සාරි පොට කිලෝමීටර් තුන හමාරක් දිගයි මහා ඇමැතිත් ආපු මංගල ඇඳුමින් ගීනස් වාර්තා පොතට ගිය මහනුවර ලස්සණ මනාලිය මෙන්න

ලොව දිගම ඔසරිය පොට්ට හිමිකම් කියමින් අද දිනක මහනුවර විවාහ මංගල උත්සවයක් පැවැත්වුනා..මනාලියගේ මෙම ඔසරියේ දිහා 3200m ක් පමණ වන බවයි වාර්තා වන්නේ.මෙම වාර්තාවට පෙර හිමිකම් කිව්වේ ඉන්දියාවෙන්.ඒ 2800m ක්..අද පෙරවරුවේ මේ ලස්සන යුවල ගන්නොරුව මංසන්දියට පැමිණෙමින් පසු ගිනස් වාර්තාව නිරීක්ෂණයට පැමිණි කමිටුව ඔසරි පොටේ දිග හැර බලා තිබෙනවා.

එහි දිග සැලකුවොත් ගැටඹේ මංසන්දියේ සිට ඊරියගම මංසන්දිය දක්වා දිගකින් යුක්තව තිබෙනවා ලොරියක පැටව ගෙනවිත් තිබු ඔසරි පොට මාර්ගයේ පෙලට රැස්වසිටි සිසු සිසුවියන් 250 දෙනෙකු විසින් අල්ලාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ

උඩරට මනාලියක සේ හැඩගැන්වුණු සජිනි ප්‍රියංගිකා මනාලියගේ ඔසරි පොට මීටර 3200කින් සමන්විත වූ අතර ඇයගේ අත ගත් මනාළයා වූයේ රුවන් පුෂ්පකුමාරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *