරන ප්‍රනාන්දුවරු ද සිටිති

නෝනිස් -ස්පාඤ්ඤ නාමය : ‘නූනෝ’/ පෘතුගීසි නාමය ‘නූනෙස්’ අර්ථය : ‘නුනෝගේ පුත්‍රයා’ මීට අමතරව මෙය පෘතුගීසි අරුතින් ‘නවවෙනි’ හෝ ‘සීයා’ යනුද වෙයි නූනෝ යනු 14 වැනි සියවසේ සිදු වූ කස්තීලියානු ආක්‍රමණයට එරෙහිව සටන් වැදී පෘතුගාලය බේරාගත් වීරෝදාර රණවිරුවෙකි ‘නූනෙස්’ ඔහුගේ පුත්‍රයා ලෙස අර්ථකථනය කෙරෙන අතර සිංහලයේදී එය ‘නෝනිස්’ නම් වෙයි.

ගෝමස්/ගෝමිස් – මෙම පෙළපත් නාම දෙකම එකම ස්පාඤ්ඤ මූලාශ්‍රයකින් සම්භව වී යැයි සැලකිය හැකිය. ස්පාඤ්ඤ යෙදුම: විසිගොතික් සංකල්පයක් වූ ‘ගෝමා’ මෙහි මූල්‍ය ජර්මානු ‘ගුමා’ (Guma) යන්න අර්ථය:- ‘මිනිසා’ ඒ අනුව ‘​ෙගා්මෙස්’ යනු ‘මිනිස් පුත්‍රයා’ (මනුෂ්‍ය පුත්‍රයා) ලෙස ගත හැකිය.

​ෆොන්සේකා – ලතින් මූලය : Fon+Sicca අර්ථය : ​Fon (උල්පත) Sicca (වියළි බිම) වියළි බිමෙහි උල්පත තවද මෙය කාන්තාරයක ක්ෂේම භූමියකට ඉඟි කරයි.

කොස්තා – පෘතුගීසි යෙදුම: Costa (කොස්තා) පෘතුගීසි අර්ථය : ගං ඉවුර, බෑවුම, මුහුදු වෙරළ ලතින් අර්ථය: පැත්ත, අයින, කෙළවර, අද්දර

වාස් – හංගේරියානු මූලය : Vass අර්ථය – යකඩ මෙමගින් කම්මල් රැකියාවේ නියුක්ත වූවන්, යපස් පතල්කරුවන් හෝ යකඩ භාණ්ඩ වෙළඳාමේ යෙදෙන්නන් අදහස් කෙරේ. එසේම මෙම පෙළපත් නාමය මගින් අති විශිෂ්ට චරිතයක්. ප්‍රබල විඳ දරා ගැනීමේ හැකියාවක්ද ප්‍රකාශ කෙරේ.

අල්විස් – ජර්මානු මූලය : Alfher (පුද්ගල නාමයකි) පෘතුගීසි නාමය: Alves ( අල්වෙස්) අර්ථය – අල්ෆර්ගේ පුත්‍රයා (Alves) ලංකාවේදී මෙය Alwis (අල්විස්) බවට පත් වී ඇත.

රුද්‍රිගු – ස්පාඤ්ඤ මූලය – රොද්‍රිගෝ දියාස් දෙ වීවාර් (පුද්ගල නාමයකි) එකො​ළොස් වෙනි සියවසේ විශිෂ්ට හා කැපී පෙනුණු ස්පාඤ්ඤ සේනාධිපතියෙකු වූ මොහුගේ නාමයට ගෞරව පිණිස රොද්‍රිගු යන මොහුගේ නාමය පෙළපත් නාමයක් සේ පසුකාලීනව භාවිතයට ගැනුණු බව පෙනී යයි.පුරාණ ජර්මානු බසෙහි Hroderic ලෙස හඳුන්වනු ලැබූ මේ නාමය ස්පාඤ්ඤ, පෘතුගීසි හා ඉතාලි භාෂාවලින් Roderico (රොදෙරිතෝ) ලෙසද කතෝලාන බසෙහි Roderic (රොඩෙරික්) ලෙසද ඉංග්‍රීසියෙහි Rod හා Roddy ලෙසද ප්‍රංශ බසෙහි රොද්‍රිගු (Rodrigue) ලෙසද පෘතුගීසි හා ස්පාඤ්ඤ භාෂාවලින් තවත් විටෙක Ruy,Rui හෝ Ruiz ලෙසද මේ නම භාවිත කෙරේ. සාමාන්‍ය සිංහල භාවිතයේදී රුද්‍රිගු නම් වන මේ පෙළපත් නාමය ඉංග්‍රීසිකරණ ලක්ව Rodrigo (රොඩ්රිගෝ) ලෙස වර්තමාන ‘පොෂ්’ ඉංග්‍රීසියෙහි (Posh English) භාවිත වේ.

සුවාරිස් – ජර්මානු මූලය :- Suero (සුඑ්රෝ) Su+heri ලෙස මේ වචනය කොටස් දෙකකට බෙදා දැක්විය හැකි නමුත් පෘතුගීසි විශේෂඥයන් පවා තවමත් ‘su’ යන්නෙහි අර්ථය කුමක්දැයි නිශ්චිත කරගෙන නැත. එහෙත් ‘heri’ හෙවත් ‘hari’ යනු ‘හමුදාව’ය

සොයිසා – පෘතුගීසි මූල්‍ය : Souza (සූසා) මුල් කාලයේ මේ නාමය යොදා ගැනුණේ පෘතුගාලයේ සූසා ගංගා නිම්නයේ පදිංචි වැසියන් හඳුන්වනු පිණිසය. මේ ගංගාවට Souza යන නම ලැබීමට ලතින් වචන දෙකක බලපෑමක් ඇතැයි සැලකේ. එනම් Salsus (ලවණමය) හෝ Saxa (ගල් සහිත) යන වචන දෙකම හෝ ඉන් එකක් හෝ ඊට බලපාන්නට ඇතැයි පිළිගැනේ. සොයිසා යැයි කී විට ලංකාවේ කාටත් සිහිවන නගරය මොරටුවයි.

අල්මේදා – අරාබි මූලය – ‘අල් මයිද‌ා’ (Al Maida) අර්ථය – කලක් ඉස්ලාමීය ආක්‍රමණයට යට වී සිටි ස්පාඤ්ඤයේ එක් නගරයක් අරාබින් විසින් හඳුන්වනු ලැබූයේ ‘අල් මයිදා’ යනුවෙනි. එහි අර්ථය ‘සානුව’ යනුය. ‘අල්මේයිදා’ ලෙස ස්පාඤ්ඤකරණයට ලක් වූ මේ පෙළපත් නාමයෙන් එම නගරයේ වැසියන් හඳුන්වනු ලැබීය. මෙම පෙළපත් නාමය ලංකාවේදී භාවිත වන්නේ ‘අල්මේදා’ වශයෙනි. ලංකාවට ගොඩබට ප්‍රථම පෘතුගීසි කප්පිත්තා වූයේ ලොරෙන්සෝද අල්මේදාය.

කබ්රාල් – ලතින් මූලය: Capralis (කප්‍රාලිස්)අර්ථය: එළුවන් ලගින තැන – මේ පෙළපත් නාමය එළුවන් බලාගන්නා පුද්ගලයෙකු හැඳින්වීමට යොදා ගත්තා විය හැකිය. ලංකාවේදී මෙය ‘කබ්රාල්’ ලෙස භාවිතවේ.

කොරයා – Cora (කෝරා) අර්ථය – හදවත ලතින් මූලය – Cora (​ෙකාරෙයා) අර්ථය – ලතින් බසින් කොරියානු රාජ්‍යය හැඳින්වීමට යෙදෙන මේ යෙදුම හැරෙන්නට මෙම පෙළපත් නාමය සාධාරණීකරණය සඳහා සොයාගැනීමට අපට සොයාගත හැකි එකම සාධාරණ වචනය වන්නේ ‘හදවත’ යන අරුත දෙන ‘Cora’ (කෝරා) යන්නය. මේ අනුව ‘හෘදයාංගම’ වැනි අරුතකින් Cora (කෝරා) යන්න කොරයා’ ලෙස සකසාගත්තේදැයි කල්පනා කළ හැක.

පැස්කුවල් – පෘතුගීසි මූලය: Pascoa අර්ථය – පාස්කුව (පාස්කු මංගල්‍යය) අර්ථය: මෙම නාමය ‘පාස්කු මංගල්‍යය හා සබැඳි අරුතක් ගෙන එයි. ක්‍රිස්තියානින්ගේ ඉහළම තලයේ මංගල්‍යය නත්තල නොව පාස්කුවයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය සමරන පාස්කු මංගල්‍යය නත්තලට වඩා වැදගත් මංගල්‍යය වෙයි. පැස්කුවල් යන පෙළපත් නාමය Pascoa (පාස්කොආ) යන පෘතුගීසි යෙදුම හා බැඳෙන බව මෙසේ තහවුරු වේ.

පෘතුගීසි ආභාසයෙන් මෙරටට ලැබුණු පෙළපත් නාම පිළිබඳ මා කළ විමර්ශනය ඵලදායක වී යැයි කල්පනා කරමි. එසේම තම පෙළපත් නාමය පිළිබඳ සැබෑ තතු දැන ගැනීම බොහෝ දෙනෙකුගේ සතුටට හේතුවිය හැකියැයි හඟීමි. එහෙත් මේ පෙළපත් නාම පිළිබඳ තවත් වෙනස් අර්ථකථන ද තිබීමට ඉඩ ඇත. තවත් එබඳු අධ්‍යයනයන් වේ නම් ඒවාත් මේ මොහොතේ කරළියට පැමිණේවායි පතමි.

උපුටා ගත්තේ-hodamagossip

ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම් 22ක ඔබ නොදත් ඇත්තම තේරුම මෙන්න කියවලාම බලන්න

ලංකාව ආක්‍රමණය කළ බටහිර ජාතීන් තුන අතරින් අපේ සංස්කෘතියට විශාල බලපෑමක් කළ ජාතියක් ලෙස පෘතුගීසින් හැඳින්විය හැකිය. ඉන්දියානු සාගරය හරහා කොහේටදෝ යාත්‍රා කරමින් සිටින අතර 1505 දී කුණාටුවකට හසු වී ලංකාවේ ගාලු වරාය ආශ්‍රිත ප්‍රාදේශයකට ගසාගෙන ආ ලොරෙන්සෝද අල්මේයිදා ප්‍රමුඛ නාවුකයන් සහ එකිනෙකා හා කුළල් කා ගත් දේශීය පාලකයන් නිසා ලංකා ඉතිහාසය තුළ පෘතුගීසි බලපෑමක් පිළිබඳ කතා පුවතකට ඉඩ හසර විවර විය. මේ විදේශිකයන් සම්බන්ධයෙන් එකල කෝට්ටේ රජ කළ VII විජයබාහු රජු දැක් වූ ආකල්පය ‘පරංගියා කෝට්ටේ ගියා වගේ’’ යන කියමන හා ඒ හා බැඳි ඉතිහාසයෙන් පැහැදිලි වේ. කොළඹ සිට කෝට්ටේට වැඩි දුරක් නැතත් එය බොහෝ දුර බව ඇඟවීම පිණිස පරංගියා කොළඹ සිට ‘වටවන්දනාවක’ රැගෙන ගොස් අවසන කෝට්ටේ නගරයට ප්‍රවිශ්ඨ කරවීමට සිංහල රජු ක්‍රියා කිරීම එම ආකල්පයේ එක් ප්‍රකාශනයකි.

සට කපට වෙළඳ ජාතියක් ලෙස හැඳින්විය හැකි පෘතුගීසින්ද ඊට නොදෙවෙනිව කෝට්ටේ රජුගෙන් ඉල්ලා සිටියේ ‘ගෙරි හමක් එළා ගැනීමට’ පමණක් සුදුසු බිම් කඩක් තමන්ට ලබා දෙන ලෙසය. එතරම් ‘සුළු’ ඉඩක් ලබා ගැනීමට අවසර නොදීමට විජයබාහු රජුට ද හේතුවක් නොවූ බව පෙනී ගිය බැවින් අද‌ාළ අවසරය දානය කරනු ලැබීය. එහෙත් ඉන්පසු මේ පෘතුගීසින් කළේ ගෙරි (හරක්) හම කීතු කීතුවලට ඉරා ඉතා සිහින් පටි ලෙස ගෙන කොළඹ වරාය ආශ්‍රිතව විශාල ප්‍රදේශයක් වට කරගෙන විශාල බලකොටුවකට පදනම් දැමීය. ක්‍රි.ව 1505 දී ලංකාවට ගොඩබට පෘතුගීසින් කොයි අන්දමින් නමුත් මෙරට දේශපාලනයට ගාවා ගැනීමට අපේ රජදරුවන් ක්‍රියාකළ බැවින් දිවයින වටා වෙරළ තීරයම 1658 දක්වා පෘතුගීසි ආක්‍රමණයට නතුවිය.

1505 දී ලංකාවට ගොඩබට පෘතුගීසීන්ගේ මූලික අරමුණ වෙළඳාම මිස ධර්ම ප්‍රචාරය නොවූ බව පැහැදිළිවන්නේ ඉන් තිස් තුන් වසරක් ගත වන තුරු එනම් 1538 වන තුරු කතෝලික ධර්ම දූතයන් මෙරටට ගෙන්වා ගැනීමට පෘතුගීෂින් උනන්දු නොවූ බැවිනි. කෙසේ වෙතත් පෘතුගීසීන් ලංකාවට ගෙනා දේ අතර අලංකාරම තිළිණය කතෝලික දහම වූ බව පැහැදිලි වුවත් ඔවුන් වෙසෙසින් බෞද්ධ – හින්දු ධර්මයන් පිළිබඳව දැක් වූ ප්‍රතික්‍රියාව නම් අද කාලයේ මානසිකත්වයෙන් බලන විට නම් කොහෙත්ම කළ අනුමත කළ නොහැකිය. මන්ද, එකල පොදු කතෝලික ඉගැන්වීම වූයේ ‘Extra ecclesiam nulla salus’ (එක්ස්ට්‍රා එක්ලේසියාම් නුල්ලා සාලුස්) එනම් (කතෝලික) සභාවෙන් පිටත ගැළවීමක් නොමැත යන්නය. ඒ අනුව අන් ආගම් අදහන අයට ගැළැවීමක් නැතැයි යන අදහසින් පෙළඹී ඔවුන්ට හොඳින් හෝ නරකින් තම ආගම ‘පෙවීමට’ ගත් උත්සාහයන් ඉතිහාසය තුළ අපට දැකගත හැකිය. සමහර අන්තවාදී ඉස්ලාම්වරුන් අද පවා මෙබඳු මානසිකත්වයකින් අන්‍යාගම් දෙස බලන බව පෙනී යයි. මෙම මානසිකත්වය කතෝලිකයන්ගෙන් නිල වශයෙන්ම පහකර දැමූ 1962 – 65 දක්වා මුළු දුන් තීරණාත්මක II වතිකාන මහා සම්මන්ත්‍රණ සභාව තම ප්‍රකාශන එකක් නොව දෙකක්ම මගින් අන්‍යාගම් තුළ ද සත්‍ය​යේ බීජ අඩංගු වන බව ප්‍රකාශ කරන ලදී. 16 සියවසේ බොහෝ ධර්ම දූතයන් සිදු කළ වරදක් වූයේ ධර්මයද සමගින් තම තමාගේ සංස්කෘතිය ද අන් ජාතීන්ට ලබාදීමට උත්සාහ කිරීමයි. ‘ඔවුන් කතෝලික දහමද සමගින් යුරෝපීය සංස්කෘතිය ද අපට ලබාදුන් බැවින් මේ දෙක එකිනෙකින් වෙන් කර ගැනීමට මෙරට කතෝලිකයන්ට නොහැකිව ඇති’’ යි පසුකාලීනව දේශානුරූපී කතෝලික ජනතාවක් ගොඩනැගීමට උර දුන් පූජක සිරි ඔස්කා අබයරත්න පියතුමා ප්‍රකාශ කර සිටියේ එබැවිනි.

16 වැනි සියවසේදී ලාංකිකයකු කතෝලික දහම වැළඳගැනීම සපුරාම පෘතුගීසි සංස්කෘතිය වැළඳගැනීමක් වූ බව පෙනී යයි. මන්ද භෞතිස්ම කරනු ලැබූ අයගේ නම් පමණක් නොව වාසගම් ද පෘතුගීසිකරණයට ලක් වූ බැවිනි. කුසුමාසන දේවිය දෝන කතරිනා වන්නේත්, කරලියැද්දේ බණ්ඩාර දොන් ෆිලිප් වන්නේත් ඒ අනුවය. කෝට්ටේ යුගයේ සුපතළ හෙළ කිවි​ෙඳකු වන සුභාෂිතයේ කර්තෘ අලිගියවන්න මුකවෙටි තුමාද වරක් බෞතිස්ම කරනු ලැබ දොන් ජෙරනිමෝ ලෙස කතෝලිකයකුව සිටි බවත් ඒ කාලය තුළ ‘කොන්ස්තන්තීනු හටන’ නමින් පෘතුගීසි සේනාධිපතියකු වර්ණනා කරන කාව්‍ය සංග්‍රහයක් රචනා කළ බවත් වැඩි කතාබහකට ලක්වන්නේ නැත. කෙසේ වෙතත් අපගේ මෙම ලිපියෙහි මූලික අරමුණ ලංකාවේ පෘතුගීසි ඉතිහාසය ගැන කතා කිරීම නොව ඔවුන්ගේ බලපෑමෙන් අප රට තුළ අදටත් භාවිත පෘතුගීසි පෙළපත් නාම හා ඒවායේ අලගිය මුලගිය තැන් හා අර්ථයන් සොයා බැලීම හා ඒ ගැන කෙටි විමර්ශනයක යෙදීමය.

ලංකාවේ පහතරට ප්‍රදේශවල, ඉනුත් විශේෂයෙන් පුත්තලමේ සිට මාතර දක්වා වෙරළ තීරයේ ජනයා අතරින් බහුතරයක් එකල කතෝලික දහම වැළඳගෙන පෘතුගීසි වාසගම් ලබාගත් බව පෙනී යන නමුත් මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය හා මඩකලපුව වැනි දෙමළ ජන බහුතරය සිටින ප්‍රදේශවල ජනයා කතෝලික දහම වැළඳගත්ත ද ඔවුන් සිංහලයන් තරම් පෘතුගීසි වාසගම් ලබා නොගත්තේදැයි ඔවුන්ගේ වාසගම් විමසා බලනට කල්පනා කළ හැකිය. එහෙත් ලන්දේසි පීඩනය හා කුල පීඩනය ආදිය නිසා කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ජනයා විශාල වශයෙන් කතෝලික විශ්වාසය හැර දමන්නට ඇතැයි 16-17 සියවස්වල කතෝලික ධර්මදූතයන්ගේ වාර්තා සහ වත්මන් ආගමික ජනගහනය සසඳ‌ා බලන විට කල්පනා කළ හැකිය. කෙසේ වෙතත් එම ජනයා තමන්ට ලැබුණු පෘතුගීසි වාසගම් අද පවා භාවිත කරන බව පෙනී යයි. බෞද්ධයන් අතර පවා පෙරේරා, සිල්වා, ප්‍රනාන්දු, කුරේ, ඩයස් ආදී බොහෝ පෘතුගීසි වාසගම් භාවිත වන්නේ එබැවින්ය යන්න අපගේ අදහසය. පෙර කී ලෙසම ලාංකික අපට උරුම වූ පෘතුගීසි පෙළපත් නාම මොනවාදැයි දැන් අපි විමසා බලමු.

මෙම වාසගම් බොහෝ විට පෘතුගීසි, ස්පාඤ්ඤ, ලතින් හා ජර්මානු ආභාසයෙන් පෘතුගීසින් හරහා අපට ලැබිණැයි කල්පනා කළ හැකිය. එසේම මේ පෙළපත් නාම අද වන විට අප විසින් අපගේ ඌරුවට, හැඩයට යළි සකසා ඇති බව ද නිරීක්ෂණය කළ හැකිය. අප අතර භාවිත මෙම පෘතුගීසි වාසගම් මොනවාදැයි දැන් අපි සොයා බලමු. සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු, ඩයස්, මෙන්ඩිස් (මැන්දිස්) කුරේ ද මෙල්, කෘෘස්, පීරිස්. පාරිස්, ගෝමස්, ගෝමිස්, වාස්, ​ෙෆාන්සේකා, අල්විස්, අල්මේදා, කබ්‍රාල්, නෝනිස්, සොයිසා, සුවාරිස්, රොද්‍රිගු, රුබේරු, කොරයා සහ පැස්කුවල් මෙබඳු ලාංකික – පෘතුගීසි වාසගම් අතර කැපී පෙනෙයි.

මා රෝමයේ ලතෙරාන සසුන් සරසවියේ අධ්‍යාපනය ඇරඹූ මුල් කාලයේ අපගේ ඉතාලි භාෂා පන්තියේ සිසු සිසුවියන් එකිනෙකා හඳුනා ගන්නා අතරතුර මාගේ නමටද ‘ඩයස්’ යන වාසගම ඇතුළත් බව දුටු එක් මොසැම්බික් ජාතික මා මිතුරු පියතුමෙකු ‘අහා උඹත් පෘතුගීසියෙකුදැයි’ හඬ නගා මාගෙන් විමසා සිටියේය. මා තුළ ඒ සැණෙකින් ඇති වූයේ ලජ්ජාවකි. ලොව දිළිඳුම රටවල් අතර ද දිළිඳුම රටක් සේ පිළිගැනෙන අප්‍රිකාවේ මොසැම්බික් දේශය අදටත් පෘතුගීසි යටත් විජිතවාදයේ අමිහිර විඳින රටකි. එහෙත් එරට රාජ්‍ය භාෂාව ද බහුතරයේ භාෂාවද පෘතුගීසි භාෂාවය. එබැවින් මම ‘‘මම ලාංකිකයකු මිස පරංගියෙකු නොවෙමි’ යි ඔහුට පවසා ලංකාව තුළ පෘතුගීසි බලපෑම ගැන ඔහු සමග සංවාදයක් ඇරඹීමි. එතැන් පටන් ලාංකිකයන් අතර භාවිත පෘතුගීසි වචන මෙන්ම වෙසෙසින්ම වාසගම් (පෙළපත්නාම) ගැන ඔහුගෙන් විමසා ඒවා​ෙය් අරුත දැනගතිමි. පෘතුගීසි – ඉංග්‍රීසි ශබ්ද කෝෂයක උපකාරයෙන් එම වචනවල සැබෑ මූලය සොයා ගැනීමට තැත් කළෙමි. ඒවා සටහන්කර තබා ගතිමි. මෙම පෘතුගීසි වාසගම්වල මුල් අදහස සොයා ගැනීමේදී පරෙස්සමින් හා කල්පනාකාරීව එය මෙහෙයවීම් මන්ද බොහෝ සිංහල – පෘතුගීසි වාසගම් එහි මුල් වචනය ලෙසම අද භාවිත නොවන බැවිනි. තවද අන්තර්ජාලය ඔස්සේ විශ්වාසවන්ත මූලාශ්‍ර පමණක් ඇසුරු කරමින් පෘතුගීසි වාසගම් පිළිබඳව අප කළ ​ෙසායා බැලීම ද මෙම අධ්‍යයනය වඩාත් පලබර කිරීමට හේතු විය. ඇත්ත වශයෙන්ම මෙවැනි ගවේෂණයක් මගින් අප බලාපොරොත්තු වන්නේ අප රටේ ජනතාව වඩාත් දැනුම්වත් ජනතාවක් වනු දැකීමය.

අප අධ්‍යයනය කළ මෙම පෘතුගීසි වාසගම් මෙන්ම ලාංකේය හා භාරතීය වාසගම් ද විමසා බලන කල යුරෝපයට වඩා පෙරදිග අපගේ වාසගම් තම ගෞරව බහුමානය ප්‍රකාශ කරන බව පෙනී යයි. Black, Brown, White, Clark, Bush, Rider ආදී බටහිර වාසගම් ඉතා සරල මෙන්ම තවත් කෙනෙකුගෙන් තමන් හුදෙක්ම වෙන් කර හඳුනා ගැනීම පමණක් ඉන් අරමුණ කරන්නේ දැයි අපට කල්පනා වෙයි. එහෙත් සිංහල, දෙමළ වාසගම් එසේ නොවේ. ඒ පිළිබඳව අප වෙනම අධ්‍යයනය කළ යුතු බව පෙනී යයි. ලංකාවේ භාවිත පෘතුගීසි වාසගම්වලින් බොහොමයක්ම පෙර කී යුරෝපීය වාසගම් ගත් මගම ගන්නා බව පෙනීයයි. ‘වාසගම’ යනුවෙන් අප විටෙක හැඳින්වූවත් ‘Surname’ යනුවෙන් ඉංග්‍රීසි බසින් අප හඳුන්වන සංකල්පය ‘පෙළපත් නාමය’/ ‘ගෝත්‍ර නාමය’ ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය වන බව පෙනී යන්නේ ‘වාසගම’ යන්නෙන් ‘වාසය කරන ගම’ නොහොත් ‘මුල් ගම’ ද අදහස් කෙරෙන බැවිනි. එහෙයින් ගත් කල, දැන් අප විමසා බලන්නට යන්නේ ලංකාවේ භාවිත පෘතුගීසි ‘වාසගම්’ නොව ‘පෙළපත් නාම’ යැයි කිව හැකිය. දැන් අපි ඒවා එකින් එක ගෙන ඒවායේ පැටිකිරිය විමසා බලමු.

පෙරේරා – මෙය ලංකාවේ වඩාත්ම භාවිත පෘතුගීසි පෙළපත් නාමවලින් එකකි. පෘතුගීසි යෙදුම:- Pereira (පෙරෙයිරා) අර්ථය:- ​‘පෙයාර්ස් ගස’

සිල්වා – ‘සිල්වා’ යනු පෘතුගීසි නොව ලතින් වචනයකි (ලතින් බස සියලු යුරෝපා භාෂාවල මාතාව බව අපි දනිමු) ලතින් යෙදුම: Silva (සිල්වා)
අර්ථය: ලන්ද, ලඳු කැලෑව, Silva යන්න විටෙක De Silva ලෙසද භාවිත වේ ‘De’ යන්න ඉංග්‍රීසි බසින් ගත්කල ‘Of’ යන අරුත දෙයි. ඒ අනුව ‘De Silva’ යනු ලන්දේ/ ‘ලඳු කැලෑවේ’ යනුවෙයි.

ද මෙල් – පෘතුගීසි යෙදුම – De Mello (දෙ මෙල්ලෝ) අර්ථය – ‘මී පැණි’ අනුව De Mello හෙවත් De Mel යනු ‘මීපැණිහි’/‘මීපැණියේ’ යනුයි.

කෲස් – පෘතුගීසි යෙදුම: Cruz (කෲස්) අර්ථය – ‘කුරුසිය’ 100% ක්ම පාහේ ක්‍රිස්තියානින් වන පෘතුගාලයේ මෙබඳු ආගමික සංකල්පයක් පෙළපත් නාමයක් සේ යොද‌ා ගැනීම පුදුමයට කරුණක් නො​ෙව්.

පීරිස් – පෘතුගීසි යෙදුම – Pires (පීරෙස්) – අර්ථය – පීරිසිය ​ෙම් අනුව ‘පීරිසිය’ යනු වචනය මෙන්ම ‘කෝප්පය’ යන වචනයද පෘතුගීසි ආභාසයෙන් සිංහලයට නැඟිණැයි කල්පනා කළ හැකිය. පෘතුගීසි බසින් කෝප්පය Copo (කෝපෝ) යනුය.

පාරිස් – පෘතුගීසි යෙදුම: Paris (පරීස්) – අප කළ විමර්ශනයට අනුව පෘතුගීසි බසින් පරීස් යනු ප්‍රංශයේ අගනුවර වන පැරීසියයි. පැරීසියේ කලක් තිස්සේ සාම්ප්‍රද‌ායිකව පෘතුගීසි සම්භවයක් සහිත ජන කොටසක් ජීවත් වෙති. මේ ජනතාව පෘතුගීසින් විසින් හඳුන්වනු ලැබුවේ ‘පරීස්’ යනුවෙනි. මේ සිංහල භාවිතයේදී මේ වාසගම ලැබූ අය ‘පාරිස්’ ලෙස හඳුන්වනු ලබති.

ඩයස් – පෘතුගීසි යෙදුම – Dias (දියාස්) – අර්ථය : දිනයන් පෘතුගීසි බසින් Dia (දියා) යනු ‘දිනය’ යි dias (දියාස්) යනු එහි බහුවචනමය ස්වරූපයයි. මාගේ පෙර කී මිතුරා පෙන්වා දුන් ආකාරයට ‘දිනය උදා කරන’ (දිනකර) යන අර්ථයෙන් මෙම Dias යන්න ‘සූර්යයා’ ලෙසද අර්ථකථනය කළ හැකිය.

මෙන්ඩිස් – පෘතුගීසි යෙදුම – Mandaz (මන්දෙස්) Menendez (මෙනෙන්දෙස්) අර්ථය – ‘මෙනෙන්දෝ ගේ පුත්‍රයා’ මෙනෙන්දෝ යනු යුරෝපයට බලපෑ කතෝලික ශුද්ධවන්තයෙකු සේම රාජ කුමාරයෙකි. ඉංග්‍රීසි බසින් St.Hermangild (සා.හර්මන්පිල්ඩ්) ලෙස හඳුන්වන්නේත් මෙතුමාය. ක්‍රි.ව 6 වැනි සියවසේ ජීවත් වූ ස්පාඤ්ඤ රජකුමරෙකු වූ මෙතුමා කතෝලික විශ්වාසය උදෙසා දිවි පිදූ ප්‍රාණ පරිත්‍යාගියෙකි. මේ පෙළපත් නාමයේ අර්ථය එම ‘මෙනෙන්දෝගේ පුත්‍රයා’ යනුය.

ප්‍රනාන්දු – යුරෝපයේ රටවල් රැසක පෙළපත් නාම හෝ පුද්ගල නාමයක් ද ලෙස ප්‍රනාන්දු යන්න ප්‍රකටය.පෘතුගීසි යෙදුම – Fernando (ෆර්නාන්දෝ)
ජර්මානු රජ පෙළපතක් වන ෆර්ඩිනන්ඩ් (Ferdinand) යන්නෙහි පෘතුගීසි නාමය ලෙස ‘Fernando’ හැඳින්විය හැකිය. මෙම නාමයම Ferdinand ලෙස ජර්මන්, චෙක්, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ මෙන්ම පෝලන්ත යන භාෂාවලින්ද Hernando (හෙර්නන්දෝ) ලෙස ස්පාඤ්ඤ භාෂාවෙන්ද නන්දෝර් ලෙස හංගේරියානු භාෂාවෙන්ද භාවිතවේ. ප්‍රනාන්දු යනු එහිම ලාංකේය ප්‍රකාශනයයි.තවද තම ප්‍රනාන්දු යන පෙළපත් නාමය ‘ප්‍රනන්ද’ හෝ ‘පුරනන්ද’ යනුවෙන් වඩාත් දේශීයත්වයට නඟාගත් ස්වල්ප දෙනෙකු සේම තම නාමයේ මුල් පෙළපත් නාමය නමේ අගට ගෙන ප්‍රනාන්දු යන්න භාවිත නොකරන වර්ණකුලසූරිය, කුරුකුලසූරිය, මිහිඳුකුල සූරිය, වර්ණකුල, මිහිඳුකුල, කොඩිප්පිලි හෝ වීරක්කොඩි හෝ වැනි නම් දරන ප්‍රනාන්දුවරු ද සිටිති

නෝනිස් -ස්පාඤ්ඤ නාමය : ‘නූනෝ’/ පෘතුගීසි නාමය ‘නූනෙස්’ අර්ථය : ‘නුනෝගේ පුත්‍රයා’ මීට අමතරව මෙය පෘතුගීසි අරුතින් ‘නවවෙනි’ හෝ ‘සීයා’ යනුද වෙයි නූනෝ යනු 14 වැනි සියවසේ සිදු වූ කස්තීලියානු ආක්‍රමණයට එරෙහිව සටන් වැදී පෘතුගාලය බේරාගත් වීරෝදාර රණවිරුවෙකි ‘නූනෙස්’ ඔහුගේ පුත්‍රයා ලෙස අර්ථකථනය කෙරෙන අතර සිංහලයේදී එය ‘නෝනිස්’ නම් වෙයි.

ගෝමස්/ගෝමිස් – මෙම පෙළපත් නාම දෙකම එකම ස්පාඤ්ඤ මූලාශ්‍රයකින් සම්භව වී යැයි සැලකිය හැකිය. ස්පාඤ්ඤ යෙදුම: විසිගොතික් සංකල්පයක් වූ ‘ගෝමා’ මෙහි මූල්‍ය ජර්මානු ‘ගුමා’ (Guma) යන්න අර්ථය:- ‘මිනිසා’ ඒ අනුව ‘​ෙගා්මෙස්’ යනු ‘මිනිස් පුත්‍රයා’ (මනුෂ්‍ය පුත්‍රයා) ලෙස ගත හැකිය.

​ෆොන්සේකා – ලතින් මූලය : Fon+Sicca අර්ථය : ​Fon (උල්පත) Sicca (වියළි බිම) වියළි බිමෙහි උල්පත තවද මෙය කාන්තාරයක ක්ෂේම භූමියකට ඉඟි කරයි.

කොස්තා – පෘතුගීසි යෙදුම: Costa (කොස්තා) පෘතුගීසි අර්ථය : ගං ඉවුර, බෑවුම, මුහුදු වෙරළ ලතින් අර්ථය: පැත්ත, අයින, කෙළවර, අද්දර

වාස් – හංගේරියානු මූලය : Vass අර්ථය – යකඩ මෙමගින් කම්මල් රැකියාවේ නියුක්ත වූවන්, යපස් පතල්කරුවන් හෝ යකඩ භාණ්ඩ වෙළඳාමේ යෙදෙන්නන් අදහස් කෙරේ. එසේම මෙම පෙළපත් නාමය මගින් අති විශිෂ්ට චරිතයක්. ප්‍රබල විඳ දරා ගැනීමේ හැකියාවක්ද ප්‍රකාශ කෙරේ.

අල්විස් – ජර්මානු මූලය : Alfher (පුද්ගල නාමයකි) පෘතුගීසි නාමය: Alves ( අල්වෙස්) අර්ථය – අල්ෆර්ගේ පුත්‍රයා (Alves) ලංකාවේදී මෙය Alwis (අල්විස්) බවට පත් වී ඇත.

රුද්‍රිගු – ස්පාඤ්ඤ මූලය – රොද්‍රිගෝ දියාස් දෙ වීවාර් (පුද්ගල නාමයකි) එකො​ළොස් වෙනි සියවසේ විශිෂ්ට හා කැපී පෙනුණු ස්පාඤ්ඤ සේනාධිපතියෙකු වූ මොහුගේ නාමයට ගෞරව පිණිස රොද්‍රිගු යන මොහුගේ නාමය පෙළපත් නාමයක් සේ පසුකාලීනව භාවිතයට ගැනුණු බව පෙනී යයි.පුරාණ ජර්මානු බසෙහි Hroderic ලෙස හඳුන්වනු ලැබූ මේ නාමය ස්පාඤ්ඤ, පෘතුගීසි හා ඉතාලි භාෂාවලින් Roderico (රොදෙරිතෝ) ලෙසද කතෝලාන බසෙහි Roderic (රොඩෙරික්) ලෙසද ඉංග්‍රීසියෙහි Rod හා Roddy ලෙසද ප්‍රංශ බසෙහි රොද්‍රිගු (Rodrigue) ලෙසද පෘතුගීසි හා ස්පාඤ්ඤ භාෂාවලින් තවත් විටෙක Ruy,Rui හෝ Ruiz ලෙසද මේ නම භාවිත කෙරේ. සාමාන්‍ය සිංහල භාවිතයේදී රුද්‍රිගු නම් වන මේ පෙළපත් නාමය ඉංග්‍රීසිකරණ ලක්ව Rodrigo (රොඩ්රිගෝ) ලෙස වර්තමාන ‘පොෂ්’ ඉංග්‍රීසියෙහි (Posh English) භාවිත වේ.

සුවාරිස් – ජර්මානු මූලය :- Suero (සුඑ්රෝ) Su+heri ලෙස මේ වචනය කොටස් දෙකකට බෙදා දැක්විය හැකි නමුත් පෘතුගීසි විශේෂඥයන් පවා තවමත් ‘su’ යන්නෙහි අර්ථය කුමක්දැයි නිශ්චිත කරගෙන නැත. එහෙත් ‘heri’ හෙවත් ‘hari’ යනු ‘හමුදාව’ය

සොයිසා – පෘතුගීසි මූල්‍ය : Souza (සූසා) මුල් කාලයේ මේ නාමය යොදා ගැනුණේ පෘතුගාලයේ සූසා ගංගා නිම්නයේ පදිංචි වැසියන් හඳුන්වනු පිණිසය. මේ ගංගාවට Souza යන නම ලැබීමට ලතින් වචන දෙකක බලපෑමක් ඇතැයි සැලකේ. එනම් Salsus (ලවණමය) හෝ Saxa (ගල් සහිත) යන වචන දෙකම හෝ ඉන් එකක් හෝ ඊට බලපාන්නට ඇතැයි පිළිගැනේ. සොයිසා යැයි කී විට ලංකාවේ කාටත් සිහිවන නගරය මොරටුවයි.

අල්මේදා – අරාබි මූලය – ‘අල් මයිද‌ා’ (Al Maida) අර්ථය – කලක් ඉස්ලාමීය ආක්‍රමණයට යට වී සිටි ස්පාඤ්ඤයේ එක් නගරයක් අරාබින් විසින් හඳුන්වනු ලැබූයේ ‘අල් මයිදා’ යනුවෙනි. එහි අර්ථය ‘සානුව’ යනුය. ‘අල්මේයිදා’ ලෙස ස්පාඤ්ඤකරණයට ලක් වූ මේ පෙළපත් නාමයෙන් එම නගරයේ වැසියන් හඳුන්වනු ලැබීය. මෙම පෙළපත් නාමය ලංකාවේදී භාවිත වන්නේ ‘අල්මේදා’ වශයෙනි. ලංකාවට ගොඩබට ප්‍රථම පෘතුගීසි කප්පිත්තා වූයේ ලොරෙන්සෝද අල්මේදාය.

කබ්රාල් – ලතින් මූලය: Capralis (කප්‍රාලිස්)අර්ථය: එළුවන් ලගින තැන – මේ පෙළපත් නාමය එළුවන් බලාගන්නා පුද්ගලයෙකු හැඳින්වීමට යොදා ගත්තා විය හැකිය. ලංකාවේදී මෙය ‘කබ්රාල්’ ලෙස භාවිතවේ.

කොරයා – Cora (කෝරා) අර්ථය – හදවත ලතින් මූලය – Cora (​ෙකාරෙයා) අර්ථය – ලතින් බසින් කොරියානු රාජ්‍යය හැඳින්වීමට යෙදෙන මේ යෙදුම හැරෙන්නට මෙම පෙළපත් නාමය සාධාරණීකරණය සඳහා සොයාගැනීමට අපට සොයාගත හැකි එකම සාධාරණ වචනය වන්නේ ‘හදවත’ යන අරුත දෙන ‘Cora’ (කෝරා) යන්නය. මේ අනුව ‘හෘදයාංගම’ වැනි අරුතකින් Cora (කෝරා) යන්න කොරයා’ ලෙස සකසාගත්තේදැයි කල්පනා කළ හැක.

පැස්කුවල් – පෘතුගීසි මූලය: Pascoa අර්ථය – පාස්කුව (පාස්කු මංගල්‍යය) අර්ථය: මෙම නාමය ‘පාස්කු මංගල්‍යය හා සබැඳි අරුතක් ගෙන එයි. ක්‍රිස්තියානින්ගේ ඉහළම තලයේ මංගල්‍යය නත්තල නොව පාස්කුවයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය සමරන පාස්කු මංගල්‍යය නත්තලට වඩා වැදගත් මංගල්‍යය වෙයි. පැස්කුවල් යන පෙළපත් නාමය Pascoa (පාස්කොආ) යන පෘතුගීසි යෙදුම හා බැඳෙන බව මෙසේ තහවුරු වේ.

පෘතුගීසි ආභාසයෙන් මෙරටට ලැබුණු පෙළපත් නාම පිළිබඳ මා කළ විමර්ශනය ඵලදායක වී යැයි කල්පනා කරමි. එසේම තම පෙළපත් නාමය පිළිබඳ සැබෑ තතු දැන ගැනීම බොහෝ දෙනෙකුගේ සතුටට හේතුවිය හැකියැයි හඟීමි. එහෙත් මේ පෙළපත් නාම පිළිබඳ තවත් වෙනස් අර්ථකථන ද තිබීමට ඉඩ ඇත. තවත් එබඳු අධ්‍යයනයන් වේ නම් ඒවාත් මේ මොහොතේ කරළියට පැමිණේවායි පතමි.

උපුටා ගත්තේ-hodamagossip

ලංකාවෙන් අතුරුදන්වූ බුදුහිමිගේ පාත්‍ර ධාතුව චීනයේ ඇත්තටම සිදුවුයේ කුමක්ද මෙන්න මාකෝ පොලෝගේ වාර්තාව අනුව පාත්‍රා ධාතුවට සිදුවුණු දේ

බුදු හිමියන්ගේ පාත්‍ර ධාතුන් වහන්සේ 14 වන සියවසේ ආරම්භය තෙක් ලක්දිව පැවති බවට සාධක පවතිනවා. ඉන් පසු ඊට කවරක් සිදුවීදැයි මහා වංශයේ කරුණු දැක්වෙන්නේ නැහැ. මේ ලෝ ප්‍රකට ගවේෂක මාකෝ පොලෝගේ වාර්තාවන්ට අනුව පාත්‍ර ධාතුවට සිදුවූයේ කවරක්ද යන කතාවයි.