ලංකාවේ ආන්දෝලනාත්මක චරිතයක් වන පියුමි හංසමාලි ගේ අලුත්ම පෙම්වතා ජැක්සන් ඇන්තනි

පියුමි හංසමාලි කියන්නේ පසුගිය දවස්වල වඩාත් කතාබහට ලක්වූ රංගන ශිල්පිණියක්නේ.

අපි මේ කියන්න යන්නේ ඇයට උදාවුණු අපූරු අවස්ථාවක් ගැන.

ඇයට ඉන්දියාවේ චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.

ඒ අනිල් කුමාර්ගේ නවතම චිත්‍රපටය වන “ලක්නව්” කියන චිත්‍රපටයකටයි.

ඒ වගේම තමයි අනිල් කුමාර් කියන්නේ ඉන්දීය කේරල සිනමාවේ ඉන්න ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්.

මීට පෙර අපේ රටේ කලා ශිල්පිණියකට මෙවැනි අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ 1992 වර්ෂයේ ඒ යශෝධා විමලධර්මට.

කෙසේ නමුත් මෙවර ඒ සඳහා අවස්ථව උදා කර ගත් පියුමි නම් කියන්නේ මේ චිත්‍රපටයට අමතර තවත් චිත්‍රපට දෙකකට ඇයට ආරාධනා ලැබුණු බවයි.

කෙසේ නමුත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස ඇය සම්බන්ධ වන අතර එහි ප්‍රධාන නළුවාගේ චරිතයට පණ පොවන්නේ ජැක්සන් ඇන්තනී පහුගිය කාලයේ අන්තර්ජාලයම කතාවුනේ ජැක්සන් ඇන්තනි ඉන්දියාවේ තරුණියක් සමග විවහා වෙයි කියන දේ .

නමුත් ඒ කතාව බොරුවක් වෙමින් ඔහු සමග එම චිත්‍රපටයේ ප්‍රදාන චරිතයට රගපාන්න ලංකාවේම කවුරුත් දන්නා නිලියක් වන පියුමි හන්සමාලිව තෝරාගෙන තිබෙනවා

ළඟදීම ඔහු සමගින් ඉන්දියාවට යාමට පියුමි හංසමාලි බලාගෙන සිටිනවා කියලත් ඇය පුවත් පතකට කියා තිබුනා.

ලංකාවේ සුපිරි නළුවෙක් සුපිරි චරිතයක් වන ජැක්සන් මහතා සමග රඟපාන්න ලැබීමත් පියුමිට ලැබුණු මහඟු භාග්‍යක් කියලයි ඇය පවසන්නේ.

ලංකාවේ කාටත් නැති මිලියන 1000 කට වඩා වටිනා හමර්,ෆෙරාරි,ලැම්බොගිනි ලිමෝසීන් එක්ක වාහන තියන මීගමුවේ ප්‍රකෝටිපතියා මෙන්න

මිලියන 1000 කට වඩා වටිනාකමකින් යුත් වාහන හිමිකරුවෙක් ලංකාවේ ඉන්නවා කිව්වොත් හුඟ දෙනෙක්ටනම් ඒක විශ්වාස කරන්න අමාරු දෙයක් ඒත් මිගමුව පැත්තේ පදිංචි අයටනම් එක අරුමයක් නෙමෙයි මේ කියන්න හදන්නේ මීගමුවේ සිටින සුපිරි ප්‍රකෝටි පතියා ගැන ඔහු නමින් සචිත් ඩී සිල්වා

මේ ඔබ කවුරුත් නොදත් දිනෙන් දින අලුත් වෙන ඔහුගේ සුපිරි වාහන තාම තරුණ වයසේ සිටින ඔහු ගෙවන සුපිරි ජීවිතය මෙන්න

ඔබටත් පෝසතෙක් වෙන්න ඕනෙනම් මෙන්න මේ දේවල් හැම එකක්ම අදම අතහරින්න මේ වැරදි 7 කවදාවත් කරන්න එපා

පොහොසත් වීමට අපි හැම දෙනාම කැමතියි. සමහර වෙලාවට කොච්චර පොහොසත් වුනත් ඇති වෙන්නේ නැහැනේ. ඔබත් පොහොසත් වීමට සිතාගෙන ඉතා මහන්සියෙන් වැඩ කරමින් මුදල් උපයනවා ඇති. අද අපි කියන්න යන්නේ පොහොසත් වෙන්න උත්සහ කරන අයට බාධා කරන කරුණු 07 ක් ගැනයි. ඔබ අතිනුත් මේ දේවල් සිදු වෙනවා නම් එය ඔබව පොහොසත් කෙනෙකු වීමට බාධා කරයි

01) මුදල් ඉපයීමට වඩා මුදල් ඉතිරි කිරීම පිලිබඳ සිතීම

පොහොසත් වීමට නම් මුදල් ඉතිරි කිරීම ඉතා වැදගත් වේ. එහෙත් ඔබ මුදල් ඉපයීම අමතක කර මුදල් ඉතිරි කිරීමට යනවා නම් ඉන් ඵලක් නොවේ.එහෙත් එයින් ඔබ මුදල් ඉතිරි නොකල යුතු බව අදහස් නොවේ. ඔබ මුදල් ඉතිරි කිරීම සහ මුදල් ඉපයීම සමානව කල යුතුය. ඔබ සතුව මුදල් රාශියක් නැති අවස්ථාවල ඔබ ඒ පිළිබඳ සිතමින් වද විය යුතු නැත. එවිට ඔබ කළ යුත්තේ මුදල් ඉපයීමට අවධානය යොමු කිරීමයි. ඉන් පසු ඔබ සතුව වැඩි මුදලක් ඇති විට ඒවා ඵලදායි ලෙස ඉතිරි කිරීමට කටයුතු කරන්න.

02) ආයෝජනය නොකිරීම

වැඩි මුදලක හිමිකාරයකු වීම සඳහා වඩාත් කර්යක්ෂම ක්‍රමයක් වන්නේ මුදල් ආයෝජනය කිරීමයි. ප්‍රමාද නොවී ඉක්මනින් මුදල් ආයෝජනය කිරීම ආරම්භ කරන තරමට වැඩි ප්‍රතිඵල ද ලබා ගත හැකඔබ උපයන මුදල් නිකන් රැස් කරගෙන සිටිනවාට වඩා එම මුදල් ඵලදායී ලෙස ආයෝජනය කිරීමෙන් ඔබ වඩා පොහොසත් වනු ඇත.

03) ඔබට දරා ගත නොහැකි තරම් මිල අධික දෑ මිලදී ගැනීම

ඔබ ඔබට දරා ගත නොහැකි අන්දමේ මිළ අධික භාණ්ඩ මිලදී ගන්නේ නම් ඔබ කෙතරම් මිළ මුදල් ඉපයුවද ඔබට පොහොසතෙක් වීමට නොහැකිය. ඔබ උපයන මුදල ක්‍රමයෙන් වැඩි වනවාත් සමගම ඔබ ඔබගේ අවශ්‍යතා ද වැඩි කර ගතහොත් ඔබට ඉතිරි කල හැකි ප්‍රමාණය අඩු වේ. එනිසා ඔබ කෙතරම් මිළ මුදල් ඉපයුවද ඔබට දරා ගත හැකි ප්‍රමාණයට පමණක් වියදම් කිරීමට සිහි තබා ගත යුතුය.

04) වෙනත් කෙනෙකුගේ සිහින පසුපස හඹා යාම

ඔබට සාර්ථක පුද්ගලයකු වීමට අවශ්‍ය නම් ඔබට ඔබගේම සිහින තිබිය යුතුය. ඔබ ඔබගේ සිහින පසෙකලා වෙනත් කෙනෙකුගේ සිහින පසුපස හඹා යන්නේ නම් ඔබට සාර්ථක විය නොහැකිය.

උදාහරණයක් ලෙස ඔබ ඔබේ අසල්වැසියාගේ හෝ ඔබේ යහළුවාගේ හෝ සිහින වලට ආසා වී ඒවා සැබෑ කර ගැනීමට උත්සහ දරන්නේ නම් එවැනි බොහෝ අවස්ථාවල ඔබට ඒවා සැබෑ කර ගත නොහැකි වනු ඇත. එවිට ඔබ ඔබ පිළිබඳවම කලකිරීමටත් පසුතැවීමටත් පත් වේ. එවිට ඔබට ඔබේ සිහින ද අහිමි වේ. එනිසා ඔබට පොහොසතෙක් වීමට නම් ඔබේ සිහිනයක් තබා ගෙන එය සැබෑ කර ගැනීමට උත්සහ කරන්න

05) මුදල් සඳහා නිශ්චිත අරමුණක් නොවීම

මුදල් කියන්නේ නිකන් ඉඳලා හම්බ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා මහන්සි වී වැඩ කිරීමට සිදු වෙනවා. ඒ වගේම ඔබට පොහොසත් වීමට අවශ්‍ය නම් ඔබ උපයන ඒ මුදල් සඳහා ඔබට නිසි ඉදිරි සැලැස්මක් ද තිබිය යුතුයි.

ඔබ මුදල් උපයන්නේ කුමකටද, ඒ මුදල් භාවිතයේ යොදවන්නේ කෙසේද, වැඩි ලාභයක් ලැබෙන සේ එම මුදල් ආයෝජනය කරන්නේ කෙසේද ආදිය පිලිබඳ ඔබට නිසි අරමුණක් තිබිය යුතුය. එසේ නොමැති විට ඔබ රැස් කරන ධනය නාස්ති වී ඔබටම නොදැනී ඔබ සිටියාටත් වඩා දුප්පත් අයෙකු බවට පත් විය හැක. එනිසා සැම විටම ඔබේ මුදල් සඳහා නිශ්චිත අරමුණක් තබා ගන්න.

06) පළමුව වියදම් කර දෙවනුව ඉතිරි කිරීම වැරදියි.

බොහෝ දෙනෙකුට මුදල් ලැබුනම ඉස්සෙල්ලම කරන්නේ හිතේ හැටියට මුදල් වියදම් කරන එක. ඊට පස්සේ තමයි ඉතුරු කිරීම ගැන හිතන්නේ. හැබැයි මෙහෙම කලාම ගොඩක් වෙලාවට ඉතුරු කරන්න ප්‍රමාණවත් තරම් මුදලක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ පළමුවෙන්ම කළ යුත්තේ මුදල් ඉතුරු කිරීමයි. ඉන් පසුව ඉතිරි වන මුදල වියදම් කිරීමෙන් ඔබට මුදල් නිසි පරිදි කළමනාකරණය කර ගත හැක.

07) තමා පිලිබඳ විශ්වාසය තැබිය යුතුය.

බොහෝ පුද්ගලයන් තුළ ඇති දුර්වලතාවයක් වන්නේ තමා පිළිබඳ විශ්වාසයක් නොමැති වීමයි. බොහෝ දෙනාගේ මතය වන්නේ සෑම දෙයක්ම ලැබෙන්නේ වාසනාව ඇති අයට පමණක් බවයි. මෙලෙස ඔබට ඔබ පිළිබඳ අවතක්සේරු කොට සැලකීම ඔබගේ කටයුතු අසාර්ථක වීමට හේතුවකි. එනිසා තමන්ට ඕනෑම දෙයක් කල හැකිය යන විශ්වාසය ඇතිව අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කළහොත් ඔබට නිසැකවම සාර්ථක විය හැකිය.

එයා මාව බලන්න ආවේ හැමදාම හොදට නාලා චුයින්ගම් කාලා මාත් එක්ක ඇදකට ගියාට පස්සේ උදේට නැගිටින්නේ කෙලපෙරාගෙන

නයනා කුමාරි කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක්. නිරන්තරයෙන්ම විවිධ කතාබහට ලක් වෙන නයනා ආදරේ ගැන පුවත්පතකට කතා කරලා තිබුණේ මෙහෙමයි.

ආදරයට නිර්වචනයක් දෙන්න?

ආදරය කියන්නේ ජීවත් වීම කියලයි මම හිතන්නේ. ආදරය තිබුණොත් තමයි ජීවත් වෙන්නේ. ජීවත් වෙන්න තියෙන එකම බලා‍පොරොත්තුව තමයි ආදරය.

පාසල් ප්‍රේමය සුන්දරයිද?

එහෙම ප්‍රේමයක් මට නම් පාස‍ලේ තිබුණේ නැහැ. මට ඒ අත්දැකීම නැහැ.

ආදරය මුලින්ම දැනෙද්දි වයස කීයද?

පාසල් කාලෙදි තමයි මටත් ආදරය ගැන දැනෙන්නේ. මම කෙනෙක්ට ආදරය කළා. එයා අදටත් දන්නෙ නැහැ මම එයාට ආදරය කළා. එතකොට වයස අවුරුදු දහතුනක් දාහතරක් ඇති.

මුලින්ම ආදරය ප්‍රකාශ කරන්න ඕන පිරිමි ළමයාද?

අපේ රටේ තියෙන සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය එක්ක එදා ඉඳන් පවත්වාගෙන ඇවිත් තියෙන්නෙත් ඔය විදිහට. ගැහැනියක් ඉස්සර වුණොත් වැරදි විදිහටයි හිතන්නේ. අපේ රටේ මුල්තැන දෙන්නේ පුරුෂ පාර්ශ්වයට. අපට ලැබෙන කෙනාට අපි ආදරය කරන්න පෙලඹිලා තියෙනවා.

අප්‍රකාශිත ආදරයක් තිබුණාද?

ඔව්, මම කෙනකුට ආදරය කළා. අද වෙනකම් කවුරුත් දන්නෙ නැහැ.

ජනප්‍රිය නළුවෝ කීදෙනෙක්ට ආදරය කරලා තියෙනවාද?

ටෙලි නාට්‍ය, චිත්‍රපටවල රංගනයේදීෙ ආදරය කළාට සැබෑ ජීවිතයේ එහෙම ආදරය කරන්න ඉඩ ලැබුණේ නැහැ. මම ක්ෂේත්‍රයට ආපු මුල්ම ටෙලි නාට්‍යයෙන් මට සුමිත්ව ලැබුණා. එතැනින් තමයි මගේ ගමන ආරම්භ වුණේ. පළමු ටෙලි නාට්‍යයේදී තමයි මට සහාය අධ්‍යක්ෂවරයා මුණ ගැහෙන්නේ. එයත් එක්ක තමයි මම ආදරය පටන් ගත්තේ. ප්‍රථම ආදරය තමයි ඒ.

ආදරය කරද්දි පෙම්වතා වැඩිමල් විය යුතුද?

තාවකාලික ආදරයට නම් වයස් භේදයක් නැතිවෙන්න පුළුවන්. විවාහ ජීවිතයකට ඇතුළත් වෙලා පවුල් ජීවිතයක් ගත කරනවා නම් විවාහ වෙන කෙනා වැඩිමහල් විය යුතුයි කියලා. සම වයසේ දෙන්නෙක් එක්ක වගේ වයසින් බාල කෙනෙක් එක්ක ජීවිතය ගෙනයද්දි හැලහැප්පීම් වැඩියි. නමුත් වයසින් වැඩිමල් කෙනෙක් එක්ක ජීවිතය ගෙනයද්දි ජීවිතය පහසුයි.

වයසින් බාල කෙනෙක්ට ආදරය හිතිලා නැද්ද?

අපි මනුස්සයෝනේ. එහෙම හිතෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් බුද්ධිය කියලා දෙයක් තියෙනවා අපට. මට ‍පොඩි වයසෙදි තමයි සුමිත්ව ලැබුණේ. මගේ හිතේ හිටියේ සුමිත් විතරයි. නමුත් විවාහවෙලා දරුමල්ලෝ ලබලා සමාජයට යද්දි අපි ආස දේවල් තව කෙනෙක්ගෙන් දකිනවා වෙන්න පුළුවන්. නමුත් එතැනදි බුද්ධිය පාවිච්චි කරන්න ඕන. අපේ හිතගන්න අය දන්නේ නැතුව ඇති එහෙම දෙයක් තිබුණා කියලා.

පෙම්වතාගෙන් ලැබුණු මුල්ම තෑග්ග මතකද?

ඔව්, ඔහු මට මුලින්ම දුන්නේ මුද්දක්. ඒක ගෙදරට හොරු පැනපු වෙලාවේ අරන් ගිහින්නේ.

පිරිමියෙක්ගේ ආදරය හිතෙන්නේ මොන ගතිගුණවලටද?

සුමිත්ට කැමති වුණේ එයාගේ ආඩම්බරකමට. ඊට පස්සේ හිත ගියේ එයාගේ දැනුවත්කමට. රූපයටත් හිත ගියා. මම නිතරම හිතුවේ මට වඩා බුද්ධිමත් කෙනෙක් තමයි මට ඕනේ කියලා. මිල මුදල් වගේ බාහිර දේ ගැන මුලින් සිතුවිල්ලක් ආවෙ නැහැ. මම බලා‍පොරොත්තු වුණ කෙනාව සුමිත් ළඟ තිබුණා. වයසින් මුහුකුරා ගියත් අදටත් ඒ බුද්ධිමතාට කැමතියි.

ආදරය විවාහයෙන් කෙළවර විය යුතුද?

කාන්තාවක් නම් ආදරය කරන්නේ විවාහ වීමේ බලා‍පොරොත්තුවෙන්. මම ඒ දේ සාර්ථක කරගත්තා. සුමිත් ලැබුණු වෙලාවේ මම හිතුවා ඔහුමයි විවාහ කරගන්නේ කියලා. අවුරුදු නවයක් ආදරය කරලා සුමිත්ව ලබාගත්තා. අද දකින්නේ කෙනෙක්ට ආදරය කරනවා, වෙන කෙනෙක් එක්ක ජීවත් වෙනවා. තව කෙනෙක් එක්ක විවාහවෙලා අවුරුද්දෙන් දෙකෙන් වෙන්වෙනවා. අද ඒ දේ මෝස්තරයක් වෙලා. සුමිත්ව මුලින්ම ලැබෙද්දි මම නිකම්ම නිකම් ගමේ කෙල්ලෙක්. නමුත් ඔහුත් එක්ක විවාහ වෙද්දි මම ලංකාවේ ජනප්‍රියම නිළිය. එදා ඕන නම් තිබුණා සුමිත්ට පයින් ගහලා යන්න. සුමිත්ටයි, මටයි මිල මුදල්, ගෙවල් දොරවල් තිබුණ දෙන්නෙක් ‍නෙවෙයි. ඒ කා‍ලේ ඕන තරම් ඉහළ යෝජනා ආවා. ඉතින් මටත් තිබුණා සුමිත්ට පයින් ගහලා වෙන කෙනෙක් විවාහ කරගන්න.

ආදරය ඇතුළේ රාගයට කොච්චර ප්‍රතිශතයක් තියෙන්න ඕනද?

මම හිතන්නේ පනහක් තියෙන්න ඕන කියලා. අනෙක් පනහට ඉවසීම හුරු කිරීම, තේරුම් ගැනීමත් අයිති වෙනවා.

විවාහයෙන් පස්සේ බොහෝදෙනා වෙනස් වෙනවා. ඒ ඇයි?

අවුරුදු නවයක් මාත් ආදරය කරලා විවාහ වුණ කෙනෙක්. විවාහයෙන් පස්සේ දෙන්නා එක වහලක් යට එක කාමරයකට, එක ඇඳකට එනවා. විවාහයෙන් පස්සේ දෙන්නගේ ගඳ සුවඳ දැනෙන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට දකිනකොට, ආශ්‍රය කරද්දි මගේ කියන හැඟීම තියෙනවා. දෙතැනක ඉද්දි එක තැනකට එන්න දැඩි සටනකට එනවා. ආදරය කරන කා‍ලේ සුමිත් මාව බලන්න එද්දි නෑවා, චුයින්ගම් එකක් කෑවා. ෆර්ෆියුම් ගාලා හරි ලස්සනට ඉන්නවා. ඔහු කතා කරලා යන්නේ හරි ප්‍රියමනාපව. එක කාමරයක ඉද්දි උදේට නැගිටින්නේ කුණු කෙළ පෙරාගෙන.පෙරේතයෙක් වගේ

දත් මදින්නේ පහුවෙලා. ඒක තමයි යථාර්ථය. මේවායේ අවබෝධයක් තියෙන්න ඕන. චූටි චූටි දේවල් නිසයි ගැටලු වෙන්නේ. අපි සුන්දර දේට කැමතියි. මටත් දැනුණා.. සුමිත් ආදරය කළා. විවාහ වුණාට පස්සේ වෙනම පුද්ගලයෙක් මාත් වින්දා. ඒ දේ අවබෝධ කරගෙන නොගැළපීම් ගළපාගෙන ජීවත්වීමයි වැදගත් වෙන්නේ.

විවාහය ලියාපදිංචි කළ යුතුද?

ආදරය කරන කා‍ලේ විවාහ වෙනවා කියන එකේ සදාචාරයක් තියෙනවා. පවුල් පසුබිම හරහා ඒ දේ කරන්න වෙනවා. කාන්තාවන් විශේෂයෙන්ම එහෙම දේවල් බලා‍පොරොත්තු වෙනවා. සමහරක් අය විවාහ නොවී බොහොම ආදරයෙන් දරු මල්ලෝ හදාගෙන ඒ අයගේ ජීවිත ගෙනියනවා. දරුවෙක්ට දෙමව්පියන්ගේ අනන්‍යතාව අවශ්‍ය නිසා විවාහය ලියාපදිංචි කළ යුතුයි.

විරහව එක ජේදයකින් විස්තර කරන්න?

විරහව දුකක්. ඒ දේ දරාගන්න බැරි දෙයක්.

සමලිංගික ආදරය සමාජ සම්මතයට පටහැනිද?

පටහැනිම තමයි. අනුමත කරන්න බැරි දෙයක්. එහෙම වෙන්නේ එක්තරා මානසික ලෙඩක් ලෙසයි.

ආදරය එක් සහකරුවකුට පමණක් සීමා විය යුතුද?

එහෙම කරගන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම සම්බන්ධකම් ඇතිවෙන්න පුළුවන්. බුද්ධියෙන් ඒ දේවල් පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕන කියලයි මම හිතන්නේ

මට කරපු දේවල් වලට එයාට ඒවා විදවන්න වෙයි.වික්ටර් ඉරාජ්ට පියුමිට රෙදි ගැලවෙන්නම කියයි මගේ අලුත් බිරිදටම තම මම ඒ සින්දුව හැදුවේ

ඔහු ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නිම් වළලු පුළුල් කළ යුග පුරුෂයෙකි.ඔහු බුදුගුණ, මවුගුණ, දේශානුරාගය, ප්‍රේමය, විරහව වැනි විෂයයන් ඔස්සේ අපේ රටේ ගීත ක්ෂේත්‍රයට දායාද කර ඇති ගීත විශාල සංඛ්‍යාව අති විශාලය. 1973 ජූලි 20 වැනිදා කොළඹ ලුම්බිණි රඟහලේදී ‘ස‘ ප්‍රසංගය පවත්වමින් ප්‍රථම සජීව ඒකපුද්ගල ප්‍රසංගයක් පැවැත්වූ ලාංකේය ගායකයා ලෙස ඉතිහාසයට එක්විය.1966 සංගීත ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු , මාතර ආච්චි චිත්‍රපටයෙන් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසියේය.සිරිබෝ අයියා, පොඩි මල්ලි, සරුංගල්, හුලවාලි සහ අතුරු මිතුරු ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවුණු නිර්මාණයන්ය.

ආචාර්ය වික්ටර් රත්නායක නම් වූ මේ ගාන්ධර්වයා එදා මෙදා තුර එකසේ සිය ජනප්‍රියත්වය පවත්වාගෙන යන්නේ සිය මාධූර්ය හඬ පෞරුෂය නිසාවෙනි.සිය සියුම් වූ සංගීත ඥානයෙනි.මේ දිනවල අන්තර්ජාලයේ සමාජ ජාලා වෙබ් අඩවි වල මෙන්ම you tube ඔස්සේ අසමින් නැරඹිය හැකි, නරඹා රසවිඳිය හැකි‘මගේ සඳ ඇවිත්‘ගීතය ප්‍රවීණ සංගීතඥ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ නිර්මාණයකි. මීට දශක පහකට පෙර අතීතයේ සිට එදා මෙදාතුර මෙරට ආදරය හඳුනන හදවත් වලට ප්‍රේමයේ ආහ්ලාදජනක බව ගෙන ආ රත්නායකයන්ගේ මෙම ගීතය පිළිබඳව මේ වනවිට සමාජයේ විවිධ කට කතා පැතිරී ගොසින්. වික්ටර් රත්නායකයන් ‘මගේ සඳ‘ලෙස ගයන්නේ කාටද? සැබැවින්ම මේ පිළිබඳව දන්නේ ඔහුම පමණකි. පසුගියදා අතුරුගිරිය නිස්කලංක පරිසරයක පිහිටි රත්නායකයන්ගේ සොඳුරු සංගීත අසපුවේදී ඔහුගෙන් මේ පිළිබඳව විමසන්නට වූ අවස්ථාව

ඔබේ අලුත්ම ගීතයෙන්ම මේ කතාබහ අරඹමු.

ඇත්තටම මේ ‘මගේ සඳ ඇවිත්‘ ගීතය පිළිබඳව මම ඉන්නේ සතුටින්.එයට ප්‍රධානම හේතුව තමයි මේ පදමාලාව අරුත්බර එකක් වීම සහ ගීතයේ අරුතට හානියක් නොකර ඒ අරුත්බර බව නරඹන්නන්ට වඩාත් දැනෙන ලෙස කරලා තිබුණු රූප රචනාව.අද ගීත ජනප්‍රිය කරන්නට රූප රචනා කරන එක අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා.ඒ වගේම අද බොහෝ ගීත වල රූප රචනා කරන්නේ චිත්‍රපට රූපගත කරනවා වගේ. ඒ විතරක් නෙමේ සුලබව හොයාගන්න පුළුවන් කෙල්ලෙක් කොල්ලෙක් අරගෙන ගීතයෙන් කියැවෙන අර්ථයට කොහෙත්ම ගැළපෙන්නේ නැති වෙනස්ම කතාවක් රූපගත කරන එක තමයි ගොඩක් දෙනෙක් කරන්නේ.නමුත් මගේ සඳ ඇවිත් ගීතයට හානියක් නොකර ගීතය රූප රචනාව කිරිම තමයි මගේ ලොකුම සතුට.

මේ පද රචනය පිළිබඳව කතා කළොත්,මේ පද රචනා කළ චන්දන මනෝජ් විතාන එංගලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙක්. අපි තවමත් එකිනෙකා මුහුණට මුහුණ හමුවෙලා නැහැකතා බහ කරලා නැහැ. දවසක් ඔහු මට දුරකතනයෙන් කතා කරලා කිව්වා ඔහු ලියූ ගිතයක් තිබෙනවා. මට ගායනා කරන්න පුඵවන්ද කියලා. ඉතින් මම කිව්වා ඉස්සෙල්ලම පද ටික මට දෙන්න මම බලලා කියන්නම් කියලා. ඒ අනුව චන්දන මට මේ වචන ටික ඊ මේල් කළා.මම මේක බැලුවාම ඇත්තටම හොඳ වචන ටිකක්. ඉතින් මම ගායනා කරන්න තීරණය කළා.ඒ අනුව තමයි මේ ගීතය නිර්මාණය වුණේ.

මේ ගීතය ඇසෙනකොට අපි යළිත් අතීතයට රැගෙන යනවා. ඒ මෙහි ඇති ඔබටම අනන්‍ය වූ තනුවත්, ගායනයත් නිසා.ඒ කාලයේ ප්‍රේම කීර්ති, සුනිල් ආරියරත්න වැනි මා සමඟ නිර්මාණ කළ ගීත රචකයින් සමඟ ගීත නිර්මාණය කරද්දී අපි මුණ ගැහිලා ඒ ගැන කතා කරනවා. තනුව හදනකොටත් මාළඟ වාඩිවෙලා ඉඳගෙන ඉන්නවා.ඒත් මේ ගීතය නිර්මාණය වුණේ එහෙම නෙමෙයි.අද එදාට වඩා තාක්ෂණය දියුණුයි.

චන්දන ඉන්නේ විදෙස් රටක. වචන ටික මට ලැබුණෙ ඊමේල් එකෙන්. අපි ස්කයිප් වලින් කතා කරලා තමයි මම මේ තනුව යෙදුවෙ.මම හාමෝනියම් එක වාදනය කරමින් තනුව යොදන කොට චන්දන ස්කයිප් එකෙන් ඒක බලාගෙන හිටියෙ. එදා වගේ එකට වාඩිවෙලා මුහුණට මුහුණ බලාගෙන නොහිටියට අපි ස්කයිප් වලින් එකට එකතුවෙලා තමයි මේ ගීතය නිර්මාණය කළේ. ඒ කිව්වේ අපි අලුත් තාක්ෂණයට අනුගත වෙලා කළ නිර්මාණයක් කියන්න පුළුවන්.

මම කොහොමත් නිර්මාණයක් කරන කොට ගේය පද රචනාව දිහා බලලා මමත් ඊට අනුගත වෙලා තමයි ඒක කරන්නේ. සංගීත සංයෝජනය කරන කොට රාගධාරී සංගීතය බටහිර සංගීත ශිල්ප ක්‍රම ඉවහල් කරගෙන තමයි සාර්ථක නිර්මාණයක් බිහිකරන්නේ. මේ නිර්මාණයත් එහෙමයි.

අතීතයේ ඔබ ගායනා කළ පද රචනා සහ මෙම මගේ සඳ පද රචනාව අතර කිසියම් සමාන කමක් අපට දැනෙනවා

ඇත්තෙන්ම මෙම පද රචනාව ගත්තම අතීතයේ සිටි පද රචකයින්ගේ පද රචනා සමඟ සසඳන්න මට වුවමනාවක් නැහැ.අද බොහෝ ගීත ගත්තාම ඒවාට ගේය පද රචනා කියන්න බැහැනෙ. ගේය පද රචනාවක් කියන්නේ ගැයීමට සුදුසු පද කියන එකයි. නමුත් අද බොහෝ ගීත කියලා ප්‍රචාරය වෙන ඒවායේ අපි දකින්නේ දැඩි අඳෝනා. අපි සාමාන්‍යයෙන් අඬනවා,වැලපෙනවා කියන දේ දකින්නේ ගැහැනු චරිත වලට ඇබ්බැහිවුණු, කාන්තාවන්ට ආවේනිකවුණු අනුගතවුණු පුරුද්දක් හැටියටනෙ.නමුත් අද ගොඩක් පිරිමි ගීත ගයනවා කියලා කරන්නේ මේ විදියට අඬන එක.ප්‍රේම ගීතයක් කියන්නේ අඬ අඬා ප්‍රේමය ඉල්ලන එක නෙමේ.

ප්‍රේමය, ශෘංගාරය ඊට වඩා රසාලිප්තව ඉදිරිපත් කරන්න පුළුවන්.ප්‍රේමය, ආදරය, සෙනෙහස වැනි දේ තුළ තිබෙන ඉතා සියුම් වින්දනාත්මක පැත්තක් මෙම පද රචනාව තුළින් චන්දන ඉදිරිපත් කරලා තිබෙනවා. චන්දන තව ඉදිරියට ඉතාම හොඳ ගීත ලියන කෙනෙක් බවට පත්වේවි කියලා මට හිතෙනවා. මොකද ඔහුගේ මේ ආරම්භය ඉතාම සාර්ථකයි.

අතීතයේ ගීත නිර්මාණය කළ යුගය සහ තාක්ෂණය ගැන කතා කළොත්

ඒ කාලයේ අපිට දුරකතන පහසුකමක් වත් තිබුණෙ නැහැ.අද අපිට පිටරටක ඉන්න කෙනෙක් එක්ක පවා මූණෙන් මූණ බලාගෙන කතා කරන්න පුළුවන් ස්කයිප් එක හරහා.තාක්ෂණයේ දියුණුව කොතෙක්ද කියනවා නම් දැන් චන්දන එංගලන්තයේ ඉඳන් මම ලංකාවේ ඉඳන් කතා කරනවා මූණට මූණ බලල. අර මම කිව්වේ අපි සංවාදශීලීවෙලා නැහැ කියල ලක්බිමේ එකතැනක වාඩිවෙලා ඉඳගෙන කතාබහ කරලා නැති එකයි. නමුත් ඒ කාලයේ අපි තනු නිර්මාණය කළේ අවම පහසුකමක් යටතේ.නමුත් අද අපිට කිසි ප්‍රශ්නයක් නැහැනෙ.මම හාමෝනියම් එක ගහල මේ තනුව හදන එක පවා එයාට එහෙ ඉඳලා බලාගෙන ඉන්න පුළුවන්.නව තාක්ෂණයේ දියුණුවත් එක්ක ඒ තාක්ෂණික මෙවලම් භාවිත කරල අපේ නිර්මාණවලට තව ආලෝකයක් එක්කරගන්න අපිට පුළුවන්.නමුත් අතීතයේදී අපිට මුණගැහීම අනිවාර්ය වුණා මොකද දුරකතන පහසුකමක් වත් තිබුණේ නැති නිසා.

මෙම රූප රචනාව ගැන ඔබේ අදහස,

ගීතය පටිගත කරන කොට වාදකයින් විදියට කටයුතු කළේ වෙනත් පිරිසක්.ගීතයේ රඟපාන දෙදෙනා කිසිම සම්බන්ධයක් නැහැ මෙම ගීතය පටිගත කිරීමට.නමුත් ඔවුන් දෙදෙනා හොඳ අවබෝධයකින් රූපගත කිරීමේදී හොඳින් ඒ දේ කරල තිබෙන බව පේනවා.

මම විදෙස් සංචාරයකට ගිහින් ආවේ ඊයේ.මම මෙම ගීතයේ නිමාව දැක්කේ ෆෝන් එකෙන්.නමුත් මේ දින කීපයට මෙම ගීතය ලක්ෂ ගණනාවක් බලලා තිබෙනවා කියලා දැනගන්න ලැබුණා.ඒ කියන්නේ රේටින් වලින් දැන් ඉහළටම ඇවිත් තිබෙනවා.ඒ ගැන සතුටුයි.

ගීතයට සම්බන්ධ වාදන ශිල්පීන් පිළිබඳව සඳහන් කළොත්,

මෙම ගීතයේ තබ්ලා වාදනයෙන් සම්බන්ධ වුණේ නිහාල් කළුබෝවිල.ඔහු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක්.වයලීනය වාදනය කළේ සනත් සතිස්චන්ද්‍ර සහ දිල්පහන්. පදරුක් ස්ටූඩියෝ එකේ තමයි පටිගත කළේ.

මේ දිනවල පැතිරීයන මියුසික් වීඩියෝව ගැන කතා කළොත්,

මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ.එහෙම කතා කළොත් ඒ ගොල්ලන්ට ඒකෙන් ප්‍රසිද්ධියක් ලැබෙනවා මිසක් ඒකෙන් මට කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ. බූමරංගය වගේ එයාටම ආපහු වදිනවා මිසක් මගේ ජනප්‍රියත්වයටවත් මුකුත් හානියක් වෙලා නැහැ.

ඔතනදී කියන්න තියෙන්නේ අර දරමිටියක් බඩේ බැඳගෙන චිංචමානවිකාව බුදු හාමුදුරුවෝ ඉස්සරහට ආවහම එයාට කරුණාව මෛත්‍රිය දැක්වුවා මිසක් බුදුහාමුදුරුවෝ මුකුත් කරන්න ගියේ නැහැනෙ. ඒවායේ ප්‍රතිපල සහ විපාක ඒ අයටම විඳින්න වෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ.

වසර කීයකට පසුවද මේ මගේ සඳ ගීතය නිර්මාණය කළේ,

මම එහෙම නිහඬව ඉඳල නැහැ. හැමදාම නිර්මාණ කළා.එහෙම නිහඬව අකර්මණ්‍ය වෙලා හිටියෙ නැහැ.අලුතෙන් කොච්චර නම් කරලා තිබෙනවද..?නමුත් ප්‍රශ්නය තියෙන්නේ එෆ් එම් නාළිකා පනස් ගණනක් තිබුණත් මේ අපේ අලුත් ගීත ප්‍රචාරය කරන්නෙ නැහැනෙ.ඒක තමයි අද ක්‍රම වේදය.අද ප්‍රවණතාව ඕක තමා.අපි ඒකට කෑ ගහන්න ඕන නැහැ.

මෙම ගීතය ජනප්‍රිය වීම ඒවාට පිළිතුර වශයෙන් ලැබිලා තියෙනවා.මීට අමතරව මම නිර්මාණ ගණනාවක්ම පහුගිය මාස තුන හතර ඇතුළත කරලා තිබෙනවා.ඒවා යූ ටියුබ් එකට යන්නත් රූප ගත කරන්න ඕනැනෙ.එහෙම වුණොත් විතරයි මේවා මිනිස්සු අතරට යවා ගන්න පුළුවන්. අද තියෙන තාක්ෂණය ඕකනේ. fm නාළිකාවල තියෙන්නේ වෙනම පැකේජ් සිස්ටම් එකක්නෙ.අද අපි පගාව දීලා ගීත ප්‍රචාරය කරගන්න ඕන. එහෙම දේවල් වලට කවදාවත් අපි අනුගත වෙන්නෙ නැහැනෙ.එදත් නැහැ. අදත් නැහැ. හෙටත් නැහැ.

කොටින්ම ලංකාවේ පළමුවරට හින්දි භාෂාවෙන් ගීත 18 ක් කරලා ඉදිරිපත් කරපු මම ගැන එක අකුරක් කොහේවත් සඳහන් කරලා නැහැ.එක වචනයක් ගුවන් විදුලි මාධ්‍යයෙන්වත් රූපවාහිනී මාධ්‍ය කතා කළේ නැහැනෙ.මම මේ කාටවත් දොස් කියනවා නෙමේ. ඔබ ප්‍රශ්න කරපු නිසා උත්තරයට කියන්නේ. අද අපේ ජනමාධ්‍ය කියන එක වෙන වෙන අනවශ්‍ය දේවල් කතා කරනවා මිසක් මෙන්න මෙහෙම දෙයක් අපේ සංගීත කලාවට, නිර්මාණ ලෝකයට දායාද කරලා තියෙනවා කියල කිසිදෙයක් කතා කරන්නේ නැහැ.

ඕවට අපි හිතේ අමාරු හදාගෙන කාටවත් දොස් කිය කිය ඉන්න ඕ්නත් නැහැ.කාලෙන් කාලෙට වෙන දේවල්වල හැටි ඔහොම තමා.ඉතින් මම වසර ගණන් නිහඬව හිටපු කෙනෙක් නෙමෙයි. අනන්ත අප්‍රමාණ නිර්මාණ කරලා තියෙනවා.අලුත් අයට පවා ගීත නිර්මාණ කළා. ලංකා බැංකුවේ සේවය කරන ඉන්ද්‍රානී කියන මහත්මියකගේ ගීත දෙක තුනක් කළා. ඉතාම සාර්ථක ගීත කිහිපයක්. නමුත් ඒවා රූප මාධ්‍යයෙන් ගේන්න කටයුතු කළේ නැහැ. ඒ නිසා ඒවා වැඩි ප්‍රසිද්ධියට පත්වෙලා නැහැ.

අපි පෙර කියූ හින්දි නිිර්මාණ පිළිබඳව කතා කරමු,

මෙය ගීත 18 ක සී ඩී තැටියක්.මගේ මතකය නිවැරැදි නම් 2012 වසරේ වගේ තමයි කළේ.යශෝධා විමලධර්ම ගීත 10 ක් රචනා කරලා තියෙනවා. අනෙක් ගීත රචනා කළේ සුනිල් කුමාර. ඔහු දැන් අප අතර නැහැ.අපේ හින්දි ටීම් එකක් තිබ්බා ගුවන් විදුලියේ.එදා හින්දි නාළිකාවක් තිබුණා ඉන්දියාවෙන් තමයි ඒක ප්‍රචාරය කළේ. ෂෙල්ටන් පෙරේරාගේ නෝනා වැඩ කළා ඒකෙ. සුනිල් කුමාර වැඩකළා.සුනිල් කුමාර යශෝධාගේ තාත්තාගේ ගෝලයෙක්. යශෝධාගේ තාත්තා රවිලාල් විමලධර්ම එවකට හිටපු හින්දි භාෂාව පිළිබඳව කථිකාචාර්ය වරයානෙ.

වර්තමාන තරුණ පරපුරේ නිර්මාණ පිළිබඳව අදහස,
අපි අතීතයේ අපේ පාසල් අවධියේ හින්දුස්ථානි සංගීතයට තිබුණු ආසාව නිසාම රාගධාරී සංගීතය හැදෑරීමට යොමුවුණා.ගුවන්විදුලියේ කටහඬ පරීක්ෂණයට පවා මම ගායනා කළේ මම තනුව යොදා නිර්මාණය කළ මගේම ගීතයක්. එහෙම එන්න තරම් අපිට පුළුවන් කම තිබුණා. හැකියාව තිබුණා.නමුත් තාරුණ්‍යයේ ඉන්න අද කට්ටිය දිහා බලන කොට මට දැනෙන දේ තමයි මම මේ කියන්නේ.මම මේ අද සියලුම තරුණ තරුණියන්ට දොස් කියනවා නෙමෙයි. ඔවුන් මීට වඩා නිර්මාණශීලී වෙන්න ඕනෑ කියන එකයි මට කියන්න ඕන.

දැන් ඉන්න තරුණයෝ ජෝතිපාල විදියට කියන්න ඕන නැහැනෙ.මොන ලැජ්ජා නැති වැඩක්ද? මොකටද මේ ගොල්ලෝ නව නිර්මාණ කරන්න පෙළඹෙන්න ඕන.ඕක කුමාරතුංග මහත්තයා කියලා තියෙන්නේ අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියලනෙ. එහෙම නම් ජාතියේ ජීවනාලිය කියනඑක තාරුණ්‍යනම් එතකොට මේ තාරුණ්‍යය මොකද කරන්නෙ. මේව අපි වැඩිපුර සාකච්ඡා කරන්න ඕන දේශන පවත්වන්න ඕන. මේ තාරුණ්‍යයේ බුද්ධි මට්ටම නැණ නුවණ වඩාගෙන මීට වඩා අලුත්දෙයක් කරන්න පෙළඹෙන්න ඕන.නැත්නම් අපේ කලාව කොහාටද යන්නෙ? සුබාවිත සංගීතය අවර ගණයට දාන්න තමයි මොවුන් කටයුතු කරන්නේ.

තනිකර කාණු පල්ලට යන තත්වයක් තියෙන්නේ. ඒවාට මේ අපට තනිව සටන් කරන්නට බැහැ. අනිත් එක මගේ ප්‍රකාශයක් මම පුවත් පත් සාකච්ඡාවකදිවත් කිව්වොත් අනිත් සංගීත ලෝකයේ ගායක ලෝකයේ ඉන්න එක්කෙනෙක්වත් ඒක හරි කියල කියන්නේ නැහැනෙ. ඕක තමයි වැඩේ.එහෙම නෙමෙයි ඒගොල්ලොත් මේවාට හවුල් වෙන්න ඕන.

දැන් සමහර ප්‍රවීණයෝ රූපවාහිනීවල යන සංගීත තරග වල විනිශ්චය මණ්ඩලවලට ගිහිල්ල මොනවද කියන්නෙ. මෝඩකම, අධම ගතිය දරුවන්ගේ මොළයට දානවා. අලුත් යමක් කරන්න දුවේ පුතේ කියනවද නෑ. මුල් ගායකයාට වඩා හොඳින් ගායනා කළා කියනවා.ඇයි ඒ ආවඩන්නේ. එහෙම ආවඩපුවාම ඒ දරුවා එතැනින් එහාට මොකක්වත් හිතනවද නෑනෙ.ඕව තමයි හරි ගස්සන්න ඕන. ඒත් මොනවා කරන්නද? නිහඬ වෙලා බලාගෙන ඉන්නවා. අඳුරට සාප කරමින් ඉන්නවාට වඩා එක පහනක් හෝ දල්වන්න කියලා කියනවනෙ.ඉතින් මම මට පුළුවන් විදියට නිර්මාණ කරනවා.

අපේ මුල් කාලයේ, 70 , 80 දශක ගත්තහම අපි අධිකතර නිර්මාණ සංඛ්‍යාවක් බිහිකළානෙ.ඒ මොකද අපිට වැඩසටහන් පැවරෙනවනෙ කරන්න කියලා.අද ගුවන් විදුලියෙන් මේ මොකක්වත් කෙරෙන්නේ නැහැනෙ.නාට්‍ය නිෂ්පාදනයක් නැහැ.සංගීත වැඩසටහනක් නැහැ.කොටින්ම සරලගී වැඩසටහනක් වත් අද නැහැනෙ. මම වසර 53 ක් පමණ මේ ක්ෂේත්‍ර යේ ඉඳලා මේ වගේ දුක්ඛ දායක දේවල් කතා කරන්න සිදුවීමත් කනගාටුදායකයි. මොනවත්ම කෙරෙන්නෙ නෑ. ඒක කට හෝදලා කියන්න පුළුවන්. තවමත් සුබාවිත ගීතයට, හොඳ නිර්මාණවලට තිබෙන ඉල්ලුම අඩුවෙලා නැහැ. ඒත් කෝ ඒකට සැපයුම. ඒකයි තිබෙන කනගාටුදායක තත්වය.

අවුරුදු තිහක යුද්දය යලි මතක් කරම්න් ත්‍රිවිද හමුදාව අද දියකාවා මෙහෙයුම හම්බන්තොටදී රටටම පෙනෙන්න කරපු හැටි

නැගෙනහිර නිල්වන් අහස්‌කුස උදැසන හිරු රැසින් මනරම් දසුන් මවා ඇත්තේය. දහවල් කාලයේ ගිනියම්ව තිබෙන ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කුච්චවේලි, හේරක්‌කණ්‌ඩි වෙරළ තීරයට උදැසන හිරු එළියෙන් ගෙනැවිත් තිබෙන්නේ මහා සුන්දරත්වයකි. වෙරළේ රළ බිඳෙන ශබ්දය ඇසෙන්නට හැර වෙනත් හඬක්‌ නොඇසෙන තරම් අවට හාත්පස නිස්‌සංලක වී තිබෙන්නේය.

උදැසන හිරු එළිය හේරක්‌කණ්‌ඩි වෙරළ තීරයට එබිකම් කරන්නට පෙර කුමක්‌ හෝ සිදුව තිබේ. මුළු රටම භීතියෙන් වෙළාගෙන සිටින ත්‍රස්‌ත කල්ලියක්‌ වෙරළ තීරය අරක්‌ගෙන සිටින්නේය. මෙරට ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව එක්‌ සතුරු කඳවුරකට පහරදී අත්පත් කර ගැනීමේ මෙහෙයුම ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබිණි.

සතුරු කඳවුර වටා මුර කපොලු

රැසකි. ඒවායෙහි සන්නද්ධ ත්‍රස්‌ත කල්ලි ඔබමොබ සැරිසරති. බැලූ බැලූ අත සන්නද්ධව සිටින ත්‍රස්‌තවාදීන්ය. ඔවුන්ගේ මුහුණුවල ඇත්තේ බිහිසුණු බවකි. උකුසු ඇස්‌ නිරන්තරයෙන් මුහුද දෙසටත්, ගොඩබිම දෙසටත් යොමුවන්නේ නිරායාසයෙනි. කිසිවකු හෝ ඔවුන්ගේ නෙත ගැටුණහොත් අත්වන ඉරණම සිතා ගැනීමටත් නොහැකිය. ඒ තරම්ම සිය කඳවුර ආරක්‍ෂා කර ගැනීමේ වගකීම ඔවුන්ට පැවරී ඇති සැටියකිs.

හිරු එළිය ක්‍රමයෙන් මුදුන් වන්නට විය. සතුරු කඳවුරට මීටර් 400 ක්‌ පමණ ඈතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 යානයකින් සන්නද්ධ භටයන් පැරෂුට්‌ ආධාරයෙන් ගොඩබිමට පැමිණියේ නිමේෂයකිනි. අනතුරුව ඔවුහු සතුරු කඳවුර අසලටම පැමිණ නියෝගය ලැබෙන තුරු රැඳී සිටින්නට වූහ. නිල්වන් අහස්‌ කුස දෙදරවමින් පැමිණි එµa 7 වර්ගයේ ප්‍රහාරයක ජෙට්‌ යානයක්‌ සතුරු කඳවුරට ඉහළින් පියාසර කරන්නට විය. ඉන් නිකුත් වූ බෝම්බ මාලාවකින් කිසිවක්‌ කරගත නොහැකිව ත්‍රස්‌තවාදීහු හිස්‌ ලූ ලු අත දුවන්නට වූහ. ඒ සමගම නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රා බලඝනය ද ක්‍රියාත්මක වී තිබුණි. සතුරු කඳවුර අත්පත් කර ගැනීමේ ත්‍රිවිධ හමුදාවේ මෙහෙයුම ඇරඹුණේ ඉන් පසුවය. කඳවුර අවට රැකවල්ලා සිටි කොමාන්ඩෝ, විශේෂ බළකා සෙබළුන් ත්‍රස්‌ත කඳවුරට කඩා වැදුණේ ත්‍රස්‌තවාදීන් එකාපිට එකා මරාදමමිනි. ඔවුන්ගේ සහායට පැමිණ තිබූ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සහ යුද ටැංකිවලට සතුරු කඳවුර සුනුවිසුණු කර දමන්නට ගතවූයේ විනාඩි කිහිපයකි. මෙහෙයුම අතරතුර තුවාල ලැබූ හමුදා සෙබළුන් ගුවන් මගීන් රැගෙන යන අයුරු ද දැකගත හැකිවිය. වෙඩි ප්‍රහාරවලට ලක්‌ව මියගිය ත්‍රස්‌තවාදීන්ගේ සිරුරු තැනින් තැන වැටී තිබේ. අවසානයේ මුළු රටම භීතියෙන් වෙලාගෙන සිටි ත්‍රස්‌තවාදීන් සමූල ඝාතනය කර ඔවුන්ගේ කඳවුර ද අත්පත් කර ගැනීමට වීරෝදාර ත්‍රිවිධ හමුදාවට හැකිවිය.

ඉහත සඳහන් කළේ පසුගිය 14 වැනිදා ත්‍රිකුණාමලය, හේරක්‌කණ්‌ඩි වෙරළ තීරයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් අටවැනි වරටත් සංවිධානය කර තිබූ දියාකාවා ඒකාබද්ධ මෙහෙයුමේ අවසන් ක්‍ෂේත්‍ර යුද අභ්‍යාසය සිදු කෙරුණු අයුරුය. සැබෑ යුද පිටියක සජීවී අත්දැකීම විඳින්නට එහිදී මේ ලියුම්කරුට ද හැකියාව ලැබුණි. 30 වසරක්‌ පුරා රට ගිලගෙන සිටි කුරිරු ත්‍රස්‌තවාදය පරාජය කිරීමට අපේ ත්‍රිවිධ හමුදාවට හැකි වී අදට වසර අටක්‌ ගතව ඇත්තේය. අවසන් යුද සමය පැවැති කාලයෙන් පසුව ත්‍රිවිධ හමුදාව සිදුකරන පළමු යුද මෙහෙයුම දියාකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසය වශයෙන් හැඳින්විය හැකිය. ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමින් සතුරු කඳවුරු වෙත සිදුකරන බහුවිධ ප්‍රහාරයන් දියාකාවා අවසන් ක්‍ෂේත්‍ර යුද අභ්‍යාසය යටතේ සිදුකෙරිණි.

මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසයට කමාන්ඩෝ සහ විශේෂ බළකා සෙබළුන් බහුතරයකින් සමන්විත යාන්ත්‍රික හා පාබල හමුදා දෙබළුන් 2108 ක්‌, නාවික හමුදා සෙබළුන් 370 ක්‌ සහ ගුවන් හමුදා සෙබළුන් 197 ක්‌ සමගින් රටවල් 13 ක්‌ නියෝජනය කරමින් විදේශීය හමුදා නියෝජිතයන් සහ නිරීක්‍ෂකයන් 69 දෙනෙකු සහභාගි විය. මෙම අභ්‍යාසයේ ප්‍රධාන ඉලක්‌කය වූයේ විශේෂ මෙහෙයුම් සඳහා සහභාගි වන භට පිරිස්‌වල සූදානම, ක්‍රියාන්විත සූදානම සහ කාර්යක්‍ෂමතාව වැඩිදියුණු කිරීමයි. එසේම යුද හමුදා නිපුණත්වය හා දැනුම බෙදාහදා ගැනීම, ඒකාබද්ධ මෙහෙයුම්වල ස්‌වභාවයක්‌ වන ‘අන්තර්ක්‍රියාකාරී හැකියාව’ ප්‍රගුණ කිරීම, විවිධාකාරී වූ පරිසරවල විවිධාකාර වූ විධාන මට්‌ටම්වල මෙහෙයුම් කිරීමේ හැකියාව ප්‍රගුණ කිරීම, පොදු අවබෝධය වර්ධනය කිරීම, හමුදා න්‍යායික දැනුම පරීක්‍ෂාව සහ විශේෂ මෙහෙයුම්වල මූලධර්ම පුහුණු කිරීම සහ එම මෙහෙයුම්වට දියුණු තාක්‍ෂණික ක්‍රමවේදයන් ඒකාබද්ධ කිරීම මෙහි ප්‍රධාන අරමුණ වෙයි.

මෙවර දියාකාවා ඒකාබද්ධ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු වරට ස්‌ථාපිත කළ මැරීන් බළකාය ද එක්‌ව තිබීම විශේෂත්වයකි. දියාකාවා අටවැනි යුද අභ්‍යාසයේ මෙහෙයුම් සඳහා ජීඅයිඑස්‌ මෘදුකාංගය, ඩිජිටල් සිතියම් සහ ස්‌මාර්ට්‌ තාක්‍ෂණයෙන් දත්ත ඇතුළත් කළ පුවරු වැනි නවීණ තාක්‍ෂණික ක්‍රමවේදයන් උපයෝගී කරගෙන ඒකාබද්ධ නාවික මෙහෙයුම්, රාත්‍රී මෙහෙයුම්, කමාන්ඩෝ සහ විශේෂ බළකා මෙහෙයුම් සිදුකර ඇත.

සැප්තැම්බර් මස 03 වැනිදා ආරම්භ වූ දියාකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසය ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සහ හම්බන්තොට යන ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන අතර, එය ලබන 23 වැනිදා අවසන් වීමට නියමිතය. එම කාලසීමාව තුළ පාමුර සංචාර, කඳවුරු තුළට රිංගීම සහ පිටවීම, පිරික්‌සුම් සහ ආවේශණය, යුද පිරික්‌සීම, සම්බන්ධවීම්, අල්ලා ගැනීම, ඉදිකිරීම් සහ කඩාබිඳ දැමීම්, වැටලීම්, රැක සිට පහරදීම, වටලා පහරදීම, ගලවා ගැනීමේ මෙහෙයුම්, නාගරික සටන් සහ අපදා කළමනාකරණ මෙහෙයුම් ආවරණය වන පරිදි පැවැත්වේ.

දියකාවා යුද අභ්‍යාසය මෙරට සිදුකරනු ලබන පළමු ඒකාබද්ධ යුද අභ්‍යාසය වන අතර, මෙමගින් ප්‍රගුණ කරන මෙහෙයුම් ක්‍රමවේද සහ කුසලතා අප රටේ ජාතික ආරක්‍ෂාවට මෙන්ම කලාපයේ ආරක්‍ෂාවට ද මනාපිටුවහලක්‌ වනු ඇත. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ආරාධනයෙන් ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, දෙස්‌ විදෙස්‌ තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක්‌ අවසන් ක්‍ෂේත්‍ර යුද මෙහෙයුම නැරඹීම සඳහා එක්‌ව සිටියහ.

ඕනෑම සතුරු ප්‍රහාරයකට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සතු ශක්‌තිය හා හැකියාව ලෝකයඑට පෙන්වීමට මෙය මහඟු පිටුවහලක්‌ වන බව දියකාවා යුද අභ්‍යාසයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂක වශයෙන් මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සඳහන් කළේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඉකුත්දා උදෑසන කොළඹ 08 පිහිටි අගරදගුරු මැඳුරේදී අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ බැහැදුටුවහ.

මෙම හමුවේදී ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් උතුරේ ජනතාව අතර ආගමික හා ජනවාර්ගික සහයෝගිතාව සහ සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් යාපනය අර්ධද්වීපයේ ජනතාවගේ සමාජයීය සහ ආර්ථික මට්‌ටම් උසස්‌ කිරීමට යුද හමුදාව විසින් ඉටුකරන කාර්යභාරය පිළිබඳව අගරදගුරු හිමිපාණන් වෙත පැහැදිලි කළේය.

ශක්‌තිමත් ජාතික එකමුතුවකින් සහ සංහිඳියාවකින් යුතුව සියලු ජනවර්ගයන්හි එකමුතුවෙන් නැවත රට ගොඩනැගීමට යුද හමුදාව විසින් යාපනය අර්ධද්වීපයේ සිදුකරනු ලබන ප්‍රශංසනීය සේවය පිළිබඳව මෙහිදී අගරදගුරුතුමන්ගේ පැසසුමට ලක්‌විය