අවුරුදු තිහක යුද්දය යලි මතක් කරම්න් ත්‍රිවිද හමුදාව අද දියකාවා මෙහෙයුම හම්බන්තොටදී රටටම පෙනෙන්න කරපු හැටි

නැගෙනහිර නිල්වන් අහස්‌කුස උදැසන හිරු රැසින් මනරම් දසුන් මවා ඇත්තේය. දහවල් කාලයේ ගිනියම්ව තිබෙන ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කුච්චවේලි, හේරක්‌කණ්‌ඩි වෙරළ තීරයට උදැසන හිරු එළියෙන් ගෙනැවිත් තිබෙන්නේ මහා සුන්දරත්වයකි. වෙරළේ රළ බිඳෙන ශබ්දය ඇසෙන්නට හැර වෙනත් හඬක්‌ නොඇසෙන තරම් අවට හාත්පස නිස්‌සංලක වී තිබෙන්නේය.

උදැසන හිරු එළිය හේරක්‌කණ්‌ඩි වෙරළ තීරයට එබිකම් කරන්නට පෙර කුමක්‌ හෝ සිදුව තිබේ. මුළු රටම භීතියෙන් වෙළාගෙන සිටින ත්‍රස්‌ත කල්ලියක්‌ වෙරළ තීරය අරක්‌ගෙන සිටින්නේය. මෙරට ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව එක්‌ සතුරු කඳවුරකට පහරදී අත්පත් කර ගැනීමේ මෙහෙයුම ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබිණි.

සතුරු කඳවුර වටා මුර කපොලු

රැසකි. ඒවායෙහි සන්නද්ධ ත්‍රස්‌ත කල්ලි ඔබමොබ සැරිසරති. බැලූ බැලූ අත සන්නද්ධව සිටින ත්‍රස්‌තවාදීන්ය. ඔවුන්ගේ මුහුණුවල ඇත්තේ බිහිසුණු බවකි. උකුසු ඇස්‌ නිරන්තරයෙන් මුහුද දෙසටත්, ගොඩබිම දෙසටත් යොමුවන්නේ නිරායාසයෙනි. කිසිවකු හෝ ඔවුන්ගේ නෙත ගැටුණහොත් අත්වන ඉරණම සිතා ගැනීමටත් නොහැකිය. ඒ තරම්ම සිය කඳවුර ආරක්‍ෂා කර ගැනීමේ වගකීම ඔවුන්ට පැවරී ඇති සැටියකිs.

හිරු එළිය ක්‍රමයෙන් මුදුන් වන්නට විය. සතුරු කඳවුරට මීටර් 400 ක්‌ පමණ ඈතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 යානයකින් සන්නද්ධ භටයන් පැරෂුට්‌ ආධාරයෙන් ගොඩබිමට පැමිණියේ නිමේෂයකිනි. අනතුරුව ඔවුහු සතුරු කඳවුර අසලටම පැමිණ නියෝගය ලැබෙන තුරු රැඳී සිටින්නට වූහ. නිල්වන් අහස්‌ කුස දෙදරවමින් පැමිණි එµa 7 වර්ගයේ ප්‍රහාරයක ජෙට්‌ යානයක්‌ සතුරු කඳවුරට ඉහළින් පියාසර කරන්නට විය. ඉන් නිකුත් වූ බෝම්බ මාලාවකින් කිසිවක්‌ කරගත නොහැකිව ත්‍රස්‌තවාදීහු හිස්‌ ලූ ලු අත දුවන්නට වූහ. ඒ සමගම නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රා බලඝනය ද ක්‍රියාත්මක වී තිබුණි. සතුරු කඳවුර අත්පත් කර ගැනීමේ ත්‍රිවිධ හමුදාවේ මෙහෙයුම ඇරඹුණේ ඉන් පසුවය. කඳවුර අවට රැකවල්ලා සිටි කොමාන්ඩෝ, විශේෂ බළකා සෙබළුන් ත්‍රස්‌ත කඳවුරට කඩා වැදුණේ ත්‍රස්‌තවාදීන් එකාපිට එකා මරාදමමිනි. ඔවුන්ගේ සහායට පැමිණ තිබූ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සහ යුද ටැංකිවලට සතුරු කඳවුර සුනුවිසුණු කර දමන්නට ගතවූයේ විනාඩි කිහිපයකි. මෙහෙයුම අතරතුර තුවාල ලැබූ හමුදා සෙබළුන් ගුවන් මගීන් රැගෙන යන අයුරු ද දැකගත හැකිවිය. වෙඩි ප්‍රහාරවලට ලක්‌ව මියගිය ත්‍රස්‌තවාදීන්ගේ සිරුරු තැනින් තැන වැටී තිබේ. අවසානයේ මුළු රටම භීතියෙන් වෙලාගෙන සිටි ත්‍රස්‌තවාදීන් සමූල ඝාතනය කර ඔවුන්ගේ කඳවුර ද අත්පත් කර ගැනීමට වීරෝදාර ත්‍රිවිධ හමුදාවට හැකිවිය.

ඉහත සඳහන් කළේ පසුගිය 14 වැනිදා ත්‍රිකුණාමලය, හේරක්‌කණ්‌ඩි වෙරළ තීරයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් අටවැනි වරටත් සංවිධානය කර තිබූ දියාකාවා ඒකාබද්ධ මෙහෙයුමේ අවසන් ක්‍ෂේත්‍ර යුද අභ්‍යාසය සිදු කෙරුණු අයුරුය. සැබෑ යුද පිටියක සජීවී අත්දැකීම විඳින්නට එහිදී මේ ලියුම්කරුට ද හැකියාව ලැබුණි. 30 වසරක්‌ පුරා රට ගිලගෙන සිටි කුරිරු ත්‍රස්‌තවාදය පරාජය කිරීමට අපේ ත්‍රිවිධ හමුදාවට හැකි වී අදට වසර අටක්‌ ගතව ඇත්තේය. අවසන් යුද සමය පැවැති කාලයෙන් පසුව ත්‍රිවිධ හමුදාව සිදුකරන පළමු යුද මෙහෙයුම දියාකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසය වශයෙන් හැඳින්විය හැකිය. ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමින් සතුරු කඳවුරු වෙත සිදුකරන බහුවිධ ප්‍රහාරයන් දියාකාවා අවසන් ක්‍ෂේත්‍ර යුද අභ්‍යාසය යටතේ සිදුකෙරිණි.

මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසයට කමාන්ඩෝ සහ විශේෂ බළකා සෙබළුන් බහුතරයකින් සමන්විත යාන්ත්‍රික හා පාබල හමුදා දෙබළුන් 2108 ක්‌, නාවික හමුදා සෙබළුන් 370 ක්‌ සහ ගුවන් හමුදා සෙබළුන් 197 ක්‌ සමගින් රටවල් 13 ක්‌ නියෝජනය කරමින් විදේශීය හමුදා නියෝජිතයන් සහ නිරීක්‍ෂකයන් 69 දෙනෙකු සහභාගි විය. මෙම අභ්‍යාසයේ ප්‍රධාන ඉලක්‌කය වූයේ විශේෂ මෙහෙයුම් සඳහා සහභාගි වන භට පිරිස්‌වල සූදානම, ක්‍රියාන්විත සූදානම සහ කාර්යක්‍ෂමතාව වැඩිදියුණු කිරීමයි. එසේම යුද හමුදා නිපුණත්වය හා දැනුම බෙදාහදා ගැනීම, ඒකාබද්ධ මෙහෙයුම්වල ස්‌වභාවයක්‌ වන ‘අන්තර්ක්‍රියාකාරී හැකියාව’ ප්‍රගුණ කිරීම, විවිධාකාරී වූ පරිසරවල විවිධාකාර වූ විධාන මට්‌ටම්වල මෙහෙයුම් කිරීමේ හැකියාව ප්‍රගුණ කිරීම, පොදු අවබෝධය වර්ධනය කිරීම, හමුදා න්‍යායික දැනුම පරීක්‍ෂාව සහ විශේෂ මෙහෙයුම්වල මූලධර්ම පුහුණු කිරීම සහ එම මෙහෙයුම්වට දියුණු තාක්‍ෂණික ක්‍රමවේදයන් ඒකාබද්ධ කිරීම මෙහි ප්‍රධාන අරමුණ වෙයි.

මෙවර දියාකාවා ඒකාබද්ධ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු වරට ස්‌ථාපිත කළ මැරීන් බළකාය ද එක්‌ව තිබීම විශේෂත්වයකි. දියාකාවා අටවැනි යුද අභ්‍යාසයේ මෙහෙයුම් සඳහා ජීඅයිඑස්‌ මෘදුකාංගය, ඩිජිටල් සිතියම් සහ ස්‌මාර්ට්‌ තාක්‍ෂණයෙන් දත්ත ඇතුළත් කළ පුවරු වැනි නවීණ තාක්‍ෂණික ක්‍රමවේදයන් උපයෝගී කරගෙන ඒකාබද්ධ නාවික මෙහෙයුම්, රාත්‍රී මෙහෙයුම්, කමාන්ඩෝ සහ විශේෂ බළකා මෙහෙයුම් සිදුකර ඇත.

සැප්තැම්බර් මස 03 වැනිදා ආරම්භ වූ දියාකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසය ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සහ හම්බන්තොට යන ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන අතර, එය ලබන 23 වැනිදා අවසන් වීමට නියමිතය. එම කාලසීමාව තුළ පාමුර සංචාර, කඳවුරු තුළට රිංගීම සහ පිටවීම, පිරික්‌සුම් සහ ආවේශණය, යුද පිරික්‌සීම, සම්බන්ධවීම්, අල්ලා ගැනීම, ඉදිකිරීම් සහ කඩාබිඳ දැමීම්, වැටලීම්, රැක සිට පහරදීම, වටලා පහරදීම, ගලවා ගැනීමේ මෙහෙයුම්, නාගරික සටන් සහ අපදා කළමනාකරණ මෙහෙයුම් ආවරණය වන පරිදි පැවැත්වේ.

දියකාවා යුද අභ්‍යාසය මෙරට සිදුකරනු ලබන පළමු ඒකාබද්ධ යුද අභ්‍යාසය වන අතර, මෙමගින් ප්‍රගුණ කරන මෙහෙයුම් ක්‍රමවේද සහ කුසලතා අප රටේ ජාතික ආරක්‍ෂාවට මෙන්ම කලාපයේ ආරක්‍ෂාවට ද මනාපිටුවහලක්‌ වනු ඇත. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ආරාධනයෙන් ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, දෙස්‌ විදෙස්‌ තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක්‌ අවසන් ක්‍ෂේත්‍ර යුද මෙහෙයුම නැරඹීම සඳහා එක්‌ව සිටියහ.

ඕනෑම සතුරු ප්‍රහාරයකට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සතු ශක්‌තිය හා හැකියාව ලෝකයඑට පෙන්වීමට මෙය මහඟු පිටුවහලක්‌ වන බව දියකාවා යුද අභ්‍යාසයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂක වශයෙන් මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සඳහන් කළේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඉකුත්දා උදෑසන කොළඹ 08 පිහිටි අගරදගුරු මැඳුරේදී අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ බැහැදුටුවහ.

මෙම හමුවේදී ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් උතුරේ ජනතාව අතර ආගමික හා ජනවාර්ගික සහයෝගිතාව සහ සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් යාපනය අර්ධද්වීපයේ ජනතාවගේ සමාජයීය සහ ආර්ථික මට්‌ටම් උසස්‌ කිරීමට යුද හමුදාව විසින් ඉටුකරන කාර්යභාරය පිළිබඳව අගරදගුරු හිමිපාණන් වෙත පැහැදිලි කළේය.

ශක්‌තිමත් ජාතික එකමුතුවකින් සහ සංහිඳියාවකින් යුතුව සියලු ජනවර්ගයන්හි එකමුතුවෙන් නැවත රට ගොඩනැගීමට යුද හමුදාව විසින් යාපනය අර්ධද්වීපයේ සිදුකරනු ලබන ප්‍රශංසනීය සේවය පිළිබඳව මෙහිදී අගරදගුරුතුමන්ගේ පැසසුමට ලක්‌විය